Wednesday, November 22, 2023

ටොක්සික් මිනිසුන් බිළිගත් සුන්දර ජීවිත - පැරණි හින්දි සිනමාවෙන්...

මම පැරණි හින්දි සිනෙමාවට ගොඩක් ආස කෙනෙක්. ඒක නිසා පැරණි හින්දි සිනෙමාවේ ගොඩක් විස්තර කාලයක් තිස්සෙ හොයල හොයල අද වෙන කොට බොහෝ තොරතුරැ දන්නවා. ඒ නිසා ටොක්සික් මිනිසුන්ගෙන් වන ප්‍රශ්න වලකා ගැනීමට  බවුන්ඩරීස්  දැමීමේ වැදගත්කම පෙන්වන ඉතාම ප්‍රභල සිද්ධි කීපයක් පැරණි හින්දි සිනෙමාවෙන් අරගෙන කතා කරන එක වඩාත් රසවත් කියල හිතුනා.  

සුරයියා

මුළින්ම මම කතා කරන්න කැමති හින්දි සිනෙමාවේ  ඉතාමත්ම පරණ තාරකාවක් ගැන. ඇය සුරයියා.  සුරයියා වඩාත් ප්‍රකට වූයේ 1940-50 දශකයේදී. සමහරැනට අනුව ඇය හින්දි සිනමාවේ පළමු කාන්තා තාරකාව ලෙසද සළකනවා. ඇය ඉතා ජනප්‍රිය කාලයේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවාට වඩා ඉහළ මිළක් පවා ඇයට ගෙවා තිබෙනවා. සුරයියාගේ පෙනුම වගේම ඇයගේ කටහඬත් ගොඩක් ලස්සනයි, ඇය රාජ් කපූර් සමඟ රඟපාමින් ගැයූ මේ ගීතය මම පෞද්ගලිකව ආසම ගීයක් (Tarari Tarari - Raj Kapoor/Suraiya - Dastan 1950: https://www.youtube.com/watch?v=2WvipwZaFzI). හින්දි සිනමාවේ තමන්ම ප්‍රධාන චරිතය රඟපාල, තමන්ම ගීතත් කියල, හිට් වෙච්ච චිත්‍රපට කරපු එකම නිළිය සුරයියා. ඉතින් ඒ කාලෙ ලස්සන, දක්‍ෂතා ගොඩක් තියෙන, නම කැත කරගෙන නැති, වැදගත් පවුළකින් ආව, ධනවත්, ප්‍රසිද්ධ, නව යොවුන් වයසේ ඉන්න, බොහෝ තරැණයන්ගේ සිත් සොරා ගත්, ඒ හැමටම වඩා සරළ නිහතමානී ගුණ ඇති  සුරයියාගෙ ජීවන උද්‍යානය තරම් ලස්සන ජීවන උද්‍යානයක් සමහරවිට ඉන්දියාවෙ කිසිම තරැණියකට නොතිබෙන්නට ඇති.

මේ අතර නවක නළුවෙක් ලෙස දේව් ආනන්ද් හින්දි සිනමාවට එකතු වෙනවා. එක චිත්‍රපටයක රඟපාද්දී මේ දෙදෙනා මුණගැහෙන්නේ චිත්‍රපටය අතරතුර ඔවුන් පෙම්වතුන් කරවමින්. කෙසේ නමුත් දේව් ආනන්ද්  හින්දු ආගමේ වීම නිසා තදබල විරැද්ධත්වයක් ඇවිත් තියෙන්නේ සුරයියාගේ මව් පාර්ශවයේ ආච්චිගෙන්. සුරයියා මුස්ළිම් පවුළක උනත් ඇයගේ පවුලේ අය බොහෝ දෙනෙක් ගොඩක් විවෘත මනසක් තිබූ උදවියයි. සුරයියා ළමා ශිල්පිණියක ලෙස ක්ශේත්‍රයට හඳුන්වා දුන්නේද ක්ශේත්‍රයේ හිටපු ඇයගේ මාමා කෙනෙක්. ඒ වගේම මුස්ළිම් වීම ඇයට නිළියක/ගායිකාවක ලෙස කටයුතු කරන්නට බාධාවක් උනේ නෑ. පවුලේ අය කකුළෙන් ඇද්ද නම් ඇය එතරම් දුරක් එන්නෙ නැහැනේ. දේව් ආනන්ද්ට ලොකු විරෝධයක් පවුලේ අනිත් අය ගෙන් එල්ල නොවුනත් ඒ පවුළම යට වෙලා හිටියේ මේ ආච්චි අම්මා ගේ අණට නිසා කාටවත් හැකි උනේ නෑ ආච්චිගේ බලපෑම මඟහරින්නට. ආච්චිගේ සපෝට් එකට මාමල හිටියා. තව, ක්‍ෂේත්‍රයේ සුරයියා කසාද බැන්දොත් තමන්ගෙ බිස්නස් පාඩු වෙයි කියල හිතපු අධ්‍යක්‍ෂකයො, සුරයියව බලෙන් හරි ලබා ගන්න කැස කවපු උදවිය ආදී කළ දුටු කල වල ඉහ ගන්නා සෙට් එකක් ආච්චිට සපෝට් කලා. සුරයියගේ මවත් පියාත් දේව්ට කැමති උනාට ආච්චිගේ වචනයට හැමෝම යට උනා.

අවුරැදු හතරක් විතර තිස්සේ මේ ආදර යුද්ධය තිබුනා. ඒ කාලය පුරාවටම ආච්චි සුරයියාට දේව් ආනන්ද් මුණගැසීම තහනම් කලා, දේව් ඇගේ ගෙදරට කෝල් කලාම බැණ වැදුනා, පිල්ලිය වගේ සුරයියා පස්සෙ වැටීගෙන දේව්ගෙ හුළඟක් වත් සුරයියාට නොවැදීමට වග බලා ගත්තා. මේ කියන යුගයේ මොබයිල් ෆෝන්, ඉන්ටර්නෙට් වගේ කිසිම තාක්‍ෂණික මෙවළමක් තිබුනෙ නැති බවත් මතක් කරන්නට කැමතියි. අන්තිමේදි මේ යුවළට හිතවත් ක්ශේත්‍රයේ අය චිත්‍රපට රෑගත කිරීමක් අතරතුර මේ ඩබල හොර රහසේ බන්දන්න ප්ලෑන් කලා. නමුත් කවුරැහරි ඒ ප්ලෑන් එක ආච්චිට ලීක් කලා. අන්තිම මොහොතේ ආච්චි එතැනට පැමිණ ඒක කඩා කප්පල් කලා, දේව් සුරයියාට දාන්න ගත්ත මුද්ද අසළ තිබූ මුහුදට විසි කර දේව් මරණ බවට තර්ජනය කලා. මේ නිසා සුරයියා දේව් ගේ ජීවිතය ගැන බිය වුනා. ඇය සම්බන්ධය නැවැත්වීමට තීරණය කලා. ඒ අන්තිම හමු වීම ආච්චිට හොරෙන් ලෑස්ති කලේ සුරයියාගෙ මවයි. දේව් ආවේ තමන්ගේ පොළිසියෙ මිතුරෙක් සමඟලු, මොකද මේක ආච්චි මාමල එක්ක තමන්ට ශොට් එක දෙන්න ගහපු ප්ලෑන් එකක්ද කියල ෂුවර් නැති නිසා. කොහොම හරි සම්බන්ධය නැවැතුනු පසු දෙදෙනාම අධික වේදනාවකට පත් වි තිබෙනවා. දේව්ට ඔහුගේ සහෝදරයකු ඒ කාලයේ සෑහෙන ලඟින් ඉඳල උදව් කරල කොහොමහරි ගොඩ යවල තියෙනවා. දේව් පසුව ක්‍රිස්තියානි කාන්තාවක් විවාහ කර ගෙන (ආගම සඳහන් කලේ දේව් කවදාවත් තමන්ගෙ ආදරවන්තියගේ ආගම මොකක්ද කියන කාරණය ලොකු කර ගත්තෙ නෑ, ඔහු ඔහුගේ ආගමත් ඇය ඇයගේ ආගමත් නිදහසේ ඇදහූවා.) පෞද්ගලික ජීවිතයත්, දශක හයක් චිත්‍රපට වල රඟපාල තමන්ගේ වෘත්තීය ජීවිතයත් අති සාර්ථක කර ගන්නවා. 

නමුත් සුරයියාට සිදු වුනේ කුමක්ද? ඇයට එම වේදනාවෙන් ගැළවීමට හැකියාවක් ලැබුනේ නෑ. දේව්ට වගේ ලඟින් ඉඳල ඒ පීඩනයෙන් ගොඩ ගන්න "කෝච්" කෙනෙක් හිටියෙත් නෑ. ඇය ඉන්පසු කිසිම කෙනෙක්ට ආදරය කලේ නෑ. ඇය අවුරැදු තිස් හතරේදී සිනමාවෙන් සමු ගන්නේ තව එහි බොහෝ දුර යාමට හැකියාව තියෙද්දී. කාළයක් මිනිස්සුන්ගේ හදවතේ ජීවත් වූ සුන්දර කාන්තාවක් එසේ බාහිර සමාජයෙන් ටික ටික ඈත් වුනා. හැමෝටම ඇයව අමතක උනා. ඇය ගෙදරින් එළියට බැස්සෙ නැති තරම්. ඇය ආශ්‍රය කලේ දෙතුන් දෙනෙක් පමණයි. ඒ එක් අයෙක් වතාවක් ඇයට කතා කරල "Elder sister, how are you?" ඇසූ විට ඇය ගේ පිළිතුර වී ඇත්තේ "Everybody asks me 'how are you', but nobody asks me how I spend my days and nights." ලෙසයි. අන්තිමේ ඇය ඇගේ ඉතාම හුදකලා වේදනාකාරී ජීවිතයට වසර හැත්තෑ හතරේදී සමු දෙනවා. ඒ කියන්නෙ ඇය වසර හතලිහකට වඩා විරහව, දුක, පරාජය, බය, පසුතැවීම, අපේක්‍ෂා භන්ගත්වය, අසරණකම, තරහ, කළකිරීම, සාන්කාව වගේ හැඟීම් සමඟ දිනපතාම හුදකලාව සටන් කරල ඉමෝෂනල් බැන්ක්රෆ්ට් තත්වයෙන් වසර හතලිහකට වඩා පුදුමාකාර දුකක් විඳල  විඳල මිය ගිහින් තිබෙන්නෙ.

ආච්චිට මොකද උනේ කියල බලන කොට ඉන්දියාවෙන් පාකිස්ථානය වෙන් වූ පසු ඒ කාලයේදීම සුරයියලව අතහැර ආච්චි පාකිස්ථානයට ගොස් තිබෙනවා. ඇය තමන් වෙනුවෙන් සිය එකම ආදරය කැප කර තනි වූ සුරයියා වෙනුවෙන් ඇයගේ පාකිස්තාන ගමන කැප කලේ නම් නෑ.  

මේ කතාව කියන්නට මට ඕනෙ කලේ අද වැඩට එද්දි රසික/බෘනෝ ගේ කතාවක් අහගෙන ඉන්නකොට https://www.youtube.com/watch?v=9WfLnto19no&t=1791s. සියයට සියයක් එකඟ නොවුනත් හරිම වැදගත් කාරණා ටිකක් එහිදී කතා කලා. අපගේ උද්‍යානයට අපි ගොඩක් වෙලාවට පාස් නැතිව ඇතුල් වෙන්න ඉඩ හරින අපගේ පවුලේ සාමාජිකයන් ටොක්සික් වීම තරම් දුර්භාග්‍යයක් තවත් නැහැ. නමුත් යථාර්තය නම්, අපගේ පවුලේ සාමාජිකයන් අතරද එබඳු ටොක්සික් අය සිටීමේ ලොකු හැකියාවක් තියෙනවා යන්නයි.. අපි කවුරැවත් කැමති නෑ කුඩා කාලයේ අපේ දෙමව්පියන්ගෙන්/ පවුලේ සාමාජිකයන්ගෙන් (විශේෂයෙන්ම වැඩිමල් සාමාජිකයන්) අප දුටු පර්ෆෙක්ට් භාවය පසුකාළීනව ඔවුන්ගේ වැරදි දකිද්දීත් වෙනස් කර ගන්න. අපේ සමාජ සන්ස්කෘතික වටපිටාවත් ඒකට සෑහෙන්න බලපානවා. නමුත් අප වැඩිහිටියන් ලෙස පුළුවන් තරම් ඇත්ත ඇති සැටියෙන් දකින්නට ඉගෙන ගත යුතුයි. අපි වැඩිහිටියන්/ දෙමව්පියන්ට ගරැ කල යුත්තේ (ඇබ් යූසර්ල හැර) දෙමව්පියන්/ වැඩිහිටියන් පර්ෆෙක්ට් නිසා නොවේ, ඔවුන් මේ තරම් ඉම්පර්ෆෙක්ට් වෙලත් අපව මේ ආකාරයට උස් මහත් කරපු එක නිසායි. ඒ වගේම ඔවුන් නිවැරදි නොවන තැන් වල ඔබ,  ඔබ වෙනුවෙන් ඉදිරිපත් නොවුනොත් ඔබේ ජීවිත උද්‍යානය විනාශ විය හැකියි. (දැන් මේ කියපු දේ වැරදි ලෙස වටහාගෙන අපරිණත ආකාරයට ගෙදර අකමැත්තෙන් මෝඩ තීරණ ගන්න කියල නෙමේ මේ කියන්නේ. ) 

ජීවිතය ගැන උපමාවක් සොයන විට ජීවිතය  වීදුරැ බඳුනක් ලෙස නොව උද්‍යානයක් ලෙස මම දුටුවේ, ජීවිතය උද්‍යානයක් මෙන් සම්පූර්ණයෙන් දැවී අළු වී විනාශ වී ගියද නැවත ගොඩ නැගිය හැකි දෙයක් මිසක වීදුරැ බඳුනක් සේ එක වරක් බිඳුනු පසු  නැවත ගොඩ නැගිය නොහැකි දෙයක් නොවන බැවිනි. නමුත් සුරයියා වැනි බොහෝ මිනිසුන් එය නොදැන සදාකාළිකවම බිඳුනු ජීවිත ගෙවා මැරී යයි. ඔවුන්ට එසේ වීමට එක හේතුවක් නම් ගෙවල් මොන තරම් ලොකු වුවත්,  මොන තරම් සාමාජිකයන් හිටියත්, පවුලේ එකෙක්ගේ මානසික කම්පනයකදී ඌව ගොඩ දාන එක තබා ඒකා ඉන්න  මානසික කම්පනය යන්තම් හෝ දැනෙන එකෙක් අහල ගම් හතක නොසිටීමයි. සුරයියාගේ මුදලින් කකා බිබී සැපට හිඳ, සුරයියාටම කෙළවා, සුරයියාව අවශ්‍යම මොහොතේ තනි කර, තමන්ගේ ආතල් එක සොයා ගිය ආච්චි අම්මා ගේ කතාව ජීවිතයට අගනා පාඩමකි. 

මීනා කුමාරි

පැරණි හින්දි සිනමාවේ එකම කාළයක සිටි (හැටේ දශකයේ පමණ පීක් එක තිබූ), අධික බීමත්කම නිසා ඇති වූ සිරෝසිස් රෝගයට ගොදුරැ වී ඉතා අඩු වයසින් ජීවිතයෙන් සමු ගත්, සුපිරි නිළියක් සහ සුපිරි ගායිකාවක් සිටිනවා. සුපිරි නිළිය නම් පැරණි හින්දි සිනමාවේ කඳුළු බින්දුව ලෙස හැඳින්වූ මීනා කුමාරි වන අතර සුපිරි ගායිකාව නම් ගීතා දත් ය. (ගීතා දත් ගේ මා ප්‍රිය කරන ගීතයක් -Babuji Dheere Chalna, Aar Paar (1954) https://www.youtube.com/watch?v=ffpZXcdVIR0) මේ දෙදෙනාටම ලැබුනේ ටොක්සික් සහකරැවන්‍. මීනාගේ නම් තාත්තාත් ටොක්සික් නිසා කුඩා කාලයේ සිටම බොහෝ දුක් වින්දා. මීනා කුමාරි මිය යන්නේ වයස තිස් අටෙනි, ගීතා දත් මිය යන්නේ වයස හතලිස් එකේදීය. ඔවුන් දෙදෙනාම පිටතදී මොන තරම් ලස්සන, හැකියාව, මිළමුදල්, කීර්තිය ආදී වාසනා සම්පත් භුක්ති විඳින බව පෙනුනද පවුල් ජීවිතයේදී සහකරැවාගෙන් පුදුම තරම් දුකක් විඳි අයයි. මීනා කුමාරි බීමට ඇබ්බැහි වෙන්නේ ඇයගේ මානසික පීඩනය නිසා නින්ද නොයන බැවින් නින්දට පෙර බ්‍රැන්ඩි වීදුරැවක් බීමට දුන් නිර්දේශය නිසායි. ගීතා දත් ගේ සැමියා ඉතා දක්‍ෂ, කඩවසම් නළුවෙක්/අධ්‍යක්‍ෂක වරයෙක් වුවද අමු බේබද්දෙකි, ගීතා බීමට හුරැ වී ඇත්තේ ඔහුගෙන් බව පැවසේ. අනියම් සබඳතා තිබූ, බිරිඳට තාඩන පීඩන කල ඔහු ගීතා මිය යෑමට වසර අටකට පෙර ඩ්‍රග් ඕවර්ඩෝස් එකක්/දිවි නසා ගැනීම (හේතුව නිශ්චිත නැත, එය දිවි නසා ගැනීමක් නම්, එය දිවි නසා ගැනීමට ඔහු දැරෑ තුන් වන උත්සාහයයි) නිසා වයස තිස් නමයෙන් මිය යෑම නිසා කුඩා දරැවන් තිදෙනෙක් සමඟ තනි වීමද ඇයගේ මානසික පීඩනය දෙගුණ කල බව පැවසේ. 


සයීඩා කාන්

ඔබ සමහරවිට හිතනව නම් ඇබ්යූසිව් පාට්නර් කෙනෙක්ගේ නරක බළපෑමක් දරැවන්ට සිදු නොවෙයි කියා, සයීඩා කාන්ගේ සිදුවීම ඔබ නොදන්නවා ඇති. සයීඩා කාන් රිදී තිරයට එන්නේ හැටේ දශකයේ විතර. ඇය රඟපාන මේ ගීතය එච් ආර් ජෝතිපාල සහ ඇන්ජලීන් ගුණතිලක ගැයූ "මේ මෝසම් මද සුළඟ හමා" කොපි ගීතයේ හින්දි ගීතයයි. ye mausam rangeen sama - https://www.youtube.com/watch?v=Rm8vztwdxsk

සිනමා පට කීපයක් රඟපෑ ඇය චිත්‍රපට අධ්‍යක්‍ෂකයෙක් හා විවාහ වෙනවා. ටොක්සික් පුද්ගලයකු වූ ඔහු ඇයට මුස්ලිම් ආගම අතහැර හින්දු ආගම වැළඳ ගන්නා ලෙසත් සිනමා පට වල රඟ නොපාන ලෙසත් බල කරනවා. අඬදබර ගහන මේ පවුලේ පුතෙක් සහ දුවෙක් ඉපදෙනවා. ටිකෙන් ටික අඬදබර වල දරැණු බව වැඩි වී, පුතාගේ විසි වන උපන්දිනය දා බීගත් පියා විසින් දරැ දෙදෙනාට සහ මවට වෙඩි තබා ඔහුද වෙඩි තබා ගන්නවා. වෙඩි වැදුන පුතා හැර අනිත් සියල්ලන්ටම ජීවිත අහිමි වෙනවා. මේ ඛේදජනක සිදුවීම සිදු වූයේ 1990දී.


ප්‍රවීන් බාබි

ප්‍රවීන් බාබිගේ කතාව මාතෘකාවට නොගැළපෙන නමුත් මෙහි සඳහන් කරන්නට හිතුවේ තමන්ගේ ආදරණීයයෙක් මානසික ආබාධයකින් පෙලෙන බව හැඟේ නම් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ වැදගත්කම ගැන අදහසක් ලබා දීමටයි.

ප්‍රවීන් බාබි හැත්තෑව දශකයේ ඉහළ මුදලක් අය කල සුරෑපී නිළියක්. ඒ කාලයේ ඉතාම ජනප්‍රිය වූ මේ ගීතයේ අමිතාබ් සමඟ රඟපාන්නේ ඇයයි. Kaalia - Jahan Teri Yeh Nazar Hai - Kishore Kumar - https://www.youtube.com/watch?v=BXaqBNTl7zI

ප්‍රවීන් ඉපදුනේ රෝයල් බ්ලඩ් සහිත ධනවත් ගුජරාටි මුස්ළිම් පවුලක එකම දරැවා ලෙසය. ඇය ගියේ හොඳම පාසැල් වලටය, ජීවත් වූයේ ඉහළම ආකාරයටය. ඇය වයස විසි තුනේදී පමණ මොඩලින් කිරීමට පටන් ගත් පසු ඇයට චිත්‍රපටි සඳහා ආරාධනා රැසක් ලැබිනි. කලින් සඳහන් කල තරැ මෙන් කොන්ද කඩාගෙන වැඩ කර පවුළ නඩත්තු කිරීමට ඇයට සිදු නොවීය. ඇය ජීවත් වුනේ හැම අතින්ම වාසනාවන්ත ලෙසයි. නමුත් අවාසනාවක මහත, ඇයගේ මනස නීරෝගී තත්වයේ නොවීය. ඇය schizophrenia නොහොත් භින්නෝන්මාදයෙන් පෙලෙන්නට විය. මොන තරම් හොඳින් ළමයින්ව රැක බලා ගත්තත් ඇතැම් විට නිශ්චිත හේතුවක් නැතිවම වුවත් මානසික රෝග හට ගන්නා බව අප තේරැම් ගැනීම ඉතාම වැදගත්. අනිත් අතට, ඇයගේ ජීවිතයේ යම් ටෞමා තිබුනාදැයි අපි නොදනී. මානසික රෝග ගැන නොදැන සිටි ඇයගේ මව (ඇයගේ පියා ඇයට වයස අවු දහයේදී අහිමි විය) සිතුවේ ඇයට යක්‍ෂ බැල්මක් වැටී ඇති බවයි. භින්නෝන්මාදය වැළඳුනු අයෙකුට නොයෙක් රෑප පෙනීම, කටහඬවල් ඇසීම, නොයෙක් තර්කානුකූළ නොවන බියජනක අදහස් පහළ වීම (උදාහරණයක් ලෙස, තමන්ගේ හොඳම යාළුවා තමන් බැලීමට කෑමක්ද අරන් ආවොත්, කටහඬකින් ඒ කෑම වලට යාළුවා වස දමා ඇති බව ඇසීමට හැක. එවිට රෝගියා බිය වී යාළුවාට බැන වැදී ගෙදරින් එළවා දමයි. යාළුවා ඒ බවක් නොදන්නා නිසා තමාට සැළකූ ආකාරය ගැන කෝපයට පත් වනු ඇත. එබැවින් මේ රෝගය සහිත පුද්ගලයන්ව බාහිරට පෙනෙන්නේ නරක නපුරැ විශ්වාස කල නොහැකි unpredictable අය ලෙස නමුත් ඇත්තවශයෙන්ම ඔවුන් ඉතා අසරණය). වයස විසි නමයේදී පමණ රෝගය විටින් විට උත්සන්න වීම නිසා ඇය සිනමාවෙන් ඈත් වුවත් වයස අවුරැදු පනහේදී අකාළයේ මිය යන තුරැම ඇය ගෙව්වේ පුදුමාකාර වේදනාත්මක ජීවිතයකි. ඇයට කිසිම ආදර සම්බන්ධයක් සාර්ථක කර ගත නොහැකි විය, ඇයට ලන් වූ නොයෙක් දෙනා ඇයගෙන් නොයෙක් දේ කඩා වඩා ගත්හ. ඇයට තිබූ එකම හයිය වූයේ ඇගේ මව පමණි. මවගේ මරණයට පසු ඇය උග්‍ර ලෙස රෝගී විය. ඇයගේ සිරැර සොයා ගන්නා විට මිය ගොස් දින තුනක් පමණ ගත වී තිබූ අතර මරණයට හේතුවක් වූයේ දින ගණනාවක්  ආහාර නොලැබීමයි/starving. බොහෝ වාසනා ගුණ දෝතින් දරා ඉපිද, අකාළයේ කුසගින්නේ කාත් කවුරැවත් නැතිව දියවැඩියාවෙන් සහ පාදයක ගැන්ග්රින් තත්වය නිසා ඇවිදීමටද නොහැකිව සිහි විකල්ව මිය යෑම මොන තරම් සෝචනීයද?

 සුරයියා, මීනා, ගීතා, සයීඩා, ප්‍රවීන්,  ඔබේ ආත්ම වලට සැනසීම ලැබේවා!

පැරණි හින්දි සිනමාවේ ටොක්සික් මිනිස්සු විනාස කරපු තරැ මිසක ටොක්සික් මිනිස්සුන්ගෙන් බේරිච්ච තරැ නැතිද? නර් ගීස් සහ සුනිල් ගේ කතාව එවැනි සතුටු හිතෙන කතාවක්. ඇය ඉපදුනේ ධනවත් වශවත් කලාවට ලැදි මුස්ළිම් පවුලක. ඇය සිනමාවට ආ පසු එවකටද කසාද බැඳපු ළමයි ඉන්න රාජ් කපූර් ඇයව බිළි බා ගෙන අනියම් බිරිඳ කර ගන්නවා. නර්ගීස් කියන්නෙ  රාජ් කපූර්ගේ රත්තරන් බිත්තර දාන කිකිළියයි, මොකද ඔහු අටව ගත් චිත්‍රපට සමාගමට ප්‍රොෆිට් ගේන්න ඇයට ඔහුගේ සමාගමේ චිත්‍රපට වල රඟපාන්න උනා. රාජ් කපූර් ගේ ටොක්සික් ආත්මාර්ථකාමී කම නිසා ඇයට උස සපත්තු පැළඳීම පවා තහනම් කලා මොකද උස සපත්තු පැළඳුවොත් ඇය ඔහුට වඩා  උසට පෙනේවි යැයි ඔහු සිතුවා , නර්ගීස් ළමයින්ට හරි ආසයි නමුත් ඔහු ඇය සමඟ ළමයි හදන්නද තරයේ අකමැති උනා. මෙසේ අන්ත අවාසනාවන්ත සම්බන්ධයක වසර නමයක් තිස්සේ හිර වී සිටි ඇයට සුනිල් දත් හමු වන්නේ 1957 වසරේ මදර් ඉන්ඩියා රෑගත කරද්දී. එහි ඔහු ඇයගේ පුතා ලෙසයි රඟපෑවේ. සුනිල් ඉතාම දුප්පත් පවුළකින් ආව ඒ වන විට නර්ගීස් වගේ ගොඩක් ජනප්‍රිය තාරකාවක් නොවූ තරැණයෙක්. මේ දෙදෙනා ආදරය කරන්නේ එකිනෙකාගේ ඇත්ත ඇති සැටියෙන්ම දැන ගෙන ඒ අතීතයේ අවාසනාවන්ත සිදු වීම් වර්තමානයේ ලස්සනට බාධා කර නොගෙනයි.  අඩි හයකට වඩා උස සුනිල් කවදාවත් නර්ගීස්ට ඇඳුම් පැළඳුම් වලට නීති දැම්මෙ නැති නිසා ඇය රිසි සේ උස අඩි සපත්තු පැළඳුවා. ඔවුන් විවාහ වී දරැවන් තිදෙනෙකුගේ මව්පියන් බවටද පත් උනා. හැම මූලාශ්‍රයකටම අනුව අන්තිම මොහොත දක්වාම ආදරයෙන් වෙළී සිටි යුවළක් ඔවුන්. 


නර් ගීස් සහ සුනිල්













Thursday, November 16, 2023

ටොක්සික් මිනිස්සු කියන්නෙ කාටද - මගේ සත දෙක


ටොක්සික් මිනිස්සු ගැන පළ කරපු අදහසක් දැක්කම මට හිතුනා ටොක්සික් මිනිස්සු  කියන්නෙ කාටද කියන කාරණය පුළුල් ලෙස කතා කරන්නට. මේ අදහසම අඩු වැඩි වශයෙන් නොයෙකුත් අය විසින්  නොයෙක් තැන් වල කියල තියෙන බව මම කීප වතාවක්ම දැක්කා.

"Toxic කියල මිනිස්සු ජාතියක් නෑ . ඉපදුන හැම කෙනාම ඒ ඒ අවස්ථාව අනුව වෙනස් වෙනවා. සෝවාන් වෙච්ච කවුරුත් නෑ නේ මෙතන..

අනිත් කෙනා එයාගේ හැසිරීම බාරගන්න විදිහ අනුව තමයි toxic ද නැද්ද තීරණය වෙන්නේ. මොකද සමහර අය ඉන්නවා toxic අයටම කැමති.,, මිනිස්සුන්ව බෙදන්න හොද නෑ. හැමෝම ලගම කාටවත් නැති හොද ගතිගුණ සහ නරක කියන දෙකම තියෙනවා. (සියල්ල වෙනස් වෙන සුළුයි )..., ❤️💪

මේ ඔක්කොම toxic ද😐 මේ ලෝකෙ එහෙනම් එකම.මනුස්සයෙක්වත් නැතුව ඇති toxic nathi"


"එහෙම වර්ග කරන්න බැහැ .ටොක්සික් අය එහෙම නැති කියලා .
හැමෝම ගාව ඒක තියෙනවා අඩු වැඩි විදියට .
ඒක හරියටම අලු පාට මිනිස්සු වගේ .
තනි කර සුදු අයත් නැහැ කලුම අයත් නැහනෙ
.මට වැටහෙන විදියට ."

මේ අදහස සම්පූර්ණයෙන්ම වැරදි නමුත් බැලූ බැල්මටම හරි වගේ පේන නිසා ටිකක් විස්තරාත්මකව කතා කරමු. හැමෝම ලගම හොද ගතිගුණ සහ නරක කියන දෙකම තියෙනවා යන කතාව ඇත්ත නමුත් හොද හෝ නරක ගතිගුණ යනු ස්පෙක්ට්‍රම් එකක් නොහොත් ධූරාවලියකි. උදාහරණයකට ඉරිසියාව යන නරක ගතිගුණය සළකා බලමු. ඉරිසියාව යන හැඟීමේ තීව්‍රතාවය අනුව එකේ සිට සියය දක්වා ධූරාවළියක් සකස් කලොත්, එහි බින්දුවේ අගය "ඉරිසියාවක්  නොදැනෙන පුද්ගලයා" සහ අන්ක සියය "උපරිම ඉරිසියාවක්  දැනෙන පුද්ගලයා" යන දෙදෙනායි. මේ දෙදෙනා ඉන්නේ ඉරිසියාව යන හැඟීමේ තීව්‍රතාවයේ සෛද්ධාන්තික අන්ත දෙකෙහි බව ඔබට පෙනෙනවා ඇති. මේ සෛද්ධාන්තික අන්ත දෙකෙහි පුද්ගලයන් දෙදෙනා ප්‍රායෝගික ලෝකයේ හමු නොවන තරම් ය. නමුත් ඒ අන්ත දෙක අතර අනන්ත සඛ්‍යාවක ඉරිසියාවේ තීව්‍රතා තිබේ. (උදාහරණයකට, 5, 5.1, 5.11, 5.111 ... ආදී ලෙස). මේ ලෝකයේ මිනිස්සු සැම දෙනාම ඒ අන්ත දෙක අතර ඇති ඉරිසියාවේ විවිධ තීව්‍රතාවයන් වලට ඇතුළත් කල හැක.

 Y නැමති පුද්ගලයා ස්පෙක්ට්‍රම් එකේ අසු ගණන් වල වගේ ඉන්න නිසා ඔහු අධික ලෙස ඊර්ශ්‍යා පරවශ, ඊර්ශ්‍යාව නිසා අහින්සකයෙක්ට කෑළෑ පත්තර පෙත්සම් ආදිය ගැසීමට හෝ තර්ජනය කිරීමට පසු බට නොවන කෙනෙක්.

X නැමති පුද්ගලයා ස්පෙක්ට්‍රම් එකේ විසි ගණන් වල වගේ ඉන්න නිසා ඔහුට ඊර්ශ්‍යාව දැනුනත් තීව්‍රතාවය ගොඩක් අඩුයි. ඔබේ අළුත් කාර් එක දැකපු ගමන් ටිකක් ඉරිසියා හිතිල මූණ එල්ල ගත්තට පහුවදා ඉඳල නෝමල් විදිහට ඔබ එක්ක ඉන්න කෙනෙක්.

ඉරිසියාව නිසා පුද්ගලයෙක් ලොකු විනාශයක් කරන්නට පෙළඹෙන තීව්‍රතාවය හැත්තෑ පහ ලෙස හිතමු (ඇත්ත ලෝකයේ මේ සීමා හඳුනා ගන්නේ සහ මේවා ඉතාම ගැඹුරින් අධ්‍යයනය කරන්නේ විද්‍යාත්මක පරීක්‍ෂණ වල දත්ත මගින්). එම 75 මට්ටමට වඩා තීව්‍ර ලෙස ඉරිසියා කරන අයෙක් ටොක්සික් ලෙස සරළව අර්ථ දැක්විය හැක. ඔවුන් තීව්‍රතා මට්ටම අනුව චරිත ඝාතනයට බොරැ පැතිරවීම (76), කෑළෑ පත්තර පෙත්සම් ආදිය ගැසීම (84.5), තුන් වන පාර්ශවයකට මුදල් දී හෝ තමන් විසින්ම  තර්ජනය කිරීම (92), තුන් වන පාර්ශවයකට මුදල් දී හෝ තමන් විසින්ම ශාරීරික හින්සා කිරීම (95.345), තුන් වන පාර්ශවයකට මුදල් දී හෝ තමන් විසින්ම ඔබට ශොට් එක දීම (99.99) ආදී ලෙස නොයෙකුත් ටොක්සික් වැඩ කල හැකි අය වේ.  

ඒ අනුව ඔබට පේනව ඇති "Toxic කියල මිනිස්සු ජාතියක් නෑ . ඉපදුන හැම කෙනාම ඒ ඒ අවස්ථාව අනුව වෙනස් වෙනවා. සෝවාන් වෙච්ච කවුරුත් නෑ නේ මෙතන.." යන තර්කය අසාර්ථක එකක් බව, අප හැමෝටම එකම හැඟීම් දැනෙන බව සත්‍ය නමුත් ඒ හැඟීම් ප්‍රොසෙස් කරන ආකාරයේ ලොකු විවිධත්වයක් පවතින නිසා හැඟීම් වලට ප්‍රතිචාර ලෙස ඇති වන  අපේ හැසිරීම්/ආකල්ප වල ලොකු විවිධත්වයක් තියනවා. ඒ විවිධ හැසිරීම් ආකාර වලින් තමාට/සමාජයට හානි වන සීමාව හඳුනා ගෙන ඊට එහා අය ටොක්සික් ලෙසත් ඊට මෙහා අය ටොක්සික් නැති ලෙසත් ඉතා දළ වශයෙන් හඳුනා ගන්නට පුළුවන්.

"අනිත් කෙනා එයාගේ හැසිරීම බාරගන්න විදිහ අනුව තමයි toxic ද නැද්ද තීරණය වෙන්නේ." යන අදහසත් ඉහත පැහැදිළි කිරීමට අනුව ඉතා සoකීර්ණ බව ඔබට පෙනෙනවා ඇති.  

මානසිකව නිරෝගී ඕනෑම කෙනෙක්ට අනුව Xගේ හැසිරීමේ සහ Yගේ හැසිරීමේ වෙනස ඇති වන්නේ "අනිත් කෙනා එයාගේ හැසිරීම බාරගන්න විදිහ අනුව" නොවේ, X සහ Y ගේ ක්‍රියා කළාපය අනුව වේ. මානසිකව නිරෝගී ඕනෑම කෙනෙක්ට නොන් ටොක්සික් සහ ටොක්සික් මිනිස්සු දෙන්නෙක් ගේ වෙනස හඳුනා ගත හැකිය. ඔබ සාපේක්‍ෂව නීරෝගී මනසක් සහිත කෙනෙක් නම් කියල කිව්වේ, ඔබ ටොක්සික් නම්, ඔබට ටොක්සික් නැති ලෙස පේන්නේ ඔබේ වයිබ් එකට ගැළපෙන ඔබ වැනිම ටොක්සික් අය වීමයි. නමුත් යථාර්තය එය  නොවේ.

නමුත් නොන් ටොක්සික් මිනිස්සු දෙන්නෙක් ගේ තත්වය තරමක් සන්කීර්ණය. ස්පෙක්ට්‍රම් එකේ පහළින් ඉන්න කෙනෙක්ට තමන්ට සාපේක්‍ෂව ඉහළින් ඉන්න (නමුත් ටොක්සික් සීමාවට වඩා ගොඩක් පහලින් ඉන්න) කෙනෙක් ටොක්සික් ලෙස දැනීමට හැකිය. උදාහරණයක් ලෙස ස්පෙක්ට්‍රම් එකේ 5.0 හි ඉන්න, ඉතාම අඩුවෙන් ඊර්ශ්‍යාව දැනෙන හිත දියුණු කෙනෙක්ට ඉහත X (20.0) ගේ හැසිරීම (තමන්ට සාපේක්‍ෂව) ටොක්සික් බව දැනෙනු ඇත. එ බැවින් ඉතා දළ වශයෙන් ගත්තොත් ඔබ සාපේක්‍ෂව නීරෝගී මනසක් සහිත කෙනෙක් නම්, ඔබේ ජීවිතයට නෙගටිව් වයිබ් එකක් ගෙනෙන පුද්ගලයන් ඔබට වඩා ස්පෙක්ට්‍රම් එකේ ඉහළින් ඉන්න අය විය හැක. ඔබ සහ ඔහු අතර ගැප් එක වැඩි වෙන තරමට නෙගටිව් වයිබ් එක වැඩි වේ. ඔබට දැරිය හැකි නෙගටිව් වයිබ් එකේ සීමාව තීරණය කල යුත්තේ ඔබය. ඒ සීමාවට වඩා වැඩි නෙගටිව් වයිබ් එකක් ඇති අයව හලා දැමීම හෝ තදබල බවුන්ඩරීස් දමා ඈතින් තබා ගැනීම මඟින් ඔබගේ ආලෝකය ඩිම් නොවී පවත්වා ගත හැකිය. 


 
ඉතා සoකීර්ණ පුද්ගල පෞරැෂයන් ගැන හදාරා ටෙක්නිකල් ටර්ම්ස් දැන නොසිටියද, සමහර මිනිස්සු ඉතා පහත් හැසිරීම් සහ ආකල්ප ඇති අය බව, ටොක්සික් නොවන, ඒ මිනිසුන්ගේ අතවරයට/හින්සනයට/අගතියට ලක් වූ අය දනිති. ඒක නොදන්නේ ටොක්සික් හෝ මානසිකව නිරෝගී නැති මිනිස්සුය. උදාහරණයකට, මම බස් රථයක සිටියදී ඒ රථයට නැග මගේ කණට ලන් වී කුණුහරපයක් කියා ඒ රථයෙන් බැස මා වැනිම ගොදුරක් සොයා තව බස් රථයකයකට නගිනා මිනිසෙක්, පහත් හැසිරීම් සහ ආකල්ප ඇති අයෙකු බව මම නීරෝගී මනසක් ඇති කෙනෙක් නම් මට වැටහිය යුතුය.ඒ අනුව ටොක්සික් මිනිසෙක් යන වචනය මම දන්නේ නැති විය හැකි උනත් ටොක්සික් මිනිසෙක් කියන්නේ මොකක්ද යන්න මම හඳුනයි. කවුරැහරි කාන්තාවක් ඒ සිද්ධියට මුහුන පෑ පසු සතුටක් ලබනවා නම් ඒකෙ තේරැම රථයට නැග කණට ලන් වී කුණුහරපයක් කියා ඒ රථයෙන් බැස තව බස් රථයකයකට නගිනා මිනිසා නෝමල් යන්න නොව එම කාන්තාව මානසිකව නිරෝගී නැත යන්නයි. බස් රථ වලට නැග ගෑනුන්ගේ කණට ලන් වී කුණුහරප කියන පුරැද්ද ඇති මිනිසා තමන් කරන දේ ටොක්සික් යැයි හිතන්නේ නැත. ඔවුන් එය සාමාන්‍යකරණය සඳහා "Toxic කියල මිනිස්සු ජාතියක් නෑ . ඉපදුන හැම කෙනාම ඒ ඒ අවස්ථාව අනුව වෙනස් වෙනවා. සෝවාන් වෙච්ච කවුරුත් නෑනේ මෙතන.." වැනි නොයෙක් ටොක්සික් තර්ක ගෙන එනු ඇත.  

ටොක්සික් හැසිරීම් සාමාන්‍යකරණය වන්නේ ටොක්සික්  මිනිස්සු බහුතරයක් සිටින හෝ ටොක්සික්  මිනිස්සුන්ගේ ග්‍රහණයට ලක් වූ සමාජ වලය. 

පුද්ගලයෙක් ගේ එකම නරක හැඟීම ඉරිසියාව නොවේ, එසේම හොඳ හැඟීම්ද බොහෝ පවතී. ඒ අනුව කුඩා කාළයේ පාසැල් රිපෝට් කාඩ් එකේ ඒ ඒ විශයට ගත් ළකුණු සහ ඒවා ඔකකොගේම එකතුව අනුව පන්තියේ කී වෙනියාද යන්න තීරණය වූ පරිදි සියළුම මූළික  හොඳ නරක හැඟීම්/ආකල්ප/හැසිරීම් වල එකතුව අනුව මනුශ්‍ය  හැඟීම්/ආකල්ප/හැසිරීම් ස්පෙක්ට්‍රම් එකේ ඔබ ඉන්නා තැන ඔබේ සමස්ථ ටොක්සික්/නොන් ටොක්සික් භාවය තීරණය කරනු ඇත. 

සාමාන්‍යයෙන් එක නරක ගතිගුණයක තිවෘතාවය ටොක්සික් මට්ටම අභිභවා ගිය කෙනෙක් ගේ අනිත් නරක ගතිගුණ තිවෘතාවයද වැඩි වීමේ නැමියාවක් පවතිනවා මොකද ඒවා එකිනෙක බැඳී පවතින නිසා. ඉරිසියාව එක්ක තරහ, දුක, බය, හීනමානය ආදී බොහෝ නරක ගතිගුණ බැඳී පවතිනවා. හොඳ ගතිගුණත් ඒ වගේ. ඒ නිසා ගොඩක් වෙලාවට ඔක්කොම ගතිගුණ ඇනලයිස් කරනවට වඩා  ගතිගුණ කීපයක් ඇනලයිස් කරන එක ප්‍රමාණවත්.

මේ අදහස තවත් පැහැදිලි කිරීම සඳහා සරල උදාහරණයක් යොදා ගනිමු. ඔබේ ජීවිතය ඔබ ඉතා අමාරැවෙන් උත්සහයෙන් කැප වීමෙන් ගොඩ නගන ලස්සන උද්‍යානයක් ලෙස මොහොතකට සිතන්න. මේ උද්‍යානයට ඕනෑම කෙනෙක්ට ඇතුළු වීමට ඔබ ඉඩ හැරියොත්;

1. ටොක්සික් මිනිස්සු - උද්‍යානයේ තැන තැන මළමුත්‍රා කරයි, කළහ කර ගනි, ගස් වැල් වලට මුවා වී ගෑනුන්ට සරම උස්සයි, බලහත්කාරකම් කරයි, තුරැ ළතා කපා කොටා විනාශ කරයි, සත්තුන්ට උගුල් අටවයි, වද දී බය කර එළවා හෝ මරා දමයි, පොකුණු වල ජලය බොර කරයි, ජලයට වස දමයි ආදී නොයෙක් බරපතල හානි කර අවසානයේ එය අපායක් කරයි, එතනින්ද නොනැවතී එහි සිදු වන අපරාධ නිසා හිරේ විළoගුවේ ලැගීමටද වේ.


2. තියරිටිකලි නොන් ටොක්සික් නමුත් ඔබේ වයිබ් එකට මැච් නොවන මට්ටමට ටොක්සික් මිනිස්සු - ඔබේ උද්‍යානයේ විනෝද වෙන ගමන් අසාධාරණ ලෙස එය විවේචනය කරමින් ඔබේ හිත නිතර රිදවයි, නිතරම මල් පැළ ඉල්ලමින් ඔබට කරදර කරයි, ඔබේ උද්‍යානය අනිත් අයගේ උද්‍යාන සමඟ සසඳමින් ඔබව පහත් කරයි ආදී අම්බ ටොක්සික් නොවන, නමුත් ඔබේ අභ්‍යන්තර සාමය වනසන දේ නිතරම කරයි.  


3.ඔබේ වයිබ් එකට මැච් වන  නොන් ටොක්සික් මිනිස්සු - ඔබේ උද්‍යානයේ ඔබ සමඟ හොඳට විනෝද වේ,  ඔබේ උද්‍යානය රැක ගනී, වල් පැළ උදුරා, පෝර සහ වතුර දමා රකියි, ඔවුන්ගේ මල් පැළ ඔබ සමඟ බෙදා ගනී, ඔබේ උද්‍යානය අවන්කව අගය කරයි, එය වැඩි දියුණු කරන්නට අදහස් දී උදව්ද කරයි. 

මේ අනුව ඔබේ ජීවිතයට මොන තරම් බලපෑමක් ටොක්සික් මිනිස්සු කරනවාද යන්න ඔබට අවබෝධ විය යුතුය. "මිනිස්සුන්ව බෙදන්න හොද නෑ. හැමෝම ලගම කාටවත් නැති හොද ගතිගුණ සහ නරක කියන දෙකම තියෙනවා." යැයි ඔබට වරදකාරී හැඟීමක් පටවා ඔබව විනාශ කිරීමට කාටවත් ඉඩ දෙන්න එපා.  අවාසනාවකට අපේ ප්‍රායෝගික ජීවිතයේදී ටොක්සික් මිනිස්සු සමඟ අනිවාර්‍ය ගනුදෙනු යෙදේ, කාර්‍යාල සගයන්, අසල් වැසියන්, නෑයන් ආදී නොයෙක් සමාජ කව වල ටොක්සික් මිනිස්සු සිටී. ඊට අමතරව බසයේ හෝ කඩයේදී ආගන්තුක ටොක්සික් මිනිස්සු සමඟ ගනුදෙනු  කිරීමට සිදු වේ. එවැනි අවස්ථා වල උද්‍යානයට ඇතුලු වීමේ නීති සහ ඒවා කඩන්නන් උද්‍යානයෙන් තරා තිරම නොබලා ඉවත් කරන ක්‍රමද ඔබ දැන සිටීම වැදගත් වේ. ටොක්සික් මිනිස්සු අනුන්ගේ උද්‍යාන වලට රින්ගා ඒවා වනසා දැමීමෙන් මහත් සතුටක් ලබන නිසා ලේසියෙන් නීතිගරැක නොවන අතර ලේසියෙන් යවන්නටද බැරිය. ඔබ බ්‍රෑම් ස්ටෝකර්ගේ ඩ්‍රැකියුලා කියවා තිබේ නම් ඩ්‍රැකියුලා ගෙට එන්නේ ආරාධනා කලොත් පමණක් නමුත් ඉන්පසු යවන්නට මාර අමාරැය, ඔබේ ලේ බී ක්‍රමානුකූළව මරා දමයි, මළත් සැනසීමක් නැත, ඔබද "යකෙක්" වේ. ටොක්සික් මිනිස්සු එවැන්නන් ය. ඒ නිසා ඔබේ ජීවිතය නැමති ලස්සන උයනට රැකවල් නොහොත් බවුන්ඩරීස් දමා ගැනීම වැදගත් වේ. ඒ ගැන ඊලඟට කතා කරමු.

ඔබට ටොක්සික් ගතිගුණ ඇත්නම් උත්සහ කලොත් ඒවා බොහෝ විට  ආපිට හැරවිය හැකි බවද මතක් කල යුතුමය. සමහර වෙලාවට ටොක්සික් ගතිගුණ ඉන්ඩියුස්ඩ් නොහොත් ඔබ පත් වී ඇති තත්වය/ඔබේ පරිසරය ආදී බාහිර සාධක නිසා හට ගත් ඒවාය. එය තේරැම් ගෙන එම සාධක ඉවත්කරන විට ඔබ නීරෝගී වේ.








Wednesday, November 8, 2023

බිඳුනු පවුලකින් උරැම වූ ඝෘනාත්මක ගති ලක්‍ෂණ මඟහරවන්නේ කෙසේද? - මගේ සත දෙක



මිනිස්සුන්ට කාලාන්තරයක් තිස්සේ කරපු දේ නවත්තල එක පාර වෙනස් වෙන්න පුළුවන්ද? ගොඩක් දෙනා හිතනවා ජීවිතේ යම් කඩඉමකට පසු වෙනස් වෙන්න, උදාහරණයකට, විභාගෙ පාස් උනාම, රස්සාවකට ගියාම, කසාද බැන්දම, ළමයි හම්බ උනාම හෝ එවැනි කඩඉමකට පසු මෙච්චර කල් කරගෙන ආව ඇතැම් නරක ගති අතෑරල හොඳ අතට වෙනස් වෙන්න. ඒ වගේම තරැණ කාලෙ පිස්සු කෙළල වයසට ගිහාම පන්සල්/පල්ලි/කෝවිල් වල පදින්චි වෙලා හොඳ අතට වෙනස් වෙන්න පුළුවන් කියලත් හිතනව. නමුත් එසේ රෑ එළි වෙන පමණින් කලාන්තරයක් තිස්සේ කරපු දේවල් වෙනස් කර ගන්න ගොඩක් අමාරැයි. ඉහත රෑප සටහනේ පරිදි අපගේ සිතුවිලි වලින් වචනද, වචන වලින් ක්‍රියාවන් ද, ක්‍රියාවන් නිසා පුරැදුද, පුරැදු නිසා චරිතයද, චරිතය නිසා ඉදිරි අනාගතයද සැළසුම් වෙනවා. ඒ නිසා ඉදිරි අනාගතය යහපත් වෙන්න නම් තම ඇතුළාන්තයෙන්ම යහපත් වීමට ජීවිත  කාලය පුරාම ක්‍රම ක්‍රමයෙන් හුරැ වීම අනිවාර්‍යයක්. ඒ නිසා මුල් ළමා විය ඉතාමත්ම වැදගත් කාල පරිච්ඡේදයක්. දෙමව්පියන් ළමයෙකුගේ මුල් ළමා වියේ පැළ පදියම් කරන ආකල්ප මත ළමයෙක්ගේ ඉදිරි කාලය බොහෝ සේ රඳා පවතිනවා. සාර්ථක පේරන්ට්ල ළමයි හදන්නෙ හොඳ ක්‍රීඩා පුහුණුකරැවෙක් ආධුනික ක්‍රීඩකයෙක්ව ක්‍රම ක්‍රමයෙන් ක්‍රීඩාවට පුහුණු කරනව වගේ තමන්ගෙ ළමයව ක්‍රම ක්‍රමයෙන් ස්වාධීනව, යහපත් ලෙස, සතුටින් සහ සාර්ථකව ජීවත් වෙන්න පුහුණු කරල. බිඳුනු පේරන්ට්ල ළමයි හදන්නෙ එක්කො සමාජ පීඩනය, නැත්නම් එවෙලෙ විනෝදෙට, නාකි උනාම සළකව ගන්න, පවුල් සැළසුමක් නොමැති නිසා ඇති වූ හදිසි ගැබ් ගැනීමක් ලෙස, ඉමෝශනල් බ්ලැක්මේල් කරන්න හරි පාවිච්චි කරන්න පුළුවන් තුරුම්පුවක් ලෙස, කසාදෙ නොකැඩී පමත්ව ගන්න මුක්කුව ලෙස වැනි බාහිර සාධකයකට නිසා ළමයව කුසළතා සඳහා පුහුණු කරන්නෙ නැහැ. එහෙම පුහුණු කරන්න දන්නෙත් නැහැ, ඒව මුකුත් අධ්‍යයනය කරලත් නෑ, කරන්න උවමනාවකුත් නෑ. ඒ විතරක් නෙමේ, ළමයගෙ අනගතයට අහිතකර ලෙස බළපාන නමුත් තමන්ගෙ ආත්මාර්ථකාමී ටාගට් එකට හිතකර ලෙස බලපාන පුරැදුත් ළමය තුළ ඇති කරවනවා. උදාහරණයකට, මෙවැනි බිඳුනු පේරන්ට්ල ළමයට ස්වාධීනව තීරණ ගන්න පුරැදු කරන්නෙ නෑ ඒ මගින් ළමයා සදහටම තමන්ගෙ පදයට නටන රෑකඩයක් කර ගැනීම තමන්ට වාසි නිසා. ළමයෙක් කියන්නෙ තමන්ගෙ ෆොටෝකොපියක්වත් තමන්ගෙ හෙවනැල්ලවත් තමන්ට යන්න බැරි වෙච්ච තැන්වලට රේස් දුවවන්න හදන අස්පයෙක්වත් විශ්‍රාම සැළසුමක් වත් නොවන බව මේ බිඳුනු දෙමව්පියෝ තේරැම් ගන්නේ නැහැ. ඒ නිසා බිඳුනු පේරන්ට්ල ඉන්න ළමයින්ට මේ මුල් ළමා විය සන්වර්ධනය නිසි පරිදි ලැබෙන්නෙ නැහැ. 

බිඳුනු පේරන්ට්ල කොයි රටෙත් ඉන්න බවත් පේරන්ට්ලගෙ බිඳුනු බව ස්පෙක්ට්‍රම් එකක් නිසා එක එක පේරන්ට්ලගේ එක එක ප්‍රමාණ වලින් "බිඳුනු ගති" පවතින බවත් තේරැම් ගැනීම වැදගත්. දරැවෙකුට දෙමව්පියෙක් වන එක ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ,  අපේ අම්මලාගෙ තාත්තලගෙ කාලෙ ළමයි හැදෙන්නෙ ළමයෙක් කියන මනුස්සයා උවමනාවටම නෙවෙයි. කසාදයක් බැඳලා ළමයෙක් හදන එක කරන්න තව සෑහෙන හේතු තිබුනා. බවලත්තු හරි හමන් ගෑණු කියලා ඔප්පු කලේ කසාද බැඳලා ළමයෙක් හැදිල්ලෙන්. බැඳ ගත්ත හරි නොගිය කසාද අමාරුවෙන් ගැට ගහලා තියාගන්න වැඩිහිටියො නිර්දේශ කලේ ළමයි හැදිල්ල. වයසට ගියාම වතුර පොවන්න, මහ මනුස්සයගෙ රස්සාව උන්දැගෙන් පස්සෙ කරගෙන යන්න, වතුපිටි බලා කියාගන්න වගේ වගකීම් ගොන්නක් කරේ තියාගෙනම උපන්න ළමයි ඉන්නවා. ඇත්තටම මේ ළමයි බහුතරයක් තමන්ගෙ ඕනෑ එපාකම් විශේෂයෙන්ම මානසික, සමාජයීය ඕනෑ එපාකම් දෙමාපියන්ගෙන් සම්පූර්ණ නොවෙන තැන්වල අන්ත අසරණ වෙලා බිඳිච්ච වැඩිහිටියො බවට පත් වෙනවා. ඒ කියන්නේ හැම බිඳුණු වැඩිහිටියෙකුටම පාහේ දුක්බර කතාවක් තියෙනවා. ඒ නිසා බිඳුනු දෙමව්පියන් ඉන්න දරැවන් තම දෙමව්පියන්ගේ වැරදි දෙස උපේක්‍ෂාවෙන් බලන්නට උත්සහ කල යුතු වේ. 

අසාර්ථක පවුලකින් උරැම වූ ඝෘනාත්මක ගති ලක්‍ෂණ එක්ක ගණුදෙනු කරන හැටි හරි අපූරැවට පහත රෑප සටහනෙන් පෙන්වනවා. ඒ වගේ පවුළකින් බිහි වන වැඩිහිටියන්ට ඉමෝශනල් බැගේජ් එකක් නැතිනම් අතීතයේ සිදු වූ (නරක) සිදුවීම් සහ ඒ සමඟ බැඳුනු ඝෘනාත්මක හැඟීම් මුල් කොට ගත් ඝෘනාත්මක හැසිරීම්/ආකල්ප පවතිනවා. එම බැගේජ් එක ලොකු වෙන තරමට ඉදිරියට යන්න අමාරැයි. එය පළමු රෑපයෙන් සන්කේතාත්මකව පෙන්වනවා. දෙවනි රෑපයෙන් පෙන්වන්නේ එම බැගේජ් එක සඳහා සුදුසු ප්‍රතිකාර/therapy ලබා ගැනීමයි. (ප්‍රතිකාර යයනුවෙන් අදහස් කරන්නේ මනෝ වෛද්‍යවරයෙක් හෝ යම් පුද්ගලයෙක් හමු වී බෙහෙත් ගැනීමම නොවේ. ඔබට ස්වයo අධ්‍යයනය තුළින් ස්වයo ප්‍රතිකාර පවා ලබා ගැනීමට හැකිය. උදාහරණයකට, යූටියුබ් හි සුදුසුකම් ලත් මනෝ වෛද්‍යවරැන්ගේ කොන්ටෙන්ට් ඕනෑ තරම් නොමිළයේ ඇත. අනිත් අතට තමන්ට ඕනෑ කමක් නැත්නම් ලෝකයේ ඉහළම මුදල අය කරන මනෝ වෛද්‍යවරැන්ගේ සේවය ලබා ගත්තත් ඇති ප්‍රතිපලයක් නැත. ) ප්‍රතිකාර ලබා ගනිද්දී එම බැගේජ් එක තුළ සැඟවී ඔබව බයට ලැජ්ජාවට හෝ වේදනාවට පත් කරන ඩීමන්ස්ලා එකින් එක බෑගයෙන් එළියට අදිනු ලැබේ.  අනතුරැව එම ඩීමන්ස්ලා එකින් එක විච්ඡේදනය කර හඳුනාගනු ලැබේ. මේ  ප්‍රතිකාර ලබා ගන්නා කාලය එතරම් සුන්දර කාලයක් නොවේ, මොකද මේ වැඩේ ඉතාම බිය ජනක සහ අප්‍රසන්න ඒ වගේම මෙච්චර කාලයක් කරන්නට ධෛර්‍යයක් නොතිබුන වැඩක් නිසා. නමුත් තුන්වන රෑපයේ පරිදි, තෙරපි වලට පසු, ඔබ ඩීමන්ස්ලාව විච්ඡේදනය කර ඉගෙනගෙන අවබෝධ කර ගෙන ඇති නිසා ඔවුන් තව දුරටත් ඔබව බිය වද්දන්නේ නැත. ඔබේ ඉදිරි ගමනට බාධා කරන්නේද නැත. එම අවසාන රෑපයේ පෙන්වන අදහස හරිම වැදගත්. ඔබ සුව වූවා යන්නෙහි අදහස බෑගයේ සිටි ඩීමන්ස්ලා විනාශ වූ බව නොවේ (සමහර ඩීමන්ස්ලා තෙරපි මඟින් විනාශ කළ හැක,  තවත් සමහර ඩීමන්ස්ලා විනාශ කල නොහැක, නමුත් සහයෝගයෙන් කටයුතු කරන මට්ටමට පත්කර ගත හැකිය.), ඔවුන් තව දුරටත් ඔබ සමඟම සිටින නමුත් කළින් මෙන් දරැණු සහ ඔබේ ඉදිරි ගමනට බාධා කරන්නේ නැත. ඒ සමඟම මුල් ළමා වියේ වැදගත්කමද තුන් වන රෑපයෙන් පෙනේ.  ඔබේ දරැවාගේ මුළු ජීවිත කාලයම ඔහුත් සමඟ රැඳී සිටිනා යක්‍ෂයන් නිර්මාණය කරන දෙමව්පියෙක් නොවන්නට වග බලා ගැනීම වැදගත් බව මතක තබා ගැනීමට එම  රෑපය ඉතා වැදගත් ය. 


කළින් ලිපියේදී ඉමෝෂනලි නෙග්ලෙක්ටඩ් ළමයි (පේරන්ටිෆයිඩ් ළමයි සහ ස්කේප්ගෝට්ලා ඇතුළුව), ගෝල්ඩන් චයිල්ඩ් සහ නොයෙක් පේරන්ටින් ෆේල් පවුල් වල ළමයි කාලය සමඟ  වැඩිහිටියන් බවට පත් වෙලා, ළමා කාලයේ ලැබුන නරක අත්දැකීම් වලින් හටගත් නොයෙකුත් මානසික ව්‍යාධීන් හේතුවෙන් තමනුත් දුකට පත් වෙලා,  අනුන්වත් දුකට පත් කරන්නන් බවට පත් විය හැකි බව මම කිව්වා. එසේ තමනුත් දුකට පත් වෙලා  අනුන්වත් දුකට පත් කරන ආකාර වලට සුළභ උදාහරණ කීපයක් නම් පීපල් ප්ලීසින් කරන්නට ගොස් තමන්ගේ අවම මූළික අවශ්‍යතා පවා කැප කර, ඉතාම දුක්ඛිත ජීවිතයක ගෙවා, ඒකෙ ඇරියස් එක පව්ලේ උදවියගෙන් සහ සමාජයෙන් ඇල්ලීම, අධික කන්ට්‍රෝලින් මඟින් පාට්නර්ගේ (සහ එම අඬදබර නිසා ළමයින් ගේ) ජීවිතය අපායක් කරන ගමන් අධික සැකය නිසා තමන්ගේ ජීවිතයද අපායක් කර ගැනීම, තමන්ගේ වටිනාකමක් දැනෙන්නේ නැති නිසා පසු කාළීනව මොන තරම් ඉහළ උපාධි පාස් කලත්, මොනතරම් මුදල් දේපොළ සමාජ තත්වය ලැබුනත්, අධික හීනමානය පහ නොවී ඉරිසියාව කුහකකම වපුරමින් දුක් විඳින ගමන් සමාජයටත් හානි කිරීම, හෝ අනිත් අතට ගෝල්ඩන් චයිල්ඩ්ලා අන්තිම ආත්මාර්ථකාමී  වැඩිහිටියන් වීමේ ලොකු ඉඩක් පැවතීම ආදිය සළකන්නට පුළුවන්. 

ඊට අමතරව Dark Triad - එහෙම නැත්නම් අඳුරු ත්‍රිත්වය කියල හදුන්වන පෞර්ෂත්ව ආබාධ 3  ඇති විය හැකියි. හැබැයි මේ තත්වෙට පත් වන හැමෝම ඉමෝෂනලි නෙග්ලෙක්ටඩ් ළමයිම කියල එකකුත් නෑ. රෙෂිලා ගොඩකන්ද ගේ ලිපියකින් අඳුරු ත්‍රිත්වය පැහැදිලි කරල තියෙනවා. (https://www.facebook.com/reshika.dissanayake) ඒ ලිපියේ අදාළ කොටස (අඳුරු ත්‍රිත්වය හඳුන්වා දෙන කොටස) මේ ලිපිය පහළින් කහ පාට අකුරැ වලින් දක්වා තිබෙනවා. 

බැගේජ් එක තුළ සැඟවී ඔබව බයට ලැජ්ජාවට හෝ වේදනාවට පත් කරන ඩීමන්ස්ලා එකින් එක විච්ඡේදනය කර හඳුනාගනු ලැබේ  යන්නට මගේ අත්දැකීමක්;
මම ඒ කාලෙ මගේ ආදරණීයයෙක් කෝල් එකක් ආන්සර් කලේ නැත්නම් පණ බයේ  එකපිට එක කෝල් ගන්නවා මොකද මට හිතෙන්නෙම මොනවහරි අනතුරක් වලා කියල. ඉමෝෂනලි නෙග්ලෙක්ටඩ් ළමයින්ගේ ලක්‍ෂණ ලිස්ට් එක මම පහළින් රතු පාට අකුරින් දාල තියෙනවා.  ලිස්ට් එකේ අන්ක දොළහෙ තියෙන Usually assume the worst possible thing will happen in any given time තත්වය තමා මට තිබුනෙ. නමුත් අපි දන්න හඳුනන වෙනත් පවුල් වල (විශේෂයෙන් මෙහෙ) ආදරණීයයෙක්  කෝල් එකක් ආන්සර් නොකලම එහෙම පැනික් වෙලා ඔළු කන්නෙ නැහැ, ඒ නිසා මෙතන මගේ හැසිරීමේ අවුළ මම තේරැම් ගත්තා. මේ ගැන ඇනළයිස් කරන කොට මම ගොඩක් කුඩා කාලෙ මගේ අම්ම තරවටු කරන්නට යොදා ගත් "මම අද වැඩට ගිහින් ගෙදර එන්නෙ නෑ" කියන කතාව මට මතක් උනා. ඒ කතාව මගේ කුඩා මනසට බලපාපු හැටි  මතක් උනා. මම කොතරම් බය උනාද කිව්වොත්, ඉස්කෝලෙ ඇරිල ඇවිත් කෑම කාල කෙළින්ම ගෙදර තාප්පෙ ලඟට ගිහින් පාර බලාගෙන ඉන්න පුරැදු උනා. අම්මගෙ ඔෆිස් එක ඇරෙන්නෙ පහට නම් තුනේ විතර ඉඳල මම පාර බලාගෙන ඉන්නවා. හයට විතර අඬන්න ගන්නවා. මේක අහළ පහලට විහිළුවක් සහ අම්මගේ කෝපයට හේතුවක් උනා. එයා කවදාවත් මගෙ ඒ හැසිරීමට හේතුව හොයා බලල  තේරැම් ගත්තෙ නෑ. ඒ පරම්පරා වල දෙමව්පියො බහුතරයක් ඒ වගේ. මම හිතනව තමන්ගෙ ආදරණීයයෙක් ගෙදරින් පිටට ගිහින් නැවත ගෙදර නොඑයිද යන බය මට ප්ලාන්ට් උනේ මේ විදිහටයි කියල. ඉතින් හේතුව තේරැම් ගත්තම ඒ ෆෝබියාවෙන් මමම හිතල ගොඩ ආව. අද වෙද්දි ඉස්සර වගේ  ආදරණීයයෙක්  කෝල් එකක් ආන්සර් නොකලම  කෝල් සීයක් එක හුස්මට අරන්, වෙන්න තියන නරකම දේ වෙලා කියල හිත හිතා බය වෙලා, ඒ මනුස්සය පහුවෙලා ආන්සර් කලාම කඩා පනින්නෙ නෑ.

තමන්ගේ ඉමෝෂනල් බැගේජ් එක නිසා ඇති උන දුර්වලතා හඳුනා ගැනීමට තරම් තමන් ගැන අවබෝධයක් ලබා ගැනීම නොහොත් සෙල්ෆ් අවෙයාර්නස් එක දියුණු කර ගැනීම මෙහිදී ගොඩක් වැදගත්. තමන්ගේ දුර්වලතා ගැන අවබෝධයක් ගැනීමට නම් හැම විටම ලන්කාවේ මිනුම් දඬු වෙනුවට අන්තර්ජාතික මිනුම් දඬු පාවිච්චි කරන්න මොකද ලන්කාවේ සාමාන්‍ය ලෙස සළකන බොහෝ ටොක්සික් ගතිගුණ සහ හැසිරීම් තියේ. උදාහරණයකට, පාරට කුණු දැමීම, පාරේ යන ගැහැනුන්ට හින්සා කිරීම, පාරේ අනතුරකදී නීතිය අතට ගෙන කළහ කිරීම වගේ ලන්කාවේ නෝමල් හැසිරීම්  අන්තර්ජාතික මිනුම් දඬු අනුව ටොක්සික් හැසිරීම් නිසා දඬුවම් ලැබෙන වැරදි වේ.  තමන්ගේ ආදරණීයයන්ගෙන් ඔවුන් අකමැති ඔබේ හැසිරීම් මොනවාදැයි සොයා බලන්න. ගොඩක් වෙලාවට අපේ ඊගෝ එක නිසා අපට අපගේ ඉමෝෂනල් බැගේජ් එක නිසා ඇති උන දුර්වලතා පෙනෙන්නේ නැහැ. 

ඒ වගේම ටොක්සික් නැති යහපත් මිනිස්සු අධ්‍යයනය කිරීම මගිනුත් තමන්ගේ ඉමෝෂනල් බැගේජ් එක නිසා ඇති උන දුර්වලතා හඳුනා ගැනීමට හැකියි. මගේ පවුලේ එහෙම මිනිසුන් හිටියත් ඔබ දන්නෙ නැති නිසා යූ ටියුබ් ස්ටාර් කෙනෙක් වන රාමුව නාළිකාවේ රන්දික උදාහරණයකට ගමු. රන්දික ගැන පෞද්ගළිකව මම දන්නෙ නැහැ, නමුත් ඉතා සියුම් නිරීක්‍ෂණ මඟින් ඔහු ලාන්කික තරැණයන්ට හොඳ රෝල් මොඩල් එකක් බව පෙනෙනවා. උදාහරණයකට,  රන්දික තමන්ගෙ පාට්නර්ට දෙන තැන නිරීක්‍ෂණය කලොත්, වැඩකාරියක නොව සහකාරියක ලෙස ඇය සමඟ ටීම් වර්ක් එකක් කරන බව පේනවා ඇති, ඇයට ගෞරව කරන ආකාරය පේනවා ඇති, ඇයගේ සහයෝගය අගය කරන ආකාරය පේනවා ඇති. අනිත් අතට රන්දික තනියම තමන්ව එන්ටර්ටේන් කර ගන්න දන්න, තනියම ඉන්න බය නැති, තනියම තමන්ගෙ වැඩ කර ගන්න පුළුවන් කෙනෙක් බවත් පේනවා. ඔහු සෑහෙන්න පොත පත කියවන, දැනුම සොයා යන, රැකියාව කැප වීමෙන් කරන, බුද්ධිමත් ලෙස ජීවත් වෙන කෙනෙක්. ඒ වගේ රෝල් මොඩල් එකක් අධ්‍යයනය කරන්නට රෝල් මොඩල් එක පෞද්ගලිකව අඳුරගන්න අවශ්‍ය නෑ. ඒ වගේම රෝල් මොඩල් එකක වැරදිත් තියෙන්න පුළුවන් (ඔවුනුත් මිනිස්සු නිසා), නමුත් ඒ චරිතයේ ධනාත්මක පැත්තට පමණක් ෆෝකස් කරන්න.    

ටොක්සික් පේරන්ටින් වලදී නිතරම දකින දෙයක් වන ස්කේප්ගෝට් සහ ගෝල්ඩන් චයිල්ඩ් ගැන ටිකක් කතා කරමු. 

ගෝල්ඩන් චයිල්ඩ් - පවුළක ළමයි අතුරින් පෙනුම, දක්‍ෂතා, ලින්ගය, වැඩිමලා/බාලයා වීම වගේ කුමන හෝ හේතු වලට අනිත් දරැවන්ට වඩා විශේෂ ආදරයක් සැළකිළි දක්වා හදන ළමයා

ස්කේප්ගෝට් - In the Bible, a scapegoat is one of a pair of kid goats that is released into the wilderness, taking with it all sins and impurities. පවුළක ළමයි අතුරින් පෙනුම, අදක්‍ෂතා, ලින්ගය, වැඩිමලා/බාලයා වීම වගේ කුමන හෝ හේතු වලට අනිත් දරැවන්ට වඩා අඩු ආදරයක් සැළකිළි දක්වා හදන ළමයා. පවුලේ කවුරැවත් කරන්න අකමැති වගකීම් යුතුකම් වැඩ වැටෙන්නේ මේ ළමයා ගේ උර මතට වන අතර කවදාවත් හොඳක් ලේසියෙන් නොඅසයි. පවුලේ කුණු අදින බර අදින මොහු නිතර හැමෝගෙන්ම දොස් අහයි.  

පහත උදාහරණ දෙක ස්කේප්ගෝට් සහ ගෝල්ඩන් චයිල්ඩ් එකවර නඩත්තු කරන බිඳුනු පවුල් දෙකක තත්වය ඒ බිඳුනු පවුල් දෙකේ ස්කේප්ගෝට්ලා සමාජ මාධ්‍යයක කියා තිබූ ආකාරයයි.


මම ඉන්නෙ පිටරටක, කොහොමහරි මම මෙහෙ ඇවිල්ල සිටිසනුත් ගත්තා, අම්මවයි තාත්තවයිත් ගත්තා, විසිට් එකකට අරන් වීසා දික්කරනවා ලංකාවෙ තත්වෙ නිසා, මම එයාලට අන්තිම කාලෙ හොඳින් ඉන්න තමයි ඒ තීරණය ගත්තේ, මම බැඳලා නැහැ.
.
මට අයියා කෙනෙක් ඉන්නවා, එයා බැඳල ලමයි දෙන්නෙකුත් ඉන්නවා, තාත්තා දේපලවලින් වැඩි හරියයි වාහනෙයි ජීවිත බුක්ති මුකුත් නැතිව දුන්නේ, කොහොමහරි බැන්දට පස්සෙ සන්ඩු කරල එයාලා ගෙදරින් ගියා, ආපහු කොරෝනා කාලෙ ඇවිල්ල හේත්තු වුණා. ඉන් පස්සෙ අම්මලව එලවන්න තමා උත්සාහ කලේ, කොටින්ම මේව දැන් අපේ දේවල් දොට්ට බැහැල පලයල්ල වගේ දේවල් පවා කිව්වා අයියාගෙ නෝනා, එයාගෙ නමට වාහනේ තියෙන නිසා වාහනේට නගින්න පවා එපා කියපු අය ඉතින්. ලමයි පවා අම්මලා එක්ක රන්ඩුකලා,ඉතින් ඒ රන්ඩු සරුවල් නිසාම තමයි මම අම්මවයි තාත්තාවයි මෙහෙට ගත්තේ. ඇත්තටම තාත්තා මට දුන්නේ පර්චස් 10ක ඉඩමක්, ඒක විකුනලා තම මම මෙහෙ ආවේ, නොවිඳිනා දුක් වින්දා, නමුත් දැන් මට තියෙන්නේ වෙන ප්රශ්ණයක්,
.
අම්මා සැරින් සැරේ මගෙන් සල්ලි ඉල්ලනවා අයියලට දාන්න කියලා, එයාත් හරි කපටියි, ලමයි පෙන්න පෙන්න එක එක බොරු දේවල් වලට සල්ලි ඉල්ලනවා, මා හරි අමාරුවෙන් මෙහෙත් ජීවත් වෙන්නේ, අම්මලා තාත්තලාට රස්සාවල් කරන්න බැහැනෙ, ඉතින් එයාලගෙ බෙහෙත් අනන් මනන්, ඉන්සුවරන්ස් වලට එහෙම සෑහෙන සල්ලියක් යනවා, ඕවා කිව්වහම අම්මලා කියනවා එයත් මගෙ දරුවෙක්නේ කියලා, මම යුරෝ 50ක් වියදම් කලොත් අයියලාටත් ඒ ගානම යවන්න ඕන වගෙ තත්වයක් තියෙන්නේ, මම මගේ විනෝදයට කරපු වැඩ ඔක්කොම නවත්තලා දැන් රස්සා දෙකක් කරනවා, ඒත් මෙයාලට ඒක ගානක්වත් නැහැ, වෙලාවකට මට ගෙදර යන්න හිතෙන්නෙත් නෑ අම්මලා මා එක්ක සල්ලි ඉල්ලලා රන්ඩු කරනවා, ඔක්කොම අවුස්සන්නේ අයියා කෝල් කරලා, ලමයි පෙන්නලා හිඟාකනවා වගේ වැඩක්, දැන් එයාලවත් මෙහෙ ගෙන්නන්න කියලා අම්මලා රන්ඩු කරනවා, පරණ කරපු වෙනස්කම් ඔක්කොම අමතකයි. කොටින්ම එයාල සමහර කෑම පවා හංඟගෙන කෑවේ ඒ කාලේ. වෙලාවකට දිවිනහගන්න හිතෙනවා මේ දේවල් නිසා ඒත් අම්මලට යන කල මොකක්ද කියල හිත හදාගන්නවා, අනේ මට මේකෙන් ගැලවෙන්න විදියක් කියන්න ප්ලීස්, මම රට හිටියට මට සල්ලිය බාගෙ තියෙන කෙනෙක් නෙමෙයි, හරිම අමරුවෙන් පවුල් බර ඇදගෙන යනකොට කඩාවඩාගන්නමයි අයියලා බලන්නේ, අනේ හිත හැදෙන්න වචනයක් වත් කියාගෙන යන්න ගොඩාක් පිං.

මේ ගෲප් එකේ ගොඩක්ම ලොකු දරුවන්ගේ දෙමාපියන් ඉන්න නිසා මට මේ ගැන අහන්න හිතුනා ,ලමයි කිහිප දෙනෙක්ම ඉන්න ගෙවල් වල උදාහරණයක් විදිහට මගේ ගෙදර මමයි,මල්ලි සහ අක්ක ඉන්නේ , ගෙවල් දොරවල් යාන වාහන හැමදේම තියෙද්දි කවද හරි ඒව ඉතින් පව්ලේ බාලයට කියලා කියනව ගොඩක් අය අපෙ ගෙදරත් එහෙමයි. මම ඉක්මනින් මැරි කරල පව්ලෙන් අයින් උනා මොකද මට පුදුම stress එකක් තිබ්බේ පොඩි කාලේ ඉදන් ගෙදර ඉද්දි , මායි අක්කයි බැදල අයින් වෙලා ඉන්නේ මගේ සැමියාගෙ පව්ලෙත් එහෙමයි බාල සහෝදරයට කියලා ගෙවල් අයින් කරල තියෙන්නේ අපි දැනට ඉන්නේ ඇනෙක්ස් එකක් අරගෙන මට තියෙන ප්රශ්නේ දෙමාපියන්ට එහෙම පුලුවන්ද එක දරුවෙක්ට විතරක් එහෙම කරන්න ,අපේ ගෙදර නම් එහෙමයි ඉදල හිටල ගෙදර ගියාම වෙලාවක මල්ලි කන්න කැමති දේවල් ගෙනල්ල එයාට විතරක් උයල දීල තියෙනව කිහිප සැරයක්ම උනා ගොඩක් හිත රිදෙනව ඒ වගේ දේවල් දැක්කම අම්ම හිතල කරන දේවල් නෙමෙයි හැබැයි කියා ගන්න බැරි දුකක් දැනෙනව ,අක්කයි මායි පොඩි කාලෙ ඉදන්ම අපේ රෙදිකෑල්ලේ ඉදන් හෝද ගෙන උදේට ගෙදර වැඩත් කරල තමයි ඉස්කෝලෙ ගියේ ඉස්සර එතකොට මම පහ වසරෙ ,නිවාඩු දවස් වලට ගෙදර වැඩ අක්කටයි මටයි වෙන්කරල තිබ්බේ කිසිම නිදහසක් තිබ්බේ නෑ අම්මගෙ වැඩේම අපිට බනින එක කියවනව ඉවරයක් නෑ , මම A/L කරන කම් එහෙමයි මගේ exam දවසට වත් මගේ school uniform එකවත් හෝදල දීල නෑ ,පාඩම් කරද්දිත් එහෙමයි,අක්කට මල්ලිට එහෙම o.l / exam කාලේ තේ එක පවා හදල ගෙනත් දුන්න,ඒත් එයාල O/L විතරයි කලේ exam fail, මට කොච්චර වෙනස්කම් කලත් මම හොදට ඉගෙන ගත්ත ,ඒත් දැන් අපේ ගෙදර මල්ලිගෙ යට ඇදුම පවා හෝදන්නේ අම්ම,තේ එක ඉදන් හදල දෙනව,පිගාන කෝප්පේ හොදන්නෙත් අම්ම, ඒත් මට අම්මගෙ අතින් හදල දුන්න තේ එකක් බීපු කාලයක් මතක නෑ ,උදේට හවසට අම්ම එයාට තේ එක හදල ගිහින් දෙනව මට එහෙම නෑ මමම ගිහින් හදා ගන්න ඕනි ,ගෙදර ඉන්න කාලේ ජොබ් එකට ගියත් කෑම එකත් මම තනියම බෙදාගෙන අරන් යන්නේ,ඒත් මගේ මල්ලිට එහෙම නෑ එයත් ජොබ් එකක් කරනව ඒත් රුපියලක වත් ඉතුරුවක් නෑ තාමත් අම්මයි තාත්තා කන්න අදින්න දෙන්නේ ,ගෙදර ප්රශ්නයක් උනොත් ඒව විසදන්න ඕනි මම හැබැයි ,මම දෙමාපියන්ගෙන් එක බිම් අගලක්වත් ගන්න බලාපොරොත්තුවක් නෑ ඒත් එහෙම එක දරුවෙක්ට විතරක් එහෙම සැලකිල්ලක් දක්වද්දි ගොඩක් හිතට අමාරුයි ඒත් මල්ලි කවදාවත් දෙමාපියන්ට සලකන්නේ නෑ කියලා මම දන්නව මොකද දැනටත් එයා කියන කිසිම දෙයක් අහන්නේ නෑ ඒත් මගේ හිතට බයයි මේ වගේ දේවල් කරද්දි කවද හරි මට මගේ දෙමාපියන් එපා වෙයිද කියලා ,ඒත් මම එයාලට ගොඩක් ආදරෙයි.මගේ මල්ලිටත් එහෙමයි ඒත් මට දුක එයා කවද හරි බදින කෙල්ල පව් කියලා අම්මට කිව්වට අහන්නෙත් නෑ එයාගෙ වැඩ තනියම එයාට කරගන්න දෙන්න කියලා , මගේ හිතේ දුකට තමයි පෝස්ට් එක දැම්මේ මේ කියලා තියෙන්නේ ටිකක් විතරයි ,මම බැදල අයින් වෙලා අවුරුදු තුනක් වෙනව ඒත් හැමදාම අම්මට කෝල් කරල දුකසැප අහනව ,එක දවසක් වත් කෝල් එකක් දෙන්නේ නැතුව ඉදල නෑ මේ අවුරුදු තුනටම.ඒත් හිතට හරිම දුකයි,මම විදේශගත වෙන්න හිතන් ඉන්නේ රැකියාවක් කරල දෙමාපියන්ට සල්ලි එවන්නත් බයයි මේ ප්රශ්න නිසා මොකද හස්බන්ඩ්ට සල්ලි manage කර ගන්න බෑ ඒක නිසා මගේ එකම හීනෙ මගේ මහන්සියෙන් ගෙයක් හදල වාහනයක් ගන්න මම කිසිම දෙයක් දෙමාපියන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙත් නෑ මට ලැබෙන්නෙත් නෑ කියලා දන්න නිසා
l reactions:

ස්කේප්ගෝට්ලාට ඇති එකම විසඳුම තමන්ගේ ටොක්සික් පවුලෙන් ශාරීරිකව සහ මානසිකව ඩිස්ටන්ස් වීම පමණක්ම වේ (පවුල සම්පූර්ණයෙන් අතහැරීමට තරම් තත්වය දරැණු අවස්ථා තිබිය හැකි නමුත් බොහෝ විට අවම යුතුකම් ටික පමණක් හැඟීම්බර නොවී ඉටු කල යුතුය. ස්කේප්ගෝට්ලා බොහෝ විට තම ටොක්සික් පවුළ සමඟ වෙසෙද්දීම පවුලේ ණය ගෙවා ඇති අය වේ). එය ඉතාම අපහසු වේදනාත්මක කටයුත්තක් වුවත් තමන්ගේ සාර්ථකත්වය සඳහා ඇති එකම විකල්පය එයයි. ස්කේප්ගෝට්ලාට පවුලෙන් ඈත් විය හැකි ප්‍රධාන ක්‍රම තුන නම් අධ්‍යාපනය, විවාහය හෝ රැකියාව වේ. ඉහත උදාහරණ දෙකේ ස්කේප්ගෝට්ලා පවුලෙන් ඈත්  වී ඇත්තේද එලෙසයි. ඒ දෙදෙනා මෙන් වාසනාවන්ත නැති ස්කේප්ගෝට්ලා ගෙදර කරදර ඉවසාගත නොහැකිව කළබලයට කර ගන්නා විවාහයේදී නරක සහකරැවන්ට රැවටී කබලෙන් ලිපට වැටීමට හෝ පවුලේ බාධා නිසා අධ්‍යාපනය කඩාකපපල් වීමට බොහෝ ඉඩ තිබේ. පවුලේ අනිත් අය පිට මිනිසුන්ට මවා පෙන්වන නරක චිත්‍රය නිසා  ස්කේප්ගෝට්ලාට පවුලෙන් පිටතදීද තමන්ගේ තත්වය තේරැම් ගත් නෑයන් හෝ වෙනත් අය අඩුය. ඒ හැමටම වඩා තමන්ගේ පවුලෙන් වන අකටයුතුකම් තරම් දරැවෙකුට තවත් වේදනාවක් නොමැති නිසා විශාල ඉමෝෂනල් ඩැමේජ් එකක් සිදු විය හැක. නමුත් ස්කේප්ගෝට්ලා කෙසේ හෝ දැඩි අධිෂ්ථානයෙන් බුද්ධිමත්ව කටයුතු කල හොත් ඉතාම සාර්ථක විය හැක. ඉහත උදාහරණ වල  ස්කේප්ගෝට්ලා තමන්ට ලැබුනු සීමිත සම්පත් සහ අවස්ථා බුද්ධිමත්ව පාවිච්චි කර එසේ සාර්ථක වූ අයයි. නමුත් ඔවුන්ට බැගේජ් ඇත, ඒවා වල ඩීමන්ලා එළියට ඇද නියුට්‍රල් කල යුතුය. ඉහත උදාහරණ දෙකේම ස්කේප් ගෝට් ලා තමන්ගේ කිසි වරදක් නැතිව තමන්ට එසේ පවුලේ වෙනස්කම් විඳින්නට වූ එක ගැන තවමත් කොන්ෆියුස් වී සිටිති, තවමත් පවුලෙන් යම්පිළිගැනීමක්,  කෘතවේදී කමක්, ආදරයක්, සැළකීමක් සොයති.(තෙරපි වලදී එය කවදාවත් සිදු නොවන්නක් බව ඔවුන් වටහා ගනී, ඒ තත්වය පිළිගෙන ඉදිරියට යන්නට හිත හදා ගනී. ඉන්පසු ඔවුන් ටොක්සික් පවුලෙන් කිසිවක් බලාපොරොත්තු නොවේ. එය ඔවුන්ට අභ්‍යන්තර සාමය ලබා දෙයි.)   පවුලේ අසාධාරණ ඉල්ලීම් ප්‍රතික්ශේප කිරීමට බිය වෙති නැතිනම් ප්‍රතික්ශේප කළ පසු වරදකාරී හැඟීමකින් පෙලෙති. ඒ සඳහා තම ජීවිතයේ සතුට අනවශ්‍ය ලෙස විනාශ කර ගනිති. තෙරපි මඟින් ලැබෙන දැනුම සහ උපදෙස්/ක්‍රියාකාරකම් මඟින් මේ තත්වය බොහෝ දුරට හදා ගත හැකිය.  උදාහරණයක් ලෙස ඔවුන්ට එසේ උනේ ඔවුන්ගේ වරදක් නිසා නොවන බවත් මේ තත්වය ලෝකයේම බිඳුනු පවුල් අතර තියෙන බවත් දැන ගැනීම පවා ඔවුන්ට මහත් සහනයක් වනු ඇති.  

ජීවිතය ජය ගත් සාර්ථක ස්කේප්ගෝට්ලාගේ රහස් වන්නේ ටොක්සික් පවුල සමග ඉමෝශනලි ඩිස්ටන්ස් වීම, ඒ නිසා ඔවුන් කල අකටයුතුකම් ගැන මතක් කර කර වෛර නොකිරීම, ටොක්සික් පවුළට සමාව දී ආපසු හැරී නොබලා ඉදිරියට යෑම, වර්තමානය උපරිම සතුටින් ගත කිරීම ආදිය වේ. 

පහත සඳහන් වන්නේ එවැනි සාර්ථක ලෙස බැගේජ් එක මැනේජ් කර ගත්  ස්කේප්ගෝට් කෙනෙකුගේ කතාවයි.


තව මම 100% satis වෙන තැනට මගේ life එක ලගා වුණේ නැතත් මේ ඉන්න තත්වයත් හරිම peaceful.
මම පොඩි කාලෙ මගේ තාත්තා රට යන්නෙ මට අවුරුදු 2දි. අදටත් එයාගෙයි මගෙයි අතර මහාලොකු සම්බන්ධයක් නැති වුණත් අපි හරිම හොඳින් ඉන්නවා. මගේ අයියට පොඩි කාලෙ වකුගඩු ලෙඩක් තිබ්බ නිසා අම්මට ගොඩක් වෙලාවට එයා එක්ක hospital වල ඉන්න සිද්දවුණා. ඒ නැතත් එයා garment එකක job එකක් කලා. අපේ පස්සෙන් ඉදන් ඉගෙනගන්න ඒවට උදව් කරන්න කිසිම කෙනෙක් හිටියෙ නෑ මට මතක ඇති කාලෙක.ඒත් මම තනියම පාඩම් කරලා හැම exam එකක්ම වගේ හොඳටම කලා.මම AL කරන අවුරුද්දෙ අපේ ගේ හදන්න පටන්ගත්තා. ඒ නිස අගෙදර ඉදන් කිසිම දෙයක් කරන්න බෑ. මම යාලුවොන්ගෙ ගෙවල් වල ඉදන් පාඩම් කරේ. Library එකකටත් ගියා. ඊටපස්සෙ A3ක් අරන් AL PASS වෙලා campus යන්න select වුණා. මාස 6ක් වගේ යද්දි මට තේරුණා ගෙදර ආර්ථිකමය තත්වය එච්චර හරි නෑ කියලා.ඒ කාලෙ මගේ අයියා marry කලා. එයාලා හරිම කරදර කරනවා අදටත් අම්මලාගෙන් සල්ලි ඉල්ල ඉල්ල. Marry කරත් කිසිම උවමනාව්ක නෑ job එකක්වත් කරන්න.. අම්මා තාත්තා වුණත් එයාලට උදව් කරන්න විතරයි මහන්සි වුණේ.  පස්සෙ මම campus නවත්තලා job එකක් කරා. අවුරුද්දක් ගිහිල්ලා සල්ලි ටිකක් එකතු කරන් private degree එකක් කලා. මේ දේවල් වලට මට ගෙදරින් කියලා කිසි උදව්වක් තිබ්බෙ නෑ. හැබැයි මම කිසිම කෙනෙක් එක්ක තරහ වෙවී එයා ඒක කලේ නෑ මෙයා මේක කලේ නෑ කිය කිය මගේ කාලෙ නාස්ති කරගත්තෙ නැතුව තනියෙන් මේ තරම් දුරට ආවා.
මේ අතරතුර මට affair එකක් තිබ්බා. ඒක ඊටත් වඩා toxic. ගෙදරදි වුණත් හරි ආදරයක් අවදානයක් නොතිබුණ නිසා මේ affair එක හරි නෑ කියලා තේරුම් ගන්නවත් මුලින් තේරුමක් තිබ්බෙ නෑ. එයාගෙම වැරදි මට අහු වෙලා මම ඒවා ඇහුවා කියලා ගුටි කාලත් තියෙනවා. හැබැයි ටික කාලයක් යද්දි මම අකැමැත්තෙන් උනත් තේරුම් ගත්තා මේක නුසුදුසු සම්බන්ධයක් කියලා. මම ඒක නැවැත්තුවා. ඔහු මට පුදුම විදිහට කරදර කලා ඊටපස්සෙ මම නැති වුණොත් මැරෙනවා කියලා මගෙ යාලුවන්ට පවා කෝල් කර කර පුදුම මානසික කරදරයක් දුන්නා. හැබැයි ඒ හැමවෙලේම මම මාව විතරක් තෝරගත්තා. 
ඒ හැම ප්‍රශ්නයක්ම විසඳුනාට පස්සෙ වෙන හරිම healthy සම්බන්ධයක් පටන්ගත්තා. විවාහ වෙලා මාස 6කට වගේ පස්සෙ හොඳ රටකට ආවා Masters එක කරන්න. ඒකත් නික්න් ලැබුනෙ නෑ පුදුම විදිහට මහන්සි වුනා. Universities වලට තනියම emails දාලා ඔක්කොම බලලා තමයි මෙහෙ ආවෙ.
අද මම කාත් එක්ක්වත් තරහ නෑ. මොකද කිසිම කෙනෙක් නිසා මම මගේ ජිවිතේ නාස්ති කරගත්ට්ගෙ නෑ. පුදුම toxic නෑදෑයො මට හිටියෙ. අවුරුදු 15 වෙද්දි මම පැනලා යයි කියලා එයාලා බලන් හිටියෙ.මම marry කරද්දි පවා පහුවදාම මඟුල කඩාගෙන ගෙදර එවි කිව්වා.
ඉතින් මට කියන්න ඕන්ද් වුණේ ඔයාට දෙයක් ඕනනම් කිසි කෙනෙක් දිහා බලන් ඉන්න එපා. හැමදෙයක්ම හොයන්න හොයලා බලලා කොහොමහරි pathway එක හදාගන්න ඔයාට ඕන දේ කරන්න. මහන්සි වෙන්න ඔයා "ඔයා" වෙනුවෙන්. 
මට පොඩි කාලෙ ආස දේවල් මුකුත් ලැබුනනේ නෑ. ඒත් අද මම හරිම ආසාවෙන් මම ඇදුම් ගන්නවා. ඉස්කෝලෙ යද්දි ඉරිච්ච සපත්තු දාපු මම දැන් කැමති කැමති විදිහෙ shoes,heels ඔක්කොම ගන්නවා. ජීවිතේ හරිම සතුටින්.
ඉතින් ඔයාලා කාගෙවත් වැරදි කිය කිය ඉන්නෙ නැතුව පුලුවන් තැනකින් ජීවිතේ පටන්ගන්න. සල්ලි නැත්තම් පොඩි පොඩි jobs හරි කරන්න. මම ඉස්සර දවසට 500ක් වගේ හම්බෙන leaflets බෙදන ඒවත් කලා weekend වල. 
උවමනාවක් තියෙනවනම් නිදහසට හේතු කියනවා වෙනුවට ජීවිතේ නැවතුන තැන්වලින් පටන්ගන්න ගොඩාක් පාරවල් අපිට හම්බෙනවා❤️

ඉහත දැක් වූ ස්කේප්ගෝට්ලගේ කතා තුනේම ගෝල්ඩන් චයිල්ඩ්ල තුන් දෙනෙක් ඉන්නවා, අයියල දෙන්නෙක් සහ මල්ලි කෙනෙක්. මම වෙනත් කතා වල දැකල තියෙනව පුතාව ස්කේප්ගෝට් කරල දුවව  ගෝල්ඩන් චයිල්ඩ් කරපු දෙමව්ියන්ව, ඒක නිසා ඒ ඒ පවුළ අනුව ලින්ග භේදය මත අසමානව සළකන ආකාරය වෙනස් වෙනවා. ආසියාතික රටවල පවුලේ නම ගෙන යන නිසා පුතුන්ට ගෝල්ඩන් චයිල්ඩ්ල වීමට වැඩි අවස්ථාවක් තියෙනවා. ඒ කොහොම වෙතත්, ගෝල්ඩන් චයිල්ඩ්ලා යනු ආත්මාර්ථකාමී ගුළි. මේ කතා වල ගෝල්ඩන් චයිල්ඩ්ලා අසාර්ථක වැඩිහිටියන් බව පෙනෙනවා ඇති, ඔවුන්ට  දෙමව්පියන්/සහෝදරියන් ලවා අතට පයට වැඩ කර දීම නිසා මූළික ජීවන කුසළතා ටික වත් හරියට දන්නේ නැති, අසාධාරණ ලෙස වාසි ලබා ගන්නා, අවස්ථාවාදී, සහකම්පනයක් නැති, කෙළෙහිගුණ නැති අමු තිරිසන් ආකාරයට හැදී ඇත්තේ තනිකරම දෙමව්පියන් විසින් වැඩි ආදරය නිසා ඔවුන්ව විනාශ කිරීම නිසායි. ඒ නිසා ළමයෙකුට ආදරෙයි නම් අතට පයට වැඩ කර දී, අසාධාරණ ලෙස විශේෂ සැළකිලි දී, වැරදි වලදී ළමයාගේ පැත්ත අරගෙන  ආත්මාර්ථකාමී නරැමයන් කරන්නට එපා.   


අපි දරුවො වෙලා උපදින කොටම තමයි අම්මලා තාත්තලා දෙමවුපියො වෙලා උපදින්නෙ සමහර වෙලාවට.දැන් කාලෙ දෙමවුපියො වෙන අපිට ඒ රාජකාරිය හරියට කරන හැටි ගැන දැනමුතුකම් ගන්න සෑහෙන තැන් තියෙනවා.ඒ හැටිම හොඳයි කියලා අනුමත කරන්න අමාරු බුකියෙ උපදෙස් දෙන සමූහවල ඉඳන් හරියට ළමයි හදන එක ගැන ඉගෙන ගත්ත, අත්දැකීම් තියෙන මිනිස්සු ලියපු පොත පත, අන්තර්ජාල වෙබ් අඩවිවලින් තොරතුරු පහසුවෙන් ලබාගන්න අපි හුඟ දෙනෙක්ට පුළුවන් .
ඒත් අපේ අම්මලා තාත්තලා දෙමවුපියන් වෙච්ච කාලෙ මේ දැනුවත් වෙන්න පුළුවන් මාර්ග බොහොමයක් උන්දැලාට තිබ්බෙ නෑනේ.හුඟක් වෙලාවට තමන්ගෙ දෙමවුපියන් තමන් හදාපු විදිහෙ මතක, තමන්ගෙ වැඩිහිටියන්ගෙ ගුරුහරුකම් උඩ තැත් වරද ක්‍රමයට තමයි ඉතින් අපේ අම්මලා අම්මලගෙ අම්මලා ළමයි හදන්න ඇත්තෙ.ඉතින් ළමයින්ගෙ කෑම බීම ඉඳුම් හිටුම් වගේ භෞතික අවශ්‍යතා සම්පූර්ණ උනාට ආදරය, ආරක්ෂාව වගේ දේවල්වලින් පෝෂණය කෙරෙන එකේ ගැටලු අපේ පරම්පරාවල අය දරුවො වෙච්ච කාලෙ සෑහෙන අත් දැකලා තියෙන බව පේනවා.මේක මං හිතන්නෙ වර්තමාන සහ අනාගත පරම්පරාවල බොහෝ දුරට අඩු වෙයි.

දරුවෙක් හදද්දි දරුවාගෙ අවශ්‍යතා ගැන විශේෂයෙන්ම මානසික අවශ්‍යතා ගැන කතා කරන ළමා මනෝ විද්‍යාව ගැන කතා කරන ඒ වගේ විශයක වෛද්‍යවරයෙක් පහසුවෙන් මුණ ගැහෙන්න පුළුවන් කාලෙක අද අපි හිටියට අපේ අම්මලා තාත්තලා හිටියෙ මනෝ වෛද්‍ය විද්‍යාව කියන වචනෙ දැක්කත් පිස්සන්කොටුව කියන භයානක චිත්‍රෙ ඔලුවෙ ඇඳුන කාලෙක.ඉතින් තමන් විඳින මානසික ගැටලුවලට පිළියමක් ගන්න යොමු වෙන්න වගේම තමන්ගෙ දරුවන්ට තියෙන්න පුළුවන් ඒ වගේ ගැටලු ගැන වෛද්‍ය උපදෙස් හොයන්න ඒ මිනිස්සුන්ට පුළුවන් කමක් තිබුනෙ නෑ.විවිධ මනෝ ව්‍යාධි තමන්ට තියෙන බව නොදන්න, සමහරවිට දැනගත්තත් ප්‍රතිකාරවලට යොමු නොවෙන දෙමවුපියන් යටතේ හැදෙන්න වෙන දරුවො සෑහෙන අසරණ වෙනවා.ඒ වගේම විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගෙ අවශ්‍යතා අඳුනාගෙන උදවු කරනවා  වෙනුවට ඒ ළමයින්ට සාමාන්‍ය ළමයෙක් දුවන හැල්මේ දිවිල්ලෙම දුවන්න බල කරන එකෙන් ළමයින්ගෙ ආත්ම පුදුමාකාර විදිහට තුවාල වෙනවා.

මේ කරුණු කාරණා බොහොමයක් වර්තමානයෙ සහ අනාගතේ දෙමවුපියො වෙන අය මග ඇරවා ගනියි කියලා බලාපොරොත්තුවක් තියෙනවා.දෙමාපියන්ගෙ හැසිරීම් නිසා බිඳුන හුඟක් මිනිස්සු තමන් දෙමවුපියන් හැටියට දරුවන්ට ඒ අත්දැකීම් නොදෙන්න සෑහෙන පරිස්සමෙන් වගේම අමාරුවෙන් උනත් වගකීමෙන් කැපවෙන හැටි මම දකිනවා.හැමෝම නොවුනත් බහුතරයක් ඒ වෙනුවෙන් තමන්ගෙ උපරිමය කරන එක ගැන සතුටුයි. දරුවෙක් කියන්නෙ අලුත්ම මනුස්සයෙක් .ඒ මනුස්සයා මේ ලෝකෙට ගෙනාවනම් තනියෙන් හිටගන්න පුළුවන් කාලෙ වෙනකන් අතපය හතර වගේම හිතත් ආත්මයත් කුඩුපට්ටම් නොකර පරිස්සමෙන් උස් මහත් කරන්න මේ ලෝකෙ හැම වැඩිහිටියෙක්ම අඩු වැඩි වශයෙන් බැඳිලා ඉන්නවා.ඒක වැඩිහිටියන්ගෙ වගකීමක් මිසක් ළමයින්ව පස්සෙ කාලෙක ගැට ගහලා තියාගන්න හරි ඉමෝශනල් බ්ලැක්මේල් කරන්න හරි පාවිච්චි කරන්න පුළුවන් තුරුම්පුවක් නෙවෙයි. 


පහත දැක්වෙන්නේ  The Art of parenting (https://www.facebook.com/TheArtofParentingFHB) ගෙන් උපුටා ගත් මුල් ළමා විය සන්වර්ධනය ලිපි කොටසකි.

"මොළයේ සංවර්ධනය 

මුල් ළමාවිය යනු මොලයේ ඉතා වේගවත් සංවර්ධනයක් සහිත කාල පරිච්ඡේදයකි. මිනිස් මොලය ඉතා සැලකිය යුතු මට්ටමකින් වර්ධනයක් සිදුවන්නේ ද ජීවිතයේ මුල් අවුරුදු 5 තුළදීය. මෙම තීරණාත්මක කාල සීමාවේදී දරුවෙකුගේ සංවර්ධනය සඳහා දෙමාපියභාවය මගින් ඇතිකරන බලපෑම සුළුපටු නොවේ. අන්තර් සම්බන්ධතා පැවැත්වීම, උත්තේජන ලබා දීම, සහ චිත්තවේග පාලනය කර ගැනීමට සහාය වීම හරහා දෙමාපියන් විසින් දරුවාගේ ස්නායු සම්බන්ධතා සකස් වීම කෙරෙහි බලපෑම් ඇති කරයි. ඉගෙනීම, ගැටළු විසඳීම, සහ චිත්තවේග පාලනය සඳහා පදනම වන්නේ මෙම ස්නායු සම්බන්ධතාවයන්ය.

චිත්තවේගී යහපැවැත්ම

රැකබලාගන්නන් සමග ඇතිකරගන්නා චිත්තවේගී බැඳීම දරුවෙකුගේ චිත්තවේග යහ පැවැත්ම සඳහා පදනම සකස් කරයි. දෙමාපියන්ගේ ප්‍රතිචාරාත්මක බව සහ සෙනෙහස නිසා දරුවෙකුට ඇතිවන ආරක්ෂාව පිලිබඳ හැඟීම නිසා විශ්වාසයෙන් ලෝකය ගවේෂණය කිරීමට ඔවුනට හැකිවේ. තම දෙමාපියන්ගෙන් නිතර ආදරය ලැබෙන දරුවෙකුගේ ආත්ම අභිමානය, සහකම්පනය, සහ චිත්තවේගීය වශයෙන් ඔරොත්තු දීමේ හැකියාව වැනි ගුණාංග හොඳින් සංවර්ධනය වෙයි.

සමාජීය කුසලතා

දරුවෙකුගේ සමාජීය කුසලතා සංවර්ධනය කෙරෙහි දෙමාපියභාවය මගින් විශාල බලපෑමක් ඇති කරයි. දෙමාපියන් හා සහෝදර සහෝදරියන් සමග ඇතිකර ගන්නා අන්තර් සම්බන්ධතා හරහා සහයෝගයෙන් කටයුතු කිරීම, බෙදාහදා ගැනීම, සහකම්පනය වැනි ගුණාංග දරුවෝ ඉගෙන ගනිති. මෙම මුල් අත්දැකීම් මගින් පසු කාලීනව සමවයසේ මිතුරු මිතුරියන් හා වැඩිහිටියන් සමග ඇතිකරගන්නා ධනාත්මක සම්බන්ධතාවලට පදනම සකස් වේ. කරුණාව, අන් යට ගරු කිරීම, සහ ඵලදායී සන්නිවේදනය ආදර්ශයෙන් පෙන්වන දෙමාපියන් තම දරුවන්ට වටිනා සමාජීය කුසලතා උරුම කර දීමට හැකියාව ලබයි.

භාෂාව හා සන්නිවේදනය

මුල් ළමා විය තුලදී දරුවෙකුට ලැබෙන භාෂා උත්තේජනවල ප්‍රමාණය සහ ගුණාත්මක බව පසුකාලීන භාෂා සංවර්ධනය කෙරෙහි විශාල බලපෑමක් ඇතිකරයි. දරුවන් සමග පොත්පත් කියවීම හා ගීත ගායනය වැනි ක්‍රියා මගින් දෙමාපියන්ට ඔවුන්ගේ භාෂා සංවර්ධනය වැඩි දියුණු කල හැකිවේ. මෙම කුසලතාවය දරුවන්ට අධ්‍යාපනයෙන් සාර්ථක වීමට පමණක් නොව ජීවිතය පුරාම අවශ්‍ය වන ඵලදායී සන්නිවේදනය සහ තම අදහස් ප්‍රකාශ කිරීම සඳහා අත්‍යාවශ්‍ය වෙයි.

සාරධර්ම සහ සදාචාරය

දරුවන්ට ප්‍රධාන වශයෙන්ම ආදර්ශ ලබා දෙන්නේ දෙමාපියන් විසිනි. එමෙන්ම සදාචාරාත්මක වටිනාකම් සහ හැසිරීම් ගැන මුලින්ම දරුවන්ට හඳුන්වාදෙන්නේ ද දෙමාපියන්ය. අවංක බව, සෘජු බව සහ කරුණාව වැනි ගුණාංග සම්බන්ධව දරුවන්ට නිවසේදී ලැබෙන ඉගෙනෙම් අවස්ථා දරුවන්ගේ සාරධර්ම සංවර්ධනය කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරයි. සහකම්පනය සහ අන් අයට ගෞරවාන්විතව සැලකීම සමග දෙමාපියභාවය එක්වූ විට මෙවැනි ගුණාංග දරුවන් තුල ඇති කිරීම අපහසු නොවේ.

අධ්‍යාපනයෙන් සාර්ථක වීම

මුල් ළමා වියේදී දෙමාපියන්ගෙන් හොඳ සහයෝගයක් ලැබෙන දරුවන් පාසලදී ඉතා සාර්ථක වන බව දිගින් දිගටම පර්යේෂණ මගින් පෙන්වා දෙයි. දරුවන් සමග පොත් කියවීම, ගෙදර වැඩ සඳහා උදවු වීම, සහ ඉගෙනීම සඳහා උනන්දුවක් පෙන්නුම් කිරීම වැනි ක්‍රම හරහා අධ්‍යාපනයට දෙමාපියන් හවුල් වීම ඉතා වැදගත් වේ. එමගින් දරුවන්ගේ අධ්‍යාපන ජයග්‍රහණ ඉහල නැංවෙන අතර ජීවිතය පුරාම ඉගෙන ගැනීම සඳහා උනන්දුවක් ඇතිකර ගනියි.

ඔරොත්තු දීම සහ ගැටලුවලට සාර්ථකව මුහුණදීමේ කුසලතා

දෙමාපියභාවය යනු දරුවන්ට හැදී වැඩීම සඳහා ආදරණීය වටපිටාවක් සකස් කර දීම පමණක් නොවේ. ජීවන අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන ආකාරය ඉගැන්වීමත් ඊට ඇතුලත් වෙයි. අවශ්‍ය පරිදි මග පෙන්වීම, සීමාවන් පැනවීම, සහ දරුවන්ගේ වයසට ගැලපෙන පරිදි තීරණ ගැනීමට ඉඩ ලබාදීම වැනි දේ හරහා දරුවන්ගේ ජීවිතය පුරාම වැදගත් වන ඔරොත්තු දීමේ ශක්තිය සහ ගැටළු විසඳීමේ කුසලතා දියුණු කිරීම සඳහා දෙමාපියන්ට දායක විය හැක.

ප්‍රතිචාරාත්මක රැකවරණය:

දරුවා සහ රැකබලාගන්නා අතර සුරක්ෂිත සහ යහපත් බැඳීමක් ගොඩනැගීම සඳහා මූලික පදනම වන්නේ මුල් ළමා වියේදී දරුවෙකුට ලබාදෙන ප්‍රතිචාරාත්මක රැකවරණයයි. දරුවාගේ අවශ්‍යතා සහ හැඟීම්වලට අනුගත වීම සහ උණුසුම් හා සංවේදී ලෙස ඉක්මනින් එම අවශ්‍යතා ඉටුකර දීම ඊට ඇතුලත් වේ. මෙවැනි රැකබලාගැනීමක් නිසා දරුවාට ආරක්ෂාව ලැබෙන බව, තමාව තේරුම් ගන්නා බව සහ අගය කරන බව සම්බන්ධ විශ්වාසයක් ගොඩනැංවෙයි. ධනාත්මක සමාජ, චිත්තවේග සහ ප්‍රජානන සංවර්ධනය සඳහා මෙය අත්‍යාවශ්‍ය වේ. දෙමාපියන් විසින් දරුවාගේ හැඬීම, සිනහ වීම, සහ ඉරියවු වලට අවධානයෙන් ප්‍රතිචාර දැක්වීම හරහා දරුවා තුල විශ්වාසය ගොඩනැංවීම සිදුවෙයි. එමගින් දරුවාගේ ආත්ම අභිමානය සහ අන්තර් පුද්ගල සම්බන්ධතා සඳහා ශක්තිමත් අඩිතාලමක් නිර්මාණය කලහැක. ප්‍රතිචාරාත්මක රැකවරණය මගින් දරුවා තුල ආරක්ෂිත හැඟීමක් ඇතිවීම පමණක් නොව, ඔවුන්ගේ කුතුහලය සහ අවට ලෝකය ගවේෂණය කිරීමට ඇති උනන්දුවද ඉහල නංවයි. මෙමගින් දරුවාගේ ඉගෙනීමට සහ සංවර්ධනයට අවශ්‍ය ප්‍රශස්ත වටපිටාව ගොඩනැංවීම සඳහා විශාල දායකත්වයක් ලැබේ.
ප්‍රතිචාරාත්මක රැකබලාගන්නෙකු වීමට නම්, ඔබ දරුවාව හොඳින් නිරීක්ෂණය කිරීමට, ඔහුගේ/ඇයගේ ඉරියවු, ඉඟි, වාචික හා වාචික නොවන සන්නිවේදනයන් තේරුම් ගැනීමට, දරුවාගේ අවශ්‍යතා හඳුනා ගැනීමට සහ ඊට නිසි කාලයේදී, සුදුසු ප්‍රතිචාර දැක්වීමට ඉගෙන ගැනීම සිදු කල යුතු වේ. මෙම කුසලතාවය ඇතැම් විට ඔබට ඉගෙන ගැනීමට සිදුවිය හැකිය. ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්‍රියා කිරීමෙන් වෙනස් වේ. ප්‍රතික්‍රියාව බොහෝවිට චිත්තවේගී, වැඩිදුර නොසිතා නිතැතින්ම සිදුවන ක්‍රියාවකි. බොහෝ දෙමාපියන් තමන්ගේ දරුවන්ට ප්‍රතිචාර දක්වනවාට වඩා සිදුකරන්නේ ප්‍රතික්‍රියා කිරීමයි.
අපේ දරුවන්ට අවශ්‍ය වන්නේ ප්‍රතික්‍රියා කරන දෙමාපියන් නොව ප්‍රතිචාරාත්මක දෙමාපියන්ය!."

"Narcissist : 

ඔවුන්ගේ ප්‍රධානම ගතිය තමා grandiosity නැත්නම් තමා ගැන දක්වන අධි මානය. මම තමා ලෝකේ ඉන්න වඩා ලස්සනම , උසස්ම පුද්ගලයා ලෙස තමා ඔවුන් සිතන්නේ. මේ නිසා මොවුන්ට අධික අවධානය අවශ්‍යයි. ඔවුන් හිතනවා අනික් මිනිස්සු ඔවුන්ගේ අවස්යතා සම්පුර්ණ කරන්න බැදිලා ඉන්නවා කියල. තමන් ගැන අධි තක්සේරුව නිසාම ඔවුන්ට ජීවත් වෙන්න අධික ලෙසට අනුන්ගේ ප්‍රස්න්සාව අවශ්‍යයි. නමුත් ඔවුන් කිසිම විදිහකට අනික් අයට සලකන්න අවශ්‍යය බව හිතන්නේ නැහැ. ලැබීම හැර දීම කියල දෙයක් ඔවුන්ගේ ශබ්ද කෝෂ වල නැහැ. 

ඒ වගේම මොවුන් ඉතාම පහසුවෙන් බොරු කියනවා. ව්යාධිමය ලෙස බොරු කිවීම සහ කිරීම ඔවුන්ගේ ස්වභාවයයි. කාට හරි සලකනවා නම් ඒ තමන්ගේ ප්රෝයෝජනයට විතරයි. ඒ නිසාමයි ඔවුන් සාර්ථක මිනිස්සු එක්කම විතරක් සම්බන්ධ වෙන්න උත්සහ කරන්නේ. එලියට ලොකුවට පුම්බාගත් ස්වභාවයකින් හිටියට හිත ඇතුලෙන් නිතරම කඩා වැටෙන දියවෙන , තමන් ගැන හරිම හීන මානයක් තිබෙන උදවිය ඔවුන්. ඒ නිසයි කවදාවත් තමන් කරන වරදකට සමාව නොයිල්ලන්නේ සහ බොරු පිට බොරු ඇදබාල හරි තමන්ගේ ව්‍යාජ ප්‍රතිරූපය ආරක්ෂා කරගන්න උත්සහ කරන්නේ. 

https://www.facebook.com/reel/284071751088805

Machiavellian : 

ඔවුන් කොහෙත්ම තමන්ගේ වචනය තියන උදවිය නෙවේ . වාසියට ඕනෙම දෙයක්/ පොරොන්දුවක් Reframe කරවන්න දක්ෂයි. ඔවුනුත් අනික් මිනිස්සු කෙරේ හරිම සීතල ආකල්පයක් දක්වන්නේ. ඔවුන්ට කිසිම කෙනෙක් විශ්වාස නැහැ. හැමෝ ගැනම සැකෙන් බලන්නේ. සැකය තමා ප්‍රධානම ලක්ෂණය.

ඒ වගේමයි මොවුන් ධනයට, තත්වයට හරි ආසයි. ඒ දේවල් ලබා ගන්න අනික් මිනිස්සු හසුරවන්න/ භාවිතා කරන්න ඔවුන් හරිම දක්ෂයි. හසුරවන්න නොහැකි නම් පාවා දෙන්න, සොරෙන් ගන්න මොවුන් දෙපාරක් හිතන්නේ නැහැ. ඒ වගේම මේ තත්වයේ උඩින්ම ඉන්න උදවිය හිතනවා කෙනෙක් ඔහුට/ ඇයට ප්‍රිය කරනවට වඩා බය වීම හොදයි කියල. බය කිරීමෙන් පාලනය කිරීම පහසු බව මොවුන් හිතනවා. ඒ නිසා හිතා මතාම හරි නපුරු වෙස් මුණක් දමාගෙන කාර්යාල වල එහෙම හැසිරෙන එක ඔවුන්ගේ ස්වභාවය. 

Psychopath : 

මෙයා මිනිස්සු කෙරේ කිසිම ආදරයක් උණුසුම් බවක් නැහැ. අර ව්‍යවහාරයේ කියන්නේ අණක් ගුණක් නැහැ කියල. මිනිස්සු මේ පුද්ගයන්ට බයයි. ඔවුන්ට බය දැනෙන්නේ නැහැ. ඔවුන් නීති කඩ කිරීමන් සහ අපරාධ කිරීමෙන් ලබන සතුටට හරි ආසයි. ඉතාම අකරුනාවන්ත නිසා මිනිස්සුන්ට වගේම සතුන්ට ඕනෙම විදිහක හිංසාවක් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. දාම ඝාතකයෝ එහෙම මෙන්න මේ වගේ අය තමා. ඔවුන්ට කොහෙත්ම තමන් අතින් වෙන අපරාධ ගැන කිසිම කනගාටුවක් නැහැ. ඔවුන් ඒ ගැන කවදාවත් දුක් වෙන්නේ නැහැ. "

https://www.facebook.com/reel/652943030276209

ලන්කාවේ සමාජයේ චයිල්ඩ්හුඩ් ටෞමා සහිත වැඩිහිටියන් ප්රමාණය  මොනතරම් විශාලද කියනව නම්, ලන්කාවේ ගොඩක් ජනප්‍රිය සහ මුල් බැස ගත්ත මත පදනම් වෙලා තියෙන්නේ චයිල්ඩ්හුඩ් ටෞමා සහිත වැඩිහිටි ආකල්ප මතයි. උදාහරණ කීපයක් ගත්තොත්, අප බොහෝ දෙනෙක් අසා තිබෙන "මගේ දෙමව්පියො මාව අතපය නොකඩා හදපු එකම මදිද" යන කියමන අසාර්ථක දෙමව්පියො ඉන්න චයිල්ඩ්හුඩ් ටෞමා සහිත වැඩිහිටියන් විසින් සමාජගත කරපු අදහසක්. එවැනි චයිල්ඩ්හුඩ් ටෞමා සහිත වැඩිහිටියන්ට තමන්ගෙ දෙමව්පියොන්ගේ ගැන තියන ලොකුම හොඳේ "අතපය නොකඩා හදපු එක" කියන සත්ව ලෝකයේ දෙමව්පියොත් කරන බේසික්ම පේරන්ටින් ස්කිල් එක පමණයි -අතපය නොකඩා උස්මහත් කරන එක ඒ ළමයට කරන උදව්වක් නෙවේ, දෙමාපිය වගකීමක්. කලින් ලිපියේ දැක් වූ පරිදි මෙබඳු අසාර්ථක දෙමව්පියො ඉන්න චයිල්ඩ්හුඩ් ටෞමා සහිත වැඩිහිටියන් තමන්ට වන වැරදි කොහොමහරි සාධාරණීකරනය කර ගන්නවා/push through difficult situations (ඒක මොළයේ කෝපින් මිකැනිසම් එකක්, නැත්නම් එවැනි පරිසරයක ජීවත් වෙන්න බැහැ),  ඉතින් අසාර්ථක දෙමාපියන්ගෙ ළමයිත් "මගේ දෙමව්පියො මාව අතපය නොකඩා හදපු එකම මදිද" කියමින් දුක දරා ගන්න උත්සහ කරනවා (නමුත් මෙහිදී ඔවුන්ට වූ ඩැමේජ් එක රිකවර් වෙන්නෙ නෑ, ගොඩක් වෙලාවට තව තවත් ඩැමේජ් වෙනවා. උදාහරණයකට ස්කේප්ගෝට් කෙනෙක් තමන්ට පවුලෙන් වෙන අකටයුතුකම් විඳගෙන ඔහොම හිත හිත තමන්ගේ හින්සාකාරී පවුළ අස්සෙම වැදී ගෙන හිටියොත් ස්කේප්ගෝට්ගෙ ජීවිතේ තව තවත් යන්නේ වළටමයි, මොකද රියැලිටි එක ඒකයි.). ඔවුන් තමන්ගෙ ළමයින්ටත් අර තමන්ට කුඩා කාලෙ වෙච්ච හානියම කරමින් මේක චක්‍රයක් විදිහට ගෙනියනවා.  නිරෝගී, චයිල්ඩ්හුඩ් ටෞමා එක ඕවර්කම් කරපු ළමයෙක්, එබඳු දෙමව්පියන්ගේ යදම් කඩල, ඒ පව්ලේ පරම්පරාගත වධ විඳීමේ විෂම චක්‍රය බිඳිනකොට, අර චයිල්ඩ්හුඩ් ටෞමා සහිත එවුන් තමයි ඉස්සෙල්ලම රෙද්ද උස්සගෙන දෙමව්පියො අතපය නොකඩා හදපු එකම මදිද කියමින් එන්නෙ, මොකද උන්ට කරන්න බැරිව දුක් විඳින දේ අනෙකෙක් කරන එකේ හිතේ අමාරැව නිසා. 

ඒවගේම "අපේ දෙමාපියො ගුරැවරැ අපිට ගහල බැනල අපිව හදපු නිසා තමයි අද අපි මෙතන ඉන්නෙ" කියන ගොඩක් ජනප්‍රිය කතාවත් චයිල්ඩ්හුඩ් ටෞමා සහිත වැඩිහිටියන් විසින් සමාජගත කරපු අදහසක්. තමන්ගේ වටිනාකමක් දැනෙන්නේ නැති, පෞරැෂය සහ ආත්මගෞරවය හීන මෙවැනි අය, අනුන් තමන්ට ගහන බනින එකට අනුගත වෙනවා, ඔවුනුත් චයිල්ඩ්හුඩ් ටෞමා එක නිසා කන්ට්‍රෝලින් ටෙන්ඩන්සීස් තිබෙන වන බැවින් ගහන බනින එකට එකෙන්ම සපෝට්. 

ලන්කාවේ දුප්පත්, පහළ මධ්‍යම සහ මධ්‍යම පන්තියේ ළමයි සීයට අනූවක් ඉමෝෂනලි නෙග්ලෙක්ටඩ් ළමයි. මෙම සමාජ පන්ති වල පේරන්ටින් ස්ටයිල් එක ඒකට ගොඩක් බලපානවා, පේරන්ටින් ස්ටයිල් එක එසේ විකෘති වීමට සන්ස්කෘතික සාධක, මේ සමාජ පන්ති වල දෙමාපියන්ට ජීවිකාව සඳහා වෙහෙසීම හැර වෙන දේවල් වලට කාලය නැති කම, නූගත්කම, අධික සමාජ ආර්ථික පීඩනය ආදී සාධක ගණනාක් බලපානවා. ප්‍රශ්නයක් විසඳ ගන්න නම් මුළින්ම ප්‍රශ්නයක් තිබෙන බව තේරැම් ගන්න ඕනේ. ඉස්සර වෙලාම  ඉමෝෂනලි නෙග්ලෙක්ටඩ් ළමයි පෙන්වන චරිත ලක්‍ෂණ තමන්ටත් සැළකියයුතු මට්ටමෙන් තියෙනවාද කියල දැනුවත් වෙන්න. අවන්කවම තමන් ගැන හිතල බැලීම කල යුතුයි. මගේ කළින් ලිපියේ විස්තරාත්මකව දාපු ලක්‍ෂණ කිහිපයක් මෙතන ලිස්ට් කරනවා. මේ ලක්‍ෂණ වලට හේතු කලින් ලිපියේ ඇති.


Characteristics of emotionally neglected children:

1. people pleasing

2. Push through difficult situations

3. Overthinking

4. Controlling tendencies

5. Talk extremely quickly or not much at all

6. They resort to dark humor when ask them a question regarding their emotions

7. Any act of kindness can make them feel uncomfortable/suspicious

8. Constantly apologizing for sharing their emotions 

9. Can become extremely agitated when they need to explain emotions

10. May lacking eye contact when explaining emotions

11. Try not to show emotions 

12. Usually assume the worst possible thing will happen in any given time

13. Over focusing on the negative and minimizing the positive