Sunday, December 21, 2025
Saturday, December 20, 2025
පුරුෂාදිපත්‍යයට කඩේගොස් කෙළවුනාම අඬන Pick Me AKA Male Centered ගෑණු
තමන්ගෙ මනුස්සයගෙ වැරදි නිසා සමාජමාධ්‍ය වල දුක කියමින් අඬන ගෑණුම තමා ගෑණු ඔය වලේ වැටෙන එක අපි ගැන කතාකරනකොට ඉස්සරලම රෙද්ද උස්සගෙන ආපු පික්මී උට්ටියො ඒකාලේ.
ගෑණියෙක් පිරිමියෙකුට සෙට් වෙන්නෙ උන්ගෙ ආත්ම ගෞරවයේ සහ පරිණතියේ ප්‍රමාණය මත.
ආත්ම ගෞරවය සහ පරිණතිය සහිත ගෑණු තනිකඩව හිටියත් ගේම්කාරයන්ට සෙට් වෙන්නෙ නැහැ වගේම ආත්ම ගෞරවය සහ පරිණතිය සහිත පිරිමි ගේම් ගහල ගෑණු දඩයම් කරන්නෙත් නැහැ.
දේශානි හිතුවෙ පුරුෂාදිපත්‍යයට කඩේගිය නිසා තමන්ට කෙළඋන වෙලේ පිරිමිත් කෙළෙහිගුණ සලකන්ට සප් කරයි කියල. පව්. උඹල පරිණාමයෙන් වසර 100 කටවත් එහා ඉන්නෙ.
Friday, December 19, 2025
ගැහැණියකගේ ජීවිතයේ ගුණාත්මකභාවය කොපමණද?
අපි තිත්ත ඇත්ත කතාකරමු.
කාන්තාවක් අවු. 25 සිට 75 දක්වා කරන ඇතැම් වැඩ වලට ගතවන කාලය කොපමණද යන්න ගණනය කරමු.
වැඩිහිටි කාලය ලෙස වසර 25 සිට පැය අටක් නින්ද ලබාගැනීමට වැය කලොත් අවු. 25 සිට 75 දක්වා නිදාගැනීමට පමණක් වසර 16.667ක් වැයවේ. එනම් වැඩිහිටි වසර පනහෙන් අවදියෙන් සිටින්නේ වසර 33ක් පමණිි. නමුත් බොහෝ කාන්තාවන්ට පැය අටක නින්ද යනු සිහිනයකි. යම් කාන්තාවකට ලැබෙන්නේ පැය පහක නින්දක් නම් ඔබට වසර 6.25ක නින්ද අහිමිව ඇත. එහි ප්‍රතිපලයක් ලෙස අකලට දිරා, ඔබේ ඇඟේ ටයර් බැස අවලස්සන වී, ඔබට බෝනොවන ශාරීරික රෝගද, මානසික ආතතියද ඇතිවීමට හේතුවක් වී ඇත.
කාන්තාවක් අවු. 25 සිට 75 දක්වා
1. වළං හේදීමට දවසකට පැයක් යයි නම් ජීවිතකාලය වන වසර 75න් වසර 2.0833 කාලයක් වළංම හෝදා ඇත. (1*365 *50/24)/365
2. කෑම පිසීමට දවසකට පැය දෙකක් යයි නම් ජීවිතකාලය වන වසර 75න් වසර 4.16 කාලයක් තනිකරම බත් තම්බා ඇත.
3. එක එකාගේ බලපෑම් නිසා වැඩට සාරි ඇඳීමට/මැදීමට/හේදීමට දවසකට පැයක් යයි නම් ජීවිතකාලය වන වසර 75න් වසර 2.0833 කාලයක් තනිකරම රෙද්දකට දියවී ඇත.
මේ ආකාරයට ඔබේ ජීවිතයේ වසර ගනන් ගතව ඇත්තේ ගේ අතුගෑමට, රෙදි හේදීමට, අස් කිරීමට ආදී මෙලෝරහක් නැති, දෙලොවටම වැඩක් නැති පක්කිළිකම් සඳහාය.
ඉහත මෙලෝරහක් නැති වැඩ තුනට පමණක් ඇහැරගෙන හිටපු වසර 33න් වසර අටක්ම, එනම්, 24.242% වැයවී ඇත. එය ඇහැරගෙන හිටපු වසර 33න් හතරෙන් පංගුවකි.
මේ ආකාරයට ඔබේ ජීවිතයේ වසර ගනන් ගතව ඇත්තේ ගේ අතුගෑමට, රෙදි හේදීමට, අස් කිරීමට ආදී මෙලෝරහක් නැති, දෙලොවටම වැඩක් නැති පක්කිළිකම් සඳහාය. මේවා කලා කියා ඔබට ගෙවන්නේවත් ඔබව ගනන්ගන්නේවත්,බොරැවට ඔබව මුරැංගඅත්තේ තබා වැඩකරගන්නවා හැර ඔබට අගයක් ලැබෙන්නේවත්, ඔබ වයසට ගියාම එළියට දමන්නේ නැතිය හෝ බලාගන්නවායැයි සහතිකය්ක් ලැබෙන්නේවත් නැත. සැමියා ඔබට පක්ශපාතීව ඉඳීයැයි සහතිකය්ක් ලැබෙන්නේද නැත. ළමයි ඔබව අතනොහරී කියාසහතිකය්ක් ලැබෙන්නේද නැත. ඔබට ලොකු අසනීපයක් හැදුනොත් අතහරින්නැතිය කියා සහතිකය්ක් ලැබෙන්නේද නැත. මේවා අඩුනැතිව කරපු අම්මලා ඕනෑතරම් මහමගට වැටේ, ගෙවල්වල හින්සනයට ලක්වේ.
මම වළං හෝදන්නේ නැත. ඩිෂ්වොෂර් එක තිබේ. ඊට වැයවන විදුලි ඒකක ගණනට මුදල් ගෙවීමට මට මුදල්ද ඇත. මම වොෂර් ඩ්‍රයර් වල රෙදි හෝදන නිසා රෙදි සේදීමට හෝ අයන් කිරීමට දුක්විඳින්නේ නැත. ඊට වැයවන විදුලි ඒකක ගණනට මුදල් ගෙවීමට මට මුදල්ද ඇත. මට ඉතාම නවීන මුළුතැන්ගෙයක්ද, උයන්නට අස්පස් කරන්නට නොපැකිලෙන නිවසේ සාමාජිකයන්ද, ගෑණු උයන්නේ පවුළට ඇති ආදරය නිසා මිසක ඒක ඔවුන්ගේ වැඩක් නොවනබව දන්නා සහකරැවෙක්ද සිටියි.ලංකාවේ දුප්පත් පවුලක ඉපදුන මට ඒ හපන්කම කරන්නට හැකිඋනේ අනුන්ගෙ පානෙන් එළිය නොබලා, ඉතා වෙහෙස මහන්සි වී මගේ දෛවය මම විසින්ම වෙනස් කරගත් නිසාය.හදවතෙන් නොව මොළයෙන් තීරණගත් නිසාය.
ඇතැම්විට මම උයද්දී මම පෙරදිනක ඇසූ දාර්ශනික ප්‍රශ්නයකට උත්තරයක් ලෙස ඩොකියුමෙන්ටරියක් හොයාගත් මගේ සහකරැ, "ක්‍රිෂා, උයනවට වඩා මේක ඔයා ඉගෙනගන්න එක වැදගත්. මේ ඩොකියුමෙන්ටරිය බලන්න. අද කඩෙන් ඕඩර් කරමු" යැයි පවසන්නේ එබැවිනි (සහකරැවන් කාරියන් අනෙකාව ඉන්න තැනින් හැමඅතින්ම එසවියයුතුය. එහෙම නැතිව කන්දෙගෙදර බාලමහත්තය වගේ සද්දනැතිව තමන් ගේ ජීවිතය මෙලොව පරලොව සුගතිගාමී වීම සඳහා ලොකුහාමිනේ වැනි ඉතා ප්‍රාථමික ගෑණියක් ඒගෑනිව ඒ මට්ටමේම තබමින් මෙවළමක් ලෙස පාවිච්චි නොකලයුතුය.මගේ සහකරැවාට මං ලවා තම කෑම එක හදවාගැනීමට වඩා මගේ ආකල්ප ඉහල නැංවීම වැදගත් වන්නේ එබැවිනි.). ඔහු හැදීවැඩී ඇත්තේ පුරැෂමූළික සමාජයක නොවේ. ඔහුගේ පියා ඇතුළු පවුලේ පිරිමි තම බිරිඳ බෙදූ කෑම ඉතිරි කලොත් සමාව ඉල්ලති (සොරි ක්‍රිෂා, අද මගේ බඩ ටිකක් පිරිල වැඩී ආදීලෙස).ඊට මුලදී මම පුදුම විය. මන්ද ඇතැම්විට "වරද"ද මගේය. ඊට හේතිව මම ඇසූවිට ඔවුන් පැවසූයේ ගැහැණියක් තම පවුල වෙනුවෙන් ආහාර පිසීම ඉතා උතුම් වැඩක් නිසා (කෑම වල අත්වැරදි ඇති අවස්ථාවක වුවද) ඊට ගෞරව කරන බවය. කෑමට ලුණු ටිකක් මදිවූ දිනක පිඟාන පොළවේ ගසන පුරැෂමූළික සමාජයකින් ආ මට එය මැජික් විය.මම සාරි අඳින්නේ නැත. මේ හේතු නිසා මගේ ජීවිතකාලයේ හතරෙන් පංගුවක් මට මං කැමති වැඩවලට, නිදහසේ ඉන්න, නිදාගන්න ඉතිරි වී ඇත. ප්‍රතිපලය නම් ලංකාවේ ග්ලෝරිෆයිඩ් බෑඞ් මේඩ් සමකාළීන ගැහැණුන්ට ඇති අධික මහත, රෝග, මානසික පීඩන, අකලට වයසට යාම නැතිකමය.
ඔබේ ජීවිතය ගතවියයුත්තේ ඔබ කැමති, ඔබට අභිමානයක් ගෙනදෙන, ඔබට සුවපහසු ආකාරයටය. එවැනි ජීවිතයක් ගොඩනැගෙන්නේ ඔබ ඒසඳහා තනිවම වැඩකලොත් පමණි. ඔබ යම් තැනකට තනිවම ගියපසු ඊට ගැළපෙන, ඒ වයිබ් එකට මැච්වන සහකාරයෙක් ලැබේ.
එබැවින් කාන්තාවක් වන ඔබ කලයුත්තේ ඇටෙන්පොත්තෙන් එනවිට පිරිමි බාගයක් සෙට්කරන් තමාව විනාස කරගැනීම නොව තනිවන නිහඬවම තමාව ගොඩනැගීමය.
පිරිමි බාගයක් සෙට්කරන් ජීවිතකාලයම උගේ පක්කිළිකම් කරන ගෑණු වයසට යන්නේ තම ජීවිතය විනාශවීම පිළිබඳ ද්වේශයෙනි. දුකකිනි. හීනමානයකිනි. වයසට යද්දී අතහරිනවා වෙනුවට අල්ලාගන්නේ එහෙම ගෑණුය. වල පයයි ගොොඩපයයි ඉන්න වයසක අම්මා තරැණ ලේලි සමඟ පුතාගේ ආදරය වෙනුවෙන් සටන් කරමින් තණ්හාව නිසා ලේලිවද අපායකට දමා මරණයෙන් මතුද අපාගත වන්නේ ඒගෑණිට පුතාහැර වෙනත් අරමුණක්, අභිමානයක් නොතිබූ බැවිනි. පුතාද මවට වෙනත් අරමුණක්, අභිමානයක් ඇතිකරගැනීමට ඉඩදුන්නේ නැත්තේ තම පක්කළිකම් ටික මව ලවා කරගැනීමටය. මේ උගුළේ ඇති භයානකම දේ පක්කළිකමම්ම කරන බොහෝ අම්මලාට අන්තිමේ මරණයෙන් මතුද සුගතිය ඈත වීමයි.
පුතා රට/දුර/වෙනමගේක යැයි කියා (පුතා හොඳට ඉඳී, මව ගැන හොඳට බලයි) හැමදාම වැළහින්නන් සේ අඬන මෙවැනි ගෑණු අධික තණ්හාව, ද්වේශය, මෝහය, ලිංගික ඊර්ශ්‍යාව නිසා අනිවා දුගතිගාමී වේ. ඇරියස් නැති, පක්කළිකම් නොකල ගෑණු ලොකු පුත්තුන්ව හුරතල් කිරීමේ වගකීම ලේලිට දෙන්නේ මහත් කැමැත්තෙනි. ඔවුන්ට විශ්‍රාම දිවියේ වැඩ ගණනාවක් ඇත. ධර්ම කරැණක් සාකච්චා කරමින් මිතුරියක් සමඟ පැයක් කෝපි බී, සුරතල් බල්ලා සමඟ ටිකක් ජොගින් කොට, නිවසට පැමිණ නාගෙන, සැමියා සමඟ ආහාර පිස කෑමකා, දෙදෙනා සමඟ කාලය ගෙවා, හවස තනියම විනෝදාංශයක යෙදී...ආදී ලෙස කරන්නට බොහෝ ලස්සන වැඩ සමඟ ඇය බිසී වී ඇත.
ඔය අම්ම එක ගෑනි දෙක ගොටුකොළ කැඳයො අම්මව මරණින් මතු මළප්‍රේතියක් නොවෙන්න නම් අම්මට තව අල්ලගන්න වෙනුවට අතහරින්න හුරැ කරන්න. ගෙදර බුදුන් බරගානක් මතු බුදු වීම කෙසේවෙතත් මළප්‍රේතියක් වීම වළක්වගන්ට. කලින් ලිපියක හින්දු ආගමේ සන්‍යාසි කාලේ ගිහියන්ට ගෙදරින් මුළුමනින් ඉවත්වෙලා තැන තැන යන්න කිව්වෙත් ඒකාලේ සම්පූර්ණයෙන් ඇලීම් ගැටීම් වලින් මිදිල අධ්‍යාත්මික පැත්තට යෙදවීමට.මන්ද සුගතිගාමී වීමට එය අත්‍යවශ්‍යයි.
Wednesday, December 17, 2025
Tuesday, December 16, 2025
බාග සුද්දියෙක් මිස් ශ්‍රී ලංකා කිරීමේ තේරැම මොකක්ද?
යකෝ, පිටරටවල එවුන්ගෙ ලස්සන කොපි කලාට සම කරන්න බෑ. උන්ට දකුණු ආසියාවේ ලස්සන කොපි කරන්නත් බෑ. දකුණු ආසියාවේ ලස්සන - කෝපි පාට හම, කර්ව්ස්, කළු කෙස්, දකුණු ආසියාවේ මුහුණේ ෆීචස් අපිවත් ලස්සනට දකින්නැත්තං මොකක්ද ඒකෙ තේරැම?
අප්‍රිකානු රටවල උන්ට ලංකාවෙ මෙන්ටලිටිය ආවනම් උන් ෆෙයා ඇන් ලව්ලි බාල්දි වල බැහැල සුදු වෙන්න හදන්න ඕනෙ. නමුත් උන් අනුන්ගෙ ලස්සන හඹා නොගොස් තමන්ගෙ ලස්සනට ෆෝකස් කලා. අද උන්ගෙ හමයි හිසකෙසුයි ෆැෂන් ලෝකයේ Brands/Icons බවට පත්වෙලා. දකුණු ආසියාවෙ ගෑණු තමන්ගෙ දකුණු ආසියාවේ පෙනුමට වෛර කර කර ලැටීනෝලයි සුද්දියොයි වෙන්න හදනව.
දැන්වත් අපි අපේ ලස්සන අගය කරන්න ඕනෙ. නැතිනම් තමන්ට වෛර කරන මිනිස්සුම තමා අපේ රටෙන් බිහිවෙන්නෙ.
පොත්තෙ සුද ඇරියම-
Monday, December 15, 2025
Friday, December 12, 2025
කාන්තාවන්ගේ විමුක්තිය ආගමික ශාස්තෘවරු බැහැර කලේ ඇයි? - Part 1
මම මේ බ්ලොගයේ ආගමික කාරණා කතාකරද්දී අඩුවෙන්ම කතාකරපු ආගමක් තමයි හින්දු ආගම. එයට හේතුව එහි ඇති අධික කාන්තා වෛරී ස්වභාවය එළිපිටම පේන නිසා ආයේ අමුතුවෙන් විශ්ලේෂණ අනවශ්‍ය වීම. මට ඇමරිකාවෙදි උණු වතුරත් නිවල බොන, පට්ට අහිංසාවාදී, නිර්මාංශ, වෙජිටේරියන් කෑම වලටත් කෑමට පෙර ඒවා හදනකොට මැරෙන සත්තු නිසා පිරෙන පව් අරින්න මොනවදෝ චාරිත්‍ර කරන, සත්තු මැරීම, සොරකම, බොරැකීම ආදිය නොකරන මාරම හොඳ හින්දු පිරිමි මුණගැසී තිබෙනවා. නමුත් ඔවුන් තුළ මාරම ස්ත්‍රී වෛරයක් ඉන්ටර්නලයිස් වී තියෙනවා. හින්දු ආගම සහ කුළභේදයත්, කුළභේදය සහ කාන්තා වෛරී ස්වභාවයත් එකිනෙකට සහසම්බන්ධයි. අධික කුළමාන්නයක් තිබෙන අයෙක් ගෑණුන්ට සාධාරණව සළකන්නේ නැතිවාක් මෙන්ම අධික කාන්තා වෛරී ස්වභාවයක් ඇති අයෙක් කුළමල ආදී භේද තදින්ම බලන්ට නැමියාවක් තියෙනව. මෙහි සයිකොලොජිය ගත්තොත්, කුළමල හෝ ලිංගය වැනි දෑ "තමන්ගේ මහන්සියෙන්" ලබානොගත් උපතින්ම ආව වරප්‍රසාදයන්. තමන්ගේ මහන්සියෙන් තැනකට යන්න බැරි/කම්මැළි/අවශ්‍ය නැති සහ අනුන් තමන්ගේ මහන්සියෙන් තැනකට යන එක ඉවසගන්ටත් බැරි ඩයල් කුළමල හෝ ලිංගය වැනි වරප්‍රසාද වල තදින්ම එල්බීගෙන අනුන්ව පෑගීමට උත්සාහ කරනවා. එය ඔවුන්ව තවතවත් දුර්වල කරන බව ඔවුන්ට වැටහෙන්නේ නැහැ.
මේක සරළව පෙන්වීමට කල්පිත උදාහරණයක් ගත්තොත්, කිසියම් ඉහළ කුළයකට හෝ ලිංගයකට මෙඩිකල් කොලේජ් නොයා වෛද්‍ය උපාධිය දෙනවා කියල වරප්‍රසාදයක් ඇතිකලොත් කුමක්වේද? අදාල කුළයේ හෝ ලිංගයේ එවුන් පොරකකා වෛද්‍ය උපාධිය නිකම්ම ගන්නා අතරේ වෙනත් කුළ වල හෝ විරුද්ධ ලිංගයේ උන් ගෙන් ඉතා කුඩා පිරිසක් පමණක් තරඟ විභාග පාස් කොරල මෙඩිකල් කොලේජ් තේරිලා, වසර ගණනාවක් දුක් විඳගෙන මෙඩිකල් කොලේජ් එකේ කට්ට කාල දොස්තරල වෙයි. කෙසේවෙතත්, ඇත්තටම ජොබ් එක කරන්නට යද්දී මෙඩිකල් කොලේජ් ගිය එකාගේ සහ වරප්‍රසාදයක් ලෙස දොස්තරකම ගත්ත එකාගේ වෙනස ඕනෑකෙනෙකුට පෙනෙනවා. වරප්‍රසාදයක් ලෙස දොස්තරකම ගත්ත එකා අසාර්තක වෙනවා. පීචං වෙනවා. රෝග විනිශ්‍යය කරගන්න බැරිව ඇඹරෙනවා. ලෙඩ්ඩුන්ගෙන් ගුටිකනවා.
ඉහත කතාවේ පරිදිම කිසියම් ජන කොටසක් කුමනහෝ කාරණයකට වරප්‍රසාද ගන්නවානම් රිටර්න් එක ලෙස කුමනහෝ කාරණයකින් දුබල වෙනවාම තමා. එහෙමය කියල උන් වරප්‍රසාද ගන්න එක නවත්වනවාද? නෑ. උන් ස්ටෑන්ඩඩ් එක පහළ දානවා හෝ වරප්‍රසාද නැති දක්‍ෂයාව වැරදි සමාජ සම්මත හදල දුබල කරනවා. De Beauvoirගේ පහත සඳහන් ප්‍රකාශය බලන්න.
වයස අවුරුදු දහයේදී ගැහැණු ළමයා ඇගේ සහෝදරයාට වඩා වේගවත් මෙන්ම සියුම් නුවණක් ඇත්තියකි. නමුත් වයස අවුරුදු විස්ස වන විට, අර දඟකාර කොලු ගැටයා තීක්ෂ්ණ බුද්ධියක් ඇති වැඩිහිටියෙකු බවට පත්වන අතර, තරුණිය 'අවුල් සහගත, ලැජ්ජාශීලී, මකුළුවෙකුට පවා බිය වන මෝඩියක්' බවට පත්වේ. මෙයට මූලිකම හේතුව (වරද) ඇයට කුඩා කල සිට සමාජයෙන් ලබා දී ඇති පුහුණුවයි.
At ten years of age, the girl is quicker, subtler than her brother; at twenty, the scamp is a quick witted adult and the girl 'a big awkward idiot, shy and afraid of a spider'; at fault is the training she has received.
Simone De Beauvoir (The Second Sex, CHP. Myth)
ඒ කතාව එතැනින් මදකට නවතා ආගමික ශාස්තෘවරු වෙත හැරෙමු.
බුදුදහම තුළ අවුරුදු සියය, දශක වශයෙන් වෙන් කොට පුද්ගලයාගේ ඒ ඒ අවධිවල පරිණාම අවස්ථා හා මනෝභාවයන් පිළිබඳ දේශනා කොට තියෙනවා. විසුද්ධි මාර්ගය තුළ ඒ පිළිබඳ පැහැදිලි විවරණයක් කොට තියෙනවා. එනම්,
මන්දා ඛිඩ්ඩාච වණ්ණාච - බලා පඤ්ඤාච හායනා
පබ්හාරා පවංකාච - මෝමූහ සයනාදස
මන්ද දශකය - අවුරුදු 01 සිට 10 දක්වා බොළඳ දරුවෙකු ලෙස ක්‍රියා කරයි.
ඛිඩ්ඩා දශකය - අවුරුදු 11 සිට 20 දක්වා ක්‍රීඩාවට නැඹුරු වෙයි.
වණ්ණ දශකය - අවුරුදු 21 සිට 30 දක්වා කායික වර්ණය හෙවත් ශරීර පෙනුම උපරිමයට එයි.
බල දශකය - අවුරුදු 31 සිට 40 දක්වා ශාරීරික වශයෙන් ශක්තිමත් වෙයි.
පඤ්ඤා දශකය - අවුරුදු 41 සිට 50 දක්වා සෑම දෙයක් පිළිබඳවම ප්‍රඥාවෙන් ක්‍රියා කරයි.
හායන දශකය - අවුරුදු 51 සිට 60 දක්වා කායික පරිහාණිය ආරම්භ වෙයි.
පබ්භාර දශකය - අවුරුදු 61 සිට 70 දක්වා කය ඉදිරියට නැමෙයි.
පවංක දශකය - අවුරුදු 71 සිට 80 දක්වා කය වක් වෙයි.
මෝමූහ දශකය - අවුරුදු 81 සිට 90 දක්වා සිහි කල්පනාව අඩුවෙයි.
සයන දශකය - අවුරුදු 91 සිට 100 දක්වා වැඩි කාලයක් සයනයෙහි ගත කරයි.
මෙම බෙදීම ලිංග දෙකටම අදාළ වන අතර හුදෙක් ශරීරය දිරාපත්වන ආකාරය මත පදනම් වෙනවා.
හින්දු ආගමේ පිරිමියෙකුගේ ජීවිතයේ අවධි හතරක් ගැන කතා කරනවා
බ්‍රහ්මචර්‍යාව (ශිෂ්‍ය ජීවිතය): පළමු වසර 25 තුළ විධිමත් අධ්‍යාපනය, විනයගරුක ජීවිතයක් ගත කිරීම සහ ගුරුවරයෙකුගේ මග පෙන්වීම යටතේ බ්‍රහ්මචර්‍යාව ප්‍රගුණ කිරීම ඇතුළත් වේ.
ග්‍රිහස්ථ (ගෘහස්ථ ජීවිතය): වසර 25-50 තුළ විවාහය, පවුල, වෘත්තිය සහ ලෞකික යුතුකම් ඉටු කිරීම (ධර්ම, අර්ථ, කාම) ඇතුළත් වේ.
වානප්‍රස්ථ (වනාන්තර වැසියා): වසර 50-75 තුළ එළැඹෙන මේ අවධිය ක්‍රමයෙන් විශ්‍රාම යාමේ අවධිය වන අතර එහිදී කෙනෙකු ක්‍රමයෙන් ලෞකික කටයුතුවලින් වෙන් වී අධ්‍යාත්මිකත්වය කෙරෙහි අවධානය යොමු කරයි.
සන්‍යාසය (සියල්ල අත්හරින තැනැත්තා): වසර 75ට පසු තුළ එළැඹෙන මේ අවධිය බොහෝ විට තාපසයෙකු ලෙස සම්පූර්ණයෙන්ම ගෘහයෙන් වෙන්වීම සහ විමුක්තිය (මෝක්‍ෂය) සොයා සංචාරයට වෙන් වේ. කිසිදු ලෞකික බැඳීමක් නැත.
දැන් දැන් මේ අවධි හතර ලිංග දෙකටම පොදු කරල හින්දු ආගමේ කතාකලාට පරණ යුගයේ මිනිස්සු වශයෙන් සැළකුවේ පිරිමින්ව පමණයි, මේ අවධි හතර හරියටම කරන්න පුළුවන් විවාහක පිරිමින්ට පමණයි.
මනු ස්මෘති වැනි පසුකාලීන සම්භාව්‍ය ග්‍රන්ථවල කාන්තාවන් ස්වාධීනව අදියර හතර හරහා ගමන් නොකළ බවත්, ඔවුන්ගේ ජීවිත කාලය පුරාම පිරිමි ඥාතියෙකු (පියා, සැමියා හෝ පුත්‍රයා) විසින් ආරක්ෂා කරන ලද බවත් යෝජනා කළද, අනෙකුත් වෛදික ග්‍රන්ථ සහ ඓතිහාසික උදාහරණවලින් පෙන්නුම් කරන්නේ කාන්තා ඍෂිවරුන්සහ තාපසවරියන් සිටි බවයි.නමුත් මේ සමාජ වල සම්මතය වූයේ ගෑණු කසාද බැඳල ළමයි වදල හදල කඹුරල කඹුරල මියයාමයි. ඔය සම්මතයෙන් පිටපැනපු ඇතැම් ගෑණුන්ට කාන්තා ඍෂිවරු, තාපසවරියන් වෙන්න ලැබුනා. කලාතුරකින් කසාද ගෑණුන්ටද මිනිහා හොඳ වීම මත චාන්ස් ලැබුනා.
කාන්තාවන්ගේ විමුක්තිය ආගමික ශාස්තෘවරු බැහැර කලේ ඇයිද යන කාරණයට මෙය ඉතාම හොඳ ප්‍රවේශයක්.
ඉහත ස්ටේජ් හතර පිරිමියෙක්ට ලඟා කරගත හැකි වන්නේ ගැහැණියකගේ කර මතින් ගොස් පමණයි.in general, ගැහැණුන්ට වඩා ලිංගික ආශාවක් පිරිමින්ට තිබීමත්, ළමයි හැදුවේ නැත්තම් තමන්ගේ පිරිමිකම සහ පෙළපත අභියෝගයට ලක් වීමත්, සෙක්ස් වලට සෙට්වීම හැර ගෑණුන්ව පර්මනන්ට්ලි කරගහන් වගකීම් ගන්න බොහෝ පිරිමින්ට සැබෑ උවමනාවක් නැතිකමත් යන කාරණා නිසා පිරිමින් (සහ පුරැශාදිපත්‍යය) විසින් ගෑණුන්ව පුළුවන්තරම් ලිංගිකව සූරාකෑම සඳහාම සමාජක්‍රම නිර්මාණය කලා.ආගමික ශාස්තෘවරුන්ටද එයට අනුගත වීම හැර විකල්පයක් නැහැ, ඇරත් ඔවුනුත් පිරිමි.
විමුක්තිය ගැන දේශනා කරන ඕනෑම ආගමික නායකයෙක් ගෑණුන්ට දේශනා කලයුතු ප්‍රධානම ධර්මය වියයුත්තේ ළමයි හැදීමෙන් වැළකීමයි. මොකද ළමයෙක් කියන්නේ ගැහැණියකට දැඩි කර්ම සාදා දෙන්නෙක්.නමුත් ඔය ඇත්ත පවසා හිස්ගැසුම් කනවාට වඩා විකල්ප ඔවුන්ට ඕනෑ උනා.අනිත් අතට හැම ආගමික ශාස්තෘවරයෙකුටම තමන්ගේ ධර්මය ප්‍රචාරණයට අවශ්‍ය උනා. තමන්ගේ ධර්මය අදහන එවුන් ළමයි හැදුවෙ නැත්නම් තමන්ගේ ධර්මය ප්‍රචාරණය වන්නේ නැහැ. මම හිතනව ඔය කාරණය නිසයි කාන්තා ආගමික ශාස්තෘවරු බිහි නොවන්නේ. පිරිමි ආගමික ශාස්තෘවරු වගේ උගුරට හොරා බෙහෙත් නොබී කාන්තා ආගමික ශාස්තෘවරු මේක කෙලින්ම කියනවා මොකද ගෑණු ළමයි හරහා හදාගන්න කර්මයේ ෆස්ට් හෑඬ් එක්ස්පීරියන්ස් ඔවුන්ට තියෙනව. රාහුල ඉපදිච්ච දාම ඩිටෑච් වෙන්න යශෝධරාට බැහැ සිදුහත්ට පුලුවන් උනාට. (පිරිමි තමන්ගෙ අරමුණ ලෞකික ආතල් ගැනීම වෙච්ච කාලේ ආතල් එක ගන්න ගෑණුන්ව පාවිච්චි කරල, ගෑණුන්ට දුක් දීල, ගෑණුන්ට කර්ම හදල දීල, තමන්ට අවශ්‍ය වෙලාවට කිසිම හිතක් පපුවක් නැතිව ගෑණුන් සහ ළමයින්ව හලල දාල තමන්ගේ අධ්‍යාත්මික අරමුණටත් ගියා)
සරලව කිව්වොත් සම්ප්‍රදායික හින්දු ඉගැන්වීමේ කියන්නෙ ගෑණුන්ට පිරිමින්ගෙ පක්කලිකම් කරන් හිටියොත් ඊලඟ ආත්මෙ පිරිමියෙක් වීම හරහා විමුක්තියට දොර ඇරෙන බවයි. කුළ භේදයේදීත් ලොජික් එක මේකමයි. මේ ආත්මෙදි කුළවතාගේ පක්කලිකම් ටික කරබාගෙන කරන් හිටියොත් ඊලඟ ආත්මෙ කුළවතෙක් වීම හරහා විමුක්තියට දොර ඇරෙන බවයි. මේ කැරට් අලේ දීල පිරිමි ගෑණුන්ගෙන් සහ මාජිනලයිස් පිරිමින්ගෙන්වසර දහස් ගණනක් තිස්සේ පට්ට ආතල් ගත්තා.
ඔබ කාන්තාවක් නම්, සසර කෙටි කර ගන්න ඕනෑනම්, ඉන්න ටිකේ සතුටින් ඉන්න ඕනෑනම් ටිකක් මොලේ පාවිච්චි කරල හිතන්න.
බුද්ධාගම සහ ක්‍රිස්තියානි ආගම ගැන ඊලඟට කතා කරමු.
Wednesday, December 10, 2025
ටිපිකල් මංගල යෝජනාවක් ඩීකෝඩ් කරමු
❤💘මුහුණු පොතෙන් විවාහ යෝජනා- Facebook Marriage Proposal ❤💘
· Anonymous participant
අමුවෙන් decoded අදහස -
මගේ පක්කළිකම් ටික තවදුරටත් මගේ අම්මට කොරන්ට බෑ, උන්දෑ වයසයි. ඒ මදිවට දැන් වයසක උන්දැලගේ වැඩත් මටම කොරන්ට වෙන සීන් එකක් තියෙන්නෙ. මට අහවළ් වැඩේ කොරගන්ටත් ඕනෙ. ඇයි මගේ පෙළපත ගෙනියන්න ළමයි ඕනෙ. මම ගෙදරට වැඩකාරියෙක් ගත්තොත් ඒකිට හු.කන්න බැරි නිසා ගණිකාවක් හොයන්ටත් ඕනෙ. ගණිකාවන්ට කුණු ලෙඩ නිසා බයයි, අනික උන් හැමෝම එක්ක හැමිණෙන නිසා මට ඕනෙ වෙලාවට හු.කන්න බැහැ. ඊටත් වැඩකාරියෙක්ටයි ගණිකාවකටයි සර්විස් එකට සල්ලි ගෙවන්න ඕනේ. වර්ක් කන්ඩිෂන් එක කේස් නං උන් මිසින්. මීටවඩා පඩි දෙන, නිවාඩු දෙන, හොඳට සළකන තැනක් සෙට් උනොත් උන් මිසින්.
ඊටත් කැත වයසක වැඩකාරියෙක් පඩියට ගන්නෙ මොකටද ජීවිතකාලයටම පඩි නැති, නිවාඩු නැති, හොඳට සැළකුවෙ නැතත් ලෝක මාන්නෙට අතෑරල යන්නෙත් නැති ලස්සන තරැණ මෝඩ කෙල්ලෙක් මුද්දක් දාල ගොනා කරල වැඩකාරකමට ගන්න පුළුවන්කොට? ඒකි තියෙන ඔළමොට්ටල කමට මට අතින් දෑවැදි කියල සල්ලි දේපළත් දීල ඇග්‍රිමන්ට් සයින් කරන්නෙ. මොන තරං ගොන් එළදෙනක්ද සල්ලි දීල නොමිලෙ කඹුරන්ට එන එක? ඔය කන්නයි අඳින්නයි ටිකක් දීල මෝඩය කරල තියාගත්තම මට මැරෙනකම් කොන්ද කඩන් කඹුරයි.
මගේ ආතල් ටික ගන්න ඒකිගෙ කොන්ඩෙ දිගට ඉල්ලන්න ඕනේ. මොකද ඒකිගෙ ඇඟ ගැන තීරණ ගන්නෙ මම.
ආ තව ලස්සනයි උගත්කමයි ඉල්ලන්න ඕනේ. ගේ මුල්ලෙ බත් තම්බන්න උනත් දික්කසාද, වැන්දඹු, චරිත වැරැදි තියෙන අය, වහා කේන්ති යන අය, මත්පැන් පාවිච්චි කරන අය එපා, මට වැඩකාරකමට උනත් ඕනේ කොළිටි බඩුවක්, හාද?
කොන්ඩෙ දිග, චරිතවත්, ප්රසන්න පෙනුමක් තියෙන, උගත්, ගෙදර දොර පාලනය, ඉවුම් පිහුම්, සිරිත් - විරිත් හොඳින් දන්න එළදෙන්නු ටික -
මොළේ තියෙන 4B ගෑණු ටික (දික්කසාද, වැන්දඹු, චරිත වැරැදි තියෙන අය, වහා කේන්ති යන අය, මත්පැන් පාවිච්චි කරන අය සහ ටැටූ තියෙන included) -
Monday, December 8, 2025
Friday, December 5, 2025
හරිහමන් ආපදා කළමණාකරණ ආයතන ඇතිතරම් තියෙද්දි ටික්ටොක් නටන එකාට ගංවතුර ආධාර දීල උඹල මොනවද බලාපොරොත්තු උනේ?
-
ඇතැම් ශ්‍රී ලාoකික සිoහල බෞද්ධයන්ගේ බෞද්ධකම පෙන්වන විලාසිතාවක් වන්නේ නිවසට හරක් හෝ උෳරැ මස් ගෙන ඒමෙන් වැළකීමයි. එම නිවෙස් වල බොහෝවිට කුකුළු...
-
පාරමී වන්නිආරච්චි මුහුණුපොතේ "අප කන්නේ බත් නොව මුදල් හා කාලයයි" යන ශීර්ෂයෙන් ලියූ ලoකාවේ අපගේ සoකීරණ ආහාර පුරැදු ගැන පෝස්ටුවක් ම...
-
https://hessianwithteeth.files.wordpress.com/2014/11/agnosticism-atheism.png (9.19.2019) ජේමිස් බණ්ඩාගේ අසම්මත සටහන් අඩවියේ පළවූ ...
-
තිස්ස ජනනායක ගැන කතා කරන්නට හිතන් නොසිටි වෙලාවක මුහුණු පොතේ එක් තරැණ දරැවෙකුගේ පෝස්ටුවක් දැක්කා. ඒ කුරුකුලසූරිය රවිඳු නිරංග ප්‍රනාන්දු පුතා...
-
අම්පිටියේ සුමනරත්න හිමි බෞද්ධයන්ව අන්‍යාගමීකරණය කිරීමට පැමිණි පුද්ගලයෙකුට ගැසූ කණේ පහර ගැන මේ වන විට විශාල කතිකාවක් සමාජයේ ඇතිවී තිබීම නිසා...
-
කාන්තාවන්ට ජීවත් වීමට නුසුදුසු රටක් බවට දිනෙන් දිනම ලoකාව පත් වේගෙන එන බව කණගාටුවෙන් වුවත් කිව යුතුයි. සමහර අය දැන් මෙතන වැළලෙන්න හදන්න එපා...
-
උක්ත ගැටලුව මගේ සිතට තදින්ම දැනෙන්නට පටන් ගත්තේ ඇමරිකා එක්සත් ජනපදයට පය තැබූ පසුය. ලංකාවේ සිටිද්දී මා සිතුවේ පොදු දේපල අනිසි පරිහරනය බො...
-
පාරමී වන්නිආරච්චි මුහුණුපොතේ ලියූ පෝස්ටුවක් දුටු විට කාලයකට පෙර විපාගෙ අඩවිය ලියන විපුලගෙ කොමෙන්ටුවක් මතක් උනා, ලoකාවේ අපගේ සoකීරණ ආහාර පුර...
-
1. එඩී ජයමාන්නගේ කොලොම්පුරේ ශ්‍රියා https://www.youtube.com/watch?v=vlwPsJk3Bfw 2. එඩී ජයමාන්න සහ මේබල් බ්ලිත් (?) ගේ මම මනමාලි ඔබේ htt...
-
චුල්ල පදුම ජාතකේ කියන්නෙ misogynist පිරිමින්ගෙ හෝලි ග්‍රේල් එක, ඕලෙවල් බුද්දාගම ෆේල් එකත් දන්නව තිබහට උරේ පළල ලේ දීල ආදරේ කරපු රජාව අතහැරල අ...