මේ ලෝකයේ කිසිම රටක් හැම අතින්ම සර්ව සම්පූර්ණ නැත. ඕනෑම රටක හොඳ සහ නරක තිබේ. නමුත් ජීවත් වීම සඳහා රටක් තෝරා ගැනීමේදී සැළකියයුතු ප්‍රධානම නිර්ණායකය ලෙස මම දකින්නේ සමාජ සංචලනය (social mobilization) සඳහා ඇති හැකියාවයි. එය දළ වශයෙන් විස්තර කලොත් "අඩු" තැනක/සමාජ ස්ථරයක (දුප්පත්/කුළ හෝ වරප්‍රසාද හීන/නූගත්/අසරණ/නිදහස අඩු ආදී) සිට "වැඩි" තැනකට/සමාජ ස්ථරයකට (පෝසත්/කුළය බල නොපාන/වරප්‍රසාදලාභීන් අවම /උගත්/ශක්තිමත්/නිදහස වැඩි ආදී) උත්සහවන්තයෙකුට පහසුවෙන්සමාජය තුළ ගමන් කිරීමට ඇති හැකියාවයි. එනම්, සමාජ ධූරාවලියක් හෝ ස්ථරීකරණයක් හරහා පුද්ගලයන්, පවුල් හෝ කණ්ඩායම්වල ඉහළ පහළ යාමට ඇති හැකියාවයි. දෙවන ප්‍රධානම නිර්ණායකය ලෙස මම දකින්නේ "වරදේ ප්‍රමාණයට නොගැළපෙන ඉතා දැඩි දඩුවම් කිරීම් සිදු කිරීම" සහ "දෙවන අවස්ථාවක් නොදීම" මත පදනම් වූ සමාජයක් නොවීමයි.
මේ කියන සමාජ සංචලනය ගැන අන්දෝසංසාරයක් නොදන්නා, දියුණු රටකට හොරෙන් පැන වැසිකිළි සෝදන ජීවිකාවේ යෙදෙමින් අඩු ආදායම්ලාභී දුෂ්කර ජීවිතයක් ගෙවන ලාංකිකයෙක් පවා නැවත ලංකාවට නොඑන්නේ සමාජ සංචලනය ගැන ඇති මෙම "ඉව" නිසාය. වෙනත් වචන වලින් කිව්වොත්, දියුණු රටක වැසිකිළි සෝදන අඩු ආදායම්ලාභී දුෂ්කර ජීවිතයක් ගෙවන ලාංකිකයා සමාජ සංචලනය ගැන තියරිටිකලි ඉගෙනගෙන උපාධි පාස් කර නැතත් ප්‍රැක්ටිකලි එය දනී. හෙතෙම තම දරැවන් ලන්කාවේ හිටියා නම් පරම්පරා හතකින්වත් යන්න බැරි "ලොකු" තැනකට දියුණු රටකදී එක පරම්පරාවක් හෝ ඊට අඩු කාලයක් ඇතුළත යන බව දනී. එමඟින් තමන්ගේ විශ්‍රාම දිවිය සතුටුදායක වන බවත් තම පරම්පරාව හොඳ තලයකට යන බවත් දනී.
නමුත් ඔහුගේ වර්තමාන ජීවිතය දුක්ඛිතය (බොහෝ විට ටික කළකදී එය වෙනස් වී හොඳ ජීවන තත්වයක් ලැබීමට හැකිය). ඒ නිසාත් (සහ කල්චර් ෂොක් එක ආදී හේතු නිසාත්) ඔහු ලන්කාවේ උදවියට තමන් පිටරට දුක් විඳින බව කියයි. නමුත් ඔහු ලන්කාවේ උදවියට කියන්නට මැළි වන්නේ සංක්‍රමණයේ අවසන් ප්‍රථිපළය ලෙස ඔහුගේ ළමයි බොහෝ දුරට ඉතාම ඉහළ ආර්ථික සමාජයීය මට්ටමකට යන බවත් ඔහුට සුවපහසු විශ්‍රාම කාළයක් ලැබෙන බවත් ය. පිටරටවල සිට අඬමින් අනේ මෙහෙ එන්න එපා යැයි වැළලෙන තමන්ගේ ළමයි ඒ රටවල පුරවැසියන් කරපු බ.ල්ලන් දුටු තැන දුප් බ.ල්ලා කියා එලවිය යුතු වන්නේ එබැවිනි.
සමාජ සංචලනයක් අවශ්‍ය නොවන මිනිස්සු ලන්කාවෙන් පිට නොගියා කියා ගැටළුවක් නැත. ඔවුන්ට පිටරටකට ගියා කියා පරම්පරා හතක් පන්නන මට්ටමේ ගජ වාසියක් ලැබෙන්නේ නැත. කිෂූූ ගෝමස් කාරයා සහ දොස්තරලා හැට හුට හමාරක් ලන්කාව තරම් හොඳ රටක් තවත් නැතිය කියන්නේ ඒ කෝණයෙනි."වරදේ ප්‍රමාණයට නොගැළපෙන ඉතා දැඩි දඩුවම් කිරීම් සිදු කිරීම" සහ "දෙවන අවස්ථාවක් නොදීම" යන කාරණාද ඔවුන්ට අදාළම නැත. ඇත්තම කිව්වොත් ඔවුන් එකී නීති හදන හා පවත්වාගෙන යන රෑලින් ක්ලාස් එක නියෝජනය කරයි. මුන්ගේ අවුළ තමන්ගේ පන්තිය සහ වරප්‍රසාද ගැන කතා නොකර ඒව මුකුත් නැති එදා වේළ සරි කර ගන්නා එවුන්ට ලන්කාව තරම් හොඳ රටක් තවත් නැතැයි කීම සහ එවැනි එවුන් රට යාම දේශද්‍රෝහීකමක් ලෙසද තමන් ලන්කාවේ (පිටරටවල නොලැබෙන) වරප්‍රසාදලාභීව ජීවත් වීම දේශප්‍රේමීකමක් ලෙසද හුවා දැක්වීමට යාමයි.
සමාජ සංචලනයේ ඇති වැදගත්කම ගැන කතා කිරීමට පැරණි ඉන්දියාවේ ඉතා තදින් මුල් බැස ගත් කුළ ක්‍රමය ගැන කෙටි හැඳින්වීමක් හෝ මෙහි සඳහන් කල යුතුය. ඉන්දියානු සමාජයේ ඇති කුළ ක්‍රමය අවම වශයෙන් ක්‍රිස්තු පූර්ව 1000 කට පෙර (අවම වශයෙන් අදින් වසර තුන් දහසකට පමණ පෙර) තරම් ඉතාමත්ම ඈත කාලයක සිට පැවත එන්නකි. මනුස්මෘති නැමැති හින්දු නීතිය පිළිබඳ වඩාත්ම වැදගත් ග්‍රන්ථය "සමාජයේ විධිමත්භාවයේ සහ පැවැත්මේ පදනම" ලෙස කුල ක්‍රමය සාධාරණීකරනය කර ඇත. හින්දු ආගමේ පෞරාණිකම පුස්ථක වන වේද ග්‍රන්ථ වලට අනුව, කුල ක්‍රමය මගින් හින්දු සමාජය දළ වශයෙන් ප්‍රධාන කාණ්ඩ හතරකට බෙදා ඇත, ඒව නම්, බ්‍රාහ්මණ, ක්‍ෂත්‍රිය, වෛශ්‍ය සහ ශුද්‍ර වේ. හින්දූන් විශ්වාස කරන්නේ මෙම කුළ නිර්මාණය සියළු නිර්මාණයන්ට අධිපති වන මහා බ්‍රහ්මයාගෙන් ආරම්භ වූ බවයි. ඍග්වේදයට අනුව, මහා බ්‍රහ්මයා මානව සමාජයක් නිර්මාණය කිරීම සඳහා පළමු මිනිසා මැවීමට තම ශරීරය භාවිතා කල අතර, බ්‍රාහ්මණයන් පළමු මිනිසාගේ හිසෙන් ද, ක්‍ෂත්‍රියයන් ඔහුගේ අත්වලින් ද, වෛශ්‍යයන් ඔහුගේ කලවාවලින් ද, ශුද්‍රයින් ඔහුගේ පාදවලින් ද නිර්මාණය වූ බව සැළකේ. ඊට අනුරෑප වන පරිදි ඔවුන්ගේ සමාජයීය කාර්‍යභාරය තීරණය විය. මේ අනුව බ්‍රාහ්මණයන් අධ්‍යාත්මික සහ අධ්‍යාපනික අංශයේ පූජකයන් සහ ගුරැවරැන් ආදී රැකියා වල නියුක්ත වූ අතර, ක්‍ෂත්‍රියයන් රාජ්‍ය පාලනය සහ යුධ කටයුතුද, වෛශ්‍යයන් වෙළ හෙළඳාම් සහ කෘෂිකාර්මික කටයුතු වල යෙදුනි. පහළම කුළය වූ ශුද්‍රයින් කම්කරැ වෘත්තීන්හි නිරත විය. ඉන්දීය සමාජය තුල මෙම “චාතුර් වර්ණ” කුළ ක්‍රමයේ සඳහන් නොවන කුළ රාශියක්ද වේ. චාතුර් වර්ණ කුළ ක්‍රමය තුල කුළ වද්දා නොගත් මොවුන්, ඉතාම පහත් යැයි සම්මත, ස්පර්ශ නොකළ යුතු (untouchable) කුළ ලෙස හඳුන්වන ලද අතර (දලිත් ලෙසද හඳුන්වයි), මෙම කුළ වල ජනයා එකල සමාජයේ ඉතාම පහත් යැයි සම්මත රැකියා (වැසිකිළි පවිත්‍ර කිරීම, කැළි කසල සුද්ධ කිරීම, මළමිනී ඉවත් කිරීම ආදී “කිළි වදින බැවින් අධ්‍යාත්මික වශයෙන් කිරීමට නුසුදුසු බවට සැළකූ” රැකියා) වල යෙදුනු, සමාජයේ ඌණ වරප්‍රසාදිත සහ ගර්භාවට ලක් වූ මනුෂ්‍ය කාණ්ඩයක් විය. ඔවුන් එසේ සමාජයේ ගර්භාවට ලක් වූයේ, පෙර ආත්ම වලදී සිදු කරන ලද පාප කර්ම වලට දඬුවම් ලෙස මේ ආත්මයේදී ඉතාම පහත් කුළයක උපත ලද පව්කාරයින් ලෙස සැළකූ බැවිනි. මෙකී ජනයාට වෙනත් කුළ වල මිනිසුන් සමඟ කුමන ආකාරයකට හෝ මිශ්‍ර වීම තහනම් විය. ඔවුන්ට ආහාර ගැනීමට සහ ජලය පානය කිරීමට වෙනම ස්ථාන තිබූ අතර කුළය තුල පමණක් ආවාහ විවාහ සිදු කර ගැනීමට අවසර ලැබිනි. ඔවුන්ට ආගමික ස්ථාන වලට ඇතුළු වීම හෝ අධ්‍යාපනය ලැබීම තහනම් විය. ඔවුන්ට කිසිදු වරප්‍රසාදයක් හිමි නොවූ අතර ඔවුන් කුළවතුන්ගේ තාඩන පීඩන වලට නිතර ලක් විය. මේ ආත්මයේදී තමන්ගේ පාප කර්ම හැකි පමණ ගෙවා දැමුවහොත් ඊලඟ ආත්මයේ මීට වඩා හොඳ කුළයක උපත ලැබිය හැකි බවට වූ විශ්වාසය මත සියළුම දුක් ගැහැට විඳ දරාගෙන සිටීම හැර නීතිය, සංස්කෘතිය, ආගම ආදී සමාජ ක්‍රමයේ ප්‍රධාන අංග කිසිවක් මඟින් ඔවුන්ට පිළිසරණක් නොලැබිනි.
මෙවැනි කුලය මත පදනම් වූ සමාජ සංවිධානයක ඇති වැදගත් මූලධර්ම දෙකක් නම් සමාජ සංචලනයට ඉඩක් නොවීම සහ වරදේ ප්‍රමාණයට නොගැළපෙන ඉතා දැඩි දඩුවම් කිරීම් සිදු කිරීමයි. ඉහත සඳහන් කරන ලද දලිත් ජනයා උදාහරණයකට ගෙන මෙම මූලධර්ම දෙක කෙටියෙන් පැහැදිලි කලොත්, ඔවුන් කොතරම් හොඳින් වැඩ කලත් තම ජීවිත කාලය තුල රැකියාවේ උසස්වීම් හෝ සමාජ තත්වයේ උසස්වීම් නොලැබේ. එමෙන්ම, ලේ නෑදෑකම්ද තම කුළයට පමණක් සීමා වේ. එබැවින් පළමු මූලධර්මයේ සඳහන් පරිදි සමාජ සංචලනය සඳහා කිසිදු ඉඩක් නැත. එමෙන්ම, දලිත් මිනිසෙක් ඉවසාගත නොහැකි පිපාසයක් හෝ අසනීපයක් වැනි ඉතා මානුෂීය හේතුවක් මත හෝ කුළවතුන්ට වෙන් කරන ලද ජල ප්‍රභවයකින් ජලය පානය කල හොත් එම "වරදට" දඬුවම වන්නේ ඊට කිසිසේත් නොගැළපෙන අසමානුපාතික වූ පහර දී ම.රා දැමීම වැනි දරැණු දඬුවමකි. තවද, මෙම දඩුවම යම් “අපරාධකරුවෙකුට” පමණක් නොව ඔහුගේ හෝ ඇයගේ පවුලට, කුළයට හෝ කුල කණ්ඩායමට වුවද ලබා දිය හැකිය.
අනෙක් අතට, පුද්ගලයෙකු කුල ධූරාවලිය තුළ උසස් ලෙස ශ්‍රේණිගත කර ඇත්නම්, බරපතල අපරාධයට පවා දඬුවම් නොලැබිය හැකිය, නැතහොත් දඬුවම් වශයෙන් යම් ආකාරයක චාරිත්‍රානුකූල පවිත්‍ර කිරීම් පමණක් නියම විය හැකිය. ඊට අමතරව, කුළවතෙකුට කුළහීනයන්ට දඬුවම් කිරීමේ අසීමිත අයිතියක් තිබුණද, කුළවතුන් විසින් අසාධාරණයට ලක් වූ බවට ප්‍රකාශ කිරීමට කුළහීනයන්ට අයිතියක් නොතිබුණි. කුළවතුන්ට කුළහීනයන්ට විසින් පිළිපැදිය යුතු සියලුම නීති රීති පැනවීමට පරම අයිතිය තිබුණි. ඔවුන් කරන්නේ කුමන වැඩ රාජකාරිද, ඔවුන් ගේ ශ්‍රමය හා සේවා සූරාකෑමට හැකි ප්‍රමාණය, ඔවුන්ට ලැබිය යුතු ත්‍යාගය හෝ දඬුවම කුමක්ද, ඔවුන්ගේ ආවාහ විවාහ කටයුතු සහ ඔවුන් අඳින පළඳින ආකාරය ආදී සියලුම නීති රීති අයත් විය. කුළවතුන්ගේ දේපළ අයිතියට කුළහීන වැසියන් ඇතුළත් විය. යමෙක් අසාමාන්‍ය දඬුවම්වලින් ගැලවීමට නම් ගෙවිය යුතු මිල වූයේ නිරපේක්ෂ කීකරුකමයි (absolute submission).
හොඳින් සිතා බැලුවහොත් ලන්කාවේ සමාජ සංචලනය සඳහා අද පවා හින්දු චාතුර් වර්ණ කුළ ක්‍රමයට අනුරෑප සමාජ සහ නෛතික බාධක ගණනාවක් ඇත. එබැවින් දියුණු රටක වැසිකිළි සෝදන අඩු ආදායම්ලාභී දුෂ්කර ජීවිතයක් ගෙවන ලාංකිකයාට ඇති සමාජ සංචලන හැකියාවෙන් දහයෙන් පංගුවක්වත් ලන්කාවේ පහළ මධ්‍යම පන්තියේ "හොඳ" රස්සා කරන අයටවත් නැත.අනිත් අතට වරදේ ප්‍රමාණයට නොගැළපෙන ඉතා දැඩි දඩුවම් කිරීම් සිදු කිරීම ගැන ඕනෑතරම් උදාහරණ පාසැල්වල කාර්‍යාලවල පවුල් තුළ සහ සමාජයේ ඇත. ජීවිතයේ වැරැද්දක් හදාගෙන ඉස්සරහට යෑමට දෙවන අවස්ථා ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. අසාමාන්‍ය දඬුවම්වලින් ගැලවීමට ගෙවිය යුතු මිල නිරපේක්ෂ කීකරුකම නිසායි අද පවා දේශපාළන සහ වෙනත් ආකාර වල වහලුන් සහ බත්බැළයන් සමාජයේ විශාළ ලෙස දකින්නට ලැබෙන්නේ.
මම සමාජ මාධ්‍ය වල නිතර දකින ප්‍රශ්නයක් වන්නේ අනේ මම රට ගියොත් මගේ අනාගතය ලන්කාවෙ ඉන්නවට වඩා හොඳ වේවිද යන පැණයයි. ඉතාම පුද්ගලානුබද්ධ වන මෙම පැණයට උත්තරයක් ලැබෙන්නේ ඔබට මොන තරම් දුරකට සමාජ සංචලනයක් අවශ්‍යද, ඒ සඳහා ඔබේ කම්ෆර්ට් සෝන් එක මොනතරම් දුරකට කැප කිරීමට ඔබ ලෑස්තිද යන කාරණා මතය. ජීවිතය නම් ප්‍රශ්න පත්‍රය එක් අයෙකුගෙන් තවෙකෙකුට වෙනස් එකකි. ඒ නිසා අනිකාගෙන් කොපි කර උත්තර ලිව්වොත් කෙළ වෙන බව අප තේරැම් ගත යුතුය.