පහත සඳහන් කතාව කියෙව්වම මට එකවරම සිහියට ආවේ ලන්කාවේ සාම්ප්‍රදායික Pick me අම්මලගේ පෙම්වතියන් සහ බිරින්දෑවරැන්ගේ කල්කිරියාවට මේ කතාවේ කාන්තාවගේ හැසිරීමේ තියෙන සමානත්වය ගැන. ඔවුන් මේ කතාවේ ආකාරයටම තමන්ගේ පුත්තරය, පෙම්වතා හෝ සැමියා රජාට අන්දල ආදරයේ නාමයෙන් හිඟන ගෑනිගේ හැසිරීමට සමාන සෙල්ලමක් කරනව. ඒක කරන්න පුතා, පෙම්වතා හෝ සැමියාවත් වෙන කවුරැවත් බල කරන්නේ නෑ, නමුත් ලෝකෙම හොඳම අම්ම/පෙම්වතිය/බිරින්දෑ තෝරන තරඟයක් හිතෙන් මවාගෙන, හොඳම අම්ම/පෙම්වතිය/බිරින්දෑ කියන්නෙ වැඩිපුරම කටු කකා දුක් විඳින අම්ම/පෙම්වතිය/බිරින්දෑ කියන යල් පැනපු වැරදි ආකල්පය හදන් විහින් පුදුමාකාර කරැමයක් ගෙවනවා. මේ ආදරයේ නාමයෙන් ඉල්ලන් (කටු කන) සෙල්ලමේ නීතිරීති හදන්නෙත්, සෙල්ලම කරන්නෙත්, සෙල්ලමෙන් පීඩාවට පත් වෙන්නෙත්, සෙල්ලම නවත්තන්නෙත්, තමන් බලෙන් සෙල්ලමට ඇදල ගත්ත පැත්තක හිටපු පිරිමියාට බ්ලේම් එක දාන්නෙත් මෙවැනි pick me ල.
ඔය මගේ අම්ම ගේමක් නැතිව ළමයි මෙච්චරක් හැදුවා, මගේ අම්ම මේම මේම ගෙදර බර ඇද්දා දැන් ඉන්න ගෑනුන්ට ඒව බැහැ කියල පම්පෝරි ගහන පුත්තු කවදාවත් මගේ අම්ම හැමදාම රෑට පැය හත අටක් නිදා ගත්ත, මගේ අම්ම එයා කැමති විනෝදාංශයක යෙදුනා, මගේ අම්ම එයා කැමති විලාසිතා කලා, මගේ අම්ම එයා කැමති ගමන් බිමන් ගියා, කොටින්ම මගේ අම්ම එයා කැමති දේවල් කලා, මගේ අම්ම ඕගසම් එක මොකක්ද කියල දැනන් හිටිය කියන්නෙ නෑ, මොකද ඒ පරම්පරාවෙ ගෑනු කලේ මේ කතාවෙ ඉන්න හිඟන්නි වගේ විහින් කටු කන එක. ඒ කරල ගෑණුන්ගෙ ලිවින් ස්ටෑන්ඩඩ් එකේ බෙන්ච් මාක් එක ඉතාම පහළ තැනකට ගෙනාපු එක. පුත්තු කලේ කතාවෙ ඉන්න රජා වගේ අම්ම/පෙම්වතිය/බිරින්දෑ තමන්ට "ආදරේ නිසා" කටු කද්දි ඒ දිහා ආඩම්බරයෙන් බලමින් කවි ගී ගයපු එක. එහෙම නොකරන ගෑනුන්ගෙන් ඇයි උඹලට අපේ අම්ම කාපු කටු කන්න බැරි කියල අඬපාළි කියපු එක.
පහත සඳහන් කතාවෙ කටු කන්න ඉදිරිපත් උනේ මුකුත් නැති හිඟන්නියෙක් බව වැදගත්ම පොයින්ට් එකක්. මුකුත් නැති හිඟන්නියො තමා සාමාන්‍යයෙන් මේ සෙල්ලම කරන්නෙ.
අසාමාන්‍ය (අනවශ්‍ය) කැපවීම් කරන් හදනකොට දරැවගේ මනස ඒක දකින්නේ කෘතඥපූර්වකව නෙමේ, ඒක අම්මා විසින් අනිවා කළ යුතු දෙයක් ලෙසයි. උදාහරණයකට මගේ අම්මට පුරැද්දක් තිබ්බා කාර්‍යාළයේ තේ බොනකොට ඉඳහිට කාගෙන්හෝ ලැබෙන උපන්දින කේක් කෑල්ල ඔතාගෙන ගෙදර ගේන්න. මෙන්න මේ වගේ හැසිරීම් තමා මම තමන්ව නැති කරගෙන දරැවව තමන්ගෙ එකම ලෝකය කරන් අසාමාන්‍ය (අනවශ්‍ය) කැපවීම් කරනවා කියන එකෙන් අදහස් කලේ. ඒ කාලේ පුන්චි මම ඒක දැක්කේ අනේ මේ මනුස්සය කාගෙහරි උපන්දිනේකට ලැබුනු කේක් කෑල්ල පරිස්සමට ඔතාගෙන බස් දෙකක තෙරපිලා ගෙදර ආව නේද කියල කෘතඥතාවයකින්ද? අපෝ නෑ, මම ලොකු කෑල්ලට රණ්ඩු උනා, අම්මගෙන් තව ඉල්ලල ඇඬුව, පහුවෙනිද කේක් නැතුව ගෙදර ආවම තරහ උනා, ඒ ඔක්කොටම වඩා අම්ම එයාට ලැබෙන රස කෑම අනිවාර්යයෙන්ම අපට දිය යුතු බවට අදහසක්ද ඇති කර ගත්තා. අපි විතරක් නෙමේ තාත්තත් හිතුවේ එහෙමයි. අම්ම අපිට එහෙම හිතන්න ඉගැන්නුවා. ඔහොම කාලය ගත උනා. දවසක් හවස තේ වෙලාවට අපේ ගෙදර පොඩි කේක් එකක් හැදුවා. තේ බොන්න වාඩි වෙනකොටම ගෙදර සීනුව නාද උනා. අම්ම හැර කවුරැවත් දොර අරින්න ඉදිරිපත් උනේ නෑ මොකද කේක් කන්න නොඉවසිල්ලෙන් හිටපු නිසා. අම්ම ඒ වැඩේට ගිය අතර අපේ කේක් ඉවර උනා. අපි අම්මගෙ කේක් කෑල්ලෙන් සෑහෙන ප්‍රමාණයක් කෑවා. මොකද එයා ඒ වෙනකොට අපේ පුන්චි මොළ වලට කාවද්දල තිබුනේ එයාට ලැබෙන රස කෑම අපට දිය යුතු බවට. තාත්තත් හිනා වෙවී බලන් හිටියා. ආපු මනුස්සයව යවල අම්ම තේ මේසයට ආවා. මගේ අම්ම හොඳට දුක් උහුළල පදම් උන, ලේසියට තරහ නොයන, ලේසියට අඞන්නැති කෙනෙක්. ඒ උනාට එදා එයාට අසූ හාර දාහකට තරහ ගියා විතරක් නෙමේ එයා අඬනව මුල් වරට මම දැක්කා. මම මාරම කොන්ෆියුස් උනා, මම එයා කේක් වලට කැමති බවවත් දැනගෙන හිටියෙ නෑ. මගේ අම්මගේ ඒ වගේ අනවශ්‍ය කැප කිරීම් සෑහෙන්න තිබුනා. නමුත් තමන්ගේ ලෙඩට දුකට හරියකට බේත් කර ගත්තේ නෑ ඒ නිසා එයා රෑ මැදියමේ අසනීප උනාම මගේ ආරක්‍ෂාව නොතකා වාහනයක් හොයා ගන්න එවක තරැණ ගෑණු ළමයෙක් වූ මට පාරට බහින්න උනා, රෑ හන්දියේ අඳුරැ මුල්ලක සෙට් වෙලා බිබී හිටපු නසරානි ත්‍රී වීල් කාරයන් ලඟට ගොස් පින්සෙන්ඩු වෙන්න මට සිදු උනා, මම ක්‍රමයෙන් ඉගනීමෙන් දස්කම් දක්වද්දී මට වෘත්තීය මඟපෙන්වීමක් ලබා දෙන්නට හෝ මම ක්‍රමයෙන් තරැණ වියට පිය නගද්දී මට ලින්ගික අධ්‍යාපනයක් ලබා දෙන්නට හෝ ඇය අපොහොසත් උනා.
අද වැඩිහිටි මම නැවත හැරී බලන විට දකින්නේ මගේ අම්මා වගේම ඒ යුගයේ බොහෝ අම්මලා ළමයි වෙනුවෙන් අනවශ්‍ය කැප කිරීම් සෑහෙන්න කරත් (ඒ නිසා තමන්ට ලැබෙන පොඩි සතුටක් පවා නැති කර ගත්තත්) අවශ්‍ය කැප කිරීම් මඟහැරැනා. මම මෙතන කියපු ඔෆිස් එකෙන් ලැබුන රසකැවිල්ල ගෙදර ගේනව වෙනුවට ඒක තමන් රස විඳල ජීවිතේ පොඩ්ඩක් වින්දා නම් එයා ගෙදර එන්නේ සතුටින්. එයාගේ දරැවන් වෙනුවෙන් කළ යුතුව තිබූ කැප කිරීම් වන තමන්ගේ අසනීප හොඳට පාළනය කර ගැනීම, ළමයින්ට අවශ්‍ය මඟපෙන්වීම ලබා දීමට දන්නැත්තම් ඉගෙන ගැනීම (ළමය ඉපදුනාට පස්සේ අවුරැදු දොළහක් විතර දිග කාළයක් ලැබෙනවනේ ඕව ඉගෙන ගන්න) වගේ දේවල් එයාට මඟහැරැනා.
අන්තිමේ ඒකට වගකියන්න ඕනේ ළමයා. හරියට කතාවෙ අන්තිමට රජා වැරදිකාරය උනා වගේ.
ඉතා කඩවසම් රජෙක් බිරිදක් සොයමින් සිටි අතර, ඔවුන් ඔහුට බොහෝ ධනවත් පවුල්වල ලස්සන ගැහැණු ළමයින් පිරිනැමූ නමුත් ඔහු ඔවුන්ගෙන් කිසිවෙකුට කැමති වූයේ නැත.
දිනක් මාලිගාවට යාචක කාන්තාවක් පැමිණියාය .
ඇය රජුට කීවා.. "මට ඔබට දීමට කිසිවක් නැත, මට ඔබට දිය හැක්කේ ඔබ කෙරෙහි දැනෙන විශාල ආදරය පමණි. මට මෙම ආදරය පෙන්වීමට යමක් කළ හැකිය."
මෙය රජුගේ කුතුහලයට හේතු වූ අතර, ඇයට කළ හැකි දේ පවසන ලෙස ඇයගෙන් ඉල්ලා සිටියේය.
ඇය මෙසේ පැවසුවාය: “මම දින 100 ක් මගේ පිපාසය සංසිඳුවන දේ හැර කිසිවක් නොකා, ඔබේ මාලිගාවේ බැල්කනියේ ගත කරන්නෙමි, ඔබට දින 100 ඉවසිය හැකි නම්, වර්ෂාවට, සන්සුන්ව, අව්වට සහ රාත්‍රියේ සීතලට නිරාවරණය වන්නෙමි ...දවස් 100 ය නිමා වූ විට ඔබ මාව ඔබේ බිරිඳ කරගන්නවා ඇත.
එය රජුට පුදුමයක් වූ නමුත් ඔහු එකඟ වී අභියෝගය පිළිගෙන “මේ ස්ත්‍රියට මා වෙනුවෙන් මේ සියල්ල කළ හැකි නම් ඇය මගේ බිරිඳ වීමට සුදුසුයි” කියා පැවසුවා.
කාන්තාව තම පූජාව ආරම්භ කළ අතර, දින ගෙවී යාමට පටන් ගත් අතර, කාන්තාව දරුණුතම කුණාටු වලට නිර්භීතව විඳදරා ගත්තාය. කුසගින්නෙන් සහ සීතලෙන් ඇය ක්ලාන්ත වී ඇති බව ඇයට බොහෝ විට දැනුණත්, එය අවසානයේ ඇගේ මහා ආදරය අසල නොසෙල්වීමට ඇයව දිරිමත් කළේය.
වරින් වර රජු තම කාමරයෙන් පිටතට මුහුණ හරවා ඇයව දැක මහපට ඇඟිල්ල දිගු කළේය. කාලය ගෙවී ගියේය ... දින 20 ක් ... දින 50 ක්,රාජධානියේ ජනතාව සතුටු වූයේ ය..අපට අවසානයේ රැජිනක් ලැබෙනු ඇත! .
.. දින 90 ... ගෙවින....රජු වරින් වර ජනේලයෙන් පිටත බලා තමාටම කියාගත්තේ "මේ කාන්තාව විශ්වාස කළ නොහැකි තරම් ආදරයක් ඇති බවයි..
අවසානයේදී, එය දින 99කට ළඟා වූ අතර, එම යාචකයා රජුගේ භාර්යාව බවට පත්වන මොහොත බැලීමට සියලු මිනිසුන් මාලිගාවෙන් පිටත රැස් වීමට පටන් ගත්හ.
ඔවුන් පැය ගණන් කරමින් සිටියහ... මොකද එදා දවල් 12ට එයාලට රැජිනක් ලැබෙන නිසාවෙන්...
දුප්පත් කාන්තාව ඉතා දුර්වල විය... ඇය රෝගාතුර වී ඇත.
එවිට සිදුවූයේ පුදුමයකි.. 100 වැනි දින පෙරවරු 11 ට සියල්ල අතහැර දැමූ නිර්භීත කාන්තාව කිසිත් නොකියා විමතියට පත් රජු දෙස දුක්බර බැල්මකින් බලා එම මාලිගයෙන් ඉවත් වීමට තීරණය කළාය.
මිනිසුන් කම්පාවට පත් වූ අතර කිසිවෙකුට තේරුම් ගත නොහැකි විය ...ඒ නිර්භීත කාන්තාව ඇගේ සිහින සැබෑ වීමට පැයකට පෙර අත හැර දැමුවේඇයි? කියලා...
ඇය ආපසු නිවසට පැමිණෙන විට, ඇගේ පියා සිදු වූ දේ ඒ වන විටත් දැනගෙන තිබුණා ... ඔහු ඇයගෙන් ඇසුවා ඇය රැජින වීමේ සිහිනය අත්හැරියේ ඇයි?..කියලා...
ඇය කියනව ....මම දින 99 පැය 23 ක් ඔහුගේ බැල්කනියේ සිටියා... මම ඔහු වෙනුවෙන් සියලු ආකාරයේ අවාසනාවන් ත වධ හිංසා විඳදරා ගත්තෙමි, ඔහුට එම පූජාවෙන් මා නිදහස් කළ නොහැකි විය.
ඔහු මා දුක් විදින අයුරු දැක මා දිරිමත් කළේ මා දුක් විඳිමින් සිටින විට තුට්ටුවකටවත් අනුකම්පාවක් නොපෙන්වා ඉදිරියටම යන්නටය.
ඉතින් මේ වගේ ආත්මාර්ථකාමී, අදූරදර්ශී, අන්ධ කෙනෙක් හිතන්නේ තමන් ගැනම මිසක් මගේ ලොකු ආදරයක් එයාට ලැබෙන්න වටින්නේ නැති බව මට තේරුණා..! යැයි කීය...
දිනක...මාද..ඔවුන් සියල්ලන් හැර යන්නේ මෙසේමය....කැප..කිරීමක වටිනා කමක් නොදන්නා අය වෙනුවෙන් කාලය වැය නොකරන්න.....
පයින් එකක් ඇනලම යන්න