ලංකාවෙ විවාහ මංගල උත්සව, අවමංගල්‍ය උත්සව, කොටහලු උත්සව ආදිය ඒ මොහොතට අදාල සැබෑ හැඟීම් ප්‍රකාශ කරන අවස්ථා නොවේ. වෙන වෙන අරමුණු පෙරදැරි කරගෙන කරන විකාර වැඩය. පිරිත් පිංකම්, දාන මාන ආදියද එසේමය. ඒවායේ ප්‍රදර්ශනාමක අරමුණු ඇර වෙන කිසිදු ආධ්‍යාත්මික සංවර්ධනයට අදාල පරමාර්ථයක් නොමැත. දුක වන්නේ රජයේ කාර්යාල වලද මෙම වැඩසටහන් ක්‍රියාත්මක වීමය.
අප බොහෝ කාලයක් මේ විදිහට ව්‍යාජ , ප්‍රදර්ශනාත්මක, මමත්වය (egoව) ඔසවා තබන වැඩ කරමින් ඉඳලා මේ වන විට fake ජාතියක් බවට පත්ව තිබේ. දැන් ෆේක් පුරවැසැයන්, ෆේක දේශපාලකයන් , ෆේක් පූජකයන් , ෆේක් පොලිසිය අපට හුරුවෙලාය.
ඉඳලා හිටලා එහෙම ෆේක් නොවන වෙන රටවල ඉතා සාමාන්‍ය දෙයක් දුටුවිට ලංකාවේ අප පුදුම වී ෆොටෝ ගසා ප්‍රසිද්ධ කිරීමට පුරුදු වී සිටිමු.
ලංකාවේ පුදුම දේවල්...
පොලිස් කාරයෙක් කාට හෝ උදවු කිරීම. ( මුදල් පසුම්බියක් අයිති කාරයාට දීම වැනි.)
පූජකයෙක් බිම වාඩි වීම.
පූජකයෙක් වෙනත් ආගමක පූජකයෙකුට කුඩය ඇල්ලීම.
දේශපාලකයෙක් බස්එකක යාම.
හමුදාබටයෙක් දෙමළජාතිකයෙකුට උදවු කිරීම.
ගුරුවරයෙක් ළමයෙකුට වේවැලෙන් නොතලා සිටීම.
ආදියයි. මේවා සාමාන්‍ය මිනිස් හැසිරීම් වේ. මෙවැනි සාමාන්‍ය මිනිස් හැසිරීම් ඉතා දුර්ලභ රටක අපි ජීවත්වමු.
ෆේක් ජාතියකට හිමි වන්නේ ෆේක් අනාගයකි.
Jayantha Kahatapitiya