මේ ලිපි පෙලෙහි පළමුවැන්න පටන් ගන්නේ, ඇත්තම කිව්වොත් මේ ලිපි පෙළ ලියන්නට හේතු වුනේ, කොවිඩ් මළසිරැරැ ආදාහනයද භූමදානයද යන ප්‍රශ්නය මුල් කරගෙන සිoහළ බෞද්ධයන් සහ මුස්ලිම් මිනිසුන් අතර මේ දවස්වල ඇති වී තිබෙන ටෙන්‍ෂන් එක නිසා වුනත් ඒ ලිපිය පල කරාටත් පස්සෙ මතක් වුනේ මේ ගැන පළමු ලිපියේ කතා කලේ නැති බව. ඒ නිසා මුළින්ම ඒ ගැන කතා කරමු. මේ වගේ ප්‍රශ්නයක් ආහම මොකක්හරි ඔළුවට එන මනස්ගාතයක් විද්‍යුත් මාධ්‍ය වලයි අතන මෙතනයි කියව කියව ලිය ලියා ගමරට අවුළුවන්නේ නැතුව ශාස්ත්‍රීය අධ්‍යයනයක් කරන්න ඉගන ගන්නවා නම් සහ ඔබේ දරැවන්ටද ඔය අතේ තියන ස්මාර්ට් ෆෝන් වලින් වැඩක් ගන්න උගන්වනවා නම් ඔබ බුද්ධිමත් වගකීම් සහගත වැඩිහිටියෙක්. මේ වගේ ප්‍රශ්න වලදි ලෝකයේ අනිත් රටවල් ක්‍රියා කරන්නේ කොහොමද, ලෝක සෞඛ්‍ය සoවිධානය ක්‍රියා කරන්නේ කොහොමද, ලෝකය පිළිගත්ත විද්වත්තු කියන්නෙ මොනවද කියල හොයල බලල තමන්ගෙ මතය ඇති කරගන්න. පසුගිය දෙසැම්බර් විසි වැනිදා සන්ඩේ ටයිම්ස්හි ලෝකය පිළිගත්ත වෛරසවේදය පිළිබඳ විද්වතෙකු වන මලික් පීරිස් මහතා ඉතාම විද්‍යානුකූළ සහ තර්කානුකූළ ලෙස ආදාහනය අවුළක් නැති බව පෙන්වා දෙනවා. (http://www.sundaytimes.lk/201220/news/cremation-or-burial-prof-malik-lays-the-bare-bones-on-table-426091.html). ඒවගේම ලෝක සෞඛ්‍ය සoවිධානය (WHO), ඇමරිකාවේ වසoගත පාලන මධ්‍යස්ථානය (CDC) සහ ලෝකෙ බොහෝ ශිෂ්ඨ සම්පන්න රටවල් වල ආදාහනය අවුළක් නැති බව පිළිගන්නවා. මලික් පීරිස්ට අමතරව තව බොහෝ ලෝකය පිළිගත් විද්වතුන් ආදාහනය අවුළක් නැති බව පිළිගන්නවා වුනත් මලික් පීරිස්වම තෝරගත්තේ ඔහුට ශ්‍රී ලාoකික මහජාතියට සම්භවයක් තිබෙන නිසා බයියන්ට ඇත්ත තේරැම් කරවන්න එතුමා උපකාරී වේ යැයි හිතපු නිසා.
මම ආචාර්‍ය උපාධිධාරියෙක් වුවත් වෛරසවේදය ගැන විශේෂඥයෙකු නොවේ, ඒ නිසා මමද ඩොක්ටරේට් එක නිසා සියල්ල දත් යැයි උද්දච්ච නොවී මේ ශාස්ත්‍රීය හැදෑරීම කලා. මගේ මතය ඇත කරගත්තේ ඊට පස්සෙ. WHO, CDC, NFDA (National Funeral Directors Association, USA) ආදී වෙබ් අඩවි වලට පිවිසී මේක ගැන යාවත්කාලීන හා නිවැරදි තොරතුරැ ඉගෙන ගන්න විනාඩි පහළවක් යන්න ඇති වැඩිම උනොත්. අන්තර්ජාලය තිබෙන මේ යුගයේ දැනුම සහ තොරතුරැ එතරම් වේගයෙන් ලබා ගැනීමට අපට වාසනාව තිබෙනවා. මගේ මතය වන ආදහනය අවුලක් නැතිය යන්න එවැනි විද්‍යාත්මක පසුබිමකයි මම ඇති කර ගන්නේ, කවුරැහරි විද්‍යාත්මක පසුබිමක සිට මගේ මතය වන ආදහනය අවුලක් නැතිය යන්න බිඳ දැම්මොත් ඒක නිහතමානීව පිළිගෙන මගේ මතය වෙනස් කර ගන්නවා. එහෙම තම මතය වෙනස් කරන්න කාටහරි බැරි නම් ඒ දැඩිමතධාරියාට යටිකූට්ටු අරමුණු තිබෙනවා, වෙනත් වචන වලින් කිව්වොත්, දැන දැන තමන්ගෙ වැරදි මතයෙම එල්ලීගෙන ඒකම ජනගත කිරීමෙන් තමන්ගෙ ජාතිවාදී වර්ගවාදී ආගම්වාදී වෛරී අරමුණු ඉටු කර ගැනීම මිසක කොවිඩ් මළසිරැරැ ආදාහනයද භූමදානයද යන ප්‍රශ්නයට නිවැරදි උත්තරය සෙවීමට හෝ පිළිගැනීමට සැබෑ උවමනාවක් ඔවුන්ට නැහැ.
තමන්ග පවුලෙ කෙනෙක් කොවිඩ් නිසා හදිසියේ මිය යාම කියන්නෙ මොනතරම් වේදනාවක්ද කියල අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එවැනි සoවේදී කාරණයකදි සුළු ජාතිකයාගේ හඬට මහජාතිය ඇහුම්කන් දීම වැදගත්. වෙනත් ශිෂ්ඨසම්පන්න රටවල කොවිඩ් මරණ වලට දැන් දැන් කුඩා අවමගුල් උත්සව පැවැත්වීමට පවා අවසර දෙනවා. මොකද සමහර ජන කොටස් වලට මේ අවසන් සමුගැනීම විශාල වැදගත්කමක් සහිත දෙයක්. Dignity in death is recognized as a human right world over.
මම කළින් ලිපියේ සඳහන් කලා රැඩිකලයිස් වෙච්ච උදවිය බලාත්මක උන සුළු ජාතීන් හරි ට්‍රැක් එකට ගන්න මහජාතියට කල හැකි දේවල් ගැන මේ ලිපියෙන් කතා කරමු කියල. ඒ ගැන ප්‍රවේශයක් විදියට මම හිතනවා රටක මහජාතිය මෙන්න මේ කරැණු ඉටු කිරිමට නායකත්වය ගැනීමට වගවී සිටින බවට;
1. රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීම
2. රටේ නෛතික ස්ථාවරත්වයක් ඇති කිරීම
3. රටේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීම
4. ඉහත කරැණු 1,2,3 සඳහා සුළු ජාතීන්ගේ නිවැරදි දායකත්වය ලබා ගැනීම
5. රටේ සුළු ජාතිකයන් සමග නිවැරදි අන්තර් සම්බන්ධතා පවත්වා ගැනීම
6. අන්තවාදය ජනගත නොකිරීම සඳහා උපක්‍රමශීලී ක්‍රියාමාර්ග ගැනීම
7. සුළු ජාතිකයන්ගෙන් අනවශ්‍ය ලෙස ගේම ඉල්ලීමට නොයාම
කණගාටුවෙන් වුනත් කියන්නට ඕනෙ, මේ එකම කාරණයකදිවත් ප්‍රමාණවත් නායකත්වයක් ශ්‍රී ලාoකික මහජාතියෙන් ලැබෙන්නෙ නැහැ. මේ තත්වයට ශ්‍රී ලාoකික මහජාතිය වැටුනේ ඇයිද කියන ප්‍රශ්නයට මගේ මතය මේකයි. සමස්තයක් ලෙස සාධක ගණනාවක් මෙයට බලපෑ හැකි නමුත් මට හිතෙන හැටියට පහත කරැණු කාරනා ගැන හිතල බැලීම වැදගත්.
1. මහජාතියේ ආගම වන බුද්ධාගමේ සහ වෙනත් සoස්කෘතික ලක්‍ෂණ වල අඩුපාඩු නිසා මහජාතිය කුහක, කුජීත, කුසීත, සහ අතිශයින් උද්දච්ච බවට පත් වීම
2. දේශපාලනික අසාර්ථකභාවය
ඉහත කරැණු ගැන විස්තරාත්මකව ඊලඟ ලිපියෙන් කතා කරමු.