Friday, October 28, 2022

රෙමිටන්ස් එවන්නේ මැදපෙරදිගින් විතරද

 ලන්කාවෙ මිනිස්සු අවිඥානිකව හෝ වාමාන්ශික මතවාද නඩත්තු කරමින් බටහිර රටවල් සමඟ බද්ධ වෛරයෙන් පසු වීම සහ ඒ රටවල හොඳින් ඉන්න මිනිසුන්ට ඊර්ශ්‍යා කිරීම යන කාරණා දෙකම මතු වෙන තැනක් තමයි රෙමිටන්ස් එවන්නේ මැදපෙරදිග වැඩ කරන මිනිස්සු යන අදහස. බලන්න පහල කොමෙන්ටු දිහා.


මේ කොමෙන්ටුව දාපු කෙනා එක්තරා වීඩියෝවක මනුස්සයෙක් එක්ස්පැට්ල ලන්කාවට මුදල් එවනවය කියපු එක එක්ස්පර්ට් කියල හිතාගෙන;

"මොනාද බන් මේ කියන්නෙ.. Expert ලා එවන සල්ලි වලින් ලු මේ රට දුවන්නෙ. උබල කසිප්පු ගහලද ගංජා ගහලද නැත්තන් අපි හරක් කියලද ඕව කියන්නෙ.. ඔය කියන බටහිර රටවල පුරවැසිභාවය ගත්ත උගත්  expert ලා මෙහෙට එවන සල්ලියක් නෑ.. මෙහාට remittance එවන්නෙ අපෙ middle east ඉන්න දුප්පත් labor force එක. පොඩ්ඩක් remittance එන රටවල් වලින් percentage බලපන්. නල්ල මලෙ expert බලපෑම..ඔය උබලට අමාරුව මංජුට චන්දේ ඉල්ලන්න බැරි වෙන එක ගැනනෙ..මාත් බැලුවා උබලගෙ විඩියො සෑහෙන්න. follow ත් කරා. හොද විකල්පයක් කියල හිතුවෙ. බලන් යද්දි උබලත් අවස්ථාවාදි ලෙස බොරු කියල මිනිස්සු අන්දන උන්නෙ.. ද්විත්ව පුරවැසියො උනාම උන් මෙහෙ හොරා කාල පිස්සු කෙලල ඊට පස්සෙ ඒ රටේ සරණ පතනව. උන් ගන්න තීරණ වල වගකීම කව්ද ගන්නෙ.. උබලගෙ වාසියට ගොබ්බ තර්ක නොදා හිටපන්"

ඉතින් මටත් කට කහනවට මම කිව්ව;

" Expert  නෙමෙයි Expat -  a person who lives outside their native country. ඒ අනුව මිඩ්ල් ඊස්ට් වැඩ කරන අයත් එක්ස්පැට්ල තමයි."

මූ ඒපාර කියනව "wachane allala dapan. dual citizen tiyena un mehata salli ewanne na bn.. mun monada me kiyanne..  middle east inna un salli ewanne.. unta dual citizen na.. me talk okkoma manjulata chande illanna bari wena nisane... dual citizen nam one na ratakata."

 මම කිව්ව;

" මම ඇමරිකාවෙ පදින්චි වෙලා ඉන්නෙ, මම ලන්කාවෙ ඉගන ගන්න ළමයින්ට මාස්පතා උදව් කරනවා.  මගේ පිටරටවල ඉන්න නෑදෑයන් බොහෝ දෙනෙක් එහෙමයි. මගේ මිතුරැ පිටරටවල පදින්චි වෛද්‍යවරැ විශාල ලෙස ලන්කාවට බේත් එව්වා පහුගිය ටිකේ. ඒක නිසා නොදන්න දේවල් කතා කරන්න එපා. මැදපෙරදිග මිනිස්සු වගේම දියුණු රටවල වයිට් කොළර් රස්සා කරන මිනිස්සුත් ලන්කාවට උදව් කරනව නොයෙක් ආකාරයෙන්. ඒවගේම තමන්ගේ නොදත්කම නිසා මන්ජුට කැතට බැනල වැරදි අර්ථකතනයක් ජනගත කරල ඒ මනුස්සයට අපකීර්තියක් කරල බබා වෙලා  ඒක අල්ලල දාන්න කියනව නෙමේ නෙමේ හරිනම් සමාව ඉල්ලන්න ඕනෙ. නොදත්කම සහ සියල්ල දත් යැයි හිතන උද්දච්චකම පට්ට අවුල් කම්බිනේශන් එකක්."

මූ ඒපාර කියනව " අනෙ ඕයි. නල්ල මලෙ  උදවු කිරිල්ල.. මම දන්න තරමට මේ රටට එන ප්‍රේශන වලින් 90% කට වඩා එන්නෙ මිඩ්ල් ඊස්ට් වලින් දැන් සාමාන්‍යෙන් මාසෙකට රෙමිටන්ස් මිලියන මිලියන තුන් සීයක් වගෙ එනව.. ඒකෙන් 10% කියන්නෙ මිලියන 30න් එක තෙල් නැවක් වත් ගන්න පුලුවන්ද?  ඇයි උබ හිතුවද උබට විතරයි බටහිර රටවල යාලුවො ඉන්නෙ කියල.. තොට වඩා හොදට මම ඔය සම්භන්දව අවබෝදයක් තියෙනව. දිවිත්ව පුරවැසියො කියන්නෙ ලංකාවෙ බැදිමක් නැති මිනිස්සු.. ඒ මිනුස්සු ලංකාවට එවන රෙමිටන්ස් එකක් නෑ. ඔය ගැන කරපු රිසර්ච් ඩේටා තියෙනව ඔනෙ තරම්. පත්තර ලිපි තියෙනව.. ඔය මෙ ලංකාවෙ ඉන්න ලමයෙක්ට දෙන්නෙක්ට උදවු කරා කියල එන රෙමිටන්ස් එකක් නෑ.."

මේ ලින්ක් එකෙන් ගිහින් බැලුවොත් (https://countryeconomy.com/demography/migration/remittance/sri-lanka)  දියුණු රටවලින් මොනතරම් රෙමිටන්ස් එවනවද කියල අදහසක් ගන්න පුළුවන්. මට හොයාගන්න බැරි උනා  දෙදාස් දාහතට පස්සෙ දත්ත. 2017දී බටහිර රටවල රෙමිටන්ස් ප්‍රතිශතය 41% සහ මැදපෙරදිග රටවල රෙමිටන්ස් ප්‍රතිශතය 59%. මෙතනදි ඉන්දියාව, කොරියාව, චීනය, මැලේසියාව වගේ රටවල් අයින් කරලයි ගාන හැදුවේ. අනිත් කාරණය තමයි මැදපෙරදිග රටවල මිනිස්සු දරැ පවුල් නඩත්තුවට අනිවාර්‍යයෙන් සල්ලි එවිය යුතුයි, නමුත් පවුල් පිටින් දියුණු රටක ඉන්න මනුස්සයෙක්ට චොයිස් එකක් තියෙනවා. පවුල් පිටින් දියුණු රටක ඉන්න මනුස්සයෙක් ලන්කාවෙ දුෂ්කර පැත්තක ළමයෙකුට උදව් කරන්නෙ කාගෙවත් බල කිීමකට නොවේ, සද්භාවෙන්. ඉතින් අරහෙම කොමෙන්ටු දාන මනුස්සයට  කොමෙන්ටුව දාන්න කළින් තමන්ගෙ දත්ත නිවැරදිද බලන්නවත් මොළයක් නෑ, උවමනාවකුත් නෑ මොකද ඒ  මනුස්සය කැමතියි බටහිර රටවල් සමඟ බද්ධ වෛරයෙන් සහ ඒ රටවල හොඳින් ඉන්න මිනිසුන්ට ඊර්ශ්‍යා කිරීම  දිගටම නඩත්තු කරන්න, දත්ත වලින් ඒ ආතල් එක කැඩෙනවට කැමති නෑ, තමන් නඩත්තු කරන ඊගෝ එකටත් ඒක ඔරොත්තු දෙන්නෙ නෑ. 

අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙ ලන්කාවෙ මිනිස්සු වෙනස් වන තුරැ ලන්කාව ගොඩ දාන්න බැහැ.





No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...