B&W නොහොත් හැට්ටර් මේ විට්ටර්ගෙ මල්ලී නමින් බ්ලොග් ලියන සහෘදයා මගේ "පාරමී ගේ ලාoකික ආහාර විවේචනය ගැන ගුණ දොස්" ලිපියට දීර්ඝ විවේචනයක් කොමෙන්ටුවක් ලෙස සඳහන් කර තිබුනා. (මේ ලිපියේ පහළින් එය දක්වා ඇත) අපි අදහස් සන්නිවේදනය කිරීමේදී දක්වන අඩුපාඩු ගැන හැට්ටර්ගේ කොමෙන්ටුව උදාහරණයක් ලෙස අරගෙන මගේ අදහස් ඉදිරිපත් කිරීමට මෙය අවස්ථාවක් කරගන්නට හිතුවා. හැට්ටර්ගෙ අදහස් වලට උත්තරයක් නොවේ මෙය, හැට්ටර්ගේ කොමෙන්ටුවේ ඇති ඝෘනාත්මක සන්නිවේදනය (negative communication) ගැන මගේ අදහසක් පමණි තවදෙයක්, හැට්ටර් විතරක් නෙමේ හුඟක් අය කරන දෙයක් මේ ඝෘනාත්මක සන්නිවේදනය.
බ්ලොග් අඩවියක පමණක් නොවේ සාමාන්‍ය ජීවිතයේදීත් අපට එකිනෙකාගේ අදහස් සමඟ එකඟ වන්නට බැරි අවස්ථා උදාවෙනවා. එවිට සoයමයකින් යුතුව අදහස් හුවමාරැ කරගැනීම ශිෂ්ඨ සම්පන්න සමාජයක මිනිසුන් තුල දකින්නට පුළුවන් සාධනීය ලක්‍ෂණයක්. ශිෂ්ඨ සම්පන්න අදහස් හුවමාරැ කරගැනීමකදී පහත කරැණු හතරෙන් වැළකිය යුතුයි. (වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ ලොව පිළිගත් psychologist කෙනෙකු වන Dr. John Gottman විසින් කරන ලද අධ්‍යයන වලිනුයි මේ කරැණු හතර ඝෘනාත්මක සන්නිවේදනයේ "බල කණු හතර" බව හඳුනාගෙන තියෙන්නේ. );
1. Criticism
2. Contempt
3. Defensiveness
4. Withdrawal
මෙතැනදී Criticism කියන්නේ කෙනෙකු විසින් කියන කරන ලද දෙයකට එම සිද්ධිය ගැන ඊට අදාලව කතා කිරීම වෙනුවට අදාළ පුද්ගලයාගේ සමස්ථ පෞරැෂයම සහ චරිතයම ඝාතනය වන පරිදි කතා කිරීමයි. Personal attack හෝ accusations භාවිතා කරනවා.
උදාහරණයක් ගත්තොත් මම මගේ ලිපියේ අතින් කෑම විවේචනය කිරීම, ලාoකික ආහාර වල අධික smell එකක් එන බව කීම නිසා හැට්ටර් මට හීනමානය ඇති බවට කොමෙන්ටුවේ ලිවීම ගත හැකියි. හට්ටර්ට තිබුන එයට මතවාදීව විරැද්ධ වන්න. එය මට ගැටළුවක් නෙමේ. මම පොඩ්ඩක් ඉහත කරැණ පැහැදිලි කරන්නම්. මම පර්‍යේෂකයෙක් ලෙස Bio Safety Level 2 and 3 විද්‍යාගාර වල වැඩ කරන කෙනෙක්. අපගේ රැකියාවේ ස්වභාවය අනුව රෝග කාරක ක්‍ෂුද්‍රජීවීන් සමග වැඩ කිරීමට සිදු වෙනවා, නොයෙකුත් රසායනික ද්‍රව්‍ය සමඟත් වැඩ කිරීමට සිදු වෙනවා. අපි gloves දාගෙන එම වැඩ කලත් අතින් කෑමේදී අවදානම වැඩියි මොකද glove එක compromise වෙච්ච වෙලාවක අතේ තැවරැණු රසායනිකයක්/ක්‍ෂුද්‍රජීවීන් කෑම සමඟ මිශ්‍ර වී ශරීරගත වීමට හැකි නිසා. මෙයට ඇත්තේ ඉතා කුඩා සම්භාවිතාවක් උනත් better to be safe than be sorry. රෝහල් ක්‍ෂේත්‍රයේ වැඩ කරන රෝගීන් සමඟ ගනුදෙණු කරන අය, අපද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය සමඟ කටයුතු කරන අය අතින් කෑම සුදුසුද? ඊටත් කෑමට පෙර/පසු අත් සේදීමට සින්ක් සහිත තැනකට යාමට වීම නිසා තමන්ගෙ office එකේ සැපට වැඩ/විනෝදාoශ වල යෙදෙමින්ම කෑම කෑමට බෑ. ඒමදිවට කෑම පැයේ ඕපාදූප වලට හවුල් වීමට සිදු වීමත් මම අකමැතිම දෙයක්. අතින් කෑම අනමින් කෑම ඔබට අප්‍රසන්න දර්ශනයක් නොවුනට බොහෝ විදේශිකයින්ට අප්‍රසන්න දර්ශනයක්. එයයි ඇත්ත. මටත් ඒක අප්‍රසන්න දර්ශනයක්. මොනතරම් සබන් දාල කෑමට පසු අත හේදුවත් ලාoකික කෑම නිසා අතේ පිළී ගඳක් ඉතුරැ වෙනවා. කටේත් එහෙමයි. අනිත් අතට සබන් ගාල අත හෝදන්නෙ කීයෙන් කී දෙනාද, අර හැට්ටර්ම කියන විදියට ෆින්ගර් බෝල් එකක් ඉල්ලන් යන්තම් ඉඳුල් හේදුව පමණින් තෙල් ගතිය අයින් වෙන්නේ නෑ, අල්ලන අල්ලන කොම්පියුටරය, මේසය, පුටුවෙ ඒ ඉතුරැ තෙල් රැඳෙනවා. හැට්ටර්ගෙ hygiene ස්ටෑන්ඩඩ් එක එච්චර පල්ලෙහා මට්ටමක තිබුනට අනිත් මිනිස්සු වෙනස්.
//ඇමරිකාවේ ගෙවල් air tight නිසා කෙසේ හෝ හොද්දෙන් එන හුමාලය පවා නිවසින් පිට කිරීමට අවශයි.// එම නිසා තමයි ආහාර වල smell එක විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ කියල ඔබට හිතුනෙ නැද්ද?
//මේවට සාමාන්‍යයෙන් කියන්නේ 'බයිලා' කියල.// Classic example of personal attack/accusation
හීනමානය සහිත මිනිසුන්ගේ ගතිගුණ කීපයක් සඳහන් කලොත්, අනිත් මිනිසුන්ගේ සුළු හෝ හොඳක් දකින්නට කියන්නට හරිම අකමැති උනත් සුළු හෝ "නොහොඳක්" දැක්කම පැන පැන ඒක උළුප්පා දක්වන්නට හැදීම (හැට්ටර් කවදාවත් එක අකුරක්වත් ටයිප් කරල නෑ මගේ බ්ලොගයේ එක වචනයකින්වත් සුළු ඇගයීමක් කිරීමට, හැබැයි වැරැද්දක් උළුප්පන්න නම් දීර්ඝ කොමෙන්ටු ලියන්න මැලි වෙන්නෙ නෑ), අපහාසාත්මක වාග් ශෛලියක් යොදාගෙන අනිකාව වැට්ටවිමට හැදීම, "වැරැද්දක්" දුටු විට lifting each other up approach වෙනුවට tearing each other apart approach එක අනුව යමින් අනිකා පෑගීම, තමන් සියල්ල දත් යැයි හිතන උද්දච්ච පොර මානසිකත්වය ආදිය.
එතකොට Contempt කියන්නේ වෙනත් මතයක් දරන්නාව මානසිකව අපහරණය කිරීමේ හෝ ඔහුට/ඇයට insult කිරීමේ චේතනාවෙන් සoවාදය මෙහෙයවීමයි. Contempt එකක් හඳුනාගැනීමේ ලක්‍ෂණ හතරක් තිබෙනවා;
ඔබේ මේ ලියවිල්ලට මුලික උනේ පාරමී වන්නිආරච්චි ලියු දෙයක් නේ.
පාරමීම කියන විදියට 'ලෝකයේ දියුණු රටවල් කාලය අඩුවෙන් වැයවෙන සරල ආහාරයක්... සිට ඊළඟ ඡේදය අවසානය දක්වා හොඳින් කියවුවොත් ඔබට තේරේවි ඇය කියන්නට උත්සාහ කරන ප්‍රධානම හේතුව එය කියා.
ඔබ, දශක කීපයකට පෙර ලංකාවෙන් ඇමරිකාවට ගිය ලෙසට ලියන බවක් පෙනේ , ලංකාවේ කාන්තාව අද සිටින්නේ දශක කිපයකට පෙර ලංකාවේ දුෂ්කර පෙදෙසක කාන්තාව සිටි විලසම යයි සිතාගෙන ලියුබවක් පෙනේ. 1980 තරම් ඈත කාලයේදී පවා නාගරික හා අර්ධ නාගරික කාන්තාව ඔබ දැන් කියන තරම් කට්ටක් කෑවේ නැති බව මම දනිමි.
කෙසේ වෙතත්;
ලoකාවෙ පිළිකා, වකුගඩු රෝග, සහ ළමා දියවැඩියාව වසගතයක් වෙලා. පොඩ්ඩක් යථාර්ථය දිහා බලන්න..
ඇයි ලංකාවේ විතරක්, ඇමරිකාවේ ඔය වසංගත නැද්ද?
පිරිමින්ගෙ තට්ටෙ පෑදිලා බඩ ඇවිත්, ගෑනුන්ගෙ ස්ථූලතාවය, දෙගොල්ලන්ටම හරිහරියට කොලස්ටරෝල්, ප්‍රෙෂර්, ඩයබටික්, හාට්, හන්දිපත් අමාරැ, අටෝරාසියක් ශාරීරික රෝග සමඟ මානසික අසමතුළිතතා.
ඔබ ග්‍රොසරි ස්ටෝස් එකකට ගියහම හොඳට බලන්ඩ ඇපල් දොඩම් වලට වඩා වෙනස් නේද කියල. ඒ වගේම ඔබ නොදන්නවාට අපේ දකුණු ආසියානු ජීන්ස් වලට ආවේනික හෝ වැළඳීමට ඇමරිකානුවන්ට වඩා වැඩි සම්භාවිතාවයක් තිබෙන රෝග තිබෙනවා. අනිත් එක ඔබ කියූ රෝග බොහොමයක් ඇමරිකාවෙත් බහුලව පවතිනවා.
චීනයේ සිට ඇමරිකාවට ආපු මිනිස්සු ගැන ඔබ ලියනවා.
නමුත් ඔබ ලංකාවේ සිට ඇමරිකාවට ආපු මිනිස්සු ගැන නොලියන්නේ අයි?. චීනේ විතරක් නෙවේ අනිත් රටවලින් පැමිණි වැඩිදෙනා වැඩ කරන්නේත් ඔය වාගෙම තමයි.
අතින් කන්නෙත් නෑ (ඔෆිස් වල අතින් කන්න ගියාම අප්‍රසන්නයි, සෞඛ්‍යයට අහිතකරයි, වෙලා යයි, කෑමෙන් පසු අත හරියට නොසෝදා ඔෆිස් එක අපවිත්‍ර කරයි.) මේවට සාමාන්‍යයෙන් කියන්නේ 'බයිලා' කියල. මට කොහෙන්හරි පෙන්වන්න අතින් කෑම සෞඛ්‍යයට අහිතකරයි කියල. කෑමෙන් පසු අත හරියට නොසෝදන වැඩිහිටි අය කොහෙද ඉන්නේ. ඕනෙම රෙස්ටුරන්ට් එකක අත සෝදන්ඩ ක්‍රමයක් තියෙනවා, 5 ස්ටාර් එකක උනත් ෆින්ගර් බෝල් එකක් ඉල්ලගන්ඩ පුළුවන්. බය වෙන්ඩ එපා , ලැජ්ජා වෙන්ඩ එපා.
සැන්විච් එකක් බර්ගර් එකෙක් ගෙනාවම හැන්දෙන් ගරුප්පුවෙන්ද කන්නේ. ප්‍රසන්න අප්‍රසන්න කතාව බොහොම සබ්ජෙක්ටිව්. ඒ වගේම ඒ අය වැසිකිලියට ගිහිං ඇවිත් ඔබ ලඟින් වාඩි උනාම ඔබ දන්නවා මේ කඩදාසියෙන් පිහිදාගෙන ඇවිත් ඉන්නේ කියල. මතක් කරලා බලන්ඩ මුලින්ම ඔබට කඩදාසියෙන් පිහින්ඩ උන දවස. කොහොමද ගෙදර යනකං හිටියේ, මොකක්ද ගෙදර ගිය ගමන්ම කලේ කියල.
ලාoකික අපේ ලන්ච් බොක්ස් එක ඇරියාම දැඩි smell එකක් එනවනෙ, ඒ smell එකට අපි කැමති උනාට බොහෝ රටවල මිනිස්සු හරිම අකමැතියි, ඒ නිසා පිටරටවල පොදු lunch room වල ලාoකික බත් මාලුපිණි කන්න එපා කියල තමයි ඇමරිකාවට ආපු අළුත ලoකාවෙ පරණ උදවියගෙන් උපදෙස් ලැබුනෙ'
එවුන්ගේ හීනමානය ඔබත් එලෙසම වැළඳගෙන.
මම විශ්ව විද්‍යාලයේ, රැකියා ස්ථානයේ හෝ වෙන ඕනෑම තැනකට මගේ බත් එක ගෙනිහින් බොහෝවිට කන්නෙත් අතින්.
මම දවාලට බත් ගෙනියන එක අඩු කලේ එක්කෝ බත් දෙකක් ගෙනියන්ඩ වෙනවා නැත්තන් බාගයක් යුරෝපිය කෑම කන්ඩ වෙනවා. අපේ smelly කෑම වගේම අනිත් උන්ගේත් smelly කෑම තියෙනවා. නමුත් tolerance කියල දෙයක් මේ නවීන සමාජයේ තියෙනවා. හීනමානය - ඒක නැති කරගන්න එක ඔබේ වැඩක්.
ලංකාව දියුණු වෙමින් පවතින රටකි. කුස්සියේ මවළම් එතරම් නවීන නැති උනත් වැඩ කිරීමත් එතරම් අමාරුත් නැත. බොහෝ නිවෙස් වල ගෑස් ලිප් තිබෙන නිසා දැන් කොන්ද කඩාගෙන වළo සෝදන්ඩ අවශ්‍ය නැත. (ඕනෙම නං දර ලීපේ උයාගෙන කොන්ද කඩාගෙන හෝදන එක ඒ අයගේ කැමැත්තක්)
ඔබ කියන විදියට චීනේ හැම නිවසකම (හෝ ඇමරිකාවේ හැම නිවසකම) dish washer ඇත්තෙත් නැත. dish washer එක මිලදී ගත්තත්, එයට, ජලය, විදුලිය සහ ඩිටර්ජන්ට් ගැනීමට තවත් මුදලක් අවශ්‍යයි. (රෙපයාර් අමතක කරමු දැනට)
කුස්සියේ තියෙන ඇති නවීන මෙවලම්... ඔය එක් මෙවලමක් 'සාමාන්‍ය' අමරිකානුවකුගේ මාසේ පඩියෙන් කොපමණ ප්‍රතිශතයක්ද, 'හොඳ' පඩියක් ලබන ලංකාවේ කෙනෙක්ගේ පඩියෙන් කොපමණ ප්‍රතිශතයක්ද. අන්න එකත් කියන්ඩ.
මා දන්නා තරමට Fume Hood තිබෙන්නේ ලැබ් වල හා Range Hood තිබෙන්නේ නිවෙස් වලය. ප්‍රශ්නේ ලංකාවේ වගේ නෙවේ ඇමරිකාවේ ගෙවල් air tight නිසා කෙසේ හෝ හොද්දෙන් එන හුමාලය පවා නිවසින් පිට කිරීමට අවශයි. ඇමරිකාවේ බොහොමයක් ගෙවල් ලී වලින් සාදා ඇති නිසා, අපේ වගේ දර ලිප් කෙසේ වෙතත් දර දමන furnace එකක් තිබෙනං ඔබගේ home insurance එක එහි චිමිනිය දිගේ යන හැටිත් බලන්ඩ තිබුනා.
ඔබ නොදන්නවාට, ඕනේ නං baby boomer කෙනෙක් ගෙන් අහල බලන්ඩ, දශක කීපයකට පෙර තෙක් උතුරු ඇමරිකාවේ ආහාරය උනේ අල, මස් සහ ගිම්හාන කාලේදී පමණක් එළවලු. ඔවුන් ආහාරය රසකර ගත්තේ ලුණු හා ගම්මිරිස් වලින් පමණයි. සති අන්තේ පාන් හදනවා මුළු සුමානෙටම.
දැන් නං ඉක්මනට කෑම හදාගන්ඩ රෙඩි මේඩ් දේවල් තියෙනවා. පොඩ්ඩක් බලන්ඩ ඒවායේ ingredient list එක දිහාත්. උදාහරණ වශයෙන් පාන් වලට අවශ්‍ය පිටි, යිස්ට්, ලුණු සහ ජලය පමණයි. කියවන්ඩ පාන් බෑග් එකේ කවරේ තියෙන අමුද්‍රව්‍ය.
ඔය මොනවා උනත් ඔබ ලොකු වැරැද්දක් කරනවා. ඉතාම healthy ආහාර රටා සහිත අප්‍රිකාව ගැන මෙළෝහසරක් දන්නැති අපට ඇමරිකන් ආහාර ක්‍රම ගැන කියමින් ඉතාම healthy ආහාර රටා ගැන නොකියන එක.
ප . ලි : ඇමරිකාව ඉතා විශාල රටක්. එහි සිටින සියලුම දෙනා ඔබ ආශ්‍රය කරන සුළු නියැදිය ලෙසටම වීමේ සම්භාවිතාවය ඉතා කුඩායි. එම නිසා එක්කෝ තව ටිකක් සොයා බලන් නැතුව හිතූ හිතූ පලියට generalize කරන එක වැරදියි. අනික Feminism කියන්නේ කාන්තාව කුස්සියට හිරවෙලා ඉන්න එකට වඩා බොහොම පුළුල් මෙන්ම බලගතු දෙයක්. ඒක අවතක්සේරු කරන්ඩත් එපා. දැන් ඉතින් 'බොහෝ' කෑල්ල ඉස්සරහට දාල මම එහෙමයි කිව්වේ කියල කියන්ඩත් එපා.
ඔහොම යං!
ජයවේවා!

1. Insults, name calling (//මේවට සාමාන්‍යයෙන් කියන්නේ 'බයිලා' කියල.//, පිස්සුද හැටිද, කටවහගන්නවා තමුසෙ කව්ද මට කියන්න, බල්ල, බූරැවා, මෝඩයා ආදී )
2. Sarcasm (හැට්ටර්ගෙ ලේඛණ ශෛලියේ ඇති අනුන්ව දෙකයි පණහට දමා කරන උපහාසය, //ඔහොම යං!
ජයවේවා!// )
3. Mockery (sarcastic remark, gesture, insult etc intended to demoralize the recipient (//5 ස්ටාර් එකක උනත් ෆින්ගර් බෝල් එකක් ඉල්ලගන්ඩ පුළුවන්. බය වෙන්ඩ එපා , ලැජ්ජා වෙන්ඩ එපා.//)
4. Negative body language (e.g. rolling eyes, ගැස්සීම, පිප්පීම, පිඹීම ආදී)
Defensiveness කොටස් තුනකට බෙදෙනවා, වගකීම පැහැර හැරීම සාධාරණීකරණය කිරීම (Denying responsibility), ප්‍රති පැමිණිලි කිරීම (cross-complaining), සහ නිදහසට කරැණු කීම (Making excuses) වශයෙන්.
1. වගකීම පැහැර හැරීම සාධාරණීකරණය කිරීම- මම එහෙම හැසිරැනේ ඒවෙලාවෙ යකා නැගපු නිසා,
ඒ ලිපියෙ අර වාක්‍යය නොතිබුනානම් මට ඒතරම් තද වෙන්නෙ නෑ, ඒක මගේ වැරැද්දක් නෙමේ අහවලාගෙ වැරැද්දක්, මම කිව්වෙ නෑනෙ මම ඒක කරනවමයි කියල ආදී
2. නිදහසට කරැණු කීම- මම ඒක දැක්කෙ නෑ, මම කොහොමද එන්නෙ පාර වහලනෙ තිබුනෙ ආදී
3. ප්‍රති පැමිණිලි කිරීම (here, in one move, you defend and attack) - e.g. X. ඔයා මට ඇහුම්කන් දෙනවද? Y. හොඳයි ඔයත් එහෙනම් මෙන්න මේ ටික අහගන්න.
Withdrawal කියන්නේ ප්‍රතිවාදියාව සම්පූර්ණයෙන් shut down කර දැමීම. මට තමුසෙ කියන දේ අහන්න ඕනෙ නෑ, මේ කතාව මෙතනින් ඉවරයි ආදී ලෙස කීමට හෝ ප්‍රතිවාදියාගේ කොමෙන්ටුව බ්ලොක්/ඩිලීට් කල හැකියි.
සිoහල බ්ලොග් අඩවි පවත්වාගෙන යන අතලොස්සක් වන බ්ලොග් කරැවන්ට කුඩා ඇගයීමක්හෝ ලබා දීමට හැට්ටර් වගේ අය කාරැණික වන්න. මගේ ලිපි වල හරි වැරැද්ද (ඔබට සාපේක්‍ෂව) මොකක් උනත් සමාජය තුල කතිකාවක් ඇති කරන්නට මම ගන්නා උත්සාහය අගය කරන්න තරම් ඔබට කෙළෙහිගුණයක් තිබීම ඔබට ප්‍රයෝජනවත්. මාව නිර්දය ලෙස විවේචනය කරන්නට ඔබට වේදිකාව හදල දුන්නෙ වෙන කවුරැවත් නෙමේ මමයි. මට ඉතාම පහසුවෙන් ඔබගේ කොමෙන්ටු මකා දමා filter එකක් යොදා අනාගත කොමෙන්ටු මට අවශ්‍ය පරිදි නියාමනය කරන්නට තිබුනා. නමුත් මට ඔබ කියූ පරිදි හිනමානයක් නෑ ප්‍රතිවිරැද්ධ අදහස් මර්ධනය කිරීමට හෝ වරදක් සිදු වූවානම් නිවැරදි කිරීමට. ඇයි අපට බැරි ප්‍රතිවිරැද්ධ අදහස් ලිවීමේදී බ්ලොග් ලිපිය ලියූ කෙනාට යම් අවම ආචාරශීලී බවක්වත් පෙන්වන්න? ප්‍රතිවිරැද්ධ අදහස් ලිවීමේදී "ස්තූතියි ඔබේ ලිපියට, ඒත් මේ කරැණ ගැන මගේ අදහස වෙනස් .." යනුවෙන් පටන් ගැනීමට? අකෘතඥ උද්දච්ච "පොරවල්" දකිනවිට මම හිතන්නේ තම අදහස්ම හරියැයි සිතන, වෙනත් අදහස් ඇති අය සමඟ ආචාරශීලීව සoවාදයකවත් යෙදෙන්නට බැරි ඔවුන් විද්‍යුත් ප්‍රකාශන මාධ්‍යවල හැසිරෙන්නේ මෙහෙම නම් සැබෑ ජීවිතයේ තම පවුලේ අය, අසල්වාසීන්, මිතුරන්, කාර්‍යාල සගයින් සමඟ ගනුදෙනු කරනවා ඇත්තේ කෙසේද කියා. ඔවුන්ගෙන් නිර්දය ලෙස ප්‍රතික්ශේප වීම මගේ යහපත් මානසික තත්වය ගැන මට ලැබුණු තත්ව සහතිකයක්. මට හිතෙන හැටියට සoවාදයක් කියන්නේ ජය පරාජයක් සහිත දෙයක් නොවේ, යම් දෙයක් ගැන තමන් මෙතෙක් නොහිතපු පැත්තක් දිහා බලන්නට විවර කරපු අගනා කවුළුවක්. සoවාද මගින් ඔබේ බුද්ධියේ නිම් වළලු පුළුල් වෙනවා, ඒ සම්බන්ධයෙන් සoවාදය ඇරඹූ පුද්ගලයාට, ඔබ එකඟ වුනත් නැතත්, කෘතඥ සහ ආචාරශීලී විය යුතුයි නේද?.
හැට්ටර් මේ විට්ටර්ගෙ මල්ලීගේ කොමෙන්ටුව: