Friday, December 29, 2023

තෘප්තිමත්ව ජීවත් වීමේ අටවැදෑරැම් දර් ශක (8 Dimensions of Well-Being)

 


ඉහත පෙන්වන දර් ශක අට මඟින් තෘප්තිමත්ව ජීවත් වීම පිළිබඳ යම්  අදහසක් ලබා ගැනීමට හැකියි. නව වසරක් උදා වීමට ආසන්න බැවින් ජීවිතය දෙස කළින් නොබැලූ කෝණයකින් දකින්නට කැමති අයට මේ අටවැදෑරැම් දර්ශක පිටිවහල් වනු ඇති.

 මේක කරන්නෙ මෙහෙමයි. කොළයක් අරන් රවුමක් ඇඳල, යට තියෙන රෑපයේ ආකාරයට ඒක අරික්කාළ වලට බෙදල එන කූඥ්ඥ අට මේ දර්ශක අටට වෙන් කරල,  දැනට ඒව වල අපි ඉන්නවය කියල අපට දැනෙන මට්ටම අවන්කව හිතල ඒ ප්‍රසන්ටේජ් එකේ ගානට එක එක කූඥ්ඥෙ  පාට කරන්න. එක එක කූඥ්ඥෙට වෙන වෙනම පාට අටක් යොදා ගත්තොත් වඩා හොඳයි.  උදාහරණයකට, මම මාව ඉවැලුවේට් කරල මූල්‍යමය සුවතාවය සීයට හතලිහක් කියල දැනුනොත් ඒ කූඥ්ඥෙ/ත්‍රිකෝණෙ 40% ප්‍රමාණයක් දළ වශයෙන්පාට කරල පුරවනවා. ඒ කුඩා ක්‍රියාකාරකම අවසානයේදී දර්ශක අට තුල දැනට අපගේ ප්‍රතිශතයන් පේනවා. පවුලේ සාමාජිකයන් හැමෝටම සමූහ ක්‍රියාකාරකමක් ලෙස හෝ තනියම උනත් කරන්නට පුළුවන්, සමූහ ක්‍රියාකාරකමක් ලෙස කරනව නම් අනිත් අයට බළපෑම් කරන්නට එපා. තමන් කවුද කියන කාරණය හඳුනා ගැනීමට ඉඩ දෙන්න. 



මේක කරන්නට කළින් මේ දර්ශක මොනවද කියන එක දැන ගන්න ඕනෙ. හොඳ කල්පනාවෙන් දර් ශක අටට අදාළ කරැණු කියවන්න. දර්ශක අට තේරැම් නොගෙන හෝ අවන්ක නොවී මේ ක්‍රියාකාරකම කලාට කිසිම තේරැමක් නැහැ.

තවත් වැදගත් දෙයක් තමයි පළමුවන රෑපයේ පේන පරිදි මේ දර් ශක අට එකිනෙකට සම්බනධ, එකිනෙක හා බැඳුන දේවල්. ඒ නිසා එක දර් ශකයක් ඉහළ නැවීමට ඔබ කරන දේ අවන්ක/නිවැරදි නම් අනිත් දර් ශක හතටත් ඒක ධනාත්මකව බලපෑ යුතුයි. 

දර් ශක වල අගය ඉතා අඩු උනත් කමක් නෑ, ඔබ අද ඉන්න තැන ඔබ දන්නවා, ඒක හරිම වැදගත්. ඉතා කුඩා පියවරවල් මඟින් දර් ශක වල අගය   හිමීට ඉහල යවා ගැනීම අරඹන්න. එකපාර විසාල වෙනස් කම් කරන එක දීර්ඝකාළීනව පවත්වා ගන්න හරි අමාරැ නිසා කුඩා, නමුත් තිරසාර පුරැදු මඟින් හිමීට වෙනස් වෙන්න. හැම මාසයකම මුළ මේ ආකාරයට තමන්ව ඉවැලුවේට් කර ගන්න. දර්ශක වල අගය හිමින් ඉහළ යන විට ඔබේ සුවතාවය ගැන ඔබටම දැනෙනු ඇත.

1. Spiritual well being/ආත්මීය සුවපත් භාවය - 

අපගේ අභ්‍යන්තරය සමඟ අප කොතරම් බද්ධ වෙලාද, අපගේ අභ්‍යන්තර අවශ්‍යතා ගැන අප කොතරම් දැනුවත්ද, අපගේ purpose එක මොකක්ද, අපගේ අභ්‍යන්තරය තුළ සාමයක් පවතිනවාද, අපගේ ආගම්/නිරාගමිකත්වය ගැන අප තෘප්තිමත්ද, ආගම් හරියට අදහනවා කියල සැටිස්ද, අපගේ ආගම/ස්වභාව ධර්මය/වෙනත් ඔබ අදහන/විශ්වාස කරන දේ (beliefs, faith, values, ethics, or moral principles) සමඟ කොතරම් ඒකාත්මිකද වගේ දේවල් ටික මීට අයිතියි.

දර්ශක අටෙන් විස්තර කරන්නට අමාරැම, අතිශයින්ම පෞද්ගලික (එනම් ඔබ හැර වෙන කාටවත් කිසි සේත්ම ඔබ වෙනුවෙන් තීරණය කරන්නට බැරි) දර්ශකය මෙයයි. මේ දර්ශකය මගින් ඔබට ඉහළ self awareness එකක් සහ ජීවත් වීමට අධ්‍යාත්මික අරමුණක් ලබා දෙයි. අමාරැ නමුත් නිවැරදි තෝරා ගැනීම් කිරීමට ශක්තිය දෙයි. ප්‍රතිපත්තිගරැක භාවය සහ ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය විනය ලබා දෙයි. අභ්‍යන්තර සාමය සහ සතුට ලබා දෙයි. 

ඉහත අධ්‍යාත්මික සුවතාවය ඉහළ මිනිස්සු හරිම ප්‍රතිපත්තිගරැකයි, ලේසියෙන් මුදලට බලයට යට වෙලා වැරදි කරන්නෙ නෑ, ඉහළ ස්වයo විනයක් ඇති නිසා එවෙලෙ විනෝදෙට හෝ යාළු මිත්‍රයන්ගේ බල කිරීමට වැරදි කරන්නට පෙළඹෙන්නෙ නැහැ, ඒ වගේම ඔවුන් තමන් අදහන ආගම හරියට අදහනවා, ඔවුන්ගේ ගතිගුණ තිරසාරයි, ඔවුන් පසුතැවිළි, රහස්, ඒව එළි වේය යන බය, වරදකාරී හැඟීම් අවම නිසා තෘප්තිමත් ජීවිත ගෙවනවා.

මෙම දර්ශකය වැඩි දියුණු කර ගත හැකි ක්‍රම කීපයකට උදාහරණ ලෙස තමන්ට වෙන් වූ quiet time එකක් හදා ගෙන ඒකෙදි භාවනා කිරීම/ආගමික කටයුත්තක්/පොතක් කියවීම, self care සඳහා සතියකට වරක් හෝ කාලය ගැනීම, නින්ද සහ විවේකය ප්‍රමාණවත්ව ලබා ගැනීම, අනිකෙකුගේ යහපත වෙනුවෙන් ප්‍රති උපකාර බලාපොරොත්තු නොවී යමක් කිරීම, කරමින් සිටි වැරදි වැඩක් (අභ්‍යන්තර සාමය බිඳ දමන, හෘද සාක්‍ෂියට පටහැණි) ක්‍රමානුකූළව අඩු කරමින් ගොස් නැවැත්වීම, love , respect, gratitude, and forgiveness යන ගුණධර්ම හතර විශේෂයෙන්ම අනුන් කෙරේ පැතිරවීමට ඉගෙන ගැනීම ආදී දේ දක්වන්නට පුළුවන්.   

2. Social well being/ සමාජීය සුවපත් භාවය

සමාජය සමඟ (පවුළ, නෑයන්, යාළුවන්, අසල්වැසියන්, කාර්‍යාළ සගයන්, නොයෙකුත් ගනුදෙනු කරන අය, ආගමික ස්ථානය වගේ) කරන ගනුදෙනු වල ස්වභාවය මීට අයිතියි. ඒ ගණුදෙනු කොතරම් nurturing, meaningful, and supportive relationships ද?

මේ දර්ශකය ඉහළ අගයක් ගන්න අයට ඉතා ශක්තිමත් පදනමක් සහිත අවන්කව පවත්වාගෙන යන (ඉතිරි දර්ශක හත ඉහළ යවන) සමාජ සම්බන්දතා තියෙනවා. බොක්කෙන්ම සෙට් වුන පාප මිත්‍රයන් අයත් නැත, මන්ද ඔවුන් ඉතිරි දර්ශක හත පහත දමන බැවිනි. මූනිච්ඡාවට, වාසි බලාගෙන, වන්චා කරමින්, නැති තැන වළ කපමින් පවත්වාගෙන යන ව්‍යාජ සමාජ සම්බන්දතා නැහැ. ඒ නිසා ජීවිතයේ ඩ්‍රාමා හරි අඩුයි. කේළම්, ඕපදූප, රණ්ඩු සරැවල් අඩු නිසා මනස දූෂණය වෙන්නෙත් හරි අඩුවෙන්, ඒක ආත්මීය සුවපත් භාවයටත් වැදගත්. 

නෑදෑ යාළු මිත්‍රයන් ගණන නොවේ ඔවුන් සහ ඔබේ සම්බන්ධතාවයේ කොළිටිය තමයි මේ දර් ශකයට වැදගත්. ඒ වගේම ඒ තරම් කිට්ටු නැතත් අසල්වැසියන් ආදී අය සමඟ ඔබේ සම්බන්ධතාවයේ කොළිටිය කුමක්ද? කරදරකාරී අසල්වැසියන් අතේ දුරින්  මැනේජ් කර ගැනීමට ඔබ දක්‍ෂද නැත්නම් ඔබ ඔවුන්ට යටවෙලාද නැත්නම් ඔබ ඔවුන් සමඟ තරහ වෙලාද? මෙතනදී හැමෝම එක්ක දිවෙන් දිව ගාගෙන යාළු වීමක් අදහස් නොවේ, නමුත් තමන්ට හානි නොවන පරිදි සහ අනුන්ට යහපතක් වන පරිදි සමාජ සම්බන්දතා  පවත්වාගෙන යන එක වැදගත්. මේ සඳහා බවුන්ඩරීස් ගැන ඉගෙන ගැනීම හරම වැදගත්.

මෙම දර්ශකය වැඩි දියුණු කර ගත හැකි ක්‍රම කීපයකට උදාහරණ ලෙස කේළම්, ඕපදූප, රණ්ඩු සරැවල් නිතර කර ගන්නා  මිනිසුන් ටිකෙන් ටික ඈත් කරන්න, එබඳු ගතිගුණ වලින් මිදෙන්න, සුදුසු සමාජ කව සොයා ගෙන ඇතුළු වන්න (theatre club, parenting groups, ආගමික ආයතන වල, සමාජ සේවා වල, විනෝදාoශ වල යෙදෙන සමූහ වල ආදී නොයෙක් සමාජ කව),   love , respect, gratitude, and forgiveness යන ගුණධර්ම හතර සමාජ සම්බන්දතා වල පදනම ලෙස යොදා ගැනීමට ඉගෙන ගැනීම ආදී දේ දක්වන්නට පුළුවන්.   

 3. Physical well being/ශාරීරික සුවපත් භාවය

ඔබගේ ශරීරය හොඳින් නඩත්තු කරන එක හොඳ තෘප්තිමත් ජීවිතයකට හරිම වැදගත්. අකලට නොයෙක් වළක්වා ගත හැකිව තිබූ රෝග හැදිල අබල දුබල උන ශරීරයක් තියෙන කෙනෙක්ට ජීවිතයේ රසවත් අවස්ථා හුඟක් මඟහැරෙනවා. ඒ නිසා තමන්ගෙ ශරීරයේ නීරෝගීකම, පිරිසිදුකම සහ පෙනුම හොඳින් පවත්වා ගන්න ඕනේ. කිසිම ආකාරයක අහිතකර ඇබ්බැහි වීම්- පැණිරසට, සෙක්ස්, ඇල්කොහොල්, ඩ්‍රග්ස්, දුම්වැටි ආදී- තිබේ නම් ක්‍රමානුකූළව එය නවත්වන්න.  අධික ආතතියක් සහිත රස්සා හෝ පවුල් ජීවිත ඇති නම් ඒ සඳහා අවශ්‍ය පිළියම් කරන්න.

මෙම දර්ශකය වැඩි දියුණු කර ගත හැකි ක්‍රම කීපයකට උදාහරණ ලෙස කුඩාවට එක්සර්සයිස් කිරීම අරඹන්න, සෝපානය භාවිතා නොකර පඩිපෙළ භාවිතා කිරීම වගේ, සීනි ඇබ්බැහිය ක්‍රමානුකූළව අඩු කිරීම අරඹන්න, පෝශ්‍යදායක ආහාර ගන්න, රසයට වඩා කොළිටිය ගැන හිතන්න. අනෙකුත් ඇබ්බැහි වීම් වෘත්තිකයන්ගේ සහය ඇතිව අඩු කිරීම අරඹන්න, හොඳ නින්දක් ලබා ගන්න, ආතතිය ඇති කරවන දේවල් වලින් ක්‍රමානුකූළව ඈත් වන්න.  

4. මූල්යමය සුවපත් භාවය/Financial well being-

ප්‍රායෝගිකව ඉතාම වැදගත් දර් ශකය වන මෙය ඉතිරි දර් ශක හතටම ගොඩක් ප්‍රබල ලෙස බලපාන බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ දර් ශකය ඉහළ යවා ගැනීම සඳහා මුදල් කළමණාකරනය ගැන ඉගෙන ගැනීම ඉතා වැදගත්. ඒ සඳහා ප්‍රවේශයක් ලෙස පහත යූටියුබ් වීඩියෝ බලන්න. 

https://www.youtube.com/@dr.donexplains8115/videos

https://www.youtube.com/@UndertheMedian

https://www.youtube.com/@christinekobzeff

5. පාරිසරික සුවපත් භාවය/Environmental well being-

ස්වභාවධර්මය සහ අවට පරිසරයත්  සමඟ ඔබ කොතරම් සමීපද, ඔබේ ජීවිතය කොතරම් පරිසර හිතකාමී ලෙස ගත කරනවාද යන්න මෙම දර් ශකයෙන් පෙන්නුම් කරයි. මෙම දර් ශකය ඉහළ අගයක් ගන්නා අය කසළ නිපදවීම අවම කර ගනී, කසළ තැන තැන නොදමයි, කසළ ප්‍රතිචක්‍රීකරණය කරයි, නිකරැනේ ගහකොළ සහ සතුන් විනාශ නොකරයි, පරිසරයට සමීප වේ, කොම්පියුටරයෙන් මිදී එළියට යයි, බයිසිකල් පැදීම මගින් ඉන්ධන දහනය අවම කරයි, පරිසරයට හානි කරන දේවල් මිළදී නොගනී, ගහකොළ වවයි,  ආදී ලෙස බොහෝ පරිසර හිතකාමී තීරණ ගනී.

6. බුද්ධිමය සුවපත් භාවය/Intellectual well being-

ඔබට කොතරම් විවෘත මනසක් තිබේද, ඔබේ තීරණ ගැනීමේ ශක්‍යතාව කොතරම්ද, ඔබේ සාමාන්‍ය දැනීම සහ රට තොට ගැන අවබෝධය කොපමණද, ඔබව පහසුවෙන් රැවටීමට හැකිද (උදාහරණයකට, ඔබ ෆැක්ට් චෙක් නොකර නිතර නිතර වැරදි තොරතුරැ විශ්වාස කරනවාද, ෆැක්ට් චෙක් කරත් අදාළ නිවුස් ඒජන්සියේ රෙපියුටේෂන් එක ගැන දැනුවත්ද ), ඔබ පොතපත කියවන ඇසූ පිරෑ තැනැත්තෙක්ද, ඔබ මූළික ජීවන කුසළතා ඉගෙන ගෙන තිබේද, ඔබ කළාත්මක හැකියා ප්‍රගුණ කර තිබේද, ඔබට විනෝදාoශ තිබේද, ඔබට තමන්ව එන්ටර්ටේන් කර ගැනීමට හැකිද, ඔබ ලෝකය පිළිගත් සම්භාව්‍ය චිත්‍රපටි, නාට්‍ය, පොත් පත් සහ දර්ශනවාද ආදී බුද්ධිය සහ රසඥතාවය වැඩි දියුණු කරන දේ පරිශීලනය කරනවාද? ඒ සඳහා ප්‍රවේශයක් ලෙස how to improve cognitive skills/intelligence ආදී මාතෘකා සහිත යූටියුබ් වීඩියෝ බලන්න.

https://www.youtube.com/@ScienceWithRuchira

https://www.youtube.com/watch?v=N9uHR5pL0XE

මේ දර් ශකය ඉහළ යවා ගැනීමට රට තොට සන්චාරය කිරීම, පොතපත කියවීම, පහත් රසඥතාවක් සහිත කලාව (කුණුහරප, කළහකාරී දරැණු අතාත්වික හැසිරීම් සහිත පහත් පෙලේ නාට්‍ය, චිත්‍රපට ආදී) ඈත් කිරීම, අළුත් දේවල් අත්හදා බැලීම, කලාත්මක හැකියා ප්‍රගුණ කිරීම, නව ස්කිල්ස් ඉගෙන ගැනීම (භාෂාවක්, පිහිනීම, ආහාර පිසීම, ගිටාරය වැයීම ආදී) ආදී බොහෝ දේ කළ හැක.

 7. වෘත්තීමය සුවපත් භාවය/occupational well being

 තමන්ට තෘප්තියක් ලබා දෙන, අනවශ්‍ය නොවටිනා මට්ටමේ  ආතතියක් නොමැති රැකියාවක් තියෙන එක ඇත්තටම ලොකු වාසනාවක්. එසේ නොමැතිනම් අපට වඩා හොඳ රැකියාවකට යන්නට උත්සහ කරන්න පුළුවන්. ඔබ හොයන රස්සාව සඳහා අවශ්‍ය සුදුසුකම් හදා ගන්න එක, පෞරැෂය හදා ගන්න එක, ඇප්ලයි කරන එක, නැතිනම් දැන් කරන රැකියාවේ තියෙන ගැටළු විසඳ ගන්න එක වගේ බොහෝ ආකාර වලින් මේ දර්ශකයේ ඉදිරියට ආ හැකියි.

8. මානසික සුවපත් භාවය/Emotional well being

ඔබ ඇත්තටම සතුටින්ද? ඔබට නිරායාසයෙන් නිතර හිනා වෙන්නට තරම් හිතේ සතුටක් තිබේද? ඔබ අනුන්ගේ මුවගට සිනහවක් ගෙන එනවාද? ඔබ දුක් වන විට ඔබට උරහිස දෙන, ඔබේ අදහස් සහ හැඟීම් බෙදා ගන්නා සමීපතමයන් ඉන්නවාද? ඔබට නොයෙක් ලෙස උදව් කරන සත්පුරැෂ සමීපතමයන් ඉන්නවාද? ඔබ නොයෙක් ලෙස අනුන්ට උදව් කරන සත්පුරැෂයෙක්ද? ඔබට පැකිලීමකින් තොරව උදව් ඉල්ලීමටත් ලොකුකමකින් තොරව උදව් කිරීමටත් හැකිද? ඔබට වැරදීම් පිළිගැනීමටත් ඒවා හදා ගැනීමටත් හැකිද? ඔබ උදව්වකට ස්තූති කරන, වැරදීමකදී සමා වෙන්න කියන කෙනෙක්ද? 

තෘප්තිමත්ව ජීවත් වීමේ අටවැදෑරැම් දර් ශක ගැන වැඩි දුරටත් දැන ගැනීමට පහත ලින්ක් බලන්න; 

https://www.youtube.com/watch?v=mBwzu71oHzc

https://shcs.ucdavis.edu/health-and-wellness/eight-dimensions-wellness

Friday, December 15, 2023

Collectivist සහ Individualistic ලෝක දෙක ගැන තවදුරටත් කතා කරමු

කළින් ලිපියේ මම Collectivist සහ Individualistic සමාජ වල ස්වභාවය ගැන දළ වශයෙන් පැහැදිළි කලා. මේ සමාජ දෙකේ වැලියුස් එකිනෙකට ප්‍රතිවිරැද්ධ ස්වභාවයක් ගන්නා බවත් පෙන්වා දුන්නා. (මේ සමාජ දෙකේ වෙනස දැනගැනීම ගොඩක් වැදගත් නිසා ඒ කොටස නැවතත් කහ පාට අකුරින් මේ ලිපිය යටින් පේස්ට් කලා). ඉතා කෙටියෙන් සඳහන් කලොත්, Collectivist සමාජයක පදනම වන්නේ එකිනෙකා මත යැපෙමින් අන්තර් සම්බන්ධතා සහිතව සාමූහික ලෙස ජීවත් වීම වන අතර Individualistic සමාජයක පදනම වන්නේ එකිනෙකාගෙන් ස්වාධීනව නිදහස සහ පෞද්ගලිකත්වයට ගරැ කරමින් ජීවත් වීමයි. මේ සමාජ දෙකේම ඒවාටම අනන්‍ය වූ වාසි සහ එම වාසි වෙනුවෙන් ගෙවිය යුතු මිළක් තියෙනවා. 

Collectivist සමාජයක ප්‍රධාන වාසි තමයි බොහෝ සේවා නොමිළයේ හිතවත්කම මත ලබා ගත හැකි වීම සහ අනුන්ගේ රෙද්දවල් වලට අත දමා ආතල් එකක් ගැනීමේ හැකියාව (සමාජශීලී සත්වයින් වන අපට මානසිකව මේ උවමනාව තදින්ම තියෙනවා). නමුත් ඒ සඳහා ගෙවන මිළ තමයි හිතවතුන්ට (සමහරවිට අකමැත්තෙන් හෝ) නිතරම නොමිළයේ සේවා සැපයීමට ("උදව් කිරීමට") සිදු වීම, කණ්ඩායමේ ඉන්න මෝඩයන්, කම්මැළි, කපටි, සහ ටොක්සික් සාමාජිකයන් නිසා සිදු වන අගතීන් දරා ගැනීමට සිදු වීම, සහ අපේ  නිදහස සහ පෞද්ගලිකත්වය ගැන අනුන් ඒ තරම් නොතැකීම නොහොත් අපේ රෙද්දවල් වලට හැම එකාම හොට දමා ආතල් එකක් ගැනීමට ඒම වගේ කාරණා.

Individualistic සමාජයක ප්‍රධානම වාසි තමයි අපේ රෙද්දවල් වලට හැම එකාම හොට දමා ආතල් එකක් ගැනීමට නොඒම නිසා ඇති මානසික නිදහස සහ අපේ ජීවිත වල තීරණ අපටම ගැනීමට අවස්ථාව ලැබීම. නමුත් එම නිදහස සඳහා ලොකු මිළක්ද තියෙනවා. මේ සමාජයේ නොමිළයේ හිතවත්කම මත උදව් ඉල්ලීම වෙනුවට සියළුම සේවා මුදල් ගෙවා ලබා ගත යුතුයි. ඒ වගේම අනුන්ගේ රෙද්දවල් වලට හොට දමා ආතල් එකක් ගැනීමටද බැහැ. ඒ ඔක්කොටම වඩා අපේ ජීවිත වල තීරණ අපම ගන්නව වගේම අපේ තීරණ වල වගකීම අපටම බාර ගැනීමට සිදු වෙනවා, අරයට මෙයාට බෝල පාස් කරන්නට බැහැ.

අපි පොඩි උදාහරණයකින් මේක පැහැදිලි කලොත්, Collectivist සමාජයක,  තම කුඩා දරැවා හදිසියේ අසනීප උනොත්, මවක් තම ලොකු දරැවා අල්ලපු ගෙදර නවත්වා බසයේ නැඟ වෛද්‍යවරයෙක් ලඟට යෑම බොහොම සාමාන්‍ය දෙයක්. මෙතනදී අසල්වැසියා නොමිලේ නැනී සේවය සපයනවා, (අකමැත්තෙන් හෝ ඒ නැනී සේවය සැපයීමට Collectivist සමාජයක ඔහු නිළ නොවන ලෙස බැඳී ඉන්නවා). Individualistic සමාජයක කුඩා දරැවා හදිසියේ අසනීප උනොත් මවක් තම මෝටර් රථයේ ළමයි දෙන්නම නවාගෙන වෛද්‍යවරයෙක් ලඟට යෑම හෝ නැනී කෙනෙක් මුදල් ගෙවා ලොකු ළමයා ලඟ නවත්වා කුඩා දරැවා වෛද්‍යවරයෙක් ලඟට ගෙන යෑම බොහොම සාමාන්‍ය දෙයක්.

දැන් අපි මේ සමාජ දෙකේ වාසි සහ අවාසි මෙම කුඩා සිද්ධියට අදාළව කතා කරමු. Collectivist සමාජය ටොක්සික් මිනිස්සු නිසා විපරීත වීමට පෙර සහ අසල්වැසියන් ඇතුළු සමාජයේ හැමෝම කාර්‍යබහුළ වීමට පෙර, මුදල් ගෙවා ලබා ගන්නා නැනී කෙනෙක්ගේ සේවයටත් වඩා හොඳ සේවයක් අසල්වැසියා හිතවත්කම මත නොමිලේ ලබා දුන්නා විය හැකියි. නමුත් අද තත්වය වෙනස්. ටොක්සික් අසල්වැසියන් බහුළ, අසල්වැසියන් කාර්‍යබහුළ මේ යුගයේ, කුඩා ළමයෙක් එසේ හදිසියේ අසල්වැසියන්ට බාර දෙන්නට අමාරැයි සහ අවදානම්. ඒ වගේම නොමිළයේ ලැබෙන නිසා සේවයේ හොඳ නරක ගැන විවේචනය කරන්නට අමාරැයි. ඒ අනුව සේවයේ ගුණාත්මක බව අසල්වැසියාගෙන් අසල්වැසියාට වෙනස්. ඒ වගේම අපටත් "කළ ගුණ සැළකීමට" අසල්වැසියාට උදව් කරන්නට සිදු වෙනවා. මේ අන්තර් සම්බන්ධකම් වලදී නොයෙක් ඕපදූප, හිත් අමනාපකම්, වැරදි වැටහීම්, අත්වැරදි, අදහස් නොගැළපීම්, හූරාගෙන කෑම හෝ අයුතු ප්‍රයෝජන ගැනීම්, රණ්ඩු සරැවල්, අනවශ්‍ය අතපෙවීම් ආදී ප්‍රශ්න ඇති වෙනවා. ඒ සමාජයේ වාසි වලට ගෙවිය යුතු මිළ ලෙස කිව හැකියි.

 Individualistic සමාජයක මවක් මුදල් දීල නැනී කෙනෙක් හයර් කරන එකේ ලොකුම වාසිය සේවයේ ගුණාත්මක බව ගැන සහතික වීම සහ සේවයේ හොඳ නරක ගැන විවේචනය කරන්නට ඇති හැකියාවයි. මේ මව සහ නැනී අතර සම්බන්ධය පෞද්ගලික මට්ටමට වඩා professional මට්ටමේ එකක් නිසා ප්‍රශ්න කෙලින් කතා කරන්නටත්, පැමිණිල්ලක් වෘත්තීය මට්ටමෙන් විසඳා ගන්නටත් හැකියි. අවශ්‍ය නම් ඇයට නිවසේ චයිල්ඩ් මොනිටරින් සිස්ටම් එක මඟින් ළමයාව නැනී බලාගන්න ආකාරයද සොයා බැලීමට හැක. මේ නිසා නැනී ටොක්සික් වුවත් ළමයාට අගතියක් වීම වැළකේ. අනිත් අතට වාහනයේ ළමයි දෙදෙනාවම දමාගෙන රෝහලට යෑම වාහනයක් තියේ නම්, පාරවල් වගේ infrastructure එක හොඳනම් මහ අමාරැ දෙයක් නොවේ. නමුත් Individualistic සමාජයේ ළමයින්ගේ දෙමව්පියන්ට නැනීට, චයිල්ඩ් මොනිටරින් සිස්ටම් එකට, වාහනය නඩත්තු කිරීමට, infrastructure එක නඩත්තු කිරීමට  ආදී හැම දේටම සෑහෙන ලෙස මුදල් සෙවියයුතු වන අතර තනිවම තමන්ගේ වැඩ කර ගත යුතු නිසා සියළුම මූළික ජීවන කුසළතා ඉගෙන ගත යුතු වේ (Collectivist සමාජයේ බස් රියැදුරා ගේ කාර්‍යභාරය Individualistic සමාජයේ  කරන්නේ මව විසිනි).

කලාතුරකින් Collectivist සමාජයේ අම්මා කෙනෙක්ට Individualistic සමාජයේ අම්මා කෙනෙක්ට තියෙන රිසෝසස් තිබෙන්නට පුළුවන් සහ Individualistic සමාජයේ අම්මා කෙනෙක් තමන්ගෙ අසල්වැසියගෙන් උදව් ඉල්ලන්න පුළුවන්. මෙතන කතා කරන්නේ බහුතරය ගැන. අනිත් අතට, Collectivist සමාජයේ අම්මා කෙනෙක්ට මුදල් වලින් රිසෝසස් මිළදී ගන්න පුළුවන් නමුත් සමාජයක් වශයෙන් ගොඩනගන, මුදල් වලින් මිළදී ගන්න බැරි දේවල් ගොඩක් තියෙනවා, පාරේ කොළිටිය, රෝහලේ කොළිටිය, නැනී හෝ දොස්තරගෙ නොසැළකිල්ලෙන් ළමයාට විය හැකි අගති ආවරණය වෙන ශක්තිමත් නීති පද්ධතියක් වගේ දේවල් තනි තනිව මුදල් ගෙවල ලබා ගන්න බැහැ.

ඉතින් ඉහත උදාහරණයෙන් පෙන්වා ඇති පරිදි ඔබට ඒ ඒ සමාජයේදී ලැබෙන වාසි සමඟ ඒ හා බැඳුනු මිලක් ගෙවීමට සිදු වෙන බව පෙනෙනවා ඇති. ටොක්සික් මිනිස්සු බහුළ වීමට පෙර Collectivist සමාජයේ වාසි වල වටිනාකම ගෙවන "මිළට" සරිලන එකක් වුවත්  ටොක්සික් මිනිස්සු බහුළ වී ක්‍රමයෙන් එය නොවටිනා මිළක් ගෙවමින් නොකර බැරි කමට පවත්වාගෙන යන තත්වයටම පත් වී තිබෙනවා. එම නිසා මිනිස්සු දවසින් දවස Individualistic සමාජය වෙත ආකර්ශනය වන බව පෙනෙනවා. මේකට තවත් හේතුවක් ලෙස තාක්‍ෂණයේ දියුණුව සමඟ Collectivist  සමාජයේ මිනිසුන්ට Individualistic සමාජයේ මිනිසුන් ජීවත් වන ආකාරය දැකබලා ගැනීමට අවස්ථාවක් උදා වීමත් බොහෝ සෙයින් බලපෑවා. අද වන විට යූටියුබ් එකේ තමන් ජීවත්වන බටහිර රටවල ජීවන තත්වය පෙන්වන ලාන්කික සම්භවයක් සහිත යූටියුබර්ස්ල බොහෝ දෙනෙක් ඉන්නවා. Collectivist  සමාජයක ඉඳන් ඒව බලන අයට ඒ සමාජයේ උසස් ජීවන තත්වය එකපාරට ඔළුවට ගියාට ඒ සඳහා ගෙවන්නට වන ඉහළ මිළ එකපාරට වැටහෙන්නේ නැහැ. 

Individualistic සමාජයේ (හෝ තරමකට හරි Collectivist  සමාජයේ Individualistic ලෙස) ජීවත් වෙන්න කැමති කෙනෙක් ප්‍රධාන නීති තුනක් පිළිපදින්න අවශ්‍යයි. 

1. තමන්ට නිදහස අවශ්‍ය නම් අනුන්ව නිදහස්කරන්න. 

2. තමන්ට ස්වාධීන වෙන්න අවශ්‍ය නම් මූළික ජීවන කුසළතා වලට අනුන් මත නොයැපෙන්න. 

3. තමන්ගෙ රෙද්දවල් අනුන් හොයනවට අකමැති නම් අනුන්ගෙ රෙද්දවල් සෙවීම නවත්වන්න.

ඔය තුනම කරන්න මුළදි හරි අමාරැ උනාට ඊට පස්සෙ ලැබෙන සැනසීම වචන වලින් විස්තර කරන්නට බැහැ.

හැබැයි දැන් වෙලා තියෙන්නෙ, ගොඩක් මිනිස්සු මේ  සමාජ දෙකේම වාසි ටික ඉල්ලන ගමන් දෙකේම මිළ නොගෙව ඉන්න හදනව.

ලන්කාවෙ Collectivist සමාජෙ ඉන්න කෙනෙක් චෝදනා කරනව අම්ම තාත්ත තමන්ගෙ පවුළට ඇඟිලි ගහනව කියල. හැබැයි හොයල බලනකොට කසාද බැඳල ළමයි දෙතුන් දෙනෙක් එක්ක ජීවත් වෙන්නෙ මහගෙදර. අම්ම තාත්ත ලව්ව උයවගන්න, ළමයි බලවගන්න සහ තව වැඩ කරවගන්න ගමන් තමයි අම්ම තාත්ත තමන්ගෙ පවුළට ඇඟිලි ගහනව කියල චෝදනා කරන්නෙ. වෙන වචන වලින් කිව්වොත්, Collectivist සමාජෙ වාසි උපරිමයටම ගන්න ගමන් තමයි Individualistic සමාජෙ වාසි ටිකත් ඉල්ලන්නෙ. නමුත් එය කවදාවත් ඉටු වෙන්නෙ නැහැ. අඬපාළි කිය කිය රණ්ඩු වෙවී දුක් වෙවී මේ පරම සත්‍යයට පිටින් වැඩ කරන්න ගිහින් ජීවිතේ අනාගෙන ජීවිතේ දුකයි කියල හිත හදාගෙන පන්සල් පල්ලි වල පදින්චි වෙනවා. 

බටහිර රටවලට ගොස් ඒවල Individualistic සමාජයේ වාසි ටික සද්ද නැතුව සතේටම ඇරන් හඥේ මෙහෙ හොඳ නෑ, හඥේ  ලන්කාව ශෝයි කිය කියා බටහිර රටවලට වලා "දුක සේ සැප විඳිමින්" සමහරැ අඬනවා, හැබැයි බටහිර රටවල් අතහැරල "ශෝයි ලන්කාවට" නැවත පදින්චියට යන්නෙත් නැහැ. වෙන වචන වලින් කිව්වොත් Individualistic සමාජෙ වාසි උපරිමයටම ගන්න ගමන් තමයි Collectivist සමාජෙ වාසි ටිකත් ඉල්ලන්නෙ. නමුත් එයද කවදාවත් ඉටු වෙන්නෙ නැහැ. සදාකල් හඥේ හුඥේම තමයි.

තමන්ට ගැළපෙන සමාජය තමන් තීරණය කරල, තමන් ඉන්නෙ ගැළපෙන සමාජයක නෙමේ නම් උත්සහයෙන් ඒ සමාජයකට ඇතුළු වෙලා හෝ ඉන්න සමාජයේ අවුට් ලයර් එකක් වෙලා,  ඒ සමාජයේ වාසි වලට කෘතඥ වෙන ගමන් ඒවල මිළ ගෙවන එවුන් ජීවිතේ ෆුල් පොටෙන්‍ෂල් එක එන්ජෝයි කරනවා. දෙහි ගෙඩිය ඇඹුල බව ඇත්ත, නමුත් ඒක ඇස් වලට මිරිකගෙන තව වන කර ගන්නවද නැත්නම් ලෙමනේඩ් එකක් හදන් ආතල් එකක් ගන්නවද කියන චොයිස් එක අනුව සිටුවේශන් එක ගොඩක් වෙනස් වෙනවා.


Collectivist සන්ස්කෘති වල මූළික ලකෂණ කිහිපයක් නම්;


Values personal interdependence.


1.මේ වගේ සමාජ වල හැමෝම වගේ තමන්ව හඳුන්වා දෙන්නේ මම අහවලාගෙ පුතා, නෑයා ආදී ලෙස සමාජ සම්බන්ධතා සමඟයි. මම අහවලාව අඳුනනවා ආදී සෝෂල් කන්ටෑක්ස්  පොර ටෝක්ස් එමට ඇත. අළුත් තැනකදී මිනිස්සු ඔබෙන් පදින්චි කොහේද ගම කොහේද අපේ අහවලා ඒ හරියෙ, තාත්ත කවුද කොහේද වැඩ කරන්නේ මගේ අහවලාගෙ අහවලා වැඩ කරන්නේ එතැන ආදී අන්තර් සම්බන්ධතා හදා ගනී.  


2. මෙවැනි සමාජයක හැමෝම තව බොහෝ දෙනෙක් සමඟ නොයෙක් අවශ්‍යතා වලට අන්තර් සම්බන්ධතා පවත්වන නිසා ගැටුම් හදා ගැනීමට පට්ට බයයි. පුළුවන් තරම් හැම පැත්තම ශේප් කරන් ඉන්න බලයි. කෙළින් කතා කරන්නට බය අතර ව්‍යන්ගාර්ථයෙන් හැඟවීම් බොහෝ වේ.


3. තමන්ගේ කල්ලියට ලෝයල් වීම ඉතා වැදගත් කොට සළකයි. තමන්ට වරදක් නොකරපු මිනිස්සුන්ට කල්ලියේ බලපෑම නිසා බලු වැඩ කරපු නැති අය හරි අඩුයි, ඒවගේම මොන ජරා වැඩේ කලත් තමන්ගෙ එකාව සුද්ද කරන එක හරි සුළබයි.


4. තීරණ ගන්නේ ගොඩක් වෙලාවට තනි පුද්ගලයෙකුගේ/තමන්ගේ හිත සුව, සුභසිද්ධිය සඳහා නොව කට්ටියේම සුභසිද්ධිය සඳහාය. කසාද වලදී ආදරයට හරස් කපා සල්ලිකාරයෙක්ට දුව දෙන එක, රස්සාවකට පිට රටකට හෝ පළාතකට යන එකට විරැද්ධ වීම ආදී උදාහරණ එමට වේ. 


5. සාමූහිකව වැඩ කිරීම සහ අනුන්ට උදව් කිරීම අත්‍යාවශ්‍ය වේ.


6. තනි තනි ජයග්‍රහණ වලට වඩා කණ්ඩායමේ ජයග්‍රහණ අගය කරයි.


7. පවුලට හා සමාජයට ඉටු විය යුතු යුතුකම් තමන්ගේ අයිතීන් වලට වඩා වැදගත් වේ.


බටහිර රටවල ඇති Individualistic සමාජ වල ඊට හාත්පසින් වෙනස් වැලියුස් ඇත. එනම්;


Values personal independence.


1. මේ වගේ සමාජ වල හැමෝම වගේ තමන්ව හඳුන්වා දෙන්නේ තමන් ගේ නම් ගම් වතගොත වලිනි. පවුල් වල අන්තර් සම්බන්ධතා හොයන්නේ නැත. අම්ම අප්පා හොයන්නේ හෝ අම්ම අප්පා  අනුව ළමයාව ජජ් කරන්නේ නැත.


2. මෙවැනි සමාජයක හැමෝම තනි තනිව තමන්ගේ වැඩ කර ගනී. මුදල් ගෙවා අවශ්‍ය සේවා ලබා ගනී.


3.  කල්ලි සහ ඒවාට ලෝයල් වීම අත්‍යාවශ්‍ය නැත. කල්ලි වල වාසි නැතිව වුවත් තනියම ජීවත් වීමට බාධා නැත. 


4. තීරණ ගන්නේ තමන්ගේ හිත සුව, සුභසිද්ධිය සඳහාය.


5. සාමූහිකව වැඩ කිරීම සහ අනුන්ට උදව් කිරීම අත්‍යාවශ්‍ය නොවේ.


6. තමන්ගේ අයිතීන්  පවුලට හා සමාජයට ඉටු විය යුතු යුතුකම්  වලට වඩා වැදගත් වේ.


7. ප්‍රශ්න කෙලින් කතා කරයි, බොහෝ වේලාවට එක කාරණාවකට තියන අකමැත්ත අනික්වාට ගාව ගන්නේ නැහැ. 

Monday, December 11, 2023

වල් ඌරැ දඩයම

මහසෝනාගෙන් කරදරයක් නැතිව වල් ඌරන් මරන දඩයක්කාරයින් ගේ වීඩියෝ  ඉදිරිපත් කරන්නට හිතුවේ (පාලනයක් සහිතව අවම වේදනාවක් ඇති වන ආකාරයට) පළිබෝධක සතුන් මැරීමේ වැදගත් කම ගැන කතා කිරීමටයි. වල් ඌරන් යනු අධික වේගයෙන් බෝ වන සතුන්, මාස හයේදී පටන් ගන්නා පැටව් ගැසීම මාස හයෙන් හයට එක වරකට දහයකට වඩා පැටව් දමනවා. පරිසර පද්ධති වලට ඉමහත් හානි පමුණුවනවා (විශේෂයෙන්ම අළුත් පරිසර වලට හඳුන්වා දුන් පසු). ගස් වල මුල් පිටින් කා දමන නිසා දුර්ලභ ගස් ආදිය වඳ කල හැකියි. ජල පද්ධති දූෂණය කරන අතර අනිත් සතුන්ට පහර දෙයි. මිනිස් වගා වලට ඉමහත් හානි කරයි. මොවුන්ගේ ස්වභාවික සතුරන් වන මාoශභක්‍ෂක සතුන් දැන් නැති නිසා මොවුන්ගේ ගහනය පාලනය කල හැක්කේ මිනිසුන්ට පමණි. කොටින්ම, නිර්මාoශ මිනිසුන්ට කෑමට එළවලු ධාන්‍ය ටික ලැබෙන්නේ පළිබෝධක සතුන් මරන දඩයක්කාරයන්ට පින් සිදු වෙන්නටය.  





Thursday, December 7, 2023

ටොක්සික් භාවය සාධාරණීකරනය කරමින් දායක සභා චූන් කිරීම

 සමාජ මාධ්‍ය වල යම් ජනප්‍රියත්වයක් ලබපු චරිත හරිම ආස දෙයක් තමා දායක සභා චූන් කරන එක.විද්‍යුත් දායක සභා නොතිබුනු එදා සිටම හාන්දුරැ සෙට් එක ගිහියන්ව අන්දවන්න හැම පව්කාරයවම "පින්වතුනි" යනුවෙන් ආමන්ත්‍රණය කරන එකත් දායක සභා චූන් කිරීමක්.  

මේ සඳහා තිත්ත ඇත්ත හිතා මතාම යටපත් කරල රසවත් නමුත් පට්ට කෙබර තමන්ගෙ මත ලෙස දායක සභා වලට අත හරිනව. අද රසික ජයකොඩි සහ  අනීශා ජයකොඩි යන ජයකොඩි ඩබලම තමන් නොදන්න මඟුලක් වන ටොක්සික්භාවය ගැන ට්‍රැක් පෝස්ට් දෙකක් දාල.  මුන් දෙන්නම විද්‍යාත්මකව මේ ගැන මෙලෝ අල බෝලයක් හොයල බලන්නැතුව කරපු මේ පජාත වැඩේ නිසා ක්‍රෙඩිබිලිටි එක නැති කර ගත්ත. මෙවැනි මාතෘකාවක් කතා කරන්න තමන්ට දැනුමක් නැත්නම් එක්කො ඉගෙනගෙන කතා කරපල්ල. වාසනාවකට දායක සභා ඒ තරම් ගොන් නැහැ. Narcistic personality disorder, Psycopathic disorder, Sociopathic disorder,  Morbid jealousy වගේ දේවල් ගැන මුන් දන්නෙම නැද්ද?










මේ වගේ කපටි, තමන්ගෙ මතය වැරදි බව ඒ ගැන බුද්ධිමත්ව කතා කරපු මිනිස්සුන් කිහිපදෙනා එක්ක ඉහත පරිදි පෞද්ගලික මට්ටමින් පිළිඇරන් තිබුනට පෝස්ට් එක සන්ශෝධනය නොකර එහෙමම තියා ගන්නව. මොන තරම් බලුද? මේව කියවල අඥේ ඇත්ත කිය කියා හුරේ දාන ගොන්නු තමා සීයට අනූනමයක් ඉන්නෙ ඉතින් මුන් කේටර් කරන්නෙ අර බුද්ධිමත් 1% ට නෙමේ ගොබ්බ 99%ට. 

මගේ කළින් පෝස්ට් එකක මම මෙහෙම කිව්ව;

මම බස් රථයක සිටියදී ඒ රථයට නැග මගේ කණට ලන් වී කුණුහරපයක් කියා ඒ රථයෙන් බැස මා වැනිම ගොදුරක් සොයා තව බස් රථයකයකට නගිනා මිනිසෙක්, පහත් හැසිරීම් සහ ආකල්ප ඇති අයෙකු බව මම නීරෝගී මනසක් ඇති කෙනෙක් නම් මට වැටහිය යුතුය.ඒ අනුව ටොක්සික් මිනිසෙක් යන වචනය මම දන්නේ නැති විය හැකි උනත් ටොක්සික් මිනිසෙක් කියන්නේ මොකක්ද යන්න මම හඳුනයි. කවුරැහරි කාන්තාවක් ඒ සිද්ධියට මුහුන පෑ පසු සතුටක් ලබනවා නම් ඒකෙ තේරැම රථයට නැග කණට ලන් වී කුණුහරපයක් කියා ඒ රථයෙන් බැස තව බස් රථයකයකට නගිනා මිනිසා නෝමල් යන්න නොව එම කාන්තාව මානසිකව නිරෝගී නැත යන්නයි. 

අනීශා, ඔයාගෙ ගොබ්බ පෝස්ට් එකේ දෙවනි කෙල්ල මානසිකව නිරෝගී නැහැ, ඒ මිසක ඒ මිනිහ ටොක්සික් නැහැ නොවේ.


Toxic මිනිස්සු ..

“මගෙ  boyfriend හරිම toxic ,මම තනියම එළියට යනවට කැමති නැහැ ,හැම වෙලේම නූල් බෝලෙ වගේ මගෙ අස්සෙම එතිලා ,මෙයා එක්ක ඉද්දි මට කියල ජීවිතයක් ඇත්තෙම නෑ ,මේ වගේ toxic කොල්ලෙක්  නම් කිසිම කෙල්ලෙකුට හම්බෙන්න එපා ...”

දවසක් සෙෂන් එකකදී එක ගැහැණු ළමයෙක් තමන්ගෙ toxic relationship එක ගැන කිව්වෙ එහෙම,

දෙන්නගෙ නොගැලපීම ඒ දෙන්නම තේරුම් අරන් ඒ සම්බන්ධෙ ඉවර වුනා ,

අද තව ගැහැණු ළමයෙක් එයාගෙ පෙම්වතා ගැන කථාවක් කිව්වා ..

“මගෙ boy friend පුදුම මනුස්සයෙක් ,ඒ තරම් කෙයාරින් දන්න පිරිමියෙක් මට මගෙ ජීවිතේට මුණ ගැහිලා නැහැ ,මම තනියම එලියට යනවටවත් එයා කැමති නෑ ,මන් එක්කමයි ඉන්නේ ..මගෙ ජීවිතේ පිරිමියෙක් ගැන තිබ්බ එකම හීනෙ වෙලා තිබ්බ එහෙම නූල් බෝලෙ වගේ ඉන්න පිරිමියෙක් ,ඒ අතින් මන් හරිම වාසනාවන්තයි ..”

ඇත්තම කිව්වොත් මේ දෙන්නම ඒ දෙන්නට අනුව නිවැරදියි ….

ආදරේ ගැන විතරක් ලිව්වට toxic කියන  වචනෙ පාවිච්චි වෙන අනිත් තැන් වලදිත් අන්තර්ගතය මේකම තමයි ..

“Toxic මිනිස්සු” කියන්නෙ මෙහෙම මිනිස්සුන්ට කියල නිර්ණායක දෙන එක හැමවිටම නිවැරදි නැහැ ,මොකද කෙනෙක්ට toxic විදිහට දැනෙන දෙයක් තව කෙනෙක්ට එහෙම නොවෙන්න පුළුවන් ..

"යම් කිසි කෙනෙක්ගෙ හැසිරීමක් නිසා තමාට අපහසුවක් දැනෙනවා නම් හෝ කෙනෙක්ගෙ  හැසිරීම ඔබේ ජීවිතයට නිෂේධාත්මක බවක් සහ කැළඹීමක් එක් කරයි නම් අන්න ඒ කෙනා තමාට සහ තමාගෙජීවිතයට toxic විදිහට බලපාන කෙනෙක් .."

හැබැයි ඒකෙ තේරුම එතනින් එහාට අන්න අරයා " toxic මිනිහෙක්" කියල ඒ මනුස්සයට බෝඩ් එකක් ගහන්න පුලුවන් කියන එක නෙමෙයි .

අපි හැමෝම ළඟ අඩු වැඩි වශයෙන් toxic ගති ගුණ තියනවා ,ඒවා එක එක අය ලඟදි එක එක ප්‍රමාණයන්ගෙන් එළියට එනවා ,සමහරු ඒවා දරාගන්නවා ,තවත් සමහරු ඒවා දිහා බලා ඉන්නවා ,තවත් සමහරු ඒවා ප්‍රතික්ෂේප කරනවා ....

තවත් සරළව කිව්වොත් මේ ලෝකෙ toxic මිනිස්සු කියල වෙනම ජාතියක් නැහැ ,

අපි එකිනෙකාගෙ රුචි අරුචි කම් අනුව අපිටමිනිස්සුන්ගෙ  toxic කම් අපිට දැනෙනවා ..

අපිවත් නොදන්නවා උනාට අපි හැමෝම කාට හරි,කොහෙදි හරි  toxic මිනිස්සු වෙලා තියනවා ,  ඒක තමයි ඇත්ත  💜

අනිශා ජයකොඩි ✍️

Sunday, December 3, 2023

ලන්කාවෙ යථාර්තය කෙටියෙන්

 සාමාන්‍ය පෙළ ප්‍රතිපල අනුව ඉහළම ලකුණු ගත්ත ළමයි ඉන්ටර්වීව් කලාම ඒ ඔක්කොටම පාහේ දොස්තරල වෙන්න ඕනෙලු (https://www.gossiplankanews.com/2023/12/2022-ol-best-results-holders.html). කොහේදි හරි කියවපු කතාවක් මතක් උනා. ලන්කාවෙ ඉස්කෝලවල ඉස්සරහම පේළියේ ඉන්න වැඩ්ඩො හොඳට විභාග පාස් කරල දොස්තරල ඉන්ජො වෙනව. මැද පේලි වල ඉන්න ළමයි බිස්නස් කරල ආයතන වල අයිතිකාරයො වෙලා අර දොස්තරල ඉන්ජො වැඩට ඇරන් උන්ව පාලනය කරනව. අන්තිම පේළියෙ එවුන් විභාග ෆේල් වෙලා දේශපාළනය කරල අර දෙගොල්ලොම පාලනය කරනව. ඉස්කෝලෙ එන්නෙත් නැතිව කට්ටි පැනපු අණ්ඩපාලයො ටික දේවාළ වල කපුවො, ආගමික පූජකයො වෙලා අර තුන් කට්ටුව පාලනය කරනව විතරක් නෙමේ උන්ගෙන් වැඳුම් ලබනව. 


Friday, December 1, 2023

ටොක්සික් මිනිසුන්ව පාලනය කිරීමේ ක්‍රම - සීමා පැනවීම/Boundaries සඳහා pre-requisites මොනවාද?

 



Boundaries (සිමා) කියන්නේ ඔයාගේ ජීවිතය ඇතුලේ හැම ලොකු සහ කුඩා දේකටම පිට මිනිස්සුන්ට ඇතුළු වීමට ඔයා ඉඩ දෙන සිමා මායිමයි. කියන්නට පහසු උනත් සීමා පැනවීම - ඒක කවදාවත් කළින් නොකරපු කෙනෙක්ට- කරන්නට පහසු නෑ, විශේෂයෙන්ම දකුණු ආසියාතික මානසිකත්වය තුළ සීමා මායිම් මුකුත් නැති තරම්.  සන්ස්කෘතිකමය වශයෙන්  දකුණු ආසියාතික රටවල මිනිස්සු එදා ඉඳලම වැඩ කලේ සාමූහික මානසිකත්වයෙන් (Collectivism). සාමූහික මානසිකත්වයෙන් වැඩ කරන කොට ජීවිතය ඇතුලට පිට මිනිස්සුන්ට ඇතුළු වීමට සීමා පනවන්න හරි අමාරැයි, මොකද ඒ පිට මිනිස්සු මත ඔයා යැපෙන නිසා. Collectivism තියෙන සමාජයක හැමෝම තව බොහෝ දෙනෙක් සමඟ නොයෙක් අවශ්‍යතා වලට අන්තර් සම්බන්ධතා පවත්වන නිසා අපේ මානසික සුභසාධනයටය කියල නරක මිනිස්සු මඟහැරීමට හෝ ඔවුන්ට සීමා පැනවීමටත් හරි අමාරැයි, විශේෂයෙන්ම අන්තර් සම්බන්ධතාවයේ වැදගත්කම අනුව සහ පවර් බැලන්ස් එක අනුව.  

Collectivist සන්ස්කෘති වල මූළික ලකෂණ කිහිපයක් නම්;

Values personal interdependence.

1.මේ වගේ සමාජ වල හැමෝම වගේ තමන්ව හඳුන්වා දෙන්නේ මම අහවලාගෙ පුතා, නෑයා ආදී ලෙස සමාජ සම්බන්ධතා සමඟයි. මම අහවලාව අඳුනනවා ආදී සෝෂල් කන්ටෑක්ස්  පොර ටෝක්ස් එමට ඇත. අළුත් තැනකදී මිනිස්සු ඔබෙන් පදින්චි කොහේද ගම කොහේද අපේ අහවලා ඒ හරියෙ, තාත්ත කවුද කොහේද වැඩ කරන්නේ මගේ අහවලාගෙ අහවලා වැඩ කරන්නේ එතැන ආදී අන්තර් සම්බන්ධතා හදා ගනී.  

2. මෙවැනි සමාජයක හැමෝම තව බොහෝ දෙනෙක් සමඟ නොයෙක් අවශ්‍යතා වලට අන්තර් සම්බන්ධතා පවත්වන නිසා ගැටුම් හදා ගැනීමට පට්ට බයයි. පුළුවන් තරම් හැම පැත්තම ශේප් කරන් ඉන්න බලයි. කෙළින් කතා කරන්නට බය අතර ව්‍යන්ගාර්ථයෙන් හැඟවීම් බොහෝ වේ.

3. තමන්ගේ කල්ලියට ලෝයල් වීම ඉතා වැදගත් කොට සළකයි. තමන්ට වරදක් නොකරපු මිනිස්සුන්ට කල්ලියේ බලපෑම නිසා බලු වැඩ කරපු නැති අය හරි අඩුයි, ඒවගේම මොන ජරා වැඩේ කලත් තමන්ගෙ එකාව සුද්ද කරන එක හරි සුළබයි.

4. තීරණ ගන්නේ ගොඩක් වෙලාවට තනි පුද්ගලයෙකුගේ/තමන්ගේ හිත සුව, සුභසිද්ධිය සඳහා නොව කට්ටියේම සුභසිද්ධිය සඳහාය. කසාද වලදී ආදරයට හරස් කපා සල්ලිකාරයෙක්ට දුව දෙන එක, රස්සාවකට පිට රටකට හෝ පළාතකට යන එකට විරැද්ධ වීම ආදී උදාහරණ එමට වේ. 

5. සාමූහිකව වැඩ කිරීම සහ අනුන්ට උදව් කිරීම අත්‍යාවශ්‍ය වේ.

6. තනි තනි ජයග්‍රහණ වලට වඩා කණ්ඩායමේ ජයග්‍රහණ අගය කරයි.

7. පවුලට හා සමාජයට ඉටු විය යුතු යුතුකම් තමන්ගේ අයිතීන් වලට වඩා වැදගත් වේ.

බටහිර රටවල ඇති Individualistic සමාජ වල ඊට හාත්පසින් වෙනස් වැලියුස් ඇත. එනම්;

Values personal independence.

1. මේ වගේ සමාජ වල හැමෝම වගේ තමන්ව හඳුන්වා දෙන්නේ තමන් ගේ නම් ගම් වතගොත වලිනි. පවුල් වල අන්තර් සම්බන්ධතා හොයන්නේ නැත. අම්ම අප්පා හොයන්නේ හෝ අම්ම අප්පා  අනුව ළමයාව ජජ් කරන්නේ නැත.

2. මෙවැනි සමාජයක හැමෝම තනි තනිව තමන්ගේ වැඩ කර ගනී. මුදල් ගෙවා අවශ්‍ය සේවා ලබා ගනී.

3.  කල්ලි සහ ඒවාට ලෝයල් වීම අත්‍යාවශ්‍ය නැත. කල්ලි වල වාසි නැතිව වුවත් තනියම ජීවත් වීමට බාධා නැත. 

4. තීරණ ගන්නේ තමන්ගේ හිත සුව, සුභසිද්ධිය සඳහාය.

5. සාමූහිකව වැඩ කිරීම සහ අනුන්ට උදව් කිරීම අත්‍යාවශ්‍ය නොවේ.

6. තමන්ගේ අයිතීන්  පවුලට හා සමාජයට ඉටු විය යුතු යුතුකම්  වලට වඩා වැදගත් වේ.

7. ප්‍රශ්න කෙලින් කතා කරයි, බොහෝ වේලාවට එක කාරණාවකට තියන අකමැත්ත අනික්වාට ගාව ගන්නේ නැහැ. 

මේ සමාජ දෙක මේ විදිහවල් වලට අනුගත උනේ නොයෙක් අනන්‍ය හේතු වලට නිසා එකක් අනිකට වඩා හොඳයි හෝ නරකයිද කියන එක වැදගත් වෙන්නෙ නැහැ. නමුත් අද වන විට ටොක්සික් මිනිස් ප්‍රතිශතය සෑහෙන්න ඉහළ ගිහින් තියන නිසා ඒ ටොක්සික් මිනිස් ගහණය වැඩි වීමෙන් වඩාත් අගතියට පත් වී ඇත්තේ සාමූහිකව වැඩ කිරීම අත්‍යවශ්‍ය අoගයක් වූ Collectivist  සමාජයයි.

Collectivist  සමාජයක සීමා පැනවීම පට්ට අමාරැ බව ඔබට පේනවා ඇති. 

Collectivist  සමාජයක හැදෙන එකෙක් සීමා පැනවීම ඉගෙන ගන්නට පෙර තමන් කවුද තමන්ට ඕනෙ මොනවද කියන එක ඉගෙන ගන්න අවශ්‍යයි. Collectivist සමාජ වල මිනිස්සුන්ව හදන්නෙම අනන්‍යතාව මරල දාල, වෙන වචන වලින් කිව්වොත්, ඔබව රැලේ ඉන්න තවත් එක සාමූහික සත්වයෙක් කරන්නයි සමාජය සහ සම්ප්‍රදායික පවුල වළි කන්නේ. ඒ නිසා තමන් කවුද තමන්ට ඕනෙ මොනවද කියල හොයන එක වළක්වල ජීවත් වෙන්න ඕනෙ අනුන් වෙනුවෙන්‍ ය, තමන්ගෙ සතුට අනුන් වෙනුවෙන්‍ පරිත්‍යාග කරන එක උතුම් ය වගේ අදහස් අපේ ඔළු වලට දාලයි කුඩා කාලයේ සිටම ප්‍රෝග්‍රෑම් කරන්නේ. මේක නරක දෙයක්ම නෙමේ, ඒත් සමාජයේ ටොක්සික් භාවය වැඩි වීමත් සමඟ මේක හරිම නරක තැනකට තල්ලු කෙරැනා. 

උදාහරණයක් ලෙස මමාස් බෝයි තත්වය ගනිමු. මමාස් බෝයි ලෙස හඳුන්වන පෞරැෂය කිසියම් වැඩිහිටි පුතෙකුගේ දක්නට ලැබෙන්නේ එම වැඩිහිටි පුතා මව මත තීරණ ගැනීම සඳහා තදබල ලෙස  යැපීමක් දිගින් දිගටම පෙන්වන විට දීය. ටොක්සික් මිනිස්සු නැති ලෝකයක ලොකු පුතෙක් අම්මා මත තීරණ ගැනීම සඳහා යැපීම ඇත්තටම නරක නෑ, මොකද ටොක්සික් නැති අම්මල පුත්තුන්ට නරකක් වන ආකාරයට ඔවුන් මෙහෙයවන්නෙ නැහැ. නමුත් අද වන විට මමාස් බෝයිලගෙ අම්මල බහුතරයක් ටොක්සික් නිසා ඔවුන් පුත්තු මෙහෙයවන්නෙ තමන්ගේ ටොක්සික් අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීම සඳහා මිසක පුත්‍රයාගේ අභිවෘද්ධිය සඳහා නොවේ. 

ඒ ආකාරයටම අද වන විට සැළකියයුතු මට්ටමකට පවුල් සහ සමාජ ටොක්සික් මිනිසුන්ගේ ග්‍රහණයට පත් වෙලා තියන නිසා ඒවා මඟින් ඔබව යූස් කිරීම සහ ඇබ් යූස් කිරීම වැඩි වෙලා තියෙනවා. මේ නිසායි Collectivist  සමාජයක හැදුන ඔබ තරමක් හෝ Individualistic සමාජයේ ලක්‍ෂණ වලට අනුගත විය යුත්තේ. ඒක කරන පළමුවන පියවර නම් තමන් කවුද තමන්ට ඕනෙ මොනවද කියන එක ඉගෙන ගන්න එකයි, එනම් රැළේ  තවත් එකෙක් වීම ප්‍රතික්ශේප කරල මම කියන පුද්ගලයාව හඳුනා ගැනීමයි.

හෙට උදේ නැගිට්ටහම ලැබෙන තේකට අවධානය දෙන්න. ඔයා අවිවාහක නම් ගොඩක් වෙලාවට ඒකෙ සීනි සහ කහට දාන්නෙ අම්මගේ ටේස්ට් එකටනේ, ඒකට ඔයාගේ දිව හුරැ වෙලා වෙලා දැන් ඒක ඔයාගෙ ටේස්ට් එක වෙලා නේද? ඇත්තටම ඔයාට ඕනේ ඒකමද? සමහරැ කැමති වඩාත් සෞඛ්‍යසම්පන්න වීමට අඩු සීනි, සීනි නැති, සත්ව කිරි නැති, පළතුරැ යුෂ - කොටින්ම තේක වෙනුවට වතුර බොන්න කැමති අයත් ඇති නේද? ඇයි අම්මා ඇයගේ තේ එකේ ටේස්ට් එකට ඔබව හුරැ කලේ? ඇයට ඒක පහසු නිසා, ලාබ නිසා, ඇයගේ කැමැත්ත ඒක නිසා, සහ ඒ පරම්පරා වල අය පදම් වූ සාමූහික සත්වයින්  බැවින් ඇය විශ්වාස කලා පවුලේ හැමෝම ඇයගේ තීරණයට එකඟ වෙයි කියලා.  ඉතින් ඒක එක උදාහරණයක් පමණයි. උදේ නැගිට්ට වෙලේ ඉඳල රෑ නිදා ගන්න යන වෙලාව දක්වා ඔබ කරන හැම වැඩකටම ඒ අවධානය යොමු කලොත්, සෑහෙන තරම් පුරැදු තොගයක් කරන්නේ ඒව අනුන් විසින් ඔබ මත පටවපු නිසා මිසක ඔබට ඕනෑ නිසා නෙමේ.   

ඉතින් ඔබ ඔබව ටිකෙන් ටික හඳුනා ගන්නා විට ඔබේ දක්‍ෂතා මොනවාද, ඔබේ දුර්වලතා මොනවාද, ඔබේ ඇතුළාන්තයෙන්ම එන සිහින, ටාගට් මොනවාද වගේ දේවල් අවතක්සේරැවකින් හෝ අධිතක්සේරැවකින්  තොරව තේරැම් ගනු ඇත. මෙන්න මේ High self awareness  අවධියට ඒමට පෙර බවුන්ඩරීස් ගැන කතා කිරීම පවා හරකෙකුට අවකලනය ඉගැන්වීම මෙන් තේරැමක් නැති දෙයක්.  

Madhuri Ranasinghe ගේ පහත පෝස්ටුව ඊට හොඳ උදාහරණයක්.   

"සිමාවන් කියන කාරණව නම් මන් හිතන්නේ අපි බහුතරයකට තාමත් නිවැරදිව තේරුම් ගන්න අමාරුයි. මම කියන මනුස්සයා මෙන්න මේ සිමාවන් හරිම සුක්ශමව භාවිතා කරන කේනෙක්. 

කෙනෙක්ට කියන්න පුලුවන් එක කපටිකම, ආත්මාර්ථ්කාමි බව, එහෙමත් නැත්නම් අසංවේදි බව කියලා.

ලංකාව කොහොමත් කලගුණ සළකන්න ගිහින් ඇණ ගන්න ජාතියක්. සිමාවන් නොතේරිම නිසා එක වෙන්නත් පුලුවනි.

ඕකට හොදම උදාහරණ තියෙන්නේ බටහිර රටවල. හොදටම තමන්ගේ සිමාවන් ලකුණු කරගන්න පුලුවන් මිනිස්සු ඉන්න නිසා, බොහෝ වේලාවට එක කාරණාවකට තියන අකමැත්ත අනික්වාට ගාව ගන්නේ නැහැ. 

සිමාවන් එහෙම නැතිනම් boundaries තබා ගැනිම හෙලා දකින්නේත් නැහැ. යම් තැනකට යන්න, ඒ වගේම ඉලක්කයක් සම්පුර්ණ කරගන්න සිමාවන් අවශ්‍ය වන වේලාවල් තියෙනවා.

ලංකාවේ ඉතින් ගේදරකට ගියත්, පෞද්ගලික කාරණාවන්ගේන් සාකච්ඡා ආරම්භ වෙන කාලයක් වෙද්දි boundaries ගැන නම් කතා කරලා වැඩක්ම නැහැ. 

අමතක කරන්න එපා,ලංකාවේ මිනිස්සු ඉතින් කළගුණ සලකන්න විරුවෙක් ගෙනල්ලාත් ඇණ ගත්තානේ. ඉන්ටලොක් ගල් අල්ලපු එකෙක්ට රටක් හදන්න පුලුවන් කියලත් හිතුවා. 

ඕන්න ඕකේදි වගේම ඕනැම දේකදි සිමාවන් අත්‍යවශ්‍ය අන්න එ නිසා. 

යමක හොදක් නිසා, අනේක් කාරණාවලට සලකා බැලිය යුතුමයි කියන අදහස අපි වෙනස් කරගන්න ඕනි.

කලගුණ සලකන්න ඕනි, හැබැයො කළගුණ සලකන්න ඒ ඒ විදිහි වලට, තමන්ගේ දේවල් comprise කරගන්නේ නැතිව. 

එකට කියන්නේ ආත්මාර්ථ්කාමි කම නම්, අවශ්‍ය අවස්තාවේදි ආත්මාර්ථ්කාමි නොවුනොත් අපිට කොයිම වේලා වේදි හරි කෙළවෙනවා."


රසික සහ බෘනෝගේ මේ සාකච්ඡාව මේ මාතෘකාවට ගොඩක් වැදගත්.

https://www.youtube.com/watch?v=G5XgQm90dBg