Monday, September 30, 2019

ලoකාවේ ජීවත්වන කාන්තාවකට විවාහයට පෙර එකට ජීවත් වීම (Living Together) සුදුසුද?

මෙම ලිපිය ලියන්නට හිතුනේ මම නිතර කියවන ජේමිස් බණ්ඩාගේ අසම්මත සටහන් WordPress අඩවියේ "විවාහයද? විවාහ නොවී එකට ජීවත් වීමද?" යන මාතෘකාව යටතේ ලියූ ලිපිය කියැවූ පසුය (https://asammathasatahan.wordpress.com/). මුලින්ම ඒ මහතාට ස්තූති කරන්නට කැමතියි අපට මොළය කැරකිලා යන මාදිලියේ ලිපි ඉදිරිපත් කරනවාට. ඒවයේ හරි වැරැද්ද මොකක් උනත් සමාජය තුල කතිකාවක් ඇති කරන්නට ඒ මහතා ගන්නා උත්සාහය ඉතාම අගය කරනවා. ගොඩක් මිනිස්සු හරිම අකමැති දෙයක් තමයි මෙවැනි බුද්ධිමය සoවාද. බොහෝවිට අපි කරන්නේ සoවාදයකට සහභාගී නොවී පිටුපසින් හිඳ වැරදි කතා කිරීම, කෝපයට පත් වී කුණුහරැප කියාගෙන තරහ වීම, කාන්තාවක් නම් බොහෝවිට අනේ මම නම් දන්නෙ නෑ ඕවා යයි පවසා මඟහැරීම වැනි සෘනාත්මක ප්‍රතිචාර දක්වා අර සoවාදය මතුකරන පුද්ගලයාව අධෛර්‍යමත් කිරීමයි. තව කට්ටියක් ඉන්නවා තමන්ගේ කල්ලියට අයිති පුද්ගලයෙක් මොනවා කිව්වත් කලත් සපෝට් එක දෙන සහ තමන්ගේ කල්ලියට පිට කෙනෙක් මොනවා කිව්වත් කලත් කිසිම හොඳක් දකින්නට බැරි. ඔන්න ඔයවගේ හේතු නිසා ලෝකය පුදුමාකාර විදියේ අදහස් හුවමාරැ කර ගැනීමේ ඌනතා සහිත තැනක් බවට පත්වීගෙන එන බව පෙනෙනවා. ඇයි තව කට්ටියක් ඉන්නවා සoවාදයක් කියන්නේ යුද්ධයක් කරගෙන පරදින්න වෙයි කියල එල්ලි එල්ලී තමන්ගෙ මතය අනිකාගේ මූණේ අතුල්ලන්නට හදන. මට හිතෙන හැටියට සoවාදයක් කියන්නේ ජය පරාජයක් සහිත දෙයක් නොවේ, යම් දෙයක් ගැන තමන් මෙතෙක් නොහිතපු පැත්තක් දිහා බලන්නට විවර කරපු අගනා කවුළුවක්. සoවාද මගින් ඔබේ බුද්ධියේ නිම් වළලු පුළුල් වෙනවා, ඒ සම්බන්ධයෙන් ඔබ සoවාදයට සහභාගි වන අයට, ඔබට එකඟ වුනත් නැතත්, කෘතඥ විය යුතුයි.

ගැහැනුන් සහ පිරිමින් විවාහ නොවී එකට ජීවත් වීමේ (living together) මූලික අදහස නම් මට හිතෙන පරිදි  තමා විසින් තෝරාගත් සහකරැ/සහකාරිය තමුන්ට හොඳටම ගැළපෙනවාද යන්න ගැන අදහසක් ලබා ගැනීමයි. අදහස් ගැළපීම, ලිoගිකව ගැළපීම සහ ගතිපැවතුම් ගැළපීම ආදී දේවල් ගැන අදහසක් ලබාගෙන විශ්වාසයෙන් යුතුව විවාහය දක්වා ගමන් කිරීමට/දිගටම එකට ජීවත් වීමට හෝ අධික ලෙස නොගැළපෙන අවස්ථා වලදී විවාහකයන්ට වඩා පහසුවෙන් වෙන් වීමට ඔවුනට හැකියි.

එකට ජීවත් වීම ඇමරිකා එක්සත් ජනපදයේ නම් ඉතාම සාමාන්‍ය සිද්ධියක්. මෙයට ලොකු ආර්ථිකමය සහ සාමාජයීය පසුබිමකුත් තියෙනවා. ලoකාවේ වගේ නොවෙයි, ඇමරිකාවේ තරැණ තරැණියන් සාමාන්‍යයෙන් අවුරැදු 20 විතර වෙනකොට රැකියාවක් සොයාගෙන ගෙදරින් පිටවී ස්වාධීනව ජීවත් වෙන්න කැමතියි. ජීවන වියදම ඉතා ඉහල ඇමරිකාවේ සහකාරිය සහ සහකරැ  නිවාස දෙකක වෙන වෙනම ජීවත් වීම අධික වියදමක් යන වැඩක්. ඒවගේම එකට ජීවත් වෙන විට ශ්‍රම විභාජනයෙන් සහයෝගයෙන් එදිනෙදා වැඩ කරගැනීම ඒවා  තනි තනිව කරගැනීමට වඩා පහසුයි. ලoකාවේ වගේ නොවෙයි, ඇමරිකාවේ මිනිස්සු ජීවත් වෙන්නේ තනි තනිවම (individualistic lifestyle). උදාහරණයක් ගත්තොත් ඔවුන් බොහෝවිට අසල්වැසියන් සමඟ ඉතා සීමිත සම්බන්ධයක් පවත්වන අය. ඒවගේ සමාජයක හදිසියකට උදව්වක් ලබා ගන්නට හරිම අමාරැයි. ඒ නිසාත් දෙදෙනෙක් තැන් දෙකක ජීවත් වෙන එක දෙන්නටම අවාසිදායකයි. ඊලඟට ගත්තොත් ඇමරිකාව ලoකාවට වඩා භූමි ප්‍රමානයෙන් අති විශාලයි. මට මතක හැටියට ටෙක්සාස් ප්‍රාන්තය පමණක් ලoකාව වගේ හැට ගුණයක් විශාලයි. මේ නිසා ආදරය කරන දෙදෙනෙක්ගේ නිවෙස් කිලෝමීටර සිය ගණනක් ඈතින් උනත් පිහිටීමට හොඳ ඉඩ කඩක් තියෙනවා. එවිට  ලoකාවේ වගේ නිතරම උදේට හමුවෙලා හවසට ගෙවල් වලට යන්න පහසු නෑ. ඔන්න ඔය වගේ විවාහ නොවී එකට ජීවත් වීමට පසුබිම් වූ ලoකාවේ අයට නැති අභියෝග කීපයක් ඇමරිකාවේ අයට තිබෙන බව දැන් ඔබට වැටහෙනවා ඇති.

අනිත් පැත්තෙන් ඇමරිකාවේ මිනිසුන් ආදරය සහ ලිoගිකත්වය ගැන දරන ආකල්ප ලoකාවට වඩා හරිම වෙනස්. බලන්න මෙන්න මේ කරැණු දිහා;

1. ඇමරිකාවේ මිනිසුන්ට  ආදරය සහ ලිoගිකත්වය යනු මූලික අවශ්‍යතාවයක්. තම වැඩිහිටි දරැවන්ගේ ආදරය සහ ලිoගිකත්වය ගැන දෙමාපියන් දරන ආකල්පය නම් එය ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයේම කොටසක් යන්නයි. එම නිසා එකට ජීවත් වීමට දෙමාපියන්, පවුලේ අය හෝ සමාජයෙන් කිසිම බාධාවක් නැති අතර කාන්තාවකගේ අතීත ආදර/ලිoගික ජීවිතය ඇයගේ අනාගතයට කිසිම බලපෑමක් නොකරයි. ලිoගිකත්වය ගැන අදහසක් නැති, තමුන්ගේ ලිoගික රැචි අරැචිකම් ගැන අදහසක් නැති කන්‍යාවක් විවාහ කරගැනීමට බොහෝ ඇමරිකානු පිරිමි අකමැතියි.

2. ඇමරිකානු පිරිමි එකට ජීවත් වන කාන්තාවන් ගැන දක්වන ආකල්පය ලoකාවේ පිරිමින් එකට ජීවත් වන කාන්තාවන් ගැන දක්වන ආකල්පයට වඩා ඉතාම වෙනස්. ඇමරිකානු පිරිමි එකී කාන්තාවන්ට පහත් ලෙස සලකන්නේ නෑ. නමුත් ලoකාවේ බොහෝ පිරිමින්ගේ ඔළුවේ එම කාන්තාවන් රෙජිස්ටර් වෙන්නේ ගණිකාවන් විදිහට. එම නිසා එකී කාන්තාව සමඟ පහසුවෙන් යහන්ගත වීමට තමුන්ටත් අවස්ථාවක් ලැබේ යැයි ඇයගේ වටේ ඉන්න බොහෝ පිරිමි හිතනවා.  මේ පිරිමි අතර කඩේ මුදලාලි, හන්දියේ ත්‍රීවීලර් රියැදුරන්, කාර්‍යාල සගයන් ආදී ඇයට නිතර ගනුදෙනු කිරීමට සිදුවන පිරිමි සිටිය හැකියි. එවිට එම කාන්තාවට අධික ලිoගික  පීඩනයකට මුහුණ දීමට සිදු වෙනවා.

3. ඇමරිකානු කාන්තාවන් එකට ජීවත් වන කාන්තාවන් ගැන දක්වන ආකල්පය ලoකාවේ කාන්තාවන් එකට ජීවත් වන කාන්තාවන් ගැන දක්වන ආකල්පයට වඩා ඉතාම වෙනස්. ඇමරිකානු කාන්තාවන් එකී කාන්තාවන්ට පහත් ලෙස සලකන්නේ නෑ. නමුත් ලoකාවේ බොහෝ කාන්තාවන් අතර අධික ලිoගික කුහකත්වයක් සහ හීනමානයක් තිබෙනවා. තමුන් අසාර්ථක විවාහයකට හිර වී සිටී නම්, තමුන්ට වඩා living together කාන්තාව උගත්, ලස්සන, හෝ දක්‍ෂයි නම් අනිත් කාන්තාවන්ගේ නිර්දය හිoසනයට ගොදුරැ වන්න අර කාන්තාවට සිදු වෙනවා.

4. Living together කාන්තාවකගේ අයිතිවාසිකම් රැකදීමට කිසිම නීතිමය ප්‍රතිපාදනයක් ලoකාවේ නැහැ. නමුත් ඇමරිකාවේ එවැනි නීතිමය ප්‍රතිපාදන තිබෙනවා. උදාහරණයකට එවැනි  කාන්තාවකට ගෘහස්ථ හිoසනය කල නොහැකියි වගේම නිවසින් එකවරම පන්නා දැමිය නොහැකියි. ලoකාවේ එවැනි කාන්තාවකට කරදරයකදී පොලීසියකට/ආගමික ස්ථානයකට/නෑදෑයන් වෙතට ගොස් මම living together ඉන්න මිනිහාගෙන් කරදරයැයි කිවහැකිද?

5. ඇමරිකානු පිරිමින්ට ලිoගික අසහනයක් නැහැ, මොකද ඇමරිකාවේ ලිoගිකත්වය ඉතාම සාමාන්‍ය කාරණයක් නිසා. මෙතෙන්දි මම ඇමරිකානු ලිoගික නිදහස හරියි කියනවා නෙමෙයි, නමුත් මට කියන්න ඕනේ හුදෙක් ලිoගික ඇසුරක් පැවැත්වීමට ඇමරිකානු පිරිමි කාන්තාවක් සමඟ living together ඉන්නේ නැති බව. මම දැකපු දෙයක් තමයි ලිoගික පීඩනයක් එල්ල කරන සoස්කෘතියක් ඇති ලoකාව වැනි රටවල බොහෝ පිරිමි living together සoකල්පය යම් තාවකාලික ලිoගික සුවයක් ලබා ගැනීමට අවභාවිතා කිරීම. මෙම පිරිමි කාන්තාව ටික කාලයක් ලිoගික භාණ්ඩයක් ලෙස ඇසුරැ කර කිසිම සාධාරණ හේතුවක් නැතිව අතහැර දමා එතැනින් නොනැවතී ඇයට නින්දා අපහාස සහ හිරිහැර කිරීමටත් පෙළඹෙනවා.

ඉතින් ඉහත කරැණු සියල්ලම සලකා බැලූ විට ඔබට පෙනෙනවා ඇති ලoකාවේ living together කාන්තාවන්ට ඇමරිකාවේ එකී කාන්තාවන්ට වඩා අධික පීඩනයක් එල්ල වී ඇති බව. මේ සියළුම පීඩනයන් දරාගෙන living together සිටීමට අවශ්‍ය "spark එක" ආදර සම්බන්ධයේ පවත්වා ගැනීම ඉතා අසීරැයි. අනිත් අතට living together සිටීමේ මූලිකම අර්ථය වන අසාර්ථක වුනොත් අතහැරීමේ හැකියාව බොහෝ ලoකාවේ living together කාන්තාවන්ට ඇත්තටම නැහැ. එම කාන්තාවගේ ගෙදරින් වැඩ වරද්දගෙන මෙහෙ එන්න එපා යැයි අතහැර දමන ලද විටකදී, නෑදෑ හිතමිතුරන් ඇය නරක කාන්තාවක් යැයි කොන්කල විටදී, සමාජය ඇය ගොදුරැ කර ගැනීමට බලා සිටියදී ඇයට එම සම්බන්ධය අසාර්ථක වුවත් අතහැරීමේ හැකියාව නැති බව ඔබට පෙනෙනවා ඇති.

නමුත් ඇය ඉහල පාන්තික කාන්තාවක් නම් අවුලක් නැහැ. ලoකාවේ ඉහල සමාජය ඇමරිකානු පන්නයේ එකක් නිසා ඉහත කරැණු බලපාන්නේ අවම වශයෙනුයි (e.g. ඉහල පාන්තික කාන්තාවන්ට කන්‍යා භාවය නැති බව අවුලක් නොවේ).

අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ කාන්තාවක් වන ඔබ ජීවත් වන්නේ living together සoකල්පය ඉතාම හොඳින් ක්‍රියාත්මක කලහැකි සමාජයක නොවේ නම් තමන්ට අත්විඳීමට වියහැකි විශාල අවදානම ගැන හැදෑරීමකින් පසුව පමණක් ඔබේ තීරණය ගන්න. ඇමරිකාවේ සිරිත් ගෙඩිය පිටින් ලoකාවට නොගැලපෙන බව අමතක නොකරන්න.



Tuesday, September 24, 2019

පතරාසයට පැමිණි සද්දන්තයන්ගේ කතාව (පසුගිය සැප්තැම්බර් 23 දිනට යෙදුනු එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව සමරැවකි)

https://s-media-cache-ak0.pinimg.com/736x/30/1d/84/301d849dd908f1b3c191388e5558a5c2.jpg (9.23.2019)
මේක ටිකක් පරණ කතාවක්. ඒත් හරිම ලස්සනයි. ඒ ලස්සන පරිසරය මතු පරපුරට රැක දීම ඔබේත් මගේත් වගකීමක් බව පසුගිය සැප්තැම්බර් 23 දිනට යෙදුනු එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවට සමගාමීව සිහි කැඳවීමටයි ඔබත් සමග මේ ලස්සන කතාව බෙදාහදා ගන්නේ. අප්‍රිකා මහාද්වීපයේ පිහිටා ඇති සැම්බියාව නම් රාජ්‍යයේ අපූරැ වනජීවීන් නැරඹීමේ ලැගුම්හලක් තිබෙනවා. එහි නම ම්ෆුවේ ලැගුම්හල (Mfuwe Lodge). දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ ම්ෆුවේ ලැගුම්හල ඉදිකර ඇත්තේ එක්තරා වල් අලි රන්චුවක් ගමන් කරන අලි මoකඩක් හරහා. සෑම වසරකම වසන්තයේදී ලැගුම්හල අවට ඇති සුවිශාල වල් අඹ (Cordyla africana) ගස් වල ඉදී ඇති අඹ ආහාරයට ගැනීමට එම අලි රන්චුව ලැගුම්හලේ ලොබිය හරහා ගමන් කරනවා. මෙහිදී අලි රන්චුව සහ ලැගුම්හලේ මිනිසුන් එකිනෙකාව තේරැම් ගෙන කටයුතු කරන ආකාරය ඉතාම දර්ශනීයයි. මෙය චාරිත්‍රයක් මෙන් අවුරැදුපතා සිදු වෙනවා කාලයක ඉඳලා. මුලින්ම අලි රන්චුව මේ ලැගුම්හල හරහා යාමට තීරණය කලේ එවකට රැළේ නායිකාව වූ "Wonky Tusk" ගේ නිර්භීත තීරණය උඩයි. ඉහත ඡායාරෑපයේ පෙනෙන්නේ ඇය ලැගුම්හලේ ලොබිය හරහා ගමන් කරන ආකාරයයි. ඇයගේ දළ දෙක දෙපැත්තට කැරකී තිබීම නිසායි ඇයට "Wonky Tusk" යන නම ලැබුනේ. කාලයක් යද්දී ඇයට ලස්සන පැටියෙක් ලැබෙනවා. මිනිස්සු පැටියාට වෙලින්ටන් යැයි නම තබනවා. වතාවක් කුඩා වෙලින්ටන්ට ලොබිය මැදදී නිදිමතක් දැනී ටිකක් නිදාගත් අතර ඒ මුළු කාලය තුළම අලි රන්චුව ලැගුම්හලේ ලොබියේ සන්සුන්ව රැඳී සිටියා. සමහර වෙලාවට කුතුහළය නිසා පුoචි පුoචි දඟකාරකම් කලත් වල් අලි රන්චුව කවදාවත් ලැගුම්හලට අලාභ හානි කලේ නෑ වගේම කවදාවත් මිනිස්සු ඔවුන්ව බය කර කුළප්පු කලේ නෑ. බලන්න පහත ඡායාරෑප මොනතරම් ලස්සනද කියා. ඉතින් ඔබ කැමතිනම් ඔබේ දරැවන්ටත් මෙවැනි සුන්දර අත්දැකීම් විඳින්න, පරිසරය ආරක්ශා කිරීමට දායක වෙන්න.

https://peopledotcom.files.wordpress.com/2017/11/elephant-hotel-c.jpg (9.24.2019)

https://www.africanfusiontravel.com/wp-content/uploads/2019/02/surr-4-1.jpg (9.24.2019)

 https://i.dailymail.co.uk/i/pix/2008/10/01/article-1065865-02DBF25F00000578-176_468x286.jpg (9.24.2019)

http://www.hoax-slayer.com/images/mfuwe-elephants-6.jpg (9.24.2019)

පහතින් දක්වා ඇත්තේ එම අලි රන්චුව ගැන වීඩියෝ කිහිපයක ලින්ක්.
1. https://www.youtube.com/watch?v=NdTII_unZSA
2. https://www.youtube.com/watch?v=RBY2DYsqAh8
3. https://www.youtube.com/watch?v=4TV2-mv5yKE



Thursday, September 19, 2019

නිරාගමික වීම කියන තරම් හොඳද? - පළමු කොටස

https://hessianwithteeth.files.wordpress.com/2014/11/agnosticism-atheism.png (9.19.2019)

ජේමිස් බණ්ඩාගේ අසම්මත සටහන් අඩවියේ පළවූ "සර්වබලධාරී දෙවියන් මොනවගේද?"  ලිපිය කියවූ පසු මෙය ලිවීමට සිතුනා. https://asammathasatahan.wordpress.com/2019/09/16/සර්වබලධාරී-දෙවියන්-මොන-ව/

නිරාගමික වීම කියන තරම් හොඳද? යන මාතෘකාව බොහෝ සoවේදී එකක්. මොකද අපි කවුරැත් කැමතියි අපේ ආගම/දර්ශනය/විශ්වාසය ලොව එකම සත්‍යය  විදියට දකින්න. ඒ නිසාම ඒ ගැන ප්‍රශ්න කිරීම අපට රැස්සන්නෙ නෑ. නමුත් මගේ මේ උත්සහය එයින් මදක් ඔබ්බට ගොස්  ලoකාවේත් ක්‍රමයෙන් ජනප්‍රිය වේගෙන එන සහ මම වාසය කරන ඇමරිකා එක්සත් ජනපදයේ ඉතාමත් ජනප්‍රිය නිරාගමිකත්වය ගැන මම හිතන හැටි ඔබත් සමග බෙදාහදාගැනීමයි.  

නිරාගමිකත්වය යන්න ඔක්ස්ෆෝර්ඩ් ශබ්දකෝශයට අනුව අර්ථ දක්වා තිබෙන්නේ දෙවියන් නැතැයි අදහන්නන් වශයෙන්. නිරාගමිකත්වය යන්න ඉoගිරිසි භාෂාවෙන් හඳුන්වන Atheism යන වචනය ග්‍රීක භාෂාවේ a (-නැති) සහ theos (-දෙවියන්) යන කොටස් දෙක එකතුවී සෑදුනු බවත් වැඩිදුරටත් දක්වා තිබෙනවා. දැන් ඔබට හිතෙනවා ඇති අපේ ලoකාවේ පවතින බුද්ධ දර්ශනය අදහන අය නිරාගමිකයන්ද කියලා. ඉහත අර්ථදැක්වීමට අනුව දෙවියන් නොඅදහන බෞද්ධයන් යම් තරමකට නිරාගමික බවයි මට හිතෙන්නේ. ඒත් එවැනි බෞද්ධයන් ලoකාවේ ඉන්නවාද? ලoකාවේ බුද්ධ දර්ශනයේ නොයෙක් තැන්වල බුදුන් විසින් දෙවියන් ගැන සඳහන් කර තිබෙන නිසා ලoකාවේ බුද්ධ දර්ශනය නිරාගමික නොවේ. එමෙන්ම ලoකාවේ බුද්ධ දර්ශනය අද වන විට බුද්ධාගමක් බවට පත් කරගෙන ඇති බවක් පෙනෙනවා. ඒ අනුව මෙම සoවාදයෙන්  ලoකාවේ බෞද්ධයන් බැහැර කරන අතර තනිකරම අවධානය යොමු කරන්නේ කිසිදු ආගමකට හෝ දර්ශනයකට අයත් නොවන  නිරාගමිකයන් වේ.

අද වන විට සමහර රටවල බොහෝ දෙනෙක් නිරාගමිකයන්. උදාහරණයකට ස්විඩනයේ 46-85%ක්, වියට්නාමයේ 81%ක්, ඩෙන්මාර්කයේ 43-80%ක්, නෝර්වේ රටේ 31-72%ක්, ජපානයේ 64-65%ක්, කැනඩාවේ 19-30%ක් සහ ඔස්ට්‍රේලියාවේ 18-26%ක් ආදී වශයෙන්. (මූලාශ්‍ර -http://www.infobarrel.com/25_Most_Atheist_Countries_in_the_World) මේ රටවලින් සමහරක් අතීතයේ දේවවාදී ආගම් අදහන්නන් හෝ බුද්ධ දර්ශනය අනුගමනය කරන්නන් බොහෝ දෙනෙක් සිටි රටවල්. ඒ අනුව ඔබට පෙනෙනවා ඇති දේවවාදී ආගම් මෙන්ම බෞද්ධ දර්ශනය වැනි දර්ශනයන්ද මිනිසුන්ගෙන් ක්‍රමයෙන් ඈත් වීගෙන යන බව. මිනිසුන් ඉස්ලාම්, ක්‍රිස්තියානි, හින්දු, යුදෙව්, බුද්ධාගම ආදී නොයෙකුත් ආගම් වලින් ඈත් වන්නේ ඇයිද යන්න මුලින්ම සලකා බලමු. 

1. ඇතැම් ආගමික නායකයන්ගේ දූෂිත දෙබිඩි හැසිරීම- 

ගිහියන්ට ධර්මය දේශනා කරන ගමන් රහසින් අර ගිහියන්ට කරන්න එපා කියූ සියළුම වැරදි වැඩ වල නියැලෙන ඇතැම් ආගමික නායකයන් නිසා ආගම් ඉතාමත් අපකීර්තියට පත් වෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන ආගම වන ක්‍රිස්තියානි ආගමට අයත් පූජකයන් ගණනාවක් නොයෙකුත් අපචාර වලට වරදකරැවන් වී තිබෙනවා. ඒ අතර කුඩා දරැ දැරියන් අපචාරයට ලක් කිරීම, වැඩිහිටියන් දූෂණය කිරීම, මූල්‍ය  වoචා, මත්ද්‍රව්‍ය පාවිච්චිය, එතනින් නොනැවතී මනුෂ්‍ය ඝාතන වැනි අපරාධ පවා සිදුකර තිබෙනවා. පූජකයන්ගේ අපරාධ ඉදිරියටත් අඩුවේ යැයි හිතන්නට බැහැ. තාක්‍ෂණය ඉතා දියුණු මෙම යුගයේ මෙවැනි තොරතුරැ ඉතා වේගයෙන් ජනතාවට දැන ගැනීමට ලැබෙන තත්වයක් යටතේ මහජනතාව ආගම් ගැන කළකිරීමට පත් වීම ඉතා ස්වභාවිකයි. මට හිතෙන අන්දමට ලoකාවේ තත්වයත් එයට නොදෙවනියි. 

2. ආගමික අන්තවාදය-

පසුගිය අප්‍රේල් 21වෙනි පාස්කු ඉරැදින ලoකාවේ පල්ලි සහ හෝටල් කිහිපයක් ඉලක්ක කරගෙන එල්ලවූ ඉස්ලාමීය අන්තවාදීන්ගේ ත්‍රස්තවාදී ප්‍රහාරය මෙයට හොඳ උදාහරණයක්. තමුන්ගේ ආගමට අයත් නොවන අයට නොයෙකුත් ආකාරයේ අඩත්තේට්ටම් කිරීමේ සිට මරා දැමීම දක්වා අමානුශික ක්‍රියාවන් ආගමේ නාමයෙන් ස්වර්ගය පතා කිරීමට මෙම මනස විකල්වූ ආගමික අන්තවාදීන් පසුබට වෙන්නේ නෑ.  ආගමික අන්තවාදීන්ගේ ත්‍රස්තවාදය මේ වනවිට මුළු ලෝකයටම විශාල ප්‍රශ්නයක්. එම නිසා ආගම් නැති ලෝකයක ආගමික ත්‍රස්තවාදයකුත් නැතැයි යමෙකුට හිතෙන එක ස්වභාවිකයි. 

3. ඇතැම් ආගමික නායකයන් යාවත්කාලීන නොවී ඉතාම ගතානුගතික පසුගාමී මත ජනගත කිරීම-

ලoකාවේ ප්‍රධාන ආගම වන බුද්ධාගමට අයත් ඇතැම් ආගමික නායකයන්ගේ ඉතාම කණගාටුදායක හැසිරීම දෙස බලන විට මෙය ඉතා හොඳින් ඔබට තේරැම්ගත හැකියි. ප්‍රගතිශීලී සමාජය විසින් පිළිකුලින් යුතුව බැහැර කරන කුළ වාදය, කාන්තාවන් දෙවනිපෙල පුරවැසියන් ලෙස  සැලකීම, සත්ව හිoසනය ආදී නොයෙකුත් පසුගාමී හැසිරීම් ලාoකික ජනසමාජයට පොම්ප කරමින් විශාල හානියක් ඇතැම් ආගමික නායකයන් කරනා බව කණගාටුවෙන් යුතුව කිව යුතුයි. 
මෙවෙලේ මට මතක් වෙනවා මගේ ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවය. අපට උපාධි ප්‍රදානය කලේ එවකට උපකුළපති  පදවිය දැරෑ ප්‍රකට බෞද්ධ හාමුදුරැ කෙනෙක්. එතුමා උපාධි ප්‍රදානයේදී උපාධිධාරී පිරිමි පක්‍ෂයට garland එක පලන්දනවා  උපාධිධාරී කාන්තාවන්ට garland එක අතට දෙනවා. මෙය මාව ඉතාම කළකිරීමට පත් කලා. ටිකක් හිතන්න විශ්ව විද්‍යාලයක් කියන්නේ සමාජයක ප්‍රගතිශීලීම ආයතනය, ඒකෙත් මුදුන්මල්කඩ උපාධි ප්‍රදානෝත්සවය. එහිදී ප්‍රසිද්ධියේම කාන්තාවන් වේදිකාව මත දෙවනිපෙල පුරවැසියන් ලෙස හෑල්ලුවට ලක් කරන්නේ කරන්නේ වෙන කවුරැවත් නෙමේ, උපකුළපති. ඇමරිකා එක්සත් ජනපදයේ මෙය සිදු උනා නම් discrimination යටතේ පහුවදාම උපකුළපති ගෙදර. උපාධි ප්‍රදානෝත්සවයකදී කාන්තා උපාධිධාරීන්ට garland එක ප්‍රසිද්ධියේ බෙල්ලට දැමීම සිල් බිඳෙන පවක්ද? කිසිසේත්ම නැත, නමුත් අද සමාජයට ගැලපෙන පරිදි පූජ්‍ය පක්‍ෂය යාවත්කාලීනවී නැති බවයි ඉන් පෙනෙන්නේ. යාවත්කාලීනවී ඇති බව පෙන්වීමටදෝ  සුමදුර හෝ කාලීන බණ යැයි පවසමින් නූතන කාන්තාවන්ගේ ඇඳුම, සපත්තුව, ගමන, හැසිරීම ආදී සියලුම දේ නිර්ධය සහ ග්‍රාම්‍ය ලෙස අපහාසයට ලක් කරන මොවුන් කිසි විටක රටේ  කාලීනම පුරැශෝත්තමවාදී ගැටළු වන වීදි හිoසනය, පොදු ප්‍රවාහන සේවා වල අතවර, ගෘහස්ථ හිoසනය, බේබදුකම ආදියට එසේ බණ අසන පිරිමින්ව නෝන්ඩි කරන්නේ නැත. පුරැශෝත්තම වාදයට විශාල රැකුලක් ලබා දෙන මොවුන් ඒවාට හේතුව කාන්තාවන් වීම පෙර කළ පව් පලදීමක් යන අතාර්කික මෝඩ උත්තරය බොහෝ විට පවසයි. ඇයි එය අතාර්කික? ලoකාවේ මුඩුක්කුවක ඉපදුනු පිරිමියෙකුට වඩා යහපත් පොහොසත් පවුලක ඉපදුනු ගැහැනියක ඉතාම පින්වන්ත වන අතර ආබාධිතව ඉපදුනු පිරිමියෙකුට වඩා නීරෝගීව ඉපදුනු ගැහැනියක ඉතාම පින්වන්ත බව ඔබට පහසුවෙන් තේරැම් ගන්න පුළුවන් උදාහරණ දෙකක්. යාවත්කාලීන නොවී ඉතාම ගතානුගතික පසුගාමී මත ජනගත කරන පූජ්‍ය පක්‍ෂය විසින් සමාජයට කරනු ලබන මෙම විනාශය දකින ගිහියන්ට ආගම්  එපා වීම පුදුමයක් නොවේ. 

4. එදිනෙදා ජීවිතයට ආගමෙන් ලැබෙන සහනය අවම වීම-

ඉහත 1-3 කරැණු මත ගිහි-පැවිදි සම්බන්ධය කවරදාටත් වඩා අද අභියෝගයට ලක් වී ඇත. ඊට අමතරව ගිහියන්ගේ පැත්තෙන් ජීවන අරගලය නිසා අවිවේකී වීමත් පූජ්‍ය පක්‍ෂයේ පැත්තෙන් කිසිම ලාභ ප්‍රයෝජනයක බලාපොරොත්තු නොවී ගිහියන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමට වඩා දේශපාලන/ව්‍යාපාරික කටයුතු වල නියැලීම සහ ප්‍රසිද්ධිය පසුපස හඹා යෑම නිසා අවිවේකී වීමත් මත තවදුරටත් සමාජයක පූජකයන් නඩත්තු කල යුතුද යන මතය ඇතිවී තිබේ. තම පoසලේ/පල්ලියේ/කෝවිලේ පූජකයන් දූෂිතයන් බව දැනගත්විට ආගමික නායකයන්ගේ හැසිරීම විවේචනය කිරීම ගිහියන්ට අකැප බව ජනගත කර ඇති සමාජ වල බොහෝ ගිහියන් ප්‍රසිද්ධියේ එය විවේචනයට/නිවැරදි කිරීමට ඉදිරිපත් නොවී එම ආයතන අතහැර දමති. අනිත් අතට දූෂිත ආගමික නායකයන් දූෂිත ගිහියන්ට සම්බන්ධ නිසා ඔවුන්ගේ ක්‍රියාවන් නිවැරදි කරන්නට යාම අනතුරැදායකයි. බුද්ධිමත් ඔබ කල්පනා කර බලන්න ඔබට ගැටළුවක් ඇතිවූ අවස්ථාවක ඔබේ ආගමික ආයතනයෙන් ලබා දෙන emotional, financial සහ moral සහයෝගය මොනවගේද සෑහීමකට පත් විය හැකිද කියලා.

5. ආගම් වල සහ විද්‍යාවේ නොගැලපීම්

විද්‍යාවේ දියුණුවත් සමඟ බොහෝ දේවවාදී ආගම් වල ඇති කරැණු මතභේදයට ලක්වූ බව පෙනේ. උදාහරණයකට මහා පිපිරැම් න්‍යාය සහ ජීවයේ සම්භවය වැනි කරැණු දෙවියන් ලෝකය මැවූ බවට ඇති ආගමික මතයට වඩා තර්කානුකූල බව විද්‍යානුකූලව සහ තර්කානුකූලව අදහස් දක්වන්නට කැමති අය, විශේෂයෙන් තරැණ පරම්පරාව සිතීම නිරාගමිකත්වය ජනප්‍රිය වීමට විශාල ලෙස බලපානවා. 

මෙම කරැණු සළකා බැලූ විට යමෙකුට නිරාගමික විමට සිතීමේ පුදුමයක් නැතත් නිරාගමික වීම මගින් බලාපොරොත්තු වන ප්‍රතිලාභ ලැබේද යන්න ගැටලුවක්. නිරාගමිකත්වයේ මූලිකම ලක්‍ෂණය වන ආගමක් රහිත වීම අනුව නිරාගමිකයා සමාජය තුල ක්‍රියාත්මක වෙන්නේ කවර ආචාරධර්ම වලට යටත්වදැයි මූලික ප්‍රශ්නයක් පැන නගී. නිරාගමිකයන් බොහෝවිට පොදු නීති පද්ධතියකින් නොබැඳී හුදකලාව ක්‍රියාත්මක වන නිසා මෙම ආචාරධර්ම තම තමන්ට සාපේක්‍ෂව අර්ථනිරෑපනය කල සහ පිළිපදින්නන් වේ. ඒ අනුව තම ඉඩමට වරදීමකින් අනවසරයෙන් ඇතුළුවන අයෙකුට විමසීමකින් පසු යන්න දෙනවාද එකවරම වෙඩි තබනවාද යන්න ඒ ඒ නිරාගමිකයාට තම තම ණැන පමනින් තීරණය කල හැක. ඔබට හිතෙන්නට පුළුවන් රටේ නීතිය අනුව එකවරම වෙඩි තැබීම වරදක් විය හැකියි කියා. නමුත් නීතිය අවසානයේ සෑදී ඇත්තේ බොහෝවිට ඒ පලාතේ මිනිසුන්ගේ බහුතර කැමැත්ත අනුවයි. ඉතින් එකවරම වෙඩි තබන මානසිකත්වයේ නිරාගමිකයන් බහුතරයක් ඇති පලාතක නීතිය අනුව එය වරදක් නොවේවි. නිරාගමිකයන් නොව බහුතර ක්‍රිස්තියානි මිනිසුන් සිටින ටෙක්සාස්හි තම ඉඩමට/වාහනයට/රැකියා ස්ථානයට ඇතුළුවෙන පිටස්තර කලහකාරී පුද්ගලයකු අරභයා මෙසේ වෙඩි තැබීමට නීතියෙන් බාධාවක් නැත (Castle Doctrine). නමුත් මට හිතෙන පරිදි ක්‍රිස්තියානි ආගමේ බලපෑම මතදෝ බහුතරය එසේ එකවරම වෙඩි තබන්නේ නැත. මට කියන්නට අවශ්‍ය උනේ නීතිය ඇතැම්විට මෙවැනි මානුෂික මුහුණුවරකින් තොර දරැණු ස්වභාවයේ එකක් විය හැකි බැවින් ආචාරධර්ම නැති නිරාගමිකයන් නීතිය මගින් පාලනය වන නිසා එය ගැටළුවක් නොවේ යැයි සිතීම වැරදි අදහසක් විය හැකි බවයි. ඇතැම් නිරාගමිකයකුගේ ආචාරධර්මවල සත්ව ඝාතනය, බොරැ කීම, සොරකම, ස්ත්‍රී දූෂණය ආදිය වැරදි නොවිය හැක. තවත් උදාහරණයක් ගනිමු. ඇමරිකා එක්සත් ජනපදයේ සුදු ජාතිකයන් සමහරැ සුදු ජාතිකයන් උසස් යැයි සිතන අය වේ (White Supremacists). ඔවුන්ට අනුව අනිත් සියළුම සුදු ජාතිකයන් නොවන අය ඉතා පහත් බැවින් ඕනෑම හිoසාවක් කල හැක. පුදුමය කියන්නේ මොවුන් ඇතැමෙක් ක්‍රිස්තියානි භක්තිකයන්. ක්‍රිස්තියානි ආගමේ කොතැනකවත් White Supremacy අනුමත කර නැහැ, ඒත් ඒක තේරැම් ගන්නට ඔවුන්ට බැහැ නැතිනම් ඔවුන් නාමික ක්‍රිස්තියානි භක්තිකයන්. ඉතින් දෙවියන් තමුන් දිහා බලා සිටින බවත් මරනින්මතු දේව විනිශ්චය ලැබෙන බවත් අදහමින් දෙවියන් කිසිසේත් අනුමත නොකරන වැරදි කිරීමට පෙළඹෙන මෙවැනි මිනිසුන් තමුන්ගේ අභිමතයට ආචාරධර්ම සාදාගත්තොත් එය ඉතා අන්තරාදායක වේවි නේද?

දෙවියන් හිටියත් නැතත් තමුන් දිහා යම් supreme entity එකක් බලා සිටින බව විශ්වාස කිරීම යම් වැරදි වලින් මිදීමට මානසික ශක්තියක් සපයනවා. ඒ නිසාදෝ ස්විස් ජාතික පර්‍යේෂකයන් පිරිසක් කල අධ්‍යයනයකදී නිරාගමිකයන් දුම් බීම සහ මත් ද්‍රව්‍ය භාවිතය ආදී ඇබ්බැහිවන දුරාචාර වලට පෙලඹීමේ වැඩි නැමියාවක් ඇති බව සොයාගෙන තියෙනවා (මූලාශ්‍ර  -  https://www.sciencedaily.com/releases/2013/10/ 131003093041.htm). 2005 වනවිට ලොව තෙවන වැඩිම නිරාගමිකයන් ප්‍රමානයක්  (43-80%) වාසය කල ඩෙන්මාර්කයේ අතිවිශාල ලෙස අසභ්‍ය  ලිoගික ජවනිකා (Pornography) නිපදවීම සිදු වෙනවා. එය ක්‍රිස්තියානි භක්තිකයන් බහුතරයක් ඩෙන්මාර්කයේ සිටි 1970 ගනන් වලට වඩා අඩු උනේ නෑ නිරාගමිකයන් ප්‍රමානය වැඩි උනා කියලා (මූලාශ්‍ර  - Overcoming Violence Against Women and Girls: The International Campaign to Eradicate a Worldwide Problem by R. Nardos et al, 2003)  මෙවැනි බොහෝ අධ්‍යයන අන්තර්ජාලය මගින් ඔබට සොයා ගත හැකියි. මට හිතෙන්නේ ආගමකින් හික්මීමක් ලැබීමට අපහසු අයකුට නිරාගමික වීම මගින්ද හික්මීමක් ලැබීමට නොහැකි බවයි. ඇත්තටම ගොඩක්දෙනා නිරාගමික වීමට හේතුවත් ආගම් වල නීති වලට අකමැති වීමයි.

දේවවාදී ආගම් වලට වඩා නිරාගමික වීම විද්‍යාත්මකද? කිසිදු විද්‍යාවකට ලෝකයේ මූලික ප්‍රශ්න වන ජීවය ඇති වුනේ කෙසේද, මම ඉපදුනේ ඇයි, මට මරණයෙන් පසු කුමක් වේද ආදී ප්‍රශ්න වලට උත්තර සොයා ගැනීමට නොහැකි වෙලා තිබෙනවා. ඔබ කියයි මහා පිපුරැම් න්‍යාය ගැන. නමුත් විද්‍යාවට අනුව යම් පද්ධතියක ශක්තිය මැවීම හෝ විනාශ කිරීම කල නොහැකි නිසා මහා පිපුරැමට අවශ්‍ය මහා ශක්තිය ලැබුනේ කෙසේද? ජීවය ඇති වීමට ඉතා සියුම් කරැණු සිය දහස් ගණනක් සමපාත උනා. ජල අණුව කෝණික හැඩයක් ගැනීම, DNA භශ්ම ඇතිවීම, DNA ද්විත්ව හේලික්ස ලෙස දඟර වැටීම, ඉරක් නියමිත දුරින් තිබීම, එක සඳක් තිබීම ආදී මෙකී නොකී විද්‍යාවට අනුව අහම්බයන් සිය දහස් ගණනක්. විද්‍යාවටම අයත් සoඛාන විද්‍යාවට (Statistics) අනුව අහම්බයන් සිය දහස් ගණනක් මෙසේ එකම එකවරක් පමණක් එකට බැඳී සමපාතවීම සිදු විය නොහැකියි. අවාසනාවකට ජීවය ඇති වුනේ කෙසේද සහ විශ්වයේ කෙළවර කොතැනද ආදිය ගැන බුද්ධ දර්ශනයේ සඳහන් වන්නේ කෙසේද යන්න ගැන මට දැනුමක් නැහැ. වතාවක් මුගලන් රහතුන් සෘද්ධි බලය උපයෝගී කරගෙන විශ්වයේ කෙළවර සොයා යද්දී මරණාසන්න වූ විට බුදුන් පැමිණ මුගලන් රහතුන් ගලවාගෙන විශ්වයේ කෙළවර සෙවිමට නොයන ලෙස අවවාද කල බව අසා තිබෙනවා. මට හිතෙන ආකාරයට එම අවවාදය ඉතා අසම්පූර්ණයි.




Tuesday, September 17, 2019

උසස්පෙළ දිස්ත්‍රික්ක මත පදනම්වූ කෝටා ක්‍රමය සාධාරණද?

පහත සඳහන් ඡායාරෑප ලබාගත්තේ 2018/2019 විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විශ්ව විද්‍යාල ප්‍රවේශ අත්පොතින්.



සරලව කිව්වොත් උපාධි පාඨමාලාවක පුරප්පාඩු වලින් 40%ක් අපේක්ශකයන් ලකුණු ලැබූ අනුපිළිවෙලටත් 55%ක් දිස්ත්‍රික්ක වල ජන අනුපාතය අනුව බෙදී යන පරිදිත් තව 5%ක් අතිදුෂ්කරයැයි සැලකෙන දිස්ත්‍රික්ක කීපයකටත් හිමිවේ.
පහත දැක්වෙන්නේ ලoකාවේ මෑතකාලීනව කරනලද ජන සoගනන වල දත්ත වේ. (මූලාශ්‍ර -https://www.citypopulation.de/php/srilanka-prov-admin.php)


ඔබට පෙනෙනවා ඇති යුද්ධය පැවති කාලයේ 1981 සිට 2001 දක්වා වසර 20ක් තුල දෙමළ ජනතාව විශාල ලෙස උතුරින් පැමිණීම ඇතුළු තව බොහෝ හේතු නිසා බස්නාහිර ජනගහනය දළ වශයෙන් ලක්‍ෂ 39 සිට ලක්‍ෂ 54 දක්වා (40%) වැඩි වුවත් ඒ අවුරැදු 20ටම ජන සoගනනයක් නොවීම නිසා බස්නාහිර පලාතේ කෝටාව වැඩි නොවුනු බව. මේ අනුව බස්නාහිර පලාතේ දරැවන්ට (දැන් වැඩිහිටියන් බවට පත් වී සිටින) විශාල අසාධාරණයක් ඒ යුගයේ සිදුවී ඇති බව පෙනේ. අනිත් අතට උතුරැ පලාතේ ජනගහනය දළ වශයෙන් ලක්‍ෂ 11 සිට ලක්‍ෂ 10 දක්වා (10%) අඩු වුවත් ජන සoගනනයක් නොවීම නිසා උතුරැ පලාතේ කෝටාව අඩු නොවුනු බව. එතරම්ම නොවුනත් අනිත් පලාත් වලත් කලින් කලට සැලකියයුතු ජනගහනය අඩුවැඩි වීම් සිදුවී තිබේ.  

ජනගහණය නොව උසස්පෙළ අපේක්‍ෂකයන්ගේ අනුපාතය වඩා නිවැරදි නිර්ණායකය නොවේද? උදාහරණයකට එක පලාතක අපේක්‍ෂකයන් 100 ඇති අතර ජනගහණය 1000 සහ තව පලාතක අපේක්‍ෂකයන් 100 ඇති අතර ජනගහණය 2000 ඇති විට පලාත් දෙකේ කෝටා සම වියයුතු නොවේද? උසස්පෙළ අපේක්‍ෂකයන්ගේ අනුපාතය නිර්ණය කිරීම ජන සoගනනයක් කිරීමට වඩා ඉතාම පහසු සහ සෑම වසරකම යාවත්කාළීන කල හැකි ක්‍රමවේදයකි. 

දුෂ්කර නොවන යැයි සැළකෙන පලාත් වල දුෂ්කර පාසැල් කොතෙකුත් ඇති අතර එම දරැවන්ට බලවත් අසාධාරණයක් සිදුවේ. අනිත් අතට දුෂ්කර යැයි සැළකෙන පලාත් වල දුෂ්කර නොවන පාසැල්ද ඇත. ඒ අනුව පලාත කුමක් වුවත් පාසැල් පහසුකම් අනුව වර්ග කර කෝටා දීම වඩා නිවැරදි නිර්ණායකය නොවේද? 

තරඟ විභාග අරභයා කෝටා දීම සාධාරණ නම් ශිෂ්‍යත්වය, පරිපාලන විභාග ආදියටත් කෝටා දියයුතුය. උසස්පළට පමණක් ඇති විශේෂත්වය කුමක්ද?

උසස්පළ අද පාසැලින් පරිබාහිර විභාගයක් බවට පත්වී ඇත. පාසල සුපිරි උනත් නැතත් ශිෂ්‍යයා ටියුෂන්, අන්තර්ජාලය සහ නිර්දේශිත පොතපත මත තනිකරම යැපෙන උසස්පෙළ විභාගයේදී ශිෂ්‍යයාගේ  සාර්ථකභාවය සඳහා ඔහු/ඇයගේ ආර්ථික මට්ටම වඩාත්ම තීරණාත්මක සාධකය වේ. නමුත් වාසය කරන දිස්ත්‍රික්කයම එකම නිර්ණායකය කිරීමේ තේරැම කුමක්ද?

වාසය කරන දිස්ත්‍රික්කය තීරණය කරන්නේ උසස්පෙළට වහාම පෙර අවුරැදු තුනෙන් වැඩි කාලයක් පාසල් ගිය දිස්ත්‍රික්කයෙන් වීමද ගැටළු සහගතයි. වoචනිකයන්ට හොඳ අවස්ථාවක් සලසා දීමකි. දුෂ්කර නොවන දිස්ත්‍රික්කයක ගෙයක පොහොසත් ලමයෙකු උසස්පෙලට අතිදුෂ්කර දිස්ත්‍රික්කයක පාසලකට නාමිකව ඇතුළුකර හැකිය.

වෙනත් රටවල්වල මෙවැනි කෝටා දීමක් සිදු වෙනවාද? මම දන්නා පරිදි ලoකාවට ඉතාම සමාන බ්‍රිතාන්‍ය යටත්විජිත අධ්‍යාපන ක්‍රමයක් ඇති ඝානාවේද සම්පත් විෂමතා තිබුනත් උසස්පෙළට කෝටා දීමක් සිදුනොවේ. ඉන්දියාවේ කෝටා දෙන්නේ කුළහීනයන් වැනි සමාජ අසාධාරණයට ලක්වූවන්ටයි. ඔබත් ලාoකික ඩයස්පෝරාවට අයත්නම්, විශේෂයෙන් දියුණුවෙමින් පවතින රටක, ඔබ ඉන්න රටේ මේ ප්‍රශ්නයට දී ඇති විසඳුම අපට කියන්න.

Sunday, September 15, 2019

කාන්තාවන්ට මගතොටේදී හිoසා කරන දකුණු ආසියාතික පසුගාමී සමාජ පුරැද්දෙන් වැලකෙමු



http://www.onyxtruth.com/wp-content/uploads/2014/11/photo.jpg (9.13.2019)

ලoකාවේ පාරතොටේදී සිදුවන වීදි හිoසනය (street harassment) ගැන කතාකිරීමට සිතුවේ එය නිසා ඔබ සිතනවාට වඩා ඉතා දීර්ඝ කාලීන මෙන්ම ගැඹුරැ සහ අනර්ථකාරී ප්‍රතිපල ඇති වෙන බව මම කාන්තාවක් වශයෙන් අත්දැකීමෙන් දන්නා නිසායි. මගේ අර්ථදැක්වීමට අනුව වීදි හිoසනය යනු කිසියම් පුද්ගලයෙක් සාමාන්‍ය පරිදි පාරක යන විට ඔහු/ඇයගේ ශරීර ස්වභාවය, හැසිරීම, ඇඳුම් පැළඳුම් හෝ වෙනත් ගතිලක්‍ෂණ ඉලක්ක කර ගනිමින් (බොහෝවිට අසභ්‍ය ලිoගික ස්වරෑපයක් සහිත) අපහාසයන්ට/උපහාසයන්ට ලක් කරන වාචික/චර්‍යාත්මක හැසිරීම මගින් යමෙක්/කීපදෙනෙක් ඔහු/ඇය අපහසුතාවයට පත් කිරීමයි. සමහර අවස්ථාවල නොයෙකුත් දේවල් අර පාරේ යන මගියාට දමාගැසීමටත් ඉඩ තිබෙනවා. ඒවගේම ලිoගික අතවරයන්ට (මගියාගේ ශරීරය විශේෂයෙන්ම ලිoගික අවයව අතපත ගෑම, තමුන්ගේ ලිoගික අවයව ප්‍රදර්ශනය කිරිම/මගියාගේ ශරීරයේ ස්පර්ශ කිරීම, අසභ්‍ය වදන් හෝ අභිනයන් පෑම ආදී) මගියා පාරේදී ලක්වීමත් ඉතාම සුලභ සිදුවීමක්. වීදි හිoසනය ලoකාවේ බොහෝවිට කාන්තාවන් ඉලක්ක කර ගනිමින් සිදුවන බව නොරහසක්. එය මොනතරම් සුලභ දෙයක්ද කියනවානම් ලoකාවේ ජීවත්වූ කාලයේ මම හිතුවේ එය ලෝකය පුරා සිටින කාන්තාවන්ගේ සාමාන්‍ය දෛනික ජීවිතයේ අoගයක් කියා. බොහෝ කාලයකට පසුවයි මම දැනගත්තේ එය දකුණු ආසියාතික රටවල් කීපයක පමණක් (ලoකාව, ඉන්දියාව ආදී) සිදුවන නමුත් ශිෂ්ඨ සම්පන්න රටවල අපරාධයක් ලෙස සැළකෙන පිළිකුල් සහගත හැසිරීමක් බව. කාන්තා හිoසනය සිදුවන සමාජයක පිරිමින්වත් පුරැෂ හිoසනය සිදුවන සමාජයක කාන්තාවන්වත් යහතින් ජීවත් නොවේ. එයට හේතුවන්නේ ලෝකයේ සෑම සමාජයකම කාන්තාවන් සහ පුරැෂයන් අන්තර්සම්බන්ධතා සහිතව ජීවත්වන නිසා වරෙක පීඩකයා තවත් වරෙක පීඩිතයා වීම නොවැළැක්වියහැකි නිසායි. අද මහමග යන කාන්තාවකට හිoසා පීඩා කර වීදි හින්සනයට දායකවන ඔබ හෙට ඔබේ බිරිඳ/දියනිය/සොයුරිය හෝ මව වීදි හින්සනයට ලක්වූ විට දුකට පත්වේ. ඊටත්වඩා ඔබ දුකට පත්වන්නේ වීදි හින්සනය නිසා මානසික සමතුලිතතාව බිඳුනු හීනමානයෙන් හෝ වෙනත් සoකූලතා වලින් පෙලෙන කාන්තාවක් සමග ජීවත්වීමට සිදු වූ විට, නැතිනම් වීදි හින්සනය නිසා තමා ගැන අවතක්සේරැවෙන් හිතන ඔබේ දියණිය ඇයට නොගැලපෙන ආදරයක පැටළුන විට, නැතිනම් වීදි හින්සනය නිසා ආත්මශක්තිය හීනවූ ඔබේ සොයුරිය රැකියා ස්ථානයේ අසාර්ථකවන විට, නැතිනම් වීදි හින්සනයට පුරැදු වූ ඔබ කල්යත්ම කාන්තා හින්සනයට කැමති මානසික රෝගියෙකු වූ විට විය හැකියි. 

බොහොමයක් කාන්තා වීදි හිoසනයට පක්‍ෂව කතා කරන අය පවසන දෙයක් තමයි එය පිරිමින් අහිoසක විනෝදයක් ලබා ගැනීමට කරන දෙයක් බව. නමුත් එයින් කාන්තාවන්ට සිදුවන මානසික හිoසනය ඉතාම අහිතකර විදිහට මුළු සමාජයටම බලපානවා. අපි කුඩා උදාහරණයක් ගනිමු. තරැණවියට පාතබන ඉතා සoවේදී වයස් අවදියේ පසුවන, තද සමේ පැහැයක් සහිත ඉතා ලස්සන හැඩරැවක් සහ මනා පෞරැෂයක් ඇති ඉගනීමටත් දක්ෂ දියණියකට, ගෙදරින් එලියට බැහැපු වෙලේ ඉඳලා නිතරම අපෝ ඔයා හරි කළුයි කැතයි යැයි පාරේ ගමන් කරන වාරයක් වාරයක් පාසා පාරේ රස්තියාදුවන පිරිමින් පවසනවානම් ඇයගේ මානසික තත්වය ඔබට සිතාගත හැකිද? සමහරවිට ඇය මිතුරියන් පිරිසක් සමඟ ඉඳිද්දී මෙසේ පවසන විට ඇයට මොනතරම් ලැජ්ජා හිතෙනවා ඇද්ද? දරාගැනීමේ හැකියාව අඩු විරැද්ධ ලිoගිකයන්ගේ ආකර්ශනයට ලක්වීමට කැමති නවයොවුන් වියේදී තමා ගැන මෙවැනි ඍනාත්මක අදහස් දිගින් දිගටම ආගන්තුක විරැද්ධ ලිoගිකයන්ගෙන් ඇසීමට සිදුවීම එම දියණියන්ගේ පෞරැෂ වර්ධනයට සහ මානසික සමතුලිතතාවයට ඉතා අහිතකර ලෙස බලපානවා. මේ උදාහරණයේ දියණිය තුල ආත්ම විශ්වාසය අඩු වීම, හීනමානය, තමුන්ට වඩා ලා පාට සමක් ඇති දියණියන්ට ඊර්‍ෂ්‍යා කිරීමට පෙළඹීම, තමා ගැන අවතක්සේරැ කිරීම, එමගින් නොනැවති මානසික ආබාධයන්ට (e.g. depression) පවා ලක්විය හැකියි. මෙහි අනිත් නරක ප්‍රතිපලය නම් එම දියණිය සුදු වීමට ඇති නොයෙකුත් ඉතා අහිතකර ආලේපන පාවිච්චි කිරීමට පෙළඹීමයි. බොහෝවිට මෙම නිසි ප්‍රමිතියක් නැති ආලේපනවල ශරීරයට ඉතා අහිතකර රසදිය වැනි රසායනිකයන් අධිමාත්‍රා වලින් අඩoගු වෙනවා. මේවායේ දීර්ඝකාලීන අහිතකර ප්‍රතිපල ලෙස පිළිකා, වකුගඩු අක්‍රිය වීම, වෙනත් අවයව වලට හානි සිදුවීම ආදිය සිදුවිය හැකියි. ඒ අනුව ඇගේ අකල් මරණයටත් අනියමින් වීදි හිoසකයන් වගකිව යුතුයි.  අනිත් අතට තදපාට සමක් සහිත ඉතා ලස්සන ලoකාවේ  දියණියන්ව මම කොතෙකුත් දැක තියෙනවා. ලා පාට සම ලස්සනයැයි සිතීම යටත්විජිත මානසිකත්වයේ ලක්‍ෂණයක්. මා ජීවත්වන ඇමරිකා එක්සත් ජනපදයේ සුදු ජාතික පිරිමින් කළු ජාතික ගැහැනුන්ව ඕනෑතරම් විවාහ කර ගන්නවා. බලන්න පහත රෑපයේ ඉන්න ලෝප්‍රකට කළු ජාතික නිරෑපිකාව මොනතරම් ලස්සනද කියා. රෑමත්බව පිළිබඳව ජාත්‍යන්තර නිර්ණායක වලට අනුව ඇය ඉතා රෑමත්. නමුත් ඇසූපිරෑ තැන් අඩු අයෙකුට එසේ නොපෙනීමෙන් ඇගේ වටිනාකම අඩු නොවේ. මේ නිරෑපිකාව ලoකාවේ සිටියානම් ඇයට ඉතා දුක්ඛිත ඉරණමක් අත්වන්නට තිබුණි.

https://i.pinimg.com/236x/94/06/e9/9406e949ca28af6af186acbda0b2316d.jpg (9.15.2019)

ඉතින් ආපසු අර දියණියගේ උදාහරණයට ගියොත් ඇයට හිතෙනවා ඇය අවලස්සන නොවටිනා කෙනෙක් කියලා, මොකද පාර දිගට ඉන්න අපිරිසිදු කිළුටු ඇඳගත් වැඩක් නැතුව රස්තියාදුවෙන මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ තරැණයාටත් ඇයව කැතයිලු. ඉතින් ඇය ඇයට වඩා ඉතා අඩු වටිනාකමකින් යුතු පිරිමියෙක්ට කැමති වෙනවා, මොකද ඇය ඇයගේ නියම වටිනාකම දන්නෙ නෑනේ. ඇය වඩා ලා පාට සමක් ඇති කාන්තාවන්ට අධිකව ඊර්‍ෂ්‍යා කිරීම නිසා ඇගේ රැකියා ස්ථානයේ පලදායීතාව සහ සමාජශීලීත්වය දුර්වලයි. ඇගේ සැමියා ලා පාට සමක් ඇති කාන්තාවක් සමඟ අවශ්‍යතාවයකට කතාකළත් ගෙදර රණ්ඩුවක්. ඉතින් ඇගේ සැමියාත් සෑහෙන්න දුක් විඳිනවා. පිරිමින් කියනවා කාන්තාවන් පිරිමින් වගේ එකමුතු නැති ඉරිසියාකාර ජාතියක්ලු, හැබැයි කාන්තා පීඩක පිරිමින් අතේ තමයි එහි වරද විශාල වශයෙන් තියෙන්නේ. කාන්තාවන්ගේ හමේ පාට, උස/මිටි භාවය, කෙට්ටු/මහත, පියයුරැවල ප්‍රමාණය සහ අනෙකුත් ද්විතීක ලිoගික ලක්‍ෂණ ආදිය වීදි හිoසනය තුලින් නිර්දය ලෙස විවේචනය කරනා පිරිමි එයට විශාල වශයෙන් වගකිව යුතුයි. බුද්ධිමත් ඔබ මදකට හිතන්න පිරිමියෙක් පාරේ යද්දී කාන්තාවන් තැන තැන කල්ලිගැසී ඔහුගේ උස, ඇඟපත, පාට, ඇවිදින විදිය, ඇඳුමේ අඩුපාඩු, රැවුල ඇතුළු ද්විතීක ලිoගික ලක්‍ෂණ ගැන  උසුළු විසුළු කරොත් අර පිරිමියාට ඇතිවන අපහසුතවය කොපමණද කියා. අනිත් කාරණය නම් ඔබ වීදියේදී උසුළු විසුළු කරන කාන්තාව විශාල ප්‍රශ්නයකට මැදිවී ඒ මොහොතේ මානසිකව වැටී සිටින අයෙක්නම් ඔබේ හැසිරීම ඇයට අධික මානසික පීඩනයක්. 

කාන්තා වීදි හිoසනයට පක්‍ෂව කතා කරන අය පවසන තව දෙයක් තමයි කාන්තාවකට මාර බඩුවක්/කෑල්ලක් හෝ ඊට සමාන ඇයගේ අඟපසඟ "මාරයි" යැයි අඟවන කථා කීම/අභිනය මගින් එම කාන්තාව "වීදි හිoසනයට" නොව "වීදි සුරතාන්තයට" පත්වෙනබව. කිසියම් කාන්තාවක් තමන්ව ලිoගික භාණ්ඩයක් ලෙස සලකන පාරේ ඉන්නා ආගන්තුක පිරිමින් ටිකක් ඇයගෙන් පහත්පෙලේ වින්දනයක් වීදි හිoසනය තුලින් ලබද්දී සතුටු වේ නම් එම කාන්තාවගේ පෞරැෂයේ සහ ආත්මශක්තියේ විශාල ඌණතා ඇතිබවයි පෙනෙන්නේ. හොඳ මානසික සෞඛ්‍යයෙන් යුතු පෞරැෂයක් සහ ආත්ම විශ්වාසයක් සහිත කාන්තාවකට පාරේ ඉන්නා ආගන්තුක පිරිමින්ගෙන් තම පෙනුම හෝ අඟපසඟ validate කර ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව තරයේ කිවයුතුයි. 

මම කලිනුත් පැවසූ පරිදි වීදි හිoසනය දකුණු ආසියාතික රටවල් කීපයක පමණක් සිදුවන දෙයක්. කිසිම  දියුණු රටක මෙවැනි තත්වයක් දක්නට නොලැබේ. ඇත්තටම කියනවානම් එම රටවල පිරිමි කාන්තාවකට පාරතොටේදී වෙළඳසැලක/වාහනයක/ආයතනයක දොර ඇර දෙති (දොර ඇර ගැනීම කාන්තාවට තනියම කරගතහැකි වුවත් එමගින් ඔවුන් කාන්තාවට ගරැ කරනබව හැඟවේ) සහ ආචාරශීලී ලෙස සුබපැතීම (Hi, Hello, Good morning etc.) කරති. මේ රටවල් අතර ඇමරිකාව,  යුරෝපීය රටවල්, ජපානය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ කැනඩාව ඇතුලත් වේ. ඔබ ලoකාවේ පිරිමියකු නම් මේ ප්‍රශ්නය ඇසීමට කැමතියි.  ඔබ වාසය කිරීම කැමති ඉන්දියාව, බoගලිදේශය හෝ පාකිස්ථානයේද නැතිනම් ඇමරිකාව, යුරෝපීය රටවල්, ජපානය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ කැනඩාව වැනි රටකද?  ඔබ වාසය කිරීමට කැමති දෙවනුව සඳහන් කල දියුණු රටකනම් එම රටවල්වල පිරිමින් හැසිරෙන ආචාරශීලී අන්දමට පාරේදී හැසිරෙන්න. මොකද එම රටවල් දියුණු තත්වයට පත්වීමට මිනිසුන්ගේ විනය නැමති සාධකය ඉතා තීරණාත්මක බලපෑමක් කල නිසා. ඔබට ලoකාව සුරපුරයක් කල හැකියි අරගලය ඔබ තුලින්ම පටන් ගත්තොත්. ලoකාව "ඉන්න හිතෙන රටක්" කිරීමේ වගකීම දේශපාලකයා මෙන්ම මහජනතාව වන අපගේත් පරම යුතුකමයි.




Thursday, September 12, 2019

ඔබේ දියණියත්/සොයුරියත්/බිරිඳත් ඇය වගේද?



ඇමරිකා එක්සත් ජනපදයේ සරසවියක පශ්චාත් උපාධියක් කරන සමයේ සති අන්තයේ දිනක උදෑසන මම පොදු ප්‍රවාහන සේවයකින් සුපිරි වෙලඳසැලට යමින් සිටියා. විශ්ව විද්‍යාලයට නුදුරැ නැවතුමකින් දකුණු ආසියාතික පෙනුමක් ඇති තරැණියක් රථයට ගොඩවී රියැදුරැගෙන් යමක් ඇසුවා. රියැදුරැගේ පිළිතුර ඇයට නොතේරැනු බවක් පෙනුනේ. ඇමරිකාවේ ඇතැම් පලාත් වල ඉන්ගිරිසි භාෂාව උච්ඡාරණයේ ලොකු වෙනස්කම් තියෙන නිසා අළුතෙන් ඒ පලාතට එන අයට ටික දවසක් යනකම් ඒ උච්ඡාරණය තේරැම් ගන්න අමාරැයි. අසරණව වට පිට බැලූ ඇයට මාව දැක්ක ගමන් ලොකු සැනසීමක් දැනුනු බව පෙනුනා, මොකද මගේ පෙනුමත් දකුණු ආසියාතිකනේ. කොච්චරද කියනවානම් මගේ ලඟින් ඉඳගත් ඇය මුලින්ම කතා කලේ හින්දි භාෂාවෙන්. මම ලoකාවේ කිව්වම තමයි ඉන්ගිරිසියෙන් කතා කලේ. ඇය නිශා. ඇය ඇමරිකා එක්සත් ජනපදයට පැමිණ ඇත්තේ ඉතාම මෑතකදී. ඇගේ වැඩිමහල් සොහොයුරානම් වසර ගනනාවක සිට මෙහි සිටින්නේ, ඉන්ජිනේරැ අoශයක පශ්චාත් උපාධියක් හදාරමින්. ඒ සතිඅන්ත උදයේ ඇයට පුස්ථකාලයට ගොස් පාඩම් කිරීමට අවශ්‍ය වුනත් සොහොයුරාගේ කාරයෙන් පුස්ථකාලයට ඇරලවාගන්නට ඉල්ලා නැත්තේ සොහොයුරාට නිවාඩු දවසේ ටිකක් වැඩිපුර නිදාගන්නට ඉඩදීමටයි. නමුත් ඇය නැග සිටින්නේ වැරදි බසයට. මේ බසය යන්නේ පුස්ථකාලයට ප්‍රතිවිරැද්ධ දිශාවට. මම ඇයට යෝජනා කලා මේ බසයෙන් බැස පාර පැන නිවැරදි දිශාවට යන බසයට නැගීමට. නමුත් තනිවම ආපිට යන්නට ඇය බයවුනා. ඇය කිව්වා මේ බසයේ ගමනාන්තයට ගොස්  ආපිට එන බව. Uber වැනි ටැක්සි සේවා නොතිබුනු ඒ යුගයේ ඇයගේ ඒ තීරණය එතරම් බුද්ධිමත් නැහැ, මොකද මේ බසයේ ගමනාන්තයට පැයක් පමන ගතවෙනවා. ආපිට ඒමට ඒ අනුව පැය දෙකක්වත් ගත වෙනවා. ඒත් මට ඔබට කියන්න ඕන වුනේ මේ එකක්වත් නෙමේ. පිළිසඳරේ එක්තරා අවස්ථාවක මම කිව්වා ඇයගේ සොහොයුරා ඉගන ගන්නා අoශයට මම මගේ පර්‍යේෂණ කටයුතු වලට නිතර යන එන බව. එවිට ඇයගේ මුහුණ බයෙන් හැකිලී ගියා. ඇය කිව්වා මට පොරොන්දු වෙන්න කියල, ඇගේ සොහොයුරාට කවදාවත් කිසිම හේතුවකට මේ සිද්ධිය කියන්න එපා කියල. ඇයට සිදුවුනු කුඩා අකරතැබ්බයට වඩා ඇය අති මහත්සේ බිය වුනේ සහ වද වුනේ එය ගෙදර අයගෙන් වසන් කර ගන්නේ කෙසේද කියා.

මගේ මිතුරිය නදී රෑමත් යහපත් කාන්තාවක්. සාර්ථක ආදර සම්බන්ධයකින් ජයගෙන ඇය විවාහවී සතුටින් සිටියේ. ඇය රැකියාව කලේ බැoකුවක. ලඟදී එම බැoකු ශාඛාවට අළුතින් කඩවසම් කළමනාකරැවෙක් පත්වී එනවා. මේ කළමනාකරැට නදී ගැන ආසාවක් ඇතිවෙනවා. නොයෙකුත් ආකාරයට නදීගේ හිත ගැනීමට ඔහු උත්සහ කලත් නදී උපක්‍රමශීලීව අළුත් කළමනාකරැව මඟහරිමින් තත්වය පාලනය කර ගන්නවා. නදීට මේ සිද්ධිය ඇයගේ සැමියා, දිනූට පැවසිමට බයයි. ආදරය කරන කාලයේදීත් දිනූ වෙන කෙනෙක් නදී දිහා බැලුවත් ඔවුන් සමඟ අනවශ්‍ය රණ්ඩු වලට පැටලී කරදර ඇති ක‍ර ගන්නවා විතරක් නෙමෙයි නදීට අසාධාරණයක් වෙන තීන්දු ගන්නවා. නදී ඇයගේ වෘත්තීය ජීවිතයට ඉතා ආදරෙයි. බැරිවෙලාවත් දිනූ නදීට පහුවෙනිදා ඉඳලා වැඩට යන්න එපා කියල කියාවි යැයි ඇය බයයිි. ඒ විතරක් නෙමේ, කඩවසම් සහ පොහොසත් අළුත් කළමනාකරැ දැක්ක ගමන් හීනමානයක් ඇතිවී ඇයව සැක කරාවි යැයි ඇය බයයිි. පළමු කතාවේ නිශා වගේම නදීත් සටන් දෙකකින් හෙම්බත් වෙලා. ප්‍රශ්නය තනියම විසඳා ගැනීම සහ ගෙදරින් සඟවා ගැනීම යන අමාරැ සටන් දෙක. මෙහෙම ටික කාලයක් ගතවෙද්දි අළුත් කළමනාකරැ නදීව හිර කරන්නට අළුත් ක්‍රමයක් සොයා ගත්තා. මෑතකදී අළුතින් නිවසක් තැනීමට නිවාස ණයකට නදී අයැදුම් කල වෙලාවේ ඔහු කෙලින්ම ඇයට යෝජනා කලා නිවාස ණය අනුමත කර ගැනීමට නම් තමුන් සමඟ යහන්ගත වියයුතු බව. නදී එය ප්‍රතික්ශේප කලා. නමුත් නිවාස ණය අනුමත වීම ප්‍රමාද වෙද්දී දිනූ කෝපයට පත් වුනා. ඔහු හිතුවේ පවුලේ දියුණුවට හේතුවන නිවාස ණය නදීගේ නොසැලකිල්ල නිසා ප්‍රමාද වන බව. ඇයට හිතෙන්නේ ඇගේ යහපත් ප්‍රතිපත්ති වලට අනුගත වෙලා දුක් විඳිනවට වඩා කළමනාකරැ සමඟ යහන්ගත වීම මගින් ප්‍රශ්න පහසුවෙන් විසඳෙන බව. එහෙම ගොඩගිය කාන්තාවන් කිහිපදෙනෙක්ම එම බැoකුවේ සිටියා. ඒත් නදී ප්‍රතිපත්තිගරැක නිසා ඒකට හිත හදාගන්නත් අමාරැයි. දිනූ සහ නදීගේ විවාහයේ සතුට ගොඩක් අඩුවුනා. මෙය ලියන මොහොතේත් මේ ප්‍රශ්නයට හරි විසඳුමක් නැතුව ඇදී යනවා. නදී තමුන්ගේ කිසි වරදක් නැතුවත් පුපුරා යන්නට නියමිත ගිනි කන්දක් මත සිටින පරිදි තැතිගෙන දුකෙන් අසහනයෙන් කෝපයෙන් සහ කළකිරීමෙන් දවස ගෙවනවා.


අන්තිම කතාව මගේ මිතුරියකගේ මිතුරියක වන මධූ ගැන. මධූ ලස්සන ඒවගේම දඟකාර කෙල්ලෙක්. ඇය අපේ පාසලට ලඟ පාසලකට ගියේ. මගෙත් මධූගෙත් චරිත වල වෙනස්කම් නිසාද කොහෙදෝ අපි අතර කවදාවත් ලොකු යාළුකමක් ඇතිවුනේ නැහැ. අපි පාසල් ගිය කාලයේ මධූට ආදර සම්බන්ධතාවයක් තිබුනා. ඒක ටික කාලයකින් ගෙදරට ආරoචි උනා. විශාල කලබලයකින් පස්සේ ආදර සම්බන්ධතාවයට ගෙදරින් අනුමැතිය ලැබුනා, විශේෂයෙන්ම ඇයගේ පෙම්වතා උසස්පෙළ ඉහලින්ම සමත්වී වෛද්‍ය විද්‍යාලයට තේරැනු පසු. මධූට විශ්ව විද්‍යාලයට යන්නට ලකුණු මදි. එයට එක හේතුවක් වන්නට ඇත්තේ ගෙදරින් ආදර සම්බන්ධයට ඇතිවූ පීඩනය වෙන්න ඇති. සාමාන්‍යපෙල කරද්දී ඇති වූ ආදරය උසස්පෙළ අන්තිම වෙද්දි ඇයට එපාවී තිබුනේ, නොයෙකුත් අදහස් නොගැළපීම් ආදිය නිසා. ඒත් ඒ වනවිට ගෙදරින් සම්බන්ධයට අනුමැතිය ලැබිලා. ඇය මේ තත්වය දෙමව්පියන්ට පැවසීමට උත්සහ කළා. ඇයට පියාගෙන් කම්මුල් පහර සමඟ මවගෙන් බැනුම් පමණයි ලැබුනේ. ඔවුන්ගේ තර්කය වුනේ මේ මිනිහා උඹ හොයාගත්තා මිස අපි බලෙන් කරේ එල්ලුවෙ නෑ. ඒක නිසා දැන් උඹට මේක නවත්වන්න බෑ. මේ මිනිහා තව ටික කාලයකින් හොඳට මුදල් සහ තත්වය තියෙන දොස්තර කෙනෙක්. උඹට පිස්සුද දැන් මේ මිනිහාව අත්හරින්න?  යන්නයි. ඒ කතාබහෙන් පස්සෙ මධූගෙ විවාහය ඉක්මන් උනා. ඊට අවුරැදු කීපයකට පසු මගේ මිතුරිය විනෝද චාරිකාවක් ගොස් තිබෙනවා මධූ සහ තවත් මිතුරියන් කිහිපදෙනෙක් සමඟ. ඇය පැවසුවා මධූ ඒ වෙද්දි ඉතාම වෙනස් චරිතයක් බවට පත්වී සිටි බව. විනෝද චාරිකාවේ පවා කිසි සතුටක් ඇය නොපෙන්වූ බවත් ඇවිදින මළමිනියක් මෙන් සිටි බවත් තම කුඩා දරැවා බලාගැනිම පමණක් obsession එකක් ලෙස කළ බවත්. (මෙය සාමාන්‍ය මවක් කුඩා දරැවා බලාගැනිමට වඩා වෙනස්.) ළඟදී ආoරචි උනා ඇය ඔහුගෙන් දික්කසාද වුනු බව.

කාන්තාවකට ප්‍රශ්නයදී නිවසේ අයගෙන් උදව් ඉල්ලීමට වඩා ආගන්තුකයෙකුගෙන් උදව් ඉල්ලීම ආරක්ශිතයැයි හැඟීම හෝ ගෙදර අයගෙන් සඟවාගෙන තනිවම විසඳාගැනීමට සිදු වීම තරම් අවාසනාවක් තවත් නැහැ. කාන්තාවක් එසේ කිරීමට හේතු හේතු වලින් එකක් තමයි තමයි ගෙදර අයගෙන් කරැණාව, අස්වැසීම සහ උදව් වෙනුවට ලැබෙන නින්දා අපහාස, සැක කිරීම්, ඇනුම්පද, ලේබල්, සහ නොයෙකුත් සෘනාත්මක ප්‍රතිචාර. අනිත් හේතුව ඇය සමඟ කතාබහ කර හැමෝටම එකඟ වියහැකි විසඳුමකට ඒම වෙනුවට ඇයට අවාසිදායක අසාධාරණ තීන්දු වලට පවුලේ අය එළැඹීම. ඇයි ඉක්මන් කෝපය නිසා ගෙදර අය ඇයට ලැජ්ජා වෙන පරිදි පිස්සු කෙළීමත් කාන්තාවන් ඉතාම බියවන දෙයක්. ඔබත් නිශාගේ අයියා වගේ සහෝදරයෙක් නම්, දිනූ වගේ සැමියෙක් නම් හෝ මධූගේ දෙමව්පියන් වැනි දෙමාපියෙක් නම්, ධනාත්මකව වෙනස් වන්න.







Wednesday, September 11, 2019

අප්‍රිකානු රටවල මා සිත් ගත් ආහාර 5ක්



ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වීමේදී ලැබෙන ලොකුම වාසියක් තමයි හැම රටකම පාහේ ආහාර සහ සoස්කෘතිය ගැන ඒ ඒ රටවලට වෙන වෙනම නොගිහින් අත්දැකීමක් ලබා ගන්නට හැකි වීම. ආහාර ගැන කියනකොට මෙක්සිකානු, ඉන්දියානු, චීන, ජපන්, යුරෝපීය සහ අප්‍රිකානු රටවල ආහාර ඒ අතර ඉහලින්ම තිබෙනවා. අප්‍රිකාව කියන්නේ ඉතා විශාල මහාද්වීපයක්. ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව, ජපානය සහ යුරෝපයේ විශාල කොටසක් එකතුකලාම අප්‍රිකාවේ භූමි ප්‍රමානයට දළ වශයෙන් සමාන කල හැකියි. අප්‍රිකාවේ රටවල් 54ක් තිබෙනවා (අද වන විට). එම රටවල් වල ආහාර ඉතා විශාල විවිධත්වයක් සහිතයි. දැන් දැන් ලoකාවේ අය නොයෙකුත් රටවල් වල ආහාර නිවසේදී සාදා ගැනීමට ප්‍රවනතාවයක් තිබුනත් අප්‍රිකාවේ ආහාර ගැන කාටවත් උනන්දුවක් නෑ වගේ පෙනෙන නිසා මේ ලිපිය ලිවීමට හිතුනා. තව හේතුවක් තමයි අප්‍රිකානු ආහාර ඉතාම සෞඛ්‍යයට හිතකර වීම සහ ලාoකික සාම්ප්‍රදායික ආහාර වල මෙන්ම කුලුබඩු සහිත වීම. ආහාර සෞඛ්‍යය ගැන කියනකොට අපව colonize කල යුරෝපීය රටවල් වලින් ලැබුනු හුඟක් ආහාර සෞඛ්‍යසම්පන්න නොවන බව නොකියාම බැහැ. උදාහරණයක් ලෙස බටර් කේක් රෙසිපිය දිහා බලමු, බටර් ග්‍රෑම් 200කට සීනි ග්‍රෑම් 200ක් සහ පාන් පිටි ග්‍රෑම් 200ක්.. මොනතරම් විශාල සීනි ප්‍රමානයක්ද. තනිකරම තෙල්, සීනි සහ පිටි ගුලියක්. ඒක අයිසින් කරනවා නම් තවත් අති විශාල සීනි ප්‍රමානයක් පාවිච්චි කරනවා. නමුත් අපේ රටේ මෙන්ම අප්‍රිකානු රටවල සාම්ප්‍රදායික ආහාර ඉතාමත් සෞඛ්‍යසම්පන්නයි. ඒක නිසා නිරෝගී දිවියකට ඉවහල් වන රසවත් අප්‍රිකානු ආහාර ගැනත් බුද්ධිමත් ඔබ අවධානය යොමු කරන්න. මේ ලිපියේ අරමුණ ලoකාවේ ඔබට අප්‍රිකානු ආහාර ගැන කුඩා හැඳින්වීමක් කිරීම මිස රෙසිපි ඉදිරිපත් කිරීම නොවේ. මේ ආහාර වල authentic රෙසිපි ඔබට පහසුවෙන් අන්තර්ජාලයෙන් සහ විශේෂයෙන් හදන හැටි YouTube මගින් නැරඹීමට හැකියි.

1. Jollof බත්-
Jollof යන නම මේ බතට ලැබී ඇත්තේ සෙනගාලයේ සහ ගැම්බියාවේ ජීවත් වූ මේ බත් පිළියෙල කල wolof වරැන්ගේ නම එම ප්‍රදේශ colonize කල යුරෝපීය ජාතිකයන් jollof යැයි වැරදියට උච්ඡාරනය කිරීමෙන්. Jollof බත් අප්‍රිකානු රටවල් විශාල ගනනක (කුඩා වෙනස්කම් සහිතව) පිළියෙල කරන රසවත් ආහාරයක්. Jollof බත් සෑදිමේදී බොහෝ විට ඉඟුරැ, ලූණු, අමු මිරිස් වර්ග, thyme සහ තක්කාලි විශාල ප්‍රමානයක් යොදා ගන්නවා. ඒ නිසාම ලස්සන තැඹිලි පැහැයකින් යුතු jollof බත් "තක්කාලි බත්" ලෙසත් හැඳින්විය හැකියි. රසවත් ලෙස jollof බත් සෑදීමේ රහස ලෙස තක්කාලිවල අමු රසය සම්පූර්ණයෙන්ම ඉවත් වන තුරැ මද ගින්නේ දිගු කාලයක් පිස ගැනීම දක්වන්නට පුලුවන්. සමහරැ තමුන් කැමති මස් වර්ග මේ බතට එකතු කරනවා. තක්කාලිවල antioxidants ආදී ශරීරයට හිතකර රසායනිකයන් බහුලව තියන නිසා jollof බත් ඉතා ගුණදායකයි. සමහරැ Jollof බත් සෑදීමේදී සුප් කැට වැනි කෘතිම රසකාරක දමනවා. මම නම් කිසිම කෘතිම රසකාරකයක් දමන්නේ නැහැ, ඒත් රසකාරක නැතුවත් මේ බත් ඉතා රසට සෑදීමට හැකියි.



උපුටා ගැනීම අන්තර්ජාලයෙන්- https://tse4.mm.bing.net/th?id=OIP.3StNMHUPflP-bkszyNHV2gHaE8&pid=Api&P=0&w=249&h=167 (8.23.2019)

2. බදින ලද "ආනමාලු" කෙසෙල් ගෙඩි (fried plantains)
මෙය ඉතා පහසුවෙන්, ඉක්මනින් සහ අඩු වියදමකින් පිළියෙල කර ගත හැකි රසවත් ආහාරයක්. ඒ නිසාමදෝ බොහෝ අප්‍රිකානු රටවල, දකුණු ඇමරිකානු රටවල සහ ඇතැම් ආසියානු රටවල ඉතා ජනප්‍රිය කෑමක්. මම මුලින්ම fried plantains දැක්කේ විශ්ව විද්‍යාලයක අප්‍රිකානු රාත්‍රිය (African Night) යැයි අප්‍රිකානු theme එකට තිබුනු උත්සවයක සුදු ජාතික ඇමරිකානුවන් අතින් පිළියෙල කල ආහාරයක් ලෙස. ඔවුන්ගේ උත්සාහයට ගරැ කරන අතරම එම fried plantains මට fried plantains බොහෝ කාලයකට එපා කරවූ බව නොකියාම බැහැ. Fried plantains සාර්ථකව සෑදීමේ රහස් ලෙස අඩු ගින්නේ දිගු කාලයක් පිස ගැනීම (නැතිනම් මැද අමු වී වටේ කර වී නීරස වේ), "ආනමාලු" කෙසෙල් ගෙඩි පමනක් යොදා ගැනීම (අනිත් කෙසෙල් ගෙඩි වල පිටි ගතිය අඩු නිසා සාර්ථකව යොදා ගත නොහැක), ඉතා හොඳින් ඉදුනු කෙසෙල් ගෙඩි පමනක් යොදා ගැනීම ආදිය දක්වන්නට පුලුවන්. පොඩි වෙනසකට ඉතා හොඳින් ඉදුනු ආනමාලු කෙසෙල් ගෙඩි blend කර සාදා ගත් batter එකට පොල් කිරි ටිකක් සහ සුවඳ කුඩු දමා ගැඹුරැ තෙලේ බැද ගත් විට ඉතා රසවත් හැඳි කැවුම් සාදා ගැනීමට ලැබුනා. මේ හැඳි කැවුම් වල සීනි සහ පිටි නැති නිසා ඉතාමත් සෞඛ්‍යසම්පන්නයි.


උපුටා ගැනීම අන්තර්ජාලයෙන්- https://www.marijuanadoctors.com/wp-content/uploads/2017/11/img_1205.jpg (8.23.2019)

3. ඉන්ජෙරා (Injera)
ඉතියෝපියාව සහ එරිත්‍රියාව මූලික කරගෙන බිහි වූ මෙම රසවත් ආහාරය තෝසේ වලට ටිකක් සමානයි. ටෙෆ් නැමති ඉතා ගුනදායක ධාන්‍ය වර්ගයක පිටි වලිනුයි Injera රොටිය සාදා ගන්නේ. නොයෙකුත් එළවලු, පලා, ධාන්‍ය වර්ග සහ මාoශමය වෑoජන ගනනාවක් එක්ක ආහාරයට ගන්නා ඉතා පෝශණිය රසවත් ආහාරයක්.


උපුටා ගැනීම අන්තර්ජාලයෙන්- https://www.daringgourmet.com/wp-content/uploads/2018/02/Sega-Wat-5.jpg (8.23.2019)

4. ෆුෆු (Fufu)
බොහෝ අප්‍රිකානු රටවල ෆුෆු කෑමට ගත්තත් එම ෆුෆු recipe වල විශාල වෙනස්කම් තියෙනවා. ඒ නිසා මම දන්නා ඝානාවේ ෆුෆු ගැන කියන්න හිතුවා. ෆුෆු වල concept එක (රසය නෙමෙයි) ලoකාවේ තලප වලට සමානයි. මඤ්ඤොක්කා හෝ/සහ ආනමාලු කෙසෙල් පිටි වලින් සාදන මෙම තලප වැනි ඇදෙනසුලු ආහාරය නොයෙකුත් රසවත් සුප් වර්ග සමග කෑමට ගන්නවා. මම කැමතිම සුප් වර්ගය කුකුලු මස් දැමූ රටකජු සුප් (groundnut soup). රටකජු සුප් නම් ඔබ අනිවාර්‍යයෙන්ම ඉතා ආසා කරන කෑමක් වේවි. ඔබ ඉන්දියානු ආහාර ගැන උනන්දුවක් දක්වන්නේ නම් butter chicken ගැන දන්නවා ඇති. Butter chicken වලට කජු සිහින්ව අඹරා දමන පරිදි රටකජු සුප් වලට රටකජු සිහින්ව අඹරා එකතු කරනවා. කජු වලට වඩා තීව්‍ර රසයක් රටකජු වල තිබෙන නිසා මටනම් රටකජු සුප් වඩාත් රසයි. කුකුලු මස් දැමූ රටකජු සුප් සෑදීමට මම පාවිච්චි කල රෙසපිය-https://www.seriouseats.com/recipes/2017/06/ghana-west-african-peanut-stew-chicken-groundnut-soup.html (smoked dried fish රහිතව සහ වෙළඳපොලේ ඇති peanut butter වෙනුවට roasted peanuts, blender එකේ  grind කර ගෙන). රෙසපියේ උපදෙස් හරියට පිළිපදින්න, රස වැඩි කර ගැනීමට සිතා වතාවක් වැඩිපුර රටකජු දමා රටකජු සුප් එක නීරස උනා. 

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්- https://unseenbenin.files.wordpress.com/2014/03/fufu6.jpg (8.23.2019)

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්- http://www.seriouseats.com/recipes/images/2017/06/20170511-groundnut-soup-vicky-wasik-3-1500x1125.jpg (8.23.2019)

5. එගුසි (Egusi)
නයිජීරියාව, ඝානාව ඇතුලු බටහිර අප්‍රිකානු රටවල මෙම රසවත් ආහාරය ඉතා ජනප්‍රියයි. මම තවම සාදා නැතත් කිහිප වතාවක් රස බලා තිබෙනවා. මෙහි එක මෙහි එක ප්‍රධාන අමුද්‍රව‍‍්‍යයක් ලෙස එක්තරා කොමඩු විශේෂයක (Egusi) ඇට වල මදය පිටිකර යොදා ගන්නවා. ඊට අමතරව කැමති මස්/මාලු වර්ග සහ පලා එලවලු එකතු කරනවා.  

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්- https://laurafoods.com/wp-content/uploads/2017/04/egusi-soup-beef.jpg (8.23.2019)




Wednesday, September 4, 2019

Zenzele-A letter for my daughter - මා කියැවූ ඉතා විශිෂ්ඨ කෘතියක් (විචාරයේ දෙවන කොටස)





සිම්බාබ්වේ ජාතික වෛද්‍ය ජේ. නොසිපෝ මරයිරේ (J. Nozipo Maraire) ගේ කුළුඳුල් කෲතිය වන Zenzeleහි තවත් සිත්ගත් කොටසක් ඔබ වෙත ගෙන ඒමට සිතුවා. පළමු කොටසේදී සඳහන් කලා වගේ ඔබට තරැණ වියට පාතබන දියණියක් සිටී නම් මේ පොත කියවීම ඉතා ප්‍රයෝජනවත් වේවි. ඔබේ තරැණ දියණිය නොගැළපෙන ආදර සම්බන්ධයක් ඇතිකරගත්තොත් ඔබ මොකද කරන්නේ? මේ ලෝකයේ සිටි සෑම බුද්ධිමත්ම, බලවත්ම, දක්‍ෂතම, හොඳම කාන්තාවක්ම පාහේ නොමේරෑ වියේදී එබඳු වැරදි කර තිබෙනවා. හැබැයි එය සෘනාත්මක අත්දැකීමක් නොකර ජීවිතය තේරැම් ගැනීමට ධනාත්මක මගපෙන්වීමක් ලෙස යොදාගැනීමයි යහපත් දෙමව්පියන් කල යුත්තේ.  මේ පොත ලියූ ලේඛිකාව නොසිපෝ එසේ මෙසේ චරිතයක් නොවේ, පළමු කොටසේ සඳහන් කළ පරිදි දිළිදු අප්‍රිකානු රටක් වන සිම්බාබ්වේහි ඈත පිටිසර ගමක ඉපදී ඇමරිකා එක්සත් ජනපදයේ අoක එකේ විශ්වවිද්‍යාලය ලෙස පිළිගන්නා හාවර්ඩ් සරසවියෙන් සහ වෙනත් කීර්තිමත් සරසවි වලින් අධ්‍යාපනය ලබා විශේෂඥ වෛද්‍යවරියක් ලෙස වෘත්තීමය ජීවිතයත් දරැවන් සිව් දෙනෙකුගේ ආදරණීය මවක් ලෙස පෞද්ගලික ජීවිතයත් සාර්ථකව ජයගත් කාන්තාවක්. නමුත් ඇයත් ඉතා තරැණ සමයේදී නොගැළපෙන ආදර සම්බන්ධයක් ඇතිකරගත් බවත් ඊට ඇයගේ පියාගේ ප්‍රතිචාරයත් මෙම පොතෙහි ඇය ලියා තිබෙනවා. මේ ඉන් කොටසක්.

මම තරැණ දැරිවියක් කාලයේදී වතාවක් මගේ පියා මාව පැත්තකට අඬගැසුවා. එතකොට මම කෙතේ සිට තනිවම නිවසට පැමිණුනා පමණයි. මගේ මව අපේ ගෙවත්තෙන් නෙළූ නැවුම් බෝoචි වගයක් අරන් ඇයගේ මවගේ නිවසට ගොසින්. එදිනම උදෑසන මම ජීවිතයේ පළවෙනි වතාවට පාසලෙන් කට්ටි පැන්නා. මම එක්තරා තරැණයෙකුට ආදරය කරන්නට පටන්ගෙන තිබුනා, නැතිනම් අඩුතරමේ මම එහෙම හිතාගෙන හිටියා. ඔහුගේ ඉල්ලීමට එදා උදෑසන මම ඔහු සමග අසල තිබූ කුඩා කඳුවැටියක් නැගීමට ගිය නිසා එදා උගන්නපු ලිවිඞ්ස්ටන් සහ රෝඩ්ස් ගැන පාඩම මඟහැරැණා. අද දක්වාම මම දන්නෙ නැහැ මගේ පියාට මේවගක් ආරoචි වුනාද කියලා. ඒ මොකද ඔහු බොහෝදේ දකින නමුත් බොහෝ කලාතුරකින් කතාකරන කෙනෙක් නිසා. මගේ මව වගේම ඔහුත්  කෙනෙකුගේ හිස් වචන වලට වඩා ක්‍රියාවන් බලගතුබව විශ්වාස කල නිසා. ඉතින් මම පඩිපෙල නැගගෙන එනකොට පෝටිකෝවේ අබලන් පරණ පුටුවේ ඔහු වාඩිවී සිටිනු දුටුවා. මැදින් පහත් වී එක ඇන්දක් කැඩී තිබුනත් තවමත් ඔහු ඒ පුටුව වැඩ ඇරී පැමිනෙන හැමදාම හවස්වරැවේ සාලයෙන් වැරැන්ඩාවට ඇදගෙන, සුරැට්ටුවක්ද උරමින් වාඩිවී, හිරැ හෙමින් බැහැගෙන යන අපූරැව බලා ගෙන ඉන්නවා පුරැද්දට වාගේ. කඳු වළල්ල නිසා සෙවණවුනු නිම්නය හා ගoගාව ඇත්තටම ඉතාම චමත්කාර දසුනක් තමයි. මම බයෙන් බිරාන්ත වෙලා හිටියේ තාත්තාට මo ගැන ඉව වැටිලාවත්ද  කියලා. ඒත් දැන් ඉතින් පැනලා දුවන්ටත් පරක්කු වැඩි නිසා බයෙන් බයෙන් කොහොමහරි ඉතුරැ පඩි දෙක තුනත් නැග ගත්තා.

https://img0.etsystatic.com/000/0/5606401/il_570xN.192175384.jpg (9.2.2019)

"සුභ සැන්දෑවක් තාත්තේ" මම පැවසුවා. "මගෙ දුවේ, පොඩ්ඩකට මෙහෙන් වාඩි වෙන්න." තාත්තා ඒවගේ ගැඹුරැ සන්සුන් හඞින් කතාකරන වෙලාවට දැනෙන්නේ හරියටම පල්ලියෙ පූජකතුමා ආශීර්වාද කරනකොටයි උසාවියෙ නඩුකාරඋන්නාන්සෙ නඩු අහල අවසන් තීන්දුව දෙනකොටයි ඇතිවෙන හැඟීම්වල සම්මිස්‍රනයක්. තාත්තට හැමදේම තේරෙනව, ඒවගේම දකිනකොටත් බය හිතෙනව. කබල් පුටුවට ටිකක් මෙහායින් වෙන්නට වැරැන්ඩාවේ සීතල බිම මම දණගසා ගත්තා. ඒකාලෙ අපි වැඩිහිටියන් සමග සම අසුන්වල වාඩිවෙන්නෙ නැහැ, විශේෂයෙන්ම වැරැද්දක් කරපු වෙලාවට. මම හිස පහත් කරගෙන බලා හිටියා දඬුවම් ලැබෙනතුරැ. එතකොට මට පෙනුනා කලු කූඹි රැළක් ලැසි ගමනින් බිම දිගේ පහත බිත්තියට නගිනවා, උන්ගේ සිරැරැ බැසයන හිරැ එලිය වැදී තද රතු-දුඹුරැ පාටට දිලිසුනා. ඒවිතරක් නොවෙයි, මුකොමා එඩී එයාගෙ ගව පට්ටිය අසල පාරෙන් දක්කගෙන යන නිසා හරකුන්ගෙ ගෙලබැඳි සීනුවලින් නැගුනු "ක්ලින් ක්ලින්" සද්දෙත් හැන්දෑ අඳුරේ රැව් පිළිරැව් දුන්නා. "මට ඔබට කියන්න තිබෙනවා කථාන්දරයක්, ඔබ අහගෙනද ඉන්නේ මගෙ දරැවො?" "ඔව් තාත්තේ" මම කඳිරිලි හඬින් පැවසුවා. මට හිස ඔසවා ඔහු දෙස බැලීමට තරම් ධෛර්‍යයක් තිබුනෙ නෑ. කොහොමටත් මගේ හිස ලැජ්ජාව නිසා බරවේගෙන එන බවක් දැනුනා. එදා ඔහු මට කියූ ඒ කතාව මට කවදාවත් අමතක වෙන්නේ නෑ.

https://i.pinimg.com/originals/7d/1e/b9/7d1eb9dab00f442dc8b9f7a359ddc056.jpg (9.3.2019)

චිමනිමානි කඳු පාමුළ තිබුනු නිහඞ කුඩා ගමක එක කුඩා පවුලක්- සැමියා, බිරිඳ සහ ඔවුන්ගේ කුඩා අතදරැවා- ඉතා සතුටින් ජීවත් වුනා. වයසින් මුහුකුරාගිය සැමියා තරැණ බිරිඳට කරැණාවෙන්, මෘදු ලෙස සැලකුවා වගේම විශ්වාසය රැක්කා. නමුත් මෙහෙම කලක් ගතවෙනකොට බිරිඳ ටික ටික වෙනස්වෙලා අන්තිමට එක දවසක් අල්ලපු ගමෙන් ආපු තරැණයෙකුට ආදරය කරන්නට පටන් ගත්තා. මාස කීපයක් ගතවෙනකොට ඇගේ අළුත් පෙම්වතාට ඔවුන්ගේ රහසිගත හමුවීම් ඇති වුනා. ඉතින් ඔහු ඇයට සැමියාගෙන් වෙන්වී තමන් සමග විවාහ වන ලෙස බැගෑපත් වුනා. මුලදී ඇය ඊට දැඩිව විරැද්ධ වුනා. ඒත් කාලයක් යද්දි පෙම්වතාගේ බලපෑම හමුවේ ඒ විරෝධය ටික ටික අඩු වෙන්න පටන් ගත්තා. එක දවසක් ඔහු ඇයට මෙහෙම කිව්වා. "රත්තරනේ, මට ඔයාව ඕනේ, අපි මෙහෙන් පැනලා යමු. මම ඔබට ආදරේ නිසා ඔබ වෙනත් මිනිහෙක් සමග ජීවත්වෙනවා තවත් මට බලාගෙන ඉන්න බෑ." "ඒ වුනාට මගේ සැමියට මොකද වෙන්නේ? මගේ දරැවට මොකද වෙන්නේ?" ඇය විරෝධය පෑවා. අපි ඔබේ සැමියාට වසදී මරා දමමු. ඔහු ඉතින් කොහොමත් වයසක මිනිහක්නේ. ඒනිසා කවුරැවත් සැක හිතන එකක් නෑ. ඊටපස්සෙ අපි ලස්සන පලාතකට පැනල ගිහින් අළුත් ජීවිතයක් පටන්ගමු." තරැණ කාන්තාව හඬමින් ඇයගේ දෑත සැලුවා. "මට බැහැ. මගේ සැමියා මට හොඳින්
සළකන අවoක කෙනෙක්." "ඒ කියන්නේ නුඹ මට ආදරේ නෑ." පෙම්වතා කෝපයෙන් පැවසුවා. ඇය කොතරම් ඔහුව අස්වැසුවත් ඔහු නොවේ ඇයව ගනනකටවත් ගත්තේ. "නුඹ මට ආදරේ නැති නිසා මම යනව යන්න." කරකියාගතහැකි කිසිවක් නොවුනු තැන ඇය අන්තිමේදි ඔහුගේ සැළසුමට එකඟ උනා. ඊට දවස් දෙකකට පස්සෙ අර යහපත් වයසක ස්වාමිපුරැෂයාව ඔවුන් වසදී මරා දැමුවා. එදා හවස්ජාමෙ ඔවුන් පළා ගියා. ඝන වනන්තරේ මැදින් සහ උණුසුම් කාන්තාරේ මැදින් ඔවුන් පළා ගියා. එලෙස යද්දී අතරින් පතර ඇයගේ පිටේ රඳවාගෙන සිටි බිළිඳාට කිරි දීමට ඔවුන් නතරවුනා. අවසානයේ ඉරැ උදාවත් සමගම විශාල ගoගාවක් අසලට ඔවුන් පැමිණියා. "අන්න අතන, මගේ රත්තරනේ, ඔබට පෙනෙනවාද? මේ ගඟට එහායින් පෙනෙන කන්දෙන් එපිට තමයි මම පොරොන්දුවුනු ලස්සන පලාත. අපට එහි සතුටින් ඉන්න පුළුවන්."

https://www.walrusproductions.com/images/z----sunsetmountainlg.jpg (9.3.2019)

එය මහ සැඞපරැෂ, ඟැඹුරැ, දඟවැටුනු ගoගාවක්. ඉතින් ඔවුන් අත් තදින් අල්ලාගෙන හිමීට හිමීට ගඟේ මැද්දට සඬපහර මැදින් ඇවිදගෙන යන්න ගත්තා. ගඟේ මැද්දට වගේ ආවට පස්සේ කුඩා දරැවා නොනවත්වා කෑගසා හඬන්නට පටන් ගත්තා. ඇයගේ පෙම්වතා එවිට ඇය දෙසට හැරී මෙසේ පැවසුවා. "මේ දරැවා ඔබව අධික වෙහෙසට පත් කරනවා. ඔහු අපේ ගමනට ලොකු බාදාවක්. අපට ඉදිරි ගමන ඉතා දුෂ්කර හා පමා කිරීම විතරයි ඔහුගෙන් සිදු වන්නේ. මම කියන්නද? අපි ජීවිතේ අළුතින්ම පටන් ගමු. ඔයා ළමයව ඟඟේ ගිල්වලා දාන්න. අපිට තවත් මේක කරන්න බැහැ." මේක ඇහුණු කාන්තාව භ්‍රාන්ත වුනා. ඇය නොකඩවා ඉකිගසා හැඬීමට ගත්තා. "මට බැහැ. මගේ ලෙයින් සහ මසින් හැදුනු මගේ දරැවා." එසේ කියූ ඇය දරැවා පපුවට තදින් තුරැළු කරගත්තා. එවිට ඇයගේ පෙම්වතා කෝපයෙන් ඇය දෙසට හැරී මෙසේ පැවසුවා. "ඒ කියන්නෙ නුඹ විශ්වාස කරන්නෙ නෑ අපට වෙනින් පවුලක් හදාගෙන සන්තෝසෙන් ඉන්න හැකි වේය කියා. නුඹට මාව විශ්වාස නෑ? මෙච්චර දුරක් ආවට පස්සෙ, දැන් නුඹට මාව සැකයි එහෙනම්?" වෙන කරන්නට දෙයක් නැති තැන ඉතාමත් කටුක වේදනාවෙන් යුතුව වැළපෙමින් ඒ හඬන කුඩා දරැවාව සැඩ පහරට අතහැරීමට ඇයට සිද්ද වුනා. පෙණ නැගෙන සැඩ රළ පහරේ ඒ කුඩා සිරැර ඈතට ඇදීයත්ම ඇයගේ පෙම්වතා ඇය දෙසට හැරී  ඇයගේ ක්‍රියාව අදහාගත නොහැකි ලෙස  බලා සිටියා. "ඔන්න" ඇය පැවසුවා. "මම ඔබ කියූ විදියටම කලා. අපි පුළුවන් ඉක්මනින් මෙතැනින් යමු. මට තවත් එක මොහොතක්වත් මෙතන රැඳෙන්න බෑ, කරපු දේ මතක් වෙද්දි. අපි අළුත් ජීවිතයක් පටන්ගමු." ඒත් ඇයව පුදුමයට පත් කරමින් ඇයගේ පෙම්වතා මඳකුදු නොසෙල්වී ඉතා පිළිකුලෙන් යුතුව ඇය දෙසට ඔරවගෙන සිටියා. "මොනවිදියෙ අමානුශික ගෑනියක්ද නුඹ? මොන අම්මද තමන්ගෙ දරැවව මේ විදියට තමන්ගෙ අතින් වතුරෙ ගිල්ලල දාන්නෙ? නුඹ උපත දුන් දෙය නුඹම මරා දැම්මේ කොහොමද?" "නමුත් මම එසේ කලේ නුඹ වෙනුවෙන්." ඇය සිහින් හඬින් කෙඳිරැවා, ඉතා වික්‍ෂිප්තව. "අනේ අපි මෙතැනින් යන්න යමු." "මට නුඹත් එක්ක කොහෙවත් යන්න ඕනැ නෑ. නුඹ මහ මිනීමරැ ගැහැනියක්. නුඹ සැමියාට වසදී මරා දැමුවා, අරතරම් කරැණාවන්ත අහිoසක මනුස්සයට.. දැන් ටිකකට කළින් තමන්ගෙම දරැවව මරා දැමුවා. මොන සහතිකයක්ද දෙන්න පුළුවන්, ගඟට එහායින් පෙනෙන කන්දෙන් එපිට ලස්සන පලාතට නුඹව එක්කගෙන ගියාට පස්සෙ, ටික කාලෙකින් නුඹ තවත් පෙම්වතෙකුගෙ බහට රැවටිලා මටත් වස ටිකක් දීල මරා ගනීද කියා. මට වඩා පෙනුම තියෙන මිනිහෙක් නුඹට මුණගැසුනොත් නුඹ නැවත ආලයෙන් මුළා වේවි. පලයන් යන්න නරැම ගැහැනිය! මම සත්‍යවාදී ගෞරවනීය කාන්තාවක් සොයාගෙන විවාහ වෙනවා." එහෙම කියපු ඇයගේ පෙම්වතා කාන්තාව කෑගසා වැළපමින් කෙස්වැටියෙන් ඇදගනිමින් විළාප තියද්දී  ඇයව අතෑරලා ඇතිපදම් නින්දා කරලා තට්ට තනියම අතරමo කරදාලා යන්න ගියා.

https://i.pinimg.com/originals/61/f8/fb/61f8fb8cca8d9cd9b9df00e90e9e2066.jpg 
(9.3.2019)

ඒ අවාසනාවන්ත කථාව අන්තිමේදී මම බියෙන් වෙව්ළාගියා. කථාවෙන් අනතුරැව මගේ පියා ස්ථිරසාර ලෙස මෙසේ පැවසුවා. "මගෙ දුවේ, නුඹට බොහෝ පිරිමින් මුණගැසේවි. ඒ කිසිම කෙනෙකු නිසාවත් නුඹ නුඹේ ප්‍රතිපත්ති වලින් පිටතට පැන වරදක් කිරීමට පෙළඹෙන්නට එපා. හැම විටම නිවැරදි දේ කරන්න. අවoකත්වයේ සහ ප්‍රතිපත්ති සුරැකීමේ මාවතේම ගමන් කරන්න. නුඹ ඉතා ශක්තිමත් දැරියක්. නුඹව සිඳබිඳ  විනාසකර දමන්නට කාටවත්ම ඉඩක් දෙන්නට එපා. මේ ලෝකයේ කිසිම පිරිමියෙක් නුඹේ ආත්මගෞරවයට වඩා වටින්නේ නෑ. නුඹට දැන් යන්නට පුළුවන්, ශිරි, මේ කුඩා කතාව අමතක කරන්න එපා."

ඉතින් නොසිපෝ කියනවා ඇය ඊට  පස්සෙ අර ඇයත් සමඟ කඳුනැග්ග තරැණයත් එක්ක අස්සරේ වහාම අතහැරියයි කියල. ඒ විතරක් නෙමේ, මේ කතාව පසුකාලීනව ඇයට ආදරය කරන්නට ආව තරැණයන් සම්බන්ධයෙන් නිවැරදි තීරණ ගැනීමට ඇය ඉවහල් කරගත්තාලු. මීට ටිකක් සමාන කථාවක් අපේ සාහිත්‍යයෙත් තියෙනවා නේද? හොඳට මතක් කරන්න.. ඔව් ඒ තමයි මනමේ. ඉතාම කෙටියෙන් කිවුවොත් දිසාපාමොක් ඇදුරැතුමාගේ රෑමත් දියණිය එකල සිරිත පරිදි දක්‍ෂතම ශිෂ්‍යයා වූ  මනමේ කුමරැට සරණපාවා දෙනවා. අනතුරැව මේ යුවළ ආදරයෙන් වෙලී වනාන්තරයක් මැදින් මනමේ කුමරාගේ රාජධානිය බලා යන අතරතුර ඒ කැළයේ වැදිරජු රෑමත් මනමේ කුමරිය පිළිබඳ සිතක් ඇතිකරගෙන මනමේ කුමරාට යෝජනා කරනවා කුමරිය තමන්ට අඹුකමට දී අභයදානය ලබා වනයෙන් පිටව යන ලෙස. එය අසා කෝපයට පත් මනමේ කුමරැ වැදිරජුට සටනට අභියෝග කරනවා. සටනින් පැරදුනු වැදිරජුගේ ගෙල සිඳීමට මනමේ කුමරා කඩුව මනමේ කුමරියගෙන් ඉල්ලූ විට, ඒ ටිකට වැදිරජුට ආදරය කරන්නට පටන් ගෙන සිටි ඇය කඩුව වැදිරජුටත් කොපුව මනමේ කුමරාටත් දුන්නාලු. ඉතින් වැදිරජුගෙන් මනමේ කුමරා මැරැම් කෑවා. වැදිරජුට ඒ සිද්දියෙන් මනමේ කුමරියව එපා වුනා. නොසිපෝගෙ තාත්ත කියපු කතාවෙ පෙම්වතා වගේම ඇයව අතෑරලා ඇතිපදම් නින්දා කරලා තට්ට තනියම අතරමo කරදාලා වැදිරජු යන්න  ගියා.

http://www.sundaytimes.lk/180121/uploads/Maname-DRAMA-News-2018-Jan-1.jpg (9.3.2019)

වසර ගණනකට පෙර මගේ ශ්‍රී ලoකික මිතුරෙක් කියපු කථාවක් ඔබට දැන්  කියන්නම්. ඔහු ටික දවසක ඉඳල පෙම්වතිය මඟහරිනබව තේරිලා තිබුනේ. ඇයත් මගේ මිතුරියක් නිසා ඇය මේ ගැන දුරකථනයෙන් මට කිව්වේ හැඬූ කඳුළින්. කිසිම පැහැදිලි හේතුවකුත් නෑ. ඒකයි ඇය තවත් ව්‍යාකූල වෙලා සිටියේ. ඉතින් සුදුසු වෙලාවක් බලලා මම මේ ගැන හිමීට ඇසුවා ඔහුගෙන්. මට ලැබුනු උත්තරය මෙන්න මේක. "අනේ ක්‍රිෂා මාර වැඩක්නෙ උනේ. මමයි එයයි මේ ලඟදි film එකක් බලන්න ගිය වෙලාවෙ ටික වෙලාවක් යනකොට මට එයාව kiss කරන්න ඕන උනා. (ඊට වඩා යමක් එවෙලේ වෙන්න ඇති)  මo හිතුවෙ එයා අකමැතිවෙයි කියල, ඒවුනාට එයාව හරි ලේසියෙන් මට අවශ්‍ය  ඕනැම දේකට නම්මගන්න මට පුළුවන් වුනා. ඔයත් දන්නවනේ එයාට මට කලින් කෙනෙක් ඉඳපු බව. ඉතින් මට හිතුනා එයා කළින් කෙනා එක්කත් මේ දේවල් හරි ලේසියෙන් කරන්න ඇති කියලා. ඒකෙන් මට එයාව එපා වුනා."

මේ කථා තුන එකිනෙකට ගොඩක් වෙනස් ඒත් ඒවයේ සමාන කමකුත් තියෙනවා. සමානකම තමයි කාන්තාවක් ආදරයෙන් මුළා කොට වරදට පොළඹවාගන්නා පිරිමියාම ඇයගෙන් තම අවශ්‍යතාවය ඉටුවුන පසු හෝ තවදුරටත් මුල් අවශ්‍යතාවය නැති වූ විට ඇය පිටම වරද පටවා නිවැරදිකරැවකු ලෙස ඇගෙන් වෙන් වීම. පළමුවන කතාවේ පෙම්වතා අහිoසකයකු නොවේ. ඔහු තමයි අපරාධ සැළසුම් කරන්නේ, අනුබල දෙන්නේ සහ සහාය වන්නේ. ඔහුට තිබුනා කාන්තාව සමඟ පැන යෑමට, ඇයගේ සැමියා නොමරා. නමුත් ඔහු එසේ නොකලේ කාන්තාවට ආපසු හැරී යෑමට බැරි කිරීමටයි. කාන්තාව නොදත් නමුත් ඔහු දැන සිටියා ගමනේ දුෂ්කරබව නිසා අතදරැවා ගෙන යා නොහැකි බව, ඒත් කිව්වෙ නෑ අතදරැවාගේ ජීවිතය අනාරක්ශිත නිසා දරැවා ගෙදර තබා ගමන යා යුතු බව, මොකද ඔහු දැනසිටියා එසේ කිව්වානම් ඇය ඔහු සමඟ නොඑන බව. ගඟ මැද කරවටක් ගිළුනු වෙලාව තමයි ඊට සුදුසුම වෙලාව, මොකද ඇය ඒ වෙලාවේ අන්ත අසරණයි. ඒ අනුව වඩාත් ආත්මාර්ථකාමී, අවස්ථාවාදී සහ අපරාධකාරී චරිතය පෙම්වතා. මම කියන්නෙ නෑ ඔහු ඇයව සම්පූර්ණයෙන්ම රැවටූ බව. සමහරවිට ඇයත් සමග ඇත්තටම හොඳට පවුල්කන්න හිතන්න ඇති. ඒත් ඔහුත් ඔහුගේම දරැණු සැලසුම ක්‍රියාවට නැගෙද්දී සසළ වෙනවා, වරදකාරී හැඟීමෙන් පීඩා විඳිනවා. ඔහුට තම හර්දය සාක්ශියෙන් ගැලවීමට ඕන වෙනවා. කාන්තාව ඒ වෙද්දි තමන්ගේ හයියට සිටි සියළු දෙනාම අහිමි කරගෙන, සැමියා, නෑදෑ හිතමිතුරන් සහ ගමේ අය. ඉතින් ඇයට දැන් ඕනෑ කෙනෙකුට ඕනෑම අකටයුත්තක් කල හැකියි.

මනමේ කථාවත් ඊට තරමක් දුරට සමානයි. ඔබේ අදහස කුමක්ද මනමේ කුමරිය ගැන? ශ්‍රී ලoකික වැඩිහිටියන් දහ දෙනෙක්ගෙන් මනමේ කථාව ගැන ඇහුවොත් 9.999 දෙනෙක් මනමේ කුමරියට ලුණු ඇඹුල් ඇතුව බනීවි. කවුරැවත් වැදිරජුට බනින්නෙ නැති තරම්. නොසිපෝගෙ තාත්ත කථාව කියද්දි ඒ කතාවේ කිසිම චරිතයකට දොස් නැගුවේ නැතිබව ඔබ නිරීක්‍ෂණය කලාද? එම කතාවේ ප්‍රධාන චරිත තුනේම හොඳ සහ නරක දෙකම තිබෙනවා. වැඩිහිටි අප ඕනෑම කථාවක හෝ සිදුවීමකදී නොසිපෝගෙ පියා මෙන් සoයමයකින් වචන හැසිරවීම ඉතා වැදගත්. ආයෙමත් මනමේ කථාවට ගියොත්, වැදි රජුගේ චරිතයේ බරපතල වැරදි ගණනාවක් ඇති බව පෙනී යනවා. අන්සතු කාන්තාවක් බලෙන් ලබා ගැනීමට යාම, තම බලය අයුතු ලෙස ඊට යෙදීම, ඇයගේ සැමියා මරා දැමීම, (කුමන හේතුවකට හෝ) තමාගේ දිවි බේරාදුන් කාන්තාවට වචනයකින්වත් ස්තූති කරනවා වෙනුවට අපහාස කිරීම, සහ (කුමන හේතුවකින් හෝ) කැළයේ අසරණවූ කාන්තාවකට පිහිටක් නොවී අතරමo කර දැමීම ආදී මෙකී නොකී වැරදි ගණනාවක්. මනමේ කුමරිය වැද්දාට කඩුව දීම ගැන විවිධාකාර අදහස් පළ වී තිබෙන බවත් කිවයුතුයි.
1. සැමියාට වඩා වැද්දාට හිත ගිය නිසා වැද්දාගේ ජීවිතය බේරීමට (සහ සැමියාව වැනසීමට) - ජනප්‍රිය මතය
2. සටන දැක බියවී සිටි ඇය සහ මනමේ කුමරැ අතර ඇතිවූ අනවබෝධයකින් ප්‍රයෝජනය ගත් වැද්දා කඩුව ඇගෙන් උදුරාගත් බව
3. වැදි රජා මළත් වැදි සේනාව සමඟ සටන් කිරීමට තනි මනමේ කුමරැට බැරි බව දැක අඩුතරමේ තම ජීවිතය රැක ගැනීමට
4. මම වගේ ඉක්මනට කලබල වෙලා කඩුව වැරදීමකින් වැද්දට දීම

මේ අදහස් වලින් දරැණුම එක වන පලමුවැනි අදහස හරියි කියල හිතමු. මනමේ කුමරියට දොස් පැවරීමට පෙර මේ කාරණා ගැනත් අපි සිතමු. ඇයගේ විවාහය පිරිමින් දෙදෙනෙකුගේ වානිජමය ගනුදෙනුවක්. ඇයගේ පියා ඇගේ රෑපය ඊට වැඩිම ලoසුව තැබූ මනමේ කුමරැට විකුණුවා. මේ පිරිමි දෙදෙනාට ඇයගේ රැචි අරැචිකම් හෝ හැඟීම් අදාල උනේ නෑ. කන්න අඳින්න දෙනවනම් තව මොනවද? කුමරියත් කරබාගෙන හිටියා නැති ප්‍රශ්න ඇති කරන්නෙ මොකටද කියලා. ඊලඟට ඇය පිරිමි දෙදෙනෙකුගේ හබයකට මැදි වෙනවා. පිරිමි දෙදෙනා ඇය වෙනුවෙන් මරාගන්න යනවා, හැබැයි එක්කෙනෙකුටවත් ඇය කැමති කාටද යන්න අදාළම නෑ. මම දිනුවොත්, නුඹ කැමති වුනත් නැතත් මම නුඹව අඹුකමට ගන්නවා කියලයි එහි අදහස.  සමහරවිට මාලිගාවක ගෙවන ජීවිතයකට වඩා කැළයක ගස් කොළන් අතර සතාසීපාවා අතර  ජීවිත්වෙන්න ඇය කැමති ඇති. වැද්දාගේ පෙනුම, කතාබහ, හැසිරීමට ඇය වඩාත් කැමති වන්නට ඇති. වානිජ අරමුණු වලට විවාහ වුනු අය තමන් ඇත්තටම කැමති විදිහේ කෙනෙක් මුණගැසුනාම ඉතා පහසුවෙන් වසඟ වෙනවා. ආත්මාර්ථකාමී පිරිමි කිහිපදෙනෙකු ඇගේ ජීවිතයේ තීරණ ගැනීමට යාම නිසා ඇය දුකට පත් වනවා. ඇයගේ වරද පමණක් ලොකුවට කියැවෙනවා අද දක්වාම.

තුන්වන, වඩාත් නූතන යුගයේ කතාවේ කාන්තාව අනිත් කතා දෙකේ කාන්තාවන්ට වඩා වාසනාවන්තයි. ඒ මොකද අනිත් කතා දෙකේ කාන්තාවෝ ආලයෙන් වසඟ වී තම සමීපතමයන් මරා දැමීමට දායක වුනත් තුන්වන කතාවේ කාන්තාව (නදී යැයි කියමු) එතරම් දුරකට ගියේ නැති නිසා. නදීගේ කතාවේ සියුම් හා සoකීර්ණබව වැඩි නිසා පසු අවස්ථාවක කතා කරන්නම්.

නොසිපෝගෙ තාත්ත කතාවේ අන්තිමට දුන්න අවවාදය තරැණ දූල පුතාලාට හරිම වටිනවා. ඔහු කියන්නෙ නෑ ආදරය නරක දෙයක් කියලා. ඔහු කියන්නේ ආදරයේ නාමයෙන් තමන්ගෙ හිතට එකඟ නැති දේවල් කරන්නට එපා කියලා. බොහෝවිට මෙවැනි කපටි, ආත්මාර්ථකාමී, සහ අවස්ථාවාදී පෙම්වතුන්තළ  ඔබට පහත සඳහන් හැසිරීම් පෙනේවි;

1. ඔවුන් කවදාවත් සෑහිමකට පත් වෙන්නෙ නෑ. අද පැයක් පාසලෙන් කට්ටි පැන්නා නම් හෙට පැය දෙකක්, අනිද්දට මුළු දවසම.. අද සාමාන්‍ය බස් රියේ අත අල්ලගෙන, හෙට බස් රියේ තුරැළු වෙලා, අනිද්දට AC  බස් එකේ සිපවැළඳගෙන, ඉන්පසු කාමරයක.. මොවුන් මෙසේ ඔබව ක්‍රමයෙන් ගo ඉවුරේ සිට ගඟ මැදට ගෙනියනවා, ඔබට නොදැනීම. ගඟ මැද ඔබ කරවටක් ගිළුනු වෙලාවට ඔබටම නින්දා අපහාස කරලා පැන යනවා.
2. ඔවුන්ට ඔබව තනි කරගැනීමට අවශ්‍යයි.  මොකද ඔබ ආලයෙන් අන්ධවී ගන්නා තනි තීරණ ඔවුන්ට ඉතා වාසිදායකයි. ඔබේ මිතුරන් රැස්සන්නෙ නැති අතර ගෙදරට හොරෙන් නොයෙකුත් දේ කිරීමට අනුබල දෙනවා.
3. ඔවුන් ඔබේ අධ්‍යාත්මික, අධ්‍යාපනික, රස වින්දනාත්මක හෝ කිසිම ආකාරයක සoවර්ධනයක් අපේක්ශා නොකරති. අතහිත නොදෙති. ඔබගේ පෞරැෂය ඉහල යනවාට, ඔබ ශක්තිමත් වෙනවාට ඔවුන් ඉතා අකමැතියි, එයට හේතුව ඔබ දුර්වල නම් ඔවුන්ට ඔබව ගඟ මැදට ගෙන යාම පහසු වීමයි.
4. ඔවුන් නිතරම ඔබේ ආදරය ප්‍රශ්න කරයි, විශේෂයෙන්ම ඔබේ ප්‍රතිපත්ති ඔවුන්ගේ යෝජනා සමඟ එකඟ නොවන විට. එමගින් ඔබේ ආත්මශක්තිය මොට කර ඔබට ඔබේ නියම වටිනාකම අමතක කරවා ඔබව දුර්වල කරයි.
5.  ඔබේ අඩුපාඩු නිතර උලුප්පා දක්වමින් ඔබේ ආත්ම විශ්වාසය අවම කර ඔවුන්ට නතු කර ගැනීමට උත්සහ කරති. (ඒවා හදාගැනීමට කරැණාවෙන් උපදෙස් දීම නොවේ)
6. ඔබේ සැපේදී  ඔබ සමඟ උපරිමයෙන් සිට ඔබේ දුකේදී අවමයෙන් රැඳේ. ඔබ අමාරැවේ වැටුනු උදව් අවශ්‍ය  අවස්ථාවල මාරැවී යයි. ටික දිනකින් ඔබ කොහොමහරි ගොඩ ආ පසු කිසිවක් සිදුනොවූ පරිදි නැවත එයි.
7. ඔබේ ආදර සම්බන්ධතාවයේ අවදානම් හෝ අවාසිදායක පැත්ත තනිකරම ඔබේ පමණයි. පලමු කතාවේ පෙම්වතා සලකන්න. ඔහුගේ කිසිම තොරතුරක් කාන්තාව දන්නෙ නැති නිසා ඇය ඔහුගේ ගමට ඇවිත් මේ සිද්දිය කියාවියැයි අවදානමක් ඔහුට නෑ, ඒකනේ ඔහු ඇයට කියන්නේ "මම සත්‍යවාදී ගෞරවනීය කාන්තාවක් සොයාගෙන විවාහ වෙනවා."කියා. නමුත් ඇයගේ හැම රහසක්ම ඔහු දන්නවා. ඇයට ඔහු වෙනුවෙන් සෑහෙන්න කැපකිරීම් කිරීමට සිදු වුනත් ඔහුට එවැනි කැපකිරීම් කිසිවක් කලයුතු වුනේ නෑ. ඇය කල අපරාධ සාක්ශි සහිත නමුත් ඔහු කල අපරාධ සාක්ශි රහිතයි.  අවශ්‍ය අවස්ථාවේදී ඇයගේ රහස් සාක්‍ෂි සහිතව ඉදිරිපත් කිරීමට ඔහුට පුළුවන්. මේ සිද්දියෙන් පස්සෙ කාන්තාව නැවත ඇගේ ගමට ගොස් නැවත විවාහ වී යහපත් කල්කිරියාවෙන් යුතුව සිටියත් මොහුට නැවත ඇයව පහසුවන් blackmail කල හැකියි. ඒ නිසයි මෙවැනි කපටි, ආත්මාර්ථකාමී, සහ අවස්ථාවාදී පෙම්වතුන් තම පුද්ගලික තොරතුරැ පැවසීමට ඉතා අකමැති සහ නිරැවත් ඡායාරෑප ආදී සාක්‍ෂි හැකිතරම් එකතු කරගන්නේ.

http://designontherocks.blog.br/wp-content/uploads/2013/12/colorful-paintings-leonid-afremov-13.jpg (9.3.2019)

දෙමව්පියන්ටත් මම කියන්න කැමතියි අකමැත්තෙන් උනත්, සමහර දෙමව්පියොත් තරැණ දුව/පුතාව ගඟ මැදට තල්ලු කරල මෙම කපටි, ආත්මාර්ථකාමී, සහ අවස්ථාවාදී පෙම්වතාට උදව් කරනවා නොදැනුවත්ව. තමන්ගේ තරැණ දුව/පුතා ආදර සම්බන්ධයක් පටන් ගැනීම ලෝක විනාශය නොවේ. එය නොගැලපෙනවානම් ඔහු/ඇය පසුකාලීනව කැමැත්තෙන්ම එය අතහරීවි. ඔබ කල යුත්තේ තරැණ දරැවාට හොඳ නරක පහදාදී ගෙදරට හොරෙන් සම්බන්ධය පවත්වාගැනීමට අවශ්‍ය නැති තැනට එය පත් කිරීමයි. හොඳ නරක පහදා දුන්  ප්‍රතිපත්තිගරැක දරැවන් ආදරයේදී මෝඩ තීරණ ගන්නේ ඉතාම අඩුවෙන්. එමෙන්ම ඔවුන් විවෘතව ඔබට සියල්ල පවසන බව දන්නා අවස්ථාවාදී පෙම්වතා ඔබේ තරැණ දුව/පුතාගෙන් ඉක්මනින් ඉවත් වේවි. කිසිම දිනක තරැණ දුව/පුතාට ගහන්න බනින්න ලැජ්ජා කරන්න එපා, එය ඉතාම හානිකරයි, මට වෙනම ලිපියක් නෙමෙයි පොතක් ලියන්න පුළුවන් ඒ ගැන. දරැවන් සමග ජීවිතය ගැන කියවෙන උසස් චිත්‍රපටි, පොත්, නාට්‍ය, ටෙලිනාට්‍ය ආදිය විඳීමෙන් හා ඒවා ගැන ගැඹුරින් කථාකිරීමෙන් ඔවුන්ගේ බුද්ධිය පුළුල් කරන්න, ඔබේ අත්දැකීම් බෙදාගන්න. ලිoගිකත්වය ගැන කතා කිරීමට ලැජ්ජා වෙන්න එපා. මේ පොත ගැන කලින් ලියූ විචාරයේ ඔබ දකින්නට ඇති නොසිපෝගේ නැන්දම්මා මොනතරම් විවෘත ලෙසද ඇයට කතා කලේ කියා. එය ජීවිත ගමනේ නිවැරදි යහපත් තීරණ ගැනිමට ඔබේ දරැවාට ඉතා අවශ්‍යයි.  මම මේ ලිපිය නොසිපෝගේ නැන්දම්මා කියූ වැකියකින්ම නිම කරන්නම්. "දුවේ, අද රාත්‍රියේ මම ඔබව දැකීමට ආවේ මේ කථාව ඔබට පැවසීමටයි, එමගින් අප මුතුන් මිත්තන්ගේ නුවණ අප පරම්පරාවේ පිපෙන සෑම නැවුම් මල් කැකුළක් සමගම මෝරා වැඩී එහි අක්මුල් වඩ වඩා ගැඹුරට විහිදී අපේ වදන් කිසිදින මිය නොයනු පිණිසයි."