Wednesday, August 16, 2023

කුමාරවරුන්ගේ සංග්‍රාමය | @BharathaThennakoon 2023.08.16


එළහරකයි මීහරකයි වගේ උනත් මම දැකපු මේ අදහසත් මෙතනම ශෙයාර් කරන්නේ දෙකේ යම් සම්බන්දයක් තියෙන නිසා.


 මම පුද්ගලිකවම දුටු දෙයක් තමා හැමදාම 'රටම කෑවෙ ගමෙන්' කියන එක. මේ රටේ තාමත් බහුතරය ග්‍රාමීය අඩු ආදායම් ලාභී ජනතාව. ඔවුහු ලාභ ප්‍රයෝජනය වෙනුවෙන් ඕනෑම මට්ටමක පාවාදීමකට සූදානම් අය වගේම පහසුවෙන් රැවටිය හැකි ජානගත හීනමානයකින් පෙලෙන්නෝ. මතක විදියට තෝමස් මේට්ලන්ඩ් ආන්ඩුකාරයා වෙන්න ඕනෑ මේ රටෙන් යද්දී කියල ගියේ "සර්වජන චන්ද බලය ලංකාවට දුන්නොත් ලංකාවේ පාලනය පවුල් දෙකතුනක් විසින් කරනු ඇති" කියල. ඒ පරම්පරාවල දරුවෝ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් මධ්‍යම පංතියක් හදාගෙන රජයේ පරිපාලන යාන්ත්‍රනයට ඇවිත් කරන්නෙත් එවැනි වැඩම තමා. ඔවුන්ගේ තමා අර ආදර්ශ පාඨය "උගතමනා ශිල්පයමයි මතු රැකෙනා"

පුද්ගලික ලාභ ප්‍රයෝජනය වෙනුවෙන් තමන්ගේ තනතුර අවභාවිතා කිරීම ඔවුන්ට සාමාන්‍ය දෙයක්. එය ඔවුන් පතාගෙන එන දෙයක්. සමස්ථ පරිපාලන ව්‍යුහයම මේ පහත් චර්‍යාවෙන් වෙලාගෙන අදටත් බොහෝ කල්. මේ තත්වයට උඩගෙඩි සපයන ආයතන සංග්‍රහයකුත් සුද්දො යනකොට තෑගි කරල ගියා නොවැ. අපේ කලු සුද්දො තමා ඒකෙන් වැඩිපුරම වැඩ ගත්තෙ මයෙ හිතේ. අපිට ඒ ක්‍රමවේදෙ දීපු රටේ වත් එහෙම පහත් විදියට මහජනතාවට සලකන රාජ්‍ය සේවයක් නෑ.

සුද්දො සැරින් සැරේට පනවන විවිධ බදු ජනතාව විසින් ගනන් නොගෙන ඉන්නකොට ඔවුන් කලේ පරිපාලන යාන්ත්‍රණය තුලට අධික අධිකාරී, මර්ධනකාරී බලයක් ඇතුල් කිරීම. ඒකාලෙ ග්‍රාමසේවක නොහොත් ගම් මුලාදෑනියට ගැමියන්ට දඩුවම් කිරීමේ බලය දීල තිබුන. මුලාදෑනියගෙ ගෙදර දඩුකද තිබුන. දිසාපති සහ උප දිසාපතිට නඩු ඇසීමේ බලය දීල තිබුන. ඒගොල්ලො "හාන්දුරුවරු" උනේ එහෙමයි. සුද්දා අපිට නිදහස දීල ගියාට අපේ රටේ පරිපාලනයේ හිටි කේවට්ටයින්ටඒක මදි වුනා ඔව්හු හරියටම වෙනස් කලේ ආන්ඩු ක්‍රමේ උදෘතයයි තනතුරු වල නම් ටිකයි පමණයි "ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියල".

අදටත් රජයේ ආයතනයකට ගිහිල්ල හරි වැරදි කතාකරන්න මේ රටේ පුරවැසියකුට බෑ. එහෙම කලොත් රාජකාරියට බාධා කිරීම කියල එම පුද්ගලයාව අත්අඩංගුවට ගන්න හැකියාව තියෙනවා. සමස්ත පරිපාලන යාන්ත්‍රනයම රජා සහ වහලා සංස්කෘතියට අනුවයි හැඩ ගැසී තිබෙන්නේ. නාමිකව මේ රටේ උත්තරීතරම පාර්ශවය නිදහස් පුරවැසියා. නමුත් ඒ පුරවැසියාම ඔහුට සේවය සපයන රජයේ ආයතනයකට ගියාම ඔහුට සැලකිලි ලැබෙන්නේ වහලෙකුට වගේ. එන්න එන්නම මේ තත්වය කණගාටුදායකයි. හේතුව තමයි අර මුලින්ම කී ඊනියා උගතුන් පිරි මධ්‍යම පංතිය.

1900 ගණන්වල උපදිසාපති වරයෙක් හැටියට සුද්දා විසින් මේ රටට එවපු "ලෙනාර්ඩ් වුල්ෆ" කියන පුද්ගලයා සුද්දෙක් උනත් උග්‍ර මානව හිතවාදියෙක්. ඔහු විසින් රචිත බැද්දේගම කියන කෘතිය ඔහු මේ රටෙන් ගත් අත්දැකීම් තුලින් ලියූ එකක්. සුද්දා විසින් මේ රටට හදුන්වලා දුන් පරිපාලන නීතිරීති තම වර්ගයාටම එරෙහිව පුද්ගලික ලාභ ප්‍රයෝජන උදෙසා රාජ්‍ය සේවකයා විසින් ම්ලේච්ච අයුරින් අවභාවිතා කරන අයුරු. ඔහු ඒ කෘතියෙන් ලොවටම හෙලි කලා. බොහෝ අය ඒ පොත කියවා ඇති. චිත්‍රපටයද නරඹා ඇති. නමුත් එමගින් දී ඇති පනිවිඩය නොහොත් ශ්‍රී ලාංකිකයාට සුද්දෙක් විසින් කියාදුන් පනිවිඩය නොහොත් සංස්කෘතික අතුල් පහර දැනුනා ද සැකයි.

1988 - 89 භීශණ සමය තුළත් මෑතක ගෝල්ෆේස් පිටිය තුල තිබූ අරගලය මර්දනය කිරීමේ ක්‍රියාවලිය තුළත් එකී පරිපාලන යාන්ත්‍රනය තුල තිබූ දුර්දාන්ත ස්වරූපය ජීවමානව ද නැවත දුටිමි.

Pasindu wijewardana

No comments:

Post a Comment