Sunday, November 21, 2021

පැරණි සින්හල ගීත රසිකයන්ට Chiran Windsorගේ යූටියුබ් එක රන් ආකරයක්

 අහම්බෙන් දැක්ක ඉහළ ගුණාත්මක බවකින් යුතු මේ අඩවියෙන් ලස්සන පැරණි ගීත මුල් සන්ගීතය සමඟ ගොඩක් වෙලාවට ඔරිජිනල් රෙකෝඩින් එක ගන්න පුළුවන්. ඒවගේම තනුව කාගෙද පද රචනය කාගෙද ගායනය කාගෙද කියල වගේම ගීතයේ සම්පූර්ණ පද රචනය දීල තිබෙන එක හරිම වටිනවා. බලන්න මේ ගීත ඔබට මතකද කියලා..


1. ගගන තලේ විමන් අරා - සමන් වැලක සුවඳ පෙරා


YouTube link: https://www.youtube.com/watch?v=fBow9bLd9Tk 


Windsor said in the Description:: මෙම ගීතය අන්ත්රජාලාගත කළ ගීත සංරක්ෂක ප්‍රභාත් රාජසූරියට සම්පූර්ණ ගෞරවය හිමිවේ. මා කරනුයේ පහසුවෙන් අන්තරජාල හෝ යූටියුබ් සෙවිල්ලකින් සොයාගත හැකි වන පරිදි යූටියුබ් ගත කිරීම පමණි. මෙම ගීත ගැන එෛතිසාසික තොරතුරු දැනගැනීම සඳහා ප්‍රභාත් රාජසූරියගේ "එදා ඇසුණු ගී" මුහුනුපොත් සමූහයට පිවිසෙන්න https://www.facebook.com/groups/96922...



ගගන තලේ විමන් අරා - සමන් වැලක සුවඳ පෙරා

ඔබ හද මල් පිපෙන තුරා - ඔබට වාසනා


දෑස කඳුළු දිය උතුරා - දෝතක මල් මුතු වරුසා

හදක විමන් පිරෙන තුරා - ඔබට වාසනා


ගගන තලේ විමන් අරා - සමන් වැලක සුවඳ පෙරා


කුංකුම අංජන තවරා - ආදරයෙන් බැලුම් හෙළා //

මා සමගින් පැතුම් පිරූ - ඔබට වාසනා


ගගන තලේ විමන් අරා - සමන් වැලක සුවඳ පෙරා

ඔබ හද මල් පිපෙන තුරා - ඔබට වාසනා

ගගන තලේ විමන් අරා - සමන් වැලක සුවඳ පෙරා


සඳ එළියක සිහිල පතා - හිරු ගිණිදැල් දවන තුරා //

වේදනාව මට හිමිමුත් - ඔබට වාසනා


ගගන තලේ විමන් අරා - සමන් වැලක සුවඳ පෙරා

ඔබ හද මල් පිපෙන තුරා - ඔබට වාසනා


දෑස කඳුළු දිය උතුරා - දෝතක මල් මුතු වරුසා

හදක විමන් පිරෙන තුරා - ඔබට වාසනා


ගගන තලේ විමන් අරා - සමන් වැලක සුවඳ පෙරා


පද රචනය: ජයන්ති කස්තුරිආරච්චි

තනුව සහ සංගීතය: ‍ෂෙල්ටන් ප්‍රේමරත්න

ගායනය: චන්ද්‍රානි ගුණවර්ධන


2. උණ පඳුරක මල් පිපිලා - ඔබේ පෙමත් ඒ වාගෙයි


Link: https://www.youtube.com/watch?v=6WFmUgIVUMI


Description: 

උණ පඳුරක මල් පිපිලා - ඔබේ පෙමත් ඒ වාගෙයි

මලක් පිපී පෙති ‍හැලිලා - ඔබේ පෙමත් ඒ වාගෙයි

උණ පඳුරක මල් පිපිලා - ඔබේ පෙමත් ඒ වාගෙයි


ඇරඹුම අවසන කොතැනද - නොදැනයි මඳ නල දිව යන්නේ //

කොතැනක විසිරී යනවද - නොදැනයි මේකුළු පාවෙන්නේ //


උණ පඳුරක මල් පිපිලා - ඔබේ පෙමත් ඒ වාගෙයි


යා යුතු වෙනතක් නැතිව ද - රළ පෙළ වෙරළට දිව එන්නේ //

බැහැ කියන්න බැරි හින්දද - මා හා ඔබ හිනැහී යන්නේ //


උණ පඳුරක මල් පිපිලා...


පද රචනය: කේ. ඩී. කේ. ධර්මවර්ධන

තනුව, සංගීතය සහ ගායනය : විජේසිරිවර්ධන පොලොන්නෝවිට


3. උඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ


Link: https://www.youtube.com/watch?v=CCQT8LBTBaU


Description:

උඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ

කඳුරට තිලකේ මනහර උඩරට මැණිකේ

ඔසරි මාල වළලු කූරු හවඩි ඔබට හරි හැඩයි //…. //


සුනිල් ජලේ රණ හංසිය වාගේ

ලළිත ගමන සිත නලවයි මගේ //

සුභ ගමන් යන්න සැන්දෑවට නුවර වැව වටේ

මිණි පහන ඔබයි කන්ද උඩරටේ //


උඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ…


තෙල් මල් ගෙන දළදා මන්දීරේ

වඳින්න යයි පියගැටපෙල පාරේ //

හිනැහිලා බලන එක බැල්මට වැවේ මල් පිපේ

මනමාලි ඔබයි කඳුකරේ අපේ //


උඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ…


නුවර ඇසළ පෙරහැර ඇති කාලේ

මුලු රටම දකී ඔබෙ කෝමල තාලේ //

මට මලක් වෙන්න හිතයි ප්‍රියේ ඔබේ පෙම් විලේ

රූ රැජින තමයි මැණික සිංහලේ //


4. ආලවන්ත බාල මස්සිනා මමයි නගේ 


Link: https://www.youtube.com/watch?v=em0-t-scCIU


මෙම ගීතය අන්ත්රජාලාගත කළ ගීත සංරක්ෂක ප්‍රභාත් රාජසූරියට සම්පූර්ණ ගෞරවය හිමිවේ. මා කරනුයේ පහසුවෙන් අන්තරජාල හෝ යූටියුබ් සෙවිල්ලකින් සොයාගත හැකි වන පරිදි යූටියුබ් ගත කිරීම පමණි. මෙම ගීත ගැන එෛතිසාසික තොරතුරු දැනගැනීම සඳහා ප්‍රභාත් රාජසූරියගේ "එදා ඇසුණු ගී" මුහුනුපොත් සමූහයට පිවිසෙන්න https://www.facebook.com/groups/96922...


ආලවන්ත බාල මස්සිනා මමයි නගේ 

මාල වළලු අරන් ආමි ඔබට හරි අගේ 

ඈත රටක ගියාට පෙර දිනක පිය කතේ

කෝඩුකාර පෙම තාමත් එදා මෙන් තිබේ


ගමේ ඉන්න දවස්වලදි  සුරතෙහි එතිලා

නියර දිගේ පෙම් සක්මන් හීනෙන් දැකලා 

නෑනේ ඔබෙ ගැන මතකය මතකෙට නැගිලා

මූණ බලන්නට ආවෙමි මම නැව් නැගලා...//


ආලවන්ත බාල මස්සිනා...


රතු නෙළුමක පියවිලි වැනි සුලලිත දෙතොලේ

හීන් හිනාවෙන් දහසක් වර හිත පැටලේ

නෑනේ රන් කරල් කපන දා ගම්මානේ

තෝඩු මාල මුදු පළඳමි මංගල නැකතේ...//


ආලවන්ත බාල මස්සිනා...


5. කුඹුකෙ ළිඳේ සීතල හෙවණේ වෙල් එළියේ ඕවිටේ


Link: https://www.youtube.com/watch?v=NM-wqy-B0mI


කුඹුකෙ ළිඳේ සීතල හෙවණේ වෙල් එළියේ ඕවිටේ

කීන වෙරළු බෝවිටි මාදං පේර හිඹුටු බෝ පිරී

ලන්ද දිගේ බඩවැටි හෙවණේ හේන කොනේ පැල්කොටේ

ගෙවුණු අතීතය සිහිවෙනවා අපේ පුංචි සංදියේ


මාල හතක් කරවට බන්දා - සේල හතක අන්දලා 

පෝරු හතක් මතුවෙහි රන්දා - රබන් සුරල් නංවලා... //

මගේ පැලට පුන් සඳ විලසේ - එළිය දෙන්න පායලා 

නැකත් බලා කැන්දන් එන්නම් - ඉන්න එතෙක් ඉවසලා 


කුඹුකෙ ළිඳේ සීතල හෙවනේ...


එපා රුවන් කහවණු පියලී - එපා විසල් මාළිගා

ළඳක් වන්න පති දම් රකිනා - මගේ පුංචි පැල්පතේ...//

දොළොස් මහේ දැල්වී දිළෙනා - මැණික් පහන සේ මෙදා 

ළඟින් ඉන්න ඔබ මා සනසා - සදා කල්ම නන්දා


කුඹුකෙ ළිඳේ සීතල හෙවනේ...

ගෙවුණු අතීතය සිහිවෙනවා අපේ පුංචි සංදියේ //


පද රචනය: ගුණසේන කඩිගමුව 

තනුව සහ සංගීතය: නිමල් ගුණසේකර

ගායනය: රන්ජන් ජයතිලක


පද රචනය:?

තනුව සහ සංගීතය:?

ගායනය: මොරිස් දහනායක


උඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ…


පද රචනය: කරැණාරත්න අබේසේකර යොමුව : 70 ලoකාරේ වැඩසටහන - චරණ රූපවාහිනී 

තනුව: පැට්‍රික් දෙණිපිටිය (1958 දී පැට්‍රික් මුල් වරට නිර්මාණය කළ ගීත ත්‍රිත්වයෙන් එකකි)

ගායනය: සී. ඩි. ෆොන්සේකා, ආර්. එස්. මෙන්ඩිස්, රසිනා යකීම් සහ ඇනජලීන් ගුණතිලක

1 comment:

  1. ඔබගේ බ්ලොගය මේ වන විට අපගේ සිඩියට එක් කරගෙන ඇති බව සතුටින් දැනුම් දෙන්නෙමු! අපගේ සින්ඩිය පිළිබඳ ඔබගේ ප්‍රචාරය අපට ඉමහත් ශක්තියකි!

    ReplyDelete

ලන්කාවේ මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ පූටින්

 87.34% ක් ලබා ගනිමින් ව්ලැඩිමීර් පුටින් පස්වනවරටත් රුසියානු ජනපති පුටුව ගන්න සූදානමින්  මැයින් පසුගියදා ගොසිප් ලන්කාහි පළ වූ පුවතට දැනට ලැබ...