Sunday, December 3, 2023

ලන්කාවෙ යථාර්තය කෙටියෙන්

 සාමාන්‍ය පෙළ ප්‍රතිපල අනුව ඉහළම ලකුණු ගත්ත ළමයි ඉන්ටර්වීව් කලාම ඒ ඔක්කොටම පාහේ දොස්තරල වෙන්න ඕනෙලු (https://www.gossiplankanews.com/2023/12/2022-ol-best-results-holders.html). කොහේදි හරි කියවපු කතාවක් මතක් උනා. ලන්කාවෙ ඉස්කෝලවල ඉස්සරහම පේළියේ ඉන්න වැඩ්ඩො හොඳට විභාග පාස් කරල දොස්තරල ඉන්ජො වෙනව. මැද පේලි වල ඉන්න ළමයි බිස්නස් කරල ආයතන වල අයිතිකාරයො වෙලා අර දොස්තරල ඉන්ජො වැඩට ඇරන් උන්ව පාලනය කරනව. අන්තිම පේළියෙ එවුන් විභාග ෆේල් වෙලා දේශපාළනය කරල අර දෙගොල්ලොම පාලනය කරනව. ඉස්කෝලෙ එන්නෙත් නැතිව කට්ටි පැනපු අණ්ඩපාලයො ටික දේවාළ වල කපුවො, ආගමික පූජකයො වෙලා අර තුන් කට්ටුව පාලනය කරනව විතරක් නෙමේ උන්ගෙන් වැඳුම් ලබනව. 


6 comments:

  1. මේ කතාව තනිකර ඇත්ත. ඒ උනත් මෙහෙම වෙන්නට හේතු සාධක ගැන මෙතෙක් පුළුල් අධ්‍යයනයක් කර නැති බවයි පෙනෙන්නේ. මේ ගැන දේශපාලකයාටම දොස් පවරා වැඩක් නැහැ. ඔය white collar jobs සංකල්පය අපට විදේශිකයින්ගෙන් ලබාගත් ආභාෂයක් බවත් බොහෝ විට ප්‍රකාශ වෙනවා. මේ සියල්ලටම වඩා සැඟවුණු රහසක් මෙහි තිබෙන බව පෙනෙනවා. ඒ කුමක්ද යන්න ඉස්මතු කර ගැනීමට උත්සාහ කරමු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, මේක හරිම ඛේදවාචකයක්.

      Delete
  2. Replies
    1. ස්තූතියි, ඔබතුමාගෙ ටයිම් සෙන්සිටිව් මැසේජ් එකක් ගොඩක් පරක්කු වෙලා දැක්කේ, සමා වෙන්ට.

      Delete

"වහලෙකු යනු කෙනෙකු පැමිණ තමාව නිදහස් කරන තෙක් බලා සිටින අයෙකි." - එස්රා පවුන්ඩ්

  "යමෙකුට ස්වකීය ගෝත් ‍ රය විසින් නිරන්තරයෙන් එල්ල කරනු ලබන පීඩනයෙන් ගැලවීමට මහත් වූ පරිශ් ‍ රමයක් දැරීමට සිදුවන්නේය. එසේ උත්සාහ දරන තර...