Thursday, June 9, 2022

සිස්ටම් චේන්ජ් පාඩම අoක 1 by Jordan M Fernandes

 සෑම කාන්තාවකටම අතීතයක් තිබේ...!

සමහරු ශාරීරිකව තවකෙකු විසින් අයුතු ලෙස භාවිතා කර ඇත...

සමහරුන්ට දරුණු හෝ කෲර දෙමව්පියන් සිට ඇත...

සමහරුන්ට වැඩිවියට පැමිණීමේ ගැටළු තිබී ඇත...

සමහරුන්ට තම පවුලේ සාමාජිකයන්ගෙන් කුඩා කාලයේ සිටම ලිංගික අතවර සිදු වී ඇත...

සමහරු ආදරේ යැයි කියා සිරුරට ළං වූ අධමයෙකු සමඟ හෝරා ගෙවා ඇත...

සමහරු තම ආදර කතා අවුල් කරගෙන ඇත...

සමහරුන්ට ප්‍රේමයේ නාමයෙන් ලිංගිකත්වය වෙත බල කෙරී ඇත...

සමහරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිට ඇත...

සමහරු දින පුරාවට දූෂණය වී ඇත...

සමහරුන් නිරුවතින් දරුණු ලෙස, අකමැත්තෙන් නමුත්, සංවේදී කර ඡායාරූපගත වී ඇත...

සමහරු ඔවුන්ගේ හිටපු පෙම්වතා විසින් බ්ලැක්මේල් කර ඇත...

සමහරු දිවිහිමියෙන් වෙළී සිටියේ අනියම් සම්බන්ධතාවයකය...

සමහරුන්ට තිබුණේ බිඳුණු පවුලකි...

සමහරුන් දික්කසාද වී ඇත...

සමහරුන්ට රූපය පිළිබඳ ගැටළු තිබී ඇත...

සමහරුන්ට මූල්‍ය හිඟතා තිබී ඇත...

සමහරු ප්‍රේමය වෙනුවෙන් නිදිවරිත කඳුළු රාත්‍රීන් රැසක් ගෙවා ඇත...

සමහරු සියදිවි නසාගැනීමට තැත් කර ඇත...

සමහරු හිමි නොවන ප්‍රේමයක් වෙනුවෙන් බොහෝ කල් බලා සිට ඇත...

මෙයින් එක් අත්දැකීමක් හෝ ලබා මේ වන විට කඳුළු පිස දමා,

කොණ්ඩය බැඳ, දිව්‍ය සිනහවකින් ඇගේ ශෝකය වෙස්වලාගෙන හෝ වසාගෙන,

ශක්තිමත්ව සිටගෙන,

ඇගේ අනාගතය දෙසට ඇවිදීමට පටන් ගත් කාන්තාවක් ඔබ දුටුවහොත්, සිතන්න......

ඇයට තවමත් ජීවත්වීමේ බලාපොරොත්තුවක් ඉතිරිව ඇත...

ඇය තවමත් ආදරය පිළිබඳ සංකල්පය අතහැර දමා නැත......

ඇගේ අතීතයට පිහියෙන් ඇනීමෙන් වළකින්න...

ඇයට අනාගතයට මුහුණ දෙන්න එපා යයි නොකියන්න...

ඇයට තවත් අතවර නොකරන්න...

ඇයව තවත් අවභාවිතා නොකරන්න...

ඇයගේ ආදරය ඉත්තා කරගනිමින් තවත් ප්‍රයෝජන ගැනීමේ පාපතර අදහස ඉවත් කරගන්න...

ඇයට ඉඩ දී ඇය අසලින්  ඇවිදින්න...

ඇගේ දෑත් අල්ලාගෙන ටික වේලාවක් ඇවිදින්න...

ඇස් දිහා බලාගෙන මදක් සිටින්න...

ඔබ ඇගේ ලෝකයම වන්න...

එවිට එම ආත්මය කෙතරම් මිහිරිද සහ ඇගේ බලාපොරොත්තු කෙතරම් ශක්තිමත් දැයි ඔබ දැන ගනු ඇත....! 

සියල්ලන්ම ඇගේ සියලු ශක්තිය

උරාගත් පසුත්,

ඇය ඇයව රැගෙන යන ආකාරය ගැන ඔබ පුදුමයට පත් වනු ඇත...

ජය ❤❤ 

Jordan M Fernandes

1 comment:

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...