Thursday, December 2, 2021

අම්මල තාත්තල ආරක්‍ෂක පටි පැළඳගෙන ඒත් අර දරැවො ?

 

https://www.youtube.com/watch?v=uKLIdOoeOBk


https://www.youtube.com/watch?v=vKxWC7P0g4s

මගේ  "මෙවර ළමා දිනයේදී දරැවන්ගේ අනාගතය ගැන යථාර්ථවාදීව  නැවත සිතමු "පෝස්ටුවේ මම මෙහෙම ලිව්වා;

"දිගින් දිගටම ළමයින් අගතියට පත් වීමත්, එසේ අගතියට පත් වීම් දෙමව්පියන් ගේ වැරදි ආකල්ප සහ හැසිරීම් නිසා සිදු වීමත්, ඒ සඳහා  නෛතික හෝ සමාජයීය මට්ටමින් දරැවන්ට සාධාරණය ඉටු නොවීමත්, එබැවින් දෙමව්පියන් අතින් දිගින් දිගටම  සිදු වන ළමා හින්සනයත් කැපී පෙනේ. "

ඇයි ලන්කාවෙ දෙමව්පියො තමන්ගෙ ළමයින්ව මරි මෝඩ විදිහට අනතුරේ දාන්නේ? ඉහත ස්ක්‍රීන් ෂොට්ස් දෙක ගයාන්/චතුරිකා සහ රොෂාන්/රිද්මා යූටියුබයේ දාපු වීඩියෝ දෙකකින්. මේ වීඩියෝ වල අම්මල තාත්තල ආරක්‍ෂක පටි පැළඳගෙන අර දරැවො නිකම්ම ඉස්සරහ පැසෙන්ජර් සීට් එකේ ආරක්‍ෂක පටි පැළඳගෙන වාඩිවෙලා ඉන්න අම්මල ඔඩොක්කුවෙ වාඩි කරවගෙන. අනතුරකදී අර දරැවො අනිවා මැරෙනවා, නෝ චාන්ස්. ඇයි තමන් ආරක්‍ෂක පටි පැළඳ පටි පැළඳ ගනිද්දි ළමය ගේ ආරක්‍ෂාව නිකම්වත් ඔළුගෙඩියට එන්නැත්තේ. කළින් කියපු "මෙවර ළමා දිනයේදී දරැවන්ගේ අනාගතය ගැන යථාර්ථවාදීව  නැවත සිතමු "පෝස්ටුවේ මම මෙහෙමත් ලිව්වා;

"ලන්කාවෙ දෙමව්පියො මොනතරම් මතුපිටින් ළමයින්ට ආදරය කළත් ගැඹුරැ අර්ථයෙන් ළමයින්ට ආදරය නොකරති. පොඩ්ඩක් පැහැදිලි කලොත්, කසාද බඳින්න ඉන්න ගෑනු සහ පිරිමි දත කට මැදගෙන ළමයි හදන්නට බලාගෙන සිටියත් ඒ සඳහා සුදුසු සමාජ, ආර්ථික, ජීව විද්‍යාත්මය, මානසික, ශාරීරික අවශ්‍යතා අධ්‍යයනයක්වත් නොකරති. ඒවා හැකි පමණින් සපුරා ගැනීමට උත්සහයක් වත් නොගනිති."

 චයිල්ඩ් කාර් සීට් එකක් ගනිල්ලකො යකුනේ. වෙන රටවල හැම ඕපදූපයක්ම දන්නවා වෙන රටවල ෆැෂන් දන්නවා නමුත් ඒ රටවල ළමයින්ව හදන හැටි බේසික් ස්කිල්ස්වත් අදාළ නෑ. මම කියන්නෙ මේක මේ දෙන්න විතරක් නෙමේ සීයට අනූවක් දෙමව්පියො කරන දෙයක්. ළමය හුරතල් කරන එක ගෙදරදි කර ගන්න. පාරෙ යද්දි ආරක්‍ෂාව තමයි අoක එක. 

ප. ලි. මේ ජෝඩු දෙකම දැම්මෙ මම එක ජෝඩුවකට කඩේ යනවය යන මෝඩ අදහසින් රෙද්ද උස්සගෙන එන මෝඩ බයියන්ගෙ කාලය ඉතුරැ කිරීමටයි

1 comment:

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...