ඉහත සඳහන් රෑපයේ දැක්වෙන මරණයට කැප වූ ඌරැ අම්මා ගැන අනුවේදනීය කතාව ස්ටැටිස්ටික්ස් සමඟ රියැලිස්ටික් ලෙස කතා කරමු.
වැඩුන ගෑනු ඌරෙක් මාස හතරකට ටිකක් අඩු කාලයකදී (දවස් 114) වරක් පැටව් 5-8/10-12 (එක එක මූළාශ්‍ර වල පොඩි වෙනස් කම් තියේ, දළ වශයෙන් 5-12 රේන්ජ් එකේ කියමු ) අතර ගණනක් දානවා. ඒ පැටව් ප්‍රජනනය කරන්න පටන් ගන්නේ ඉපදී මාස හයක් හා අටක් අතර කාලයේ. ඊරියක්ට සාමාන්‍යයෙන් වසර දහයේ සිට දොළහ තෙක් කාළයක් යනකම්ම පැටව් දාන්න පුළුවන්.
මේ දත්ත අනුව, රෑපයේ ඉන්න ඌරැ අම්මට වයස අවුරැදු දෙකක් නම්, එයා පැටව් සෙට් හතරක් දාල මේ වෙනකොට (මාස 6න්, 12න්, 18න්, 24න්), ඒ කියන්නෙ එක පාර දරැවෝ පහක් දානව නම් දරැවෝ (5*4) 20 දෙනෙක් වසර දෙකක් තුල දාල. එයාගේ දරැවෝ සෙට් හතරෙන් තුනක් පැටව්නුත් දාල (මුණුපුරැ මිනිපිරියෝ), ඒ කියන්නෙ සෙට් තුනේ දරැවෝ පහළොවෙන් මුණුපුරැ මිනිපිරියෝ (5*15) 75ක්. මුණුපුරැ මිනිපිරියෝ සෙට් තුනෙන් දෙකක් පැටව් දාල (මී මුණුපුරැ මිනිපිරියෝ),ඒ කියන්නෙ මී මුණුපුරැ මිනිපිරියෝ (5*10) 50ක්. මී මුණුපුරැ මිනිපිරියෝ සෙට් දෙකෙන් එකක් පැටව් දාල (ඩබල් මී මුණුපුරැ මිනිපිරියෝ) නමුත් එයාල තාම බෝ වෙන්න ගත්තෙ නෑ. මේ කියන්නෙ අවුරැදු දෙකකට මොකද එතනින් එහාට ගණනය කරන එක හරි සංකීර්ණයි, පරම්පරා ගණනාවක් හැදෙන නිසා. ඉතින් වසර පහ දහය ජීවත් වෙන ඊරියක් පරම්පරා ගණනාවක් හදල පැටව් දහ පහළොස් දාහක් වත් නිපදවනව මොකද මේක exponential growth එකක්.
මෙතන උපකල්පන කීපයක් තියෙනව - පැටව් පහක් දානව කියල (ඒක තමා අඩුම ගාන, දහය දොළහ දාන්නත් පුළුවන්නේ), ඉපදෙන හැම පැටියම ලොකු වෙනව කියල හිතන එක, ඉපදෙන හැම පැටියම ගෑනු සතෙක් කියල හිතන එක වගේ. ඒ උපකල්පන නැතිව මේ ගණන් අඩු වැඩි වේවි, නමුත් මට කියන්න අවශ්‍ය උනේ මේ පින්තූර වල හරි නම් ඌරැ පැටව් (20+75+50) 145ක් විතර ඉන්න එපෑ, ඇයි තනි ඌරැ පැටියෙක් දාන්නේ?
ඒකට හේතුව තමා ඌරැ පැටව් 145ක් විතර දැම්මහම මුන්ට කියන්න ඕනෙ දේ කියන්න බෑ, යතාර්තය පේන්න ගන්නවා. කොමන් සෙන්ස් තියෙන මිනිස්සුන්ට තේරෙනවා ඌරැ අම්මගෙ අධි ප්‍රජනනය පාළනය වෙන්න ඕනෙ බව.
තනි පැටියෙක් අඬනකොට ඒක දකින මිනිස්සු ටක් ගාල ඒක තමන්ට ආරෝපණය කර ගන්නව, මොකද අද කාලෙ මිනිස්සු හදන්නෙ ළමයි එකයි දෙන්නයි, ඒ හදන ළමයි එකා හරි දෙකා හරි මූණකටේ තියාගෙන හදන්නේ. එහෙම අය මේ තනි පැටියෙක් අඬන පින්තූර දැකපු ගමන් තමන්ගේ ළමය මතක් වෙලා දුකට පත් වෙනව.
ඌරන්ගේ එකම ගැටළුව අධි ප්‍රජනනය පමණක් නෙමේ.
ඌරන් හරිම ආක්‍රමණශීලී සාමූහික සත්තු. උන් වෙන සත්තුන්ට පහර දෙනවා. සර්ව භක්‍ෂක නිසා කුරැළු/සර්ප බිත්තර සහ සර්පයන් හා අහුවෙන ඔක්කොම කාගෙන යනව ඉවක් බවක් නැතුව.
ශාක භක්‍ෂකයො කන්නෙ ගස් වල කොළ නිසා ගස් මැරෙන්නෙ නැහැ නැවත ලියලනවා. නමුත් ඌරන් කන්නේ ගස් වල අළ මුල්, ඒ නිසා දුර්ලභ ගස් පවා මැරිළම යනව.
ඌරන් ජල ප්‍රභව මඩ කරල දූෂණය කරනව අනිත් සතුන්ට ප්‍රයෝජනයට ගන්න බැරි ලෙසට.
ඌරන් වගාවකට පැන්නම හානි කරන්නෙ අයිනෙ ඉඳන් නෙමේ වගාවේ මැද ඉඳන්, කනවට වඩා කීප ගුණයක් වනසනවා.
ඌරන්ට අද කාලේ ස්වභාවික සතුරෝ නෑ, කොටි සින්හයො වෘකයො වඳ වෙලා. ඉතින් ඌරො ගහනය පාළනය කරන්න වෙන්නෙ මිනිස්සුන්ට තමයි. නැත්නම් මේ විදිහට අධිකව බෝ වෙන සත්තුන්ට පෘථිවිය දීල වෙන ග්‍රහලෝකයකට යන්න වෙන්නේ. ඌරො නිසා හාමතේ මැරෙන අනිත් සත්තු පව් නැද්ද?
ඒ නිසා මේ ඌරැ අම්ම අහින්සකත් නැහැ දරැණුත් නැහැ. මේක තමයි ස්වභාවධර්මය.
හැබැයි ඌරන් මේ වගේ පොඩි කූඩු වල ගාල් කරන එක, වද දීම වහාම නීති මඟින් නැවැත්විය යුතුයි, එහි විවාදයක් නෑ.
ලෝක ධර්මතාවයට අනුව හැම විටම ප්‍රබලයා අතින් දුබලයා අගතියට පත් වෙනවා. සම්පූර්ණ සත්ව හින්සනයෙන් තොර වීගන් කෑම කන මනුස්සයෙක් පවා වෙනත් ආකාරයට සත්ව සන්හාර වල යෙදෙනවා. උදාහරණයකට, ගෙයක් හදනකොට ඒ පරිසර පද්ධතියේ විශාල සත්ව සන්හාරයක් වෙනවා. මම දැන් වැඩකරන තැන කැලේ කපල ළඟදී හදපු තැනක්, මුල් කාලෙ පොලවෙන් පොඩි පණුවො තොග පිටින් මතු උනා බිල්ඩිමට යන පාරෙ මම ගියේ බට්ටො පැන පැන වගේ. ඒ සත්තුන්ගේ පරිසර පද්ධතිය විනාස උනා බිල්ඩිම නිසා. ඒවත් සත්ව සන්හාර තමයි.ගෙවල් වල පෙස්ට් කන්ට්‍රෝල් නිසා කැරපොත්තො මීයො වගේ සත්තු මැ.රෙනවා, කොන්ඩෙ උකුණන්ව ම.රනවා, එතකොට පාරවල් හදද්දී පරිසර පද්ධතියේ විශාල සත්ව සන්හාරයක් වෙනවා. තමන් ඡන්දෙ දීල පත් කරපු දේශපාළකයො ගස් කපද්දි වැලි ගොඩ දාද්දි පරිසරය වනසද්දී විශාල සත්ව සන්හාරයක් වෙනවා, මේව පව් නැද්ද?
සත්තු කරන්නෙ මස් මාළු කන එකට රෙද්ද උස්සගෙන එන නිර්මාංශ මිනිස්සුන්ට පව් කියල හිතෙන්නේ බීෆ් චිකන් පෝක් සහ සීෆුඩ් සත්තු ගැන විතරයි. වගා කරන කොට මැරෙ.න කෘමි සත්තු, සංවර්ධන ව්‍යාපෘති නිසා මැරෙ.න වන සත්තු, ඉන්ධන දහනය නිසා සහ නොයෙක් පරිසර දූෂණ නිසා මැ.රෙන සත්තු ගැන කැක්කුමක් නැහැ (මොකද ඒ මරණ වලට තමනුත් දායක වන නිසා), ඒ තබා තමන්ගෙ ගෙදරට අනාථ බල්ලෙක් පූසෙක් ආවත් කිසි අනුකම්පාවක් නැතිව උණු වතුර ගහල හරි පන්නන,තමන්ගෙ වත්තට සතෙක් සරැපයෙක් ආවත් විසද නැද්ද වත් නොබලා අවිචාරවත්ව ම.රල දාන සත්ව හින්සකයෝ මුන් බහුතරයක් ඉන්නේ.
මගේ මතය නම් හැම විටම ප්‍රබලයා අතින් දුබලයා අගතියට පත් වෙනවා යන ලෝක ධර්මතාවයට තේරැම් අරන් තමන් ප්‍රබලයාගේ භූමිකාවේදී තමන්ටත් දුබලයටත් සාධාරණ වීම තමා සුදුසු.
දේවදත්ත බුදුන්ට යෝජනා කරද්දී භික්‍ෂූන්ට මස් කෑම තහනම් කරන්න කියල, බුදුන් එය ප්‍රතික්ශේප කලත් බුද්ධාගම විකුණළ මස් මාළු නොකන ජෛන පුරැද්ද මාකට් කරන්නෙ ඇයි?
මම හිතන්නේ විනෝදයට හෝ අත්‍යවශ්‍ය නොවන දේකට සතුන්ට හින්සන කරන්න හෝ ම.රන්න එපා, සාධාරණ අවශ්‍යතාවයකට (කෑමට, සන්වර්ධනයකට) මර.නකොට සතාට අවම වේදනාවක් ඇති වෙන ලෙස එය කළ යුතුයි. සතුන් කුමන හේතුවකටවත් අධිපරිභෝජනය නොකල යුතුයි.
ඉහත පෝස්ට් වගේ ඒවට තිබුණ කොමෙන්ට් දැක්කම ප්‍රෝටීන් ඌණතාව නිසා මොළ අඩුවෙන් හැදුනු මිනිස්සු කොතරම් ඉන්නවද කියල පුදුම හිතුන. මේ ටොපික් එක හද්ද පරණ ටොපික් එකක් උනත් එකෙක්ටවත් තාම බෑ තර්කාණුකූළව ප්‍රායෝගිකව සංඛ්‍යාත්මක දත්ත ඇනළයිස් කරල මැද තැනකට එන්න.
එක්කො නිර්මාංශ ගොබ්බයො කියනව