Wednesday, July 28, 2021

ප්‍රාථමික වලි විශ්ලේෂණය - Part 1

 සමහර ප්‍රාථමික ප්‍රශ්න වලට ලoකාව තුළ එකම උත්තරය හැමදාම එකතැන පල්වෙමින් පවතින පරම්පරාගත වෛරීය වළි මිසක ඒවා දශමයක්වත් විශ්ලේෂණය කරල අර මූළික ප්‍රශ්නයෙන් අඩියක්වත්  ඉස්සරහට  යෑම නොවේ. හැමදාම අර නරාවලේම එකතැන පල්වෙමින් රණ්ඩු වෙවී හිඳීම එහි ප්‍රතිපලයයි. 

උදාහරණයක් ගත්තොත් "දොස්තරල බදු ගෙවන දුප්පත් මහජනතාවගෙ මුදලින් ඉගෙනගෙන ස්ට්‍රයික් කිරීම/රට හැර යාම/ප්‍රයිවට් ප්‍රැක්ටිස් කිරීම වැරදියි" කියන මතය අපේ අම්මලත් කිව්ව, අපේ සමකාලීනයොත් කියනව, අපේ ඊළඟ පරම්පරාවත් කියාවි. කිසිම යාවත්කාළීන වීමක් නැහැ. දොස්තරල විතරක් නෙමේනෙ මහජනතාවගෙ මුදලින් ඉගෙනගන්නෙ, අපි හැමෝම ඉගෙන ගත්තෙ මහජනතාවගෙ මුදලින්. දොස්තරලගෙ දෙමව්පියොත් බදු ගෙවන මහජනතාවට අයත්නෙ. බදු ගෙවන දුප්පත් මහජනතාවගෙ මුදලින් ඉගෙනගෙන (ඇත්තටම හුඟදෙනෙක් ඉගෙන නොගෙන ඒ මුදල් නාස්තිකරල) දේශපාලකයො වගේ අළුගුත්තේරැවො උනාට දොස් කියන්නැත්තෙ ඇයි? මෙන්න මේවගේ අපේ ආච්චිල සීයල අම්ම තාත්ත ගෙ අදහස් දශමයක්වත් විශ්ලේෂණය කරල අර මූළික ප්‍රශ්නයෙන් අඩියක්වත්  ඉස්සරහට ගිහින් "දොස්තරල බදු ගෙවන දුප්පත් මහජනතාවගෙ මුදලින් ඉගෙනගෙන ස්ට්‍රයික් කිරීම/රට හැර යාම/ප්‍රයිවට් ප්‍රැක්ටිස් කිරීම වැරදියි" කියන මතය යාවත්කාළීන කරල එක්කො  "බදු ගෙවන දුප්පත් මහජනතාවගෙ මුදලින් ඉගෙනගෙන බදු ගෙවන දුප්පත් මහජනතාවට කෙළින සියලුම නිළධාරීන් වැරදිය", නැත්නම්  "බදු ගෙවන දුප්පත් මහජනතාවගෙ මුදලින් ඉගෙන නොගෙන බදු ගෙවන දුප්පත් මහජනතාවට බරක් වූ  දේශපාලුවන් ආදී කළකන්නින් වැරදිය", වගේ මතයක් දක්වා වත් මේ වෙනකොට ඒ පරණ මතය නිවැරදි ලෙස ඉදිරියට යා යුතුව තිබුනා. නමුත් අප තවමත් දෙපිළ බෙදී හද්ද පරණ ගෝත්‍රික මුල් මතයට තාම වළි. අපේ රට අදහස් අතින් එකතැන පල් වෙන බව කියන්නට මීට අමතරව නිතරම වළි යන පහත  මතද බලන්න; පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරැද්ධ වීම,  රජෙක් ඕනෑ යැයි සිතීම, වෙජිටේරියන් සහ මීට් ඊටර්ස්ලගේ වලිය, විද්වතුන් රට හැර යාම  දේශද්‍රෝහී කමකි, දොස්තරට පොඩ්ඩ ඇත්නම් බදු ගෙවන දුප්පත් මහජනතාවගෙ මුදලින් ඉගෙනගත්තු හැටි මතක් කර කර ගේම ඉල්ලන ගමන් තමන්ට මහ පරිමාණයෙන් අරින දේශපාලකයාට වැඳ වැඳ ඡන්දය දීම ආදිය පරම්පරාගතව පැවත එන එබඳු ගෝත්‍රික මත වේ.


අපට මූළික ගෝත්‍රික මතයෙන් අඩියක්වත් මතවාදීව ඉස්සරහට යන්නට බැරි වුනේ ඇයිද යන්න සොයා බැලීමත් හරිම වැදගත්. මට තේරෙන ආකාරයට ඒකට හේතු මෙන්න මේවායි;

1. අධික ඊර්‍ෂ්‍යාව හා කුහකකම. 

ලෝකයේ අනිත් බොහෝ ජාතීන්ට වඩා තරඟකාරී අධික ඊර්‍ෂ්‍යාපරවශ හා කුහක ජාතියක් ලoකාවෙ ඉන්නෙ. මගේ අත්දැකීමෙන් කියන්නෙ, වෙන රටවලත් අණ්ඩපාලයො හිටියට ලoකාවෙ අණ්ඩපාලයො ප්‍රතිශතය ඉතා ඉහළයි සහ උන්ගෙ වැඩ වල දරැණුකම ඉතා ඉහළයි. මේකට හේතුව දරැවන්ට මුල් ළමා වියේ සාර ධර්ම වෙනුවට විශය කරැණු මොළයට දැමීමත් අධ්‍යාපනයට තිබෙන කැත තරඟයත් වෙන්න ඇති. දොස්තරලට අර කළින් කියපු විදියට බනිණ අය තුළ බොහෝ විට තිබෙන ඇත්ත හේතුව අධ්‍යාපනයට තිබෙන කැත තරඟය නිසා ඇති වූූ අධික ඊර්‍ෂ්‍යාව හා කුහකකමයි. ඒක වෙනස් කර ගන්නෙ එක්කො තමුන්ගෙ ළමය මෙඩිකල් කොලේජ් සිලෙක්ට් උනොත් නැත්නම් තමුන්ගෙ ළමයට ඩොකෙක් කසාදෙට සෙට් උනොත් විතරයි.

2. බුද්ධාගම 

සමාවෙන්න බෞද්ධයිනි ඔබව ට්‍රිගර් කිරීම මගේ අරමුණ නොවේ. නමුත් මම ආශ්‍රය කරපු හොඳ දේවවාදී ආගමිකයන්ගේ (හින්දු, ක්‍රිස්තියානි, යුදෙව්, මුස්ළිම් ආදී) දැකපු ප්‍රධානම ලක්‍ෂණයක් නම් නිහතමානී කමයි. දියුණු වෙන්න වෙන්න, උගත් වෙන්න වෙන්න නිහතමානී කම වැඩියි. ඒකට ලoකාවෙ බෞද්ධයො, පට්ටම උද්දච්චයි, අන්තිම ආඩම්බරයි, දියුණු වෙන්න වෙන්න, උගත් වෙන්න වෙන්න උද්දච්චකම වැඩියි. මේකට හේතුව  මට හිතෙන හැටියට,දේවවාදී ආගම් අදහන මිනිස්සු තමන්ගෙ ඇචීව්මන්ට්වල ක්‍රෙඩිට් එක දෙන්නේ දෙවියනට. ඒකරල තමන්ට එසේ ආශිර්වාද කලාට ස්තූතිවන්ත වෙනවා. කුමන හෝ ආහාරයක් අනුභවයට පෙර තුති පුදනවා. මේ පුරැද්ද නිසා ඒ මිනිස්සු නොදැනුවත්වම නිහතමානී වෙනවා. මොකද ඇති එකා නිහතමානීව  නැති එකාට උදව් කරන අතර නැති එකා ඇති එකාව දකින්නේ දෙවියන්ගේ ආශිර්වාදය  නිසා ඉහළ ගිය එකෙක් ලෙසයි. එවිට ඌට ඊර්ශ්‍යා කිරීම වෙනුවට තව තවත්  දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට කැප වීම අරමුණු වේ. නමුත් බෞද්ධයන් තමන්ගෙ ඇචීව්මන්ට්වල ක්‍රෙඩිට් එක දෙන්නේ තමන්ටමයි සහ තමන්ට ලද දේට කෘතඥ නොවී නොලැබුනු දේට දුක් වෙවී අඩපාළි කියමින් ඉන්නයි වඩා නැඹුරැ. 

නොබල් තෑග්ග ගත්ත හෝ ඒ හා සමාන මහාචාර්‍යවරැ සමඟ කතාබහ කරද්දී ඒ මිනිස්සු බහුතරය පට්ටම නිහතමානී බව මම අත්දැකල තියෙනව වගේම ලෝකල් පීඑච්ඩී එකක් ගොඩදාගෙන  ලoකාවෙ මහාචාර්‍යවරැ වෙලා  ඉන්න එක හරිහමන් පර්‍යේෂණ පත්‍රිකාවක් නැති පට්ට උද්දච්ච ඇඟපුරාම බෞද්ධ පොරවල් එක්කත් වැඩ කරපු මම දන්නව මේක හොඳින්ම. ඉලන්චේලියන් විනිසුරැ තුමා ගේ නිහතමානී බව තවත් උදාහරණයක්.  

ඇඟපුරාම බෞද්ධ, මහරගම පිළිකා රෝහලේ පරිපාලක ලෙස කටයුතු කළ,අභාවප්‍රාප්ත, දොස්තර වසන්ත සේනානායක ගේ ඇදහිය නොහැකි තරම් පහත් භාෂාව බලන්න;

https://www.colomboxnews.com/2019/12/12/%E0%B6%B8%E0%B7%84%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8-%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F-%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A-%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D/


බොහොමයක් බෞද්ධයින් තම ඊගෝව යන්තම් පළුදු වෙච්ච ගමන් මෙසේ  එලෝ මෙලෝ සිහියක් නැතුව පරළ වෙන හැටි මම හරියට දැකල තියෙනව. 


ඊලඟට,

3. යමක් විශ්ලේෂණය කිරීමට උනන්දුවක් නැති තමන්ගේ ගෝත්‍රික මතයේම තරයේ එල්බ සිටීමේ නැඹුරැව 

4. අන්තයන් වලට යාම 

5. වහල් මානසිකත්වය 

ගැන පසුව ලියන්නම්.

No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...