සුනාමි ඛේදවාචකයට ලoකාව මුහුණ දීමට පෙර දවසකට වතාවක්වත් මුහුණු පොතේ සහ අතන මෙතන අහපු දැකපු කතාවක් නම් අපගේ අති රමණීය blessed රට ගිනි කඳු, භූමි කම්පා ආදී කිසිම ස්වභාවික විපතකට ලක් නොවේ, ඒ පින් මහිමයෙන්, දේව බැල්මෙන්, සුවිශේෂී පිහිටීම, බුදුන් වැඩිය නිසා අරක නිසා මේක නිසා etc., අනේ අපි මොනතරම් වාසනාවන්තද මේ වාසනාවන්ත රටේ ඉපදෙන්නට කියායි. විශේෂයෙන්ම වෙනත් රටක් ස්වභාවික ආපදාවකට පත් වූ විට මෙවැනි පෝස්ටු මහා පරිමාණයෙන් share කර ගනිමින් සහ ඕකුන්ට හොඳ වැඩේ යැයි යටි හිතින් සිතමින් කුහක කාළකන්නි සතුටක්ද ලැබූහ. අහෝ ඛේදයකි, කිසිම රටක පිහිටීම ideal නැති බව පසක් කොට දෙමින් ස්වභාවධර්මයා ඇති කල සුනාමියෙන් වාර්තාගත විනාශයක් ලoකාවට සිදු විය. එවිට අනිත් රටවල මිනිස්සු ලoකාවේ නොඉපදී ඒ රටවල ඉපදිච්ච එක මොනතරම් හොඳද කියමින් පෝස්ටු දැමුවේ නැත, පුළුවන් හැටියට ආධාරද කලේය (අපේ අයියලා ඒ ආධාර යටිමඩි ගසා ගත් එක වෙනම කතාවකි). ඉන් පසු එවැනි පෝස්ටු හුවමාරැ වීම වාර්තාගත ලෙස පහල ගියේය. මෙම කරැණ සඳහන් කලේ ideal සහ real තත්ව දෙක ලාoකිකයන් විසින් පවලවාගත් සහ එසේ පටලවාගෙන විශාල විපතකට කිසිම පෙර සූදානමක් නැතිව මුහුණදුන් ආකාරය සඳහන් කිරීමටය.
Remarks: ලoකාවට අමුතු මෙව්වා එකක් නිසා මුකුත් නොවේ යන ෆැන්ටසියෙන් මිදී දැන් ලඟ පාත භූ කම්පනයක් සිද්ද උන ගමන් සුනාමි අවදානම සොයා බලති. ඕක එදත් කලා නම් විපතේ ප්‍රමාණය සෑහෙන්න දුරට අඩු කර ගත හැකිව තිබුනි. කමක් නෑ වැරදීම් වලින් ඉගෙන ගැනීමත් හොඳ ඉගෙන ගැනීමේ ක්‍රම වේදයක්.
හැබැයි ඒ පාඩම ඉගන ගත්ත පාටක් නැහැ වගේ. දැන් කොරෝනා වසoගතය ලෝකය පුරා පැතිර යමින් පවතී. මේ ලෝකෙන් උතුම් රට මෝඩ ආතල් එක නැවතත් දරැණුවට හිස ඔසවා ඇත. දියුණු රටකට වඩා ලoකාවට කොරෝනා වසගතයෙන් අති විශාල විපතක් විය හැකියි. ඒ ඇයි?
1) Infra structure එක චාටර් වීම: දොස්තරලටත් PPE නෑ කියන එකෙන්ම ඒක තේරෙනවනෙ. කොරෝන හැදුනම හොඳ කරන්න critical ලෙඩාව බොහෝ විට ICU දාන්න වෙනවා. Critical තත්වයේ රෝගීන් බේර ගන්න සෑහෙන පහසුකම් ඕනෙ. ලoකාවේ රෝහල්වල එතරම් විශාල රෝගී මිනිස්සු ප්‍රමාණයකට එතරම් පහසුකම් තියෙනවද?
2) Immune compromised people: කොරෝන දරැණුවටම හැදෙන්නෙ ප්‍රතිශක්තිය දුර්වල අයට සහ ඇතැම් නිදන්ගත රෝග (දියවැඩියාව, ප්‍රෙෂර්, හාට් ආදී) ඇති අයට. ප්‍රතිශක්තිය දුර්වල වීමට සමබල ආහාර නොලැබීම, වස විස ආහාර (කෘමි නාශක, ආහාර බාල කරන නොයෙකුත් දේ) ආදිය බලපානව.ඇයි මත්පැන් මත් ද්‍රව්‍ය සහ දුම් පානය ප්‍රතිශක්තිය දුර්වල කරනව. ඉතින් ලoකාවෙ මිනිස්සුන්ට අවදානම වැඩියි.
3) Social distancing not possible: රටේ බහුතරයක් ගමන් බිමන් යන්නෙ පොදු ප්‍රවාහන සේවා වල (ඇමරිකාවෙ ගෙදරක එකාට එක ගානෙ වාහන තියෙද්දි), දියුණු රටවල වගේ අධ්‍යාපන ආයතන පන්ති කාමරවල උගන්නන එක නවත්වල online උගන්නන්න පහසුකම් නෑ, අධික ජනගහන ඝනත්වය, පොදු දුරකථන ආදිය බහුලව පාවිච්චි කරන නිසා වෛරසය පැතිරීමේ අවධානම වැඩී.
4) කිසි දෙයක් නිශ්පාදනය කරන්නැති චීනයෙන් ඉන්දියාවෙන් ගෙන්නන නිසා බෙහෙත් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම අභියෝගයක්. දැන් දුවගෙන ගිහින් කඩ හිස් කරන්න එපා මොකද ඔබේ අසල්වැසියා රෝගී උනොත් ඔබටත් හැදීමේ සම්භාවිතාව වැඩී.
6) ලoකාවේ මිනිස්සු සෑහෙන පිරිසක් පට්ට දුෂ්ඨයි පට්ට මෝඩයි. කොරෝන වලින් වාසි ගන්න හදන තරම් පහත්.