Friday, November 18, 2022

උත්තර නොලැබුන ප්රශ්නය

 




 චන්දිම ගෝමස් ගේ  ලිපිය "නව-ශිෂ්ඨාචාරකරණය"

මගේ කොමෙන්ටුව -  28 October 2022 at 06:59

බැරි වෙලාවත් ලන්කාව ලෝක බලවතා වෙලා අනිත් රටවල් වලට අත පෙව්වනම් එය මොන ආකාරයේ වේවිද? චීනය වගේද බටහිර වගේද නැත්නම් මිහිඳු හාන්දුරැවො වගේද? මට කියන්න ඕනෙ මේකයි. ලෝකයේ පල්ලෙහා රටකට වෙලා ප්‍රබල රටවල් විවේචනය කරන එක තමා කරන්න ලේසිම වැඩේ, හරියට පාර්ලිමේන්තුවෙ ජෙප්පො කරන දේ වගේ. මනුස්සයෙකුගේ පෞද්ගලික ජීවිතයේදීත් ෆේවරිටිසම් (තමන්ගෙ නෑයෙක් යාලුවෙක්ට පැනල උදව් කරනවනෙ පාරෙ යන හිඟන්නෙක්ට වඩා, තමන්ගෙ ගම, පාසැල අරක මේකට ලෝයල්නේ), අනෙකකු අභිබවා යාම, තරඟය, නෑයෙක් යාලුවෙක්ගෙ කීමට නොදන්න මනුස්සයෙක් එක්ක කුළියට තරහ වීම, ජජ් කිරීම ආදී නොයෙක් වැරදි තියෙන මිනිස්සු ප්‍රබල රටවල් වලින් පිනට කකා ඒක සර්ව සාධාරණ විය යුතු බවට හිතීමම පිළි ගත නොහැකියි, මොකද තමන්ගෙ ජීවිතයෙත් ඒ මිනිස්සු පට්ට අසාධාරණයි. කැම්පස් යද්දි සල්ලි නැති කාලෙ සර්ව සාධාරණ ලෝකයක් හදන්න කැප උන මගේ ජෙපි මිතුරන් අවුට් උනාට පස්සෙ පට්ට අසාධාරණ මිනිසුන් උනා. ලන්කාවත් ඒ වගේ

.

ඩේවිඩ් ආර් සිල්වා කියල මනුස්සයෙක් විතරක් මෙහෙම කොමෙන්ට් එකක් දාල තියෙනව (by 11.18.22, 11.18 AM EST);

"පහුගිය කාලයේ ඔබතුමාගේ බ්ලොග් සටහන් කියවන කොටත් ඒවාට සමහරුන් දමන comments දැක්කමත් හිතෙනවා, ඔබතුම ලියනවා බර වැඩිද කියල. මම කියන්නේ ඔබ ලියන ව්‍යංගාර්ථය ගැන. මගේ අත්දැකීම තමයි, ලංකාවේ මිනිස්සුන්ට කියන්න ඕනේ දේ පොල්ලෙන් ගැහුවා වගේ කිසිම රසයක් ගුණයක් කලාවක් නැතිව තණකොල කවනවා වගේ කියන්න ඕනේ කියල. ව්‍යංගාර්ථයක් ගැඹුරක් තේරුම් ගන්න තරම් ලාංකිකයාගේ බුද්ධිය පැසිලා මදි. ඔවුන් බලන teledrama සහ කියවන නවකතා ආදිය මේ නොගැඹුරට හේතු වෙනවා ඇති."

අද වන විට ඒ ලිපියට තියෙන්නෙ ඒ කොමෙන්ට් දෙක විතරයි. ඊයෙ මම වෙනත් ලිපියකට දාපු  කොමෙන්ට් එකකට චන්දිම ගෝමස් අද වන උත්තරයක් දීල තිබ්බා. නමුත් දැන් සති දෙකකට විතර කලින් දාපු අර කොමෙන්ටුවට උත්තරයක් චන්දිම ගෝමස්ට තාම ගැට ගහ ගන්න බැරි වෙලා තියෙනව. මොකද ඒ ප්‍රශ්නය චන්දිම ගෝමස් ලන්කාවේ ඕඩියන්ස් එකකින් බලාපොරොත්තු නොවුන අවුට් ඔෆ් ද බොක්ස් තින්කින් ප්‍රශ්නයක්. මේක කියවන ඔබ කවදාවත් හිතල තියෙනවද ලන්කාව ලෝකයේ බලවත්ම රට බවටත් සින්හළ බෞද්ධ ජාතිය ලෝකයේ බලවත්ම බවටත් පත් උනොත් මොනවගේ ලෝකයක් උදා වෙයිද කියල? 

ඩේවිඩ් ගේ කොමෙන්ටුව මෙතන ටාගට් කලේ මාවද ෂුවර් නෑ නමුත්ඩේවිඩ් ගේ කොමෙන්ටුවට අමතරව තියෙන එකම කොමෙන්ටුව මගේ එක පමනයි. ඒ නිසා ඩේවිඩ්ට උත්තරයකුත් දෙන්න හිතුන.  
සින්හල බ්ලොග් කල්චර් එක ලන්කාවේ කල්චර් ට්‍රෙන්ඩ් එකම පෙන්වනව. ඒක අතකින් පුදුමයට කාරනයක් නොවේ, මොකද සින්හල බ්ලොග් ලියන්නෙ කියවන්නෙ කොමෙන්ට් කරන්නෙ ලන්කාවෙ ඉන්න හෝ ඩයස්පෝරාවේ මිනිස්සුන්ගෙන් අහඹු නියැදියක්. ඩේවිඩ්ගෙ මම දකින අවුල් කීපයක් නම් මේවායි;

1. චන්දිම ගෝමස්ට ගෞරව කිරීම සහ පිට කසමින් කඩේ යාම දෙකක්. චන්දිම ගෝමස්ට කරන ලොකුම ගෞරවය ඔහුට මූණට මතවාදීව චැලෙන්ජ්  කිරීමත්, ඔහු නැති තැන ඔහුගේ සේවය වෙනුවෙන් පෙනී සිටීමත්, ඔහුගේ ලිපි වලින් තමන්ට හරිය කියල හිතෙන දේ ඉගෙන ගෙන ඒවා තම ජීවිතයට ආදේශ කරගෙන අනුන්වද දැනුවත් කිරීමත් ය. චන්දිම ගෝමස්ගෙන් මට අමුතු වාසියක් අවශ්‍ය නැති නිසා මගේ ඉන්ටර්ග්‍රිටි එක ඉන්ටැක්ට් නිසා  මම ඒ දෙය කරමි. පිට කසමින් කඩේ යන ඔබ චන්දිම ගෝමස්ව ෆෝම් කර පුළුවන් නම්  පෞද්ගලික යාළුකම් හෝ වාසි ලබා ගැනීමේ (අවිඤ්ඥානිකව හෝ) චේතනාවක් ඇති කෙනෙකි. උදාහරණයකට චන්දිම ගෝමස් හවසට සෙට් වෙමුද ඇහුවොත් පැනල දෙන කෙනෙකි. 

 හැබැයි ගෝමස් කල යුත්තේ කුමක්ද? මට හිතෙන හැටි ලිපියේ කොමෙන්ට් සෙක්‍ෂන් එකේ කඩේ යන ඩේවිඩ්ව කන්ට්‍රෝල් කරල තියෙනව ප්‍රොෆෙෂනල් විදිහට. ඩේවිඩ් තමන්ගෙ ස්ලේව් මාස්ටර් වීමට කරපු ආරාධනය ගෝමස් කාරැණිකව ප්‍රතික්ශේප කරල, පවු.  //ව්‍යංගාර්ථයක් ගැඹුරක් තේරුම් ගන්න තරම් ලාංකිකයාගේ බුද්ධිය පැසිලා මදි.// කියල ඩේව් කියපු දේම මෙතන මම ඩේව්ට කියනවා, ගෝමස් ඔබට ව්‍යංගාර්ථයෙන් කියන දේ ටිකක් පේන්ෆුල්.


ලිපිය - කල යුත්තේ කුමක්ද? මට හිතෙන හැටි 


ප්‍රොෆ්, මම පුද්ගලිකව සිතනව ඔබතුමා මානසික අසහනකාරයන්ට ඔබට අපහාස කරමින් comments දාන්න ඉඩ දිය යුතු නැහැ කියලා. Just delete the comments and block the person. My personal view.

Reply
Replies
  1. ඩේව්, කැනඩාවේ ඉන්න ඔයාටවත් දකුණු අප්‍රිකාවේ ඉන්න මටවත් ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ මානසිකත්වය හරියටම තේරුම් ගන්න අමාරුයි. සමහරුන්ට රැකියා අහිමි වෙලා, සමහරුන්ට ළමයින්ගේ ප්‍රශ්ණ, තවත් සමහරුන්ගේ බිරින්දෑවරු වෙන මිනිස්සුත් එක්ක ගිහිල්ල දරිද්‍රතාවය නිසාම, තවත් සමහරුන්ට රැකියාව කරන තැන ගැටළු. මේ අය මානසික අසහනකාරයෝ කියල හඳුන්වන එක වැරදියි. ඔවුන් යම් මානසික පීඩනයකින් (සමහර විට විශාදියෙන්) දුක් විඳින පිරිසක්. ඒ නිසා ඔවුන්ට මේ විදියට comment එකක් දැමීමෙන් වත් තමන්ගේ පීඩනය පිට කරගැනීමට ඉඩ සැලසීමේ වරදක් නැහැ. භාෂාව හැසිරවීම යම් කඩ ඉමකට පැමිණෙන තෙක් ඔවුන්ට අපහාස උපහාස කිරීමට මගේ බ්ලොගය විවෘතයි.
    Anyway thanks for your concern and following my blog may be for the last decade.

  2. I understand what you say. But isn't it an unnecessary psychological impact to read such nasty comments?

  3. Dave, I am a person out of the box. I am not moved by what others say or write. Nothing can move me emotionally.


2. අපි හිතමු මම ගොබ්බම ප්‍රශ්නයක් චන්දිම ගෝමස්ගෙන් ඇහුව කියල, ඉතින් ඩේවිඩ්ට මොකද? ඒක චන්දිම ගෝමස් සහ මම අතර කතාවක්. ගොබ්බ ප්‍රශ්න හරි අහන එක නේද වැදගත්? ලන්කාවෙ ජනගහනයෙන් සීයට පනහකට වඩා ගෑනු, ඒ කියන්නෙ ඡන්දයකදී තීරණාත්මක සාධකයක්. අර දියසෙන් හාමුදුරැවන්ගෙ ක්ලිප් එක බැලුවනම් තේරෙයි එතන සීයට අනූවක් ඉන්නෙ ගෑනු, සීයට අටක් විතර ළමයි. ගොබ්බ ගෑනු ළමයි හදන්නෙත් ගොබ්බ විදිහට. ඒ නිසා කවුරැහරි ගොබ්බ ප්‍රශ්නයක් ඇහුවම විශේෂයෙන්ම ගෑනියෙක් සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව ගැන ගොබ්බ ප්‍රශ්නයක් ඇහුවම උත්තර දීල උදව් නොකරොත් සමාජය සමාජය ගොබ්බ කමෙන් ගොඩ ගැනීමට බෑ. චන්දිම ගෝමස් ගෙ [හෝ කිසිවෙකුගේ (මමද ඇතුළුව)] ලිපි හැම විටම නිවැරදි ඒවාත් නෙමේ, ඔහුගේ විශේෂඥ දැනුම සහිත ක්ශේත්‍රයේ නොවන ක්ශේත්‍ර වල ඉතා දුර්වල ලිපි ලියල තියෙනවා. ජෝජ් ෆ්ලොයිඩ් සිදුවීමට අදාළව ලියපු ලිපිය එවැන්නක්. ඕනෑම උගතෙක්ගේ කතාවක්/වැඩක් විවේචනයකින් තොරව පිලිගැනීම ලන්කාවේ ගැටළු වලට එක හේතුවක්.

3.  උඩ සඳහන් කරපු අන්ක දෙක කාරණය නිසා ගොඩක් සින්හල බ්ලොග් ලියන නියැදියෙ කාන්තාවන් ලියන බ්ලොග් සීයට අනූවක් කවි, කතන්දර බ්ලොග්. (ශපීරෝ පමණයි මට පෙනෙන කාන්තාවක් ලියන යාවත්කාළීන වන "පිරිමි ටොපික්" බ්ලොග් එක)  පිපිරෙන්නට ආසන්න ගිනි කන්දක් උඩ ඉඳගෙන කවි, කතන්දර  ලියන මානසිකත්වයක්  සින්හල බ්ලොග් ලියන කාන්තාවන්ට ආවේ කොහොමද? ඒක පුරැෂ මූළික සමාජයක කෝපින් මිකැනිසම් (coping mechanism) එකක්. තමන් ඩේවිඩ්ල වගේ ඇල්ෆ මේල් (හිතාගෙන ඉන්නෙ එහෙමනෙ) අය ගේ අදහස් වලට කොන්ෆ්‍රන්ට් නොකර, ඒ ඇල්ෆ මේල්ලගෙන් අර වගේ කුණු කතා අහ ගන්නෙ නැතිව, කවියක් කතන්දරයක් ලියාගෙන ඉන්නව කියන කම්ෆර්ට් සෝන් එකේ එම කාන්තාවන් හිටියෙ තමන්ගෙ පවුලෙ උපයන්නන්ගෙ රස්සා අහිමි වන තෙක්ම. මම විවේචනය කරනව නොවේ දත්ත ඇනලයිස් කරනව පමණයි. දැකල තියෙනවද මම හැර සින්හල බ්ලොග් ලියන කාන්තාවන් එක්කෙනෙක්වත් (හෝ සින්හල බ්ලොග් නොලියන කාන්තාවක්) පිරිමි ටොපික් සහිත ලිපි සම්බන්ධයයෙන් ලිපියේ අන්තර්ගතය ගැන කොමෙන්ට් කරල තියෙනවා? මම නම් දැකල නෑ. අනී අයියෙ කාලෙකින් දැක්කෙ වගේ කොමෙන්ටු නම් දැකල තියෙනවා. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් ලන්කාවෙ තියෙන. මොකද ඇල්ෆ මේල් කියල හිතන් ඉන්න බීට මේල්ල විතරක් නෙමේ ගෑනු (සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව වගේ "පිරිමි ටොපික්" කතා කරන්න නොකරන),  පිරිමි හැමෝම ඡන්දය පාවිච්චි කරනව.

4.  ඝෘනාත්මක සන්නිවේදනයේ 1. Criticism, 2. Contempt, 3. Defensiveness, 4. Withdrawal කියන මූලික ලක්‍ෂණ එකක්වත් මගේ කොමෙන්ටුවේ නෑ, නමුත් ඩේවිඩ් ගේ කොමෙන්ටුවේ Withdrawal කියන ලක්‍ෂණය තියෙනවා (ප්රතිවාදියාව සම්පූර්ණයෙන් shut down කර දැමීම - ඔබ ලියන දේවල් වල ගැඹුර මුන්ට තේරෙන්නේ නෑ). ඒක නිසා අනුන්ගෙ කොමෙන්ට් විවේචනය කරන්න පෙර තමන්ගෙ අඩුපාඩු හදා ගන්න. 

මම මේ ඇනලයිස් එක කරන්නට හිතුවේ මේවගේ කුඩා දේවල් වල ලොකු සමාජ විද්‍යාත්මක වැදගත් කමක් මට පෙනෙන නිසයි.

7 comments:

  1. හොඳ අදහසක්....
    1. ඔයාගෙ කමෙන්ට් එකට ඒ පෝස්ට් එකේම කමෙන්ට් එකක් දැම්මා. බලල රිප්ලයි කරන්න.
    2. කාන්තාවො කවි, නවකතා වගේ ඒවා ලියන එක coping mechanism එකක් කියන්න දත්ත ඉදිරිපත් කරන්න....

    3. මුලින්ම ඔයා ගේන තර්කයටම අනුව කවුරුත් සර්ව සාධාරණ නෑ අසාධාරනව තමයි වැඩ කරන්නෙ. පිටින් ඉදලා ඒක ව්වේචනය කරන්න එපා කියන එක.

    ඉතින් දැන් මෙතන ඔයා කරල තියෙන්නෙත් එහෙම එක එක අය කරන කියන ඒවා විවේචනය කරන එක නෙහ්.......

    ReplyDelete
    Replies
    1. හොඳ කොමෙන්ට් එකක්, 1. මම උත්තර බලාපොරොත්තු වෙන්නේ චන්දිම ගෝමස්ගෙන්. ලිපිය චන්දිම ගෝමස්ගෙ මිස ඔබේ නෙමේ. චන්දිම ගෝමස්ගෙ එක්ස්පෝෂර් එක, එඩියුකේෂනල් කොලිෆිකේෂන්ස් සහ රිලේටිව්ලි සමබරකම මම ඔබගේ දැකල නෑ. ඉතින් ඔබේ උත්තර මට එපා. තෑන්ක්ස්.
      2. අනේ ඔයාම සර්ච් කරන්න. චන්දිම ගෝමස්ගෙ ලිපියෙ එකම කරැණකටවත් දත්ත දීලත් නෑ ඔයාට අවුළකුත් නෑනෙ. මම දත්ත දෙන්නෙ ඇයි? ඔයා මට දෙන්නකො ඒක එහෙම නොවේ කියල දත්ත තියෙනවනම්. මෙහෙම එකකුත් තියෙනව. මම ගැහැනියක් නිසා මගේම අත්දැකීම් තියනව ඔයාට නැති උනාට.
      3. කවුරුත් සර්ව සාධාරණ නෑ අසාධාරනව තමයි වැඩ කරන්නෙ, පිටින් ඉදලා ඒක ව්වේචනය කරන්න එපා කියන එක නෙමේ මම කියල තියෙන්නෙ තමන් පුළුවන් හැටියට සුළු පරිමානයෙන් කරන තක්කඩිකම් වෙනත් ඇති හැකි අය මහපරිමාණයෙන් කරනකොට විවේචනය කරන්න එපා කියල.

      Delete
    2. 1. මම චන්දිම ගෝමස් වෙනුවෙන් රිප්ලයි කරා නෙමෙයි😂
      ඔයා දාලා තිබුන කමෙන්ට් එකට සහෘද පාඨකයෙක් වශයෙන් මට ආපු ප්‍රශ්නයක් මම ඇහුවෙ. ඔයාට කැමති නම් ඒකට රිප්ලයි කරන්න... මම ඔයා තරම් වත් උගත් කෙනෙක් නෙමෙයි. ඒකයි මට ආපු ප්‍රශ්නෙ මම ඇහුවෙ...

      2. චන්දිම ගෝමස්ගෙ දත්ත මට ඕනි නම් මම අහන්නම්, මනෝ විද්‍යාව ගැන උනන්දු කෙනෙක් විදියට මම ඉගෙන ගන්න කැමති මේ ඔයා දත්ත ඇසුරින් ඉදිරිපත් කරා කියපු කාන්තාවන්ගේ අලුත් coping mechanism එක ගැන ඉගෙන ගන්න. ඒකයි ඇහුවෙ. ඉතින් චන්දිම කෙනෙක් ගැන කියලා ඒකෙන් පැනලා යන්න ඔයාට නිදහස තියෙනවා

      . මට පිරිමි කෙනෙක් විදියට කාන්තාවන්ගේ අත්දැකීම් නම් නෑ හැබැයි පුතෙක් සහෝදරයෙක්, පෙම්වතෙක් විදියට කාන්තාවො ගැන අත්දැකීම් තියෙනවා. ඉතින් කැමති නම් ඒක ගැන ටිකක් පැහැදිලි කරන්නකො

      3. ඒකියන්නෙ තමන් සුලු පරිමාණෙන් හරි වැරදි කරනවා නම් අනිත් අය කොච්චර කොහොම වැරදි කරත් විවේචනය කරන්න එපා කියන එකද? මම තේරුම් ගත්තා හරිද?

      Delete
    3. අනේ නවීන්, ඔයා හරීම සෝයි, ඔයාගෙ ප්‍රස්නයේ සද්භාවය මට හොඳට තේරෙනවා. මම ලියන ඕඩියන්ස් එකේ අය තම තම නැණ පමනින් මම ලියන එව්ව තේරැම් ගන්න. මනෝ විද්‍යාව ගැන උනන්දු කෙනෙක් නම් හෝ වෙන මොනවහරි ගැන උනන්දු කෙනෙක් නම් අදාළ රිසර්ච් කරන එක තමන්ට අයිති වැඩක්. ඒ වගේම තමන්ගෙ ඇටිටියුඩ් එක නිසා හරියන්නෙ හෝ වරදින්නෙ තමන්ට. ඔහොම යo ජය වේවා !

      Delete
  2. ඔයා මගෙ බ්ලොග් එකේ දාපු කමෙන්ට් එකක් දැකල ආවෙ මේ පැත්තට 😊

    ReplyDelete

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...